සභාගයන්ට අනතුරු ව ඝටනාවන් වදාළ සේක. එහි සාමඤ්ඤඝටනාය, සඉන්‍ද්‍රිය ඝටනාය, සඣාන ඝටනාය, සඉන්‍ද්‍රිය ඣාන ඝටනාය, සාධිපති ඉන්‍ද්‍රිය ඝටනාය, සහේතු ඉන්‍ද්‍රියඝටනාය, සහේතු අධිපති ඉන්‍ද්‍රියඝටනා යයි ඝටනා සත් කොටසෙකි.
ඝටනාවන්ගෙන් සාමඤ්ඤ ඝටනාවෝ පළමු කොට වදාළ සේක. අවිපාක සවිපාකාදි විභාග කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයනට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගයෝ නවදෙන - “මග්ග සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත.” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක මාර්‍ගාඞ්ගයේ අටදෙන - “මග්ග සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සාමඤ්ඤ ඝටනා නවයෙකි.
සඉන්‍ද්‍රිය ඝටනාවන්හි අවිපාක සවිපාකාදි විභාග කරනු. අවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විරිය සති එකග්ගතා පඤ්ඤා යන මාර්‍ගාඞ්ගයෝ “මග්ග සහජාත නිසස්ය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්ත ස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඇති විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන මොවුහු “මග්ග සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සඉන්‍ද්‍රිය ඝටනා නවයෙකි.
සඣාන අවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා දෙක “මග්ග සහජාත නිස්සය ඣාන අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්ත - ස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි විතක්ක ඒකග්ගතා දෙක - “මග්ග සහජාත නිස්සය විපාක ඣාන අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සඣාන ඝටනා නවයෙකි.
සඉන්‍ද්‍රිය ඣාන අවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ඒකග්ගතාව - “මග්ගසහජාත නිස්සය ඉන්‍ද්‍රිය ඣාන අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි තුන විස්තර කරනු. සවිපාක ඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඒකග්ගතාව - “මග්ග සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය ඣාන අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර විස්තර කරනු. සඉන්‍ද්‍රිය ඣාන ඝටනා නවයෙකි.
අධිපති ඉන්‍ද්‍රිය අවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතිය - “මග්ගාධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා දෙක විස්තර කරනු. සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතරෙහි වීර්‍ය්‍යාධිපතිය - “මග්ගාධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා දෙක අඤ්ඤමඤ්ඤසම්පයුත්ත දෙක හා විප්පයුත්තය ද යොදා විස්තර කරනු. අධිපති ඉන්‍ද්‍රියඝටනා සයෙකි.
සහේතු ඉන්‍ද්‍රිය අවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන අමෝහය - “මග්ග හෙතු සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති චත්තාරි” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාකයන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුක චිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකාමෝහය - “මග්ග හෙතු සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සහේතු ඉන්‍ද්‍රිය ඝටනා නවයෙකි.
සහේතු අධිපති ඉන්‍ද්‍රිය අවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපතිචිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතිය “මග්ග හෙතු අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ති අවිගතන්ති චත්තාරි” ඉතිරි ඝටනා දෙකින් අඤ්ඤමඤ්ඤ සම්පයුත්තයන් යොදා එකක් ද විප්පයුත්ත යොදා එකක් ද විස්තර කරනු. සවිපාකයන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්තයන්හි වීමංසාධිපතිය - “මග්ග හෙතු අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා දෙක පිළිවලෙින් අඤ්ඤමඤ්ඤය හා සම්ප්‍රයුක්තය ද විප්පයුත්තය ද යොදා විස්තර කරනු. සහේතු අධිපති ඉන්‍ද්‍රිය ඝටනා සයෙකි. මග්ගමිස්සකයෙහි සභාග දොළොසෙකි. ඝටනා සත්පනසෙකි.