18. මග්ග මිශ්‍රකයේ සන්නය

star_outline

ඣාන මිස්සකයට අනතුරු ව මග්ග මිස්සකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි මග්ග මූලක හේතුසභාගය ය, අධිපතිසභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, විපාක සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, ඣාන සභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගත සභාගය යයි සභාගවාර දොළොසෙකි.

(1) එයින් හේතු සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය - “මග්ගපච්චයා හෙතුයා චත්තාරි”

(2) අධිපති සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය වීමංස අධිපති දෙක - “මග්ගපච්චයා අධිපතියා සත්ත.”

(3) සහජාත සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග ධර්‍මයෝ නව දෙන “මග්ග පච්චයා සහජාතෙ සත්ත”

(4) අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගයෝ නව දෙන - “මග්ග පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

(5) නිස්සය සභාගයෙහි - (සහජාතයෙහි මෙනි.)

(6) විපාකසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකමාර්‍ගාඞ්ගයෝ අට දෙන - “මග්ග පච්චයා විපාකෙ එකං.”

(7) ඉන්‍ද්‍රිය සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන මාර්‍ගාඞ්ගයෝ - “මග්ගපච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”

(8) ඣානසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා දෙක - “මග්ගපච්චයා ඣානෙ සත්ත”

(9) සම්ප්‍රයුක්තසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ම ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගයෝ නව දෙන - “මග්ගපච්චයා සම්පයුත්තෙ තීණි”

(10) විප්පයුත්තසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගයෝ නව දෙන - “මග්ගපච්චයා විප්පයුත්තෙ තීණි”

(11, 12) අත්‍ථි අවිගත සභාග දෙක සහජාත සභාගය මෙනි.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline