17. ඣාන මිශ්‍රකයේ සන්නය

star_outline

ඉන්‍ද්‍රිය මිශ්‍රකයට අනතුරු ව ඣානමිස්සකය වදාළ සේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගවාරය පළමුකොට වදාළ සේක. එහි ඣාන මූලක සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, විපාකසභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, මග්ගසභාගය ය, සම්පයුත්තසභාගය ය, විප්පයුත්තසභාගය ය, අත්‍ථිසභාගය ය, අවිගත සභාගය යයි සභාග වාර දශයකි.

(1.) එයින් සහජාත සභාගයෙහි සම්ප්‍රයුත්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ගධර්‍මයෝ පස්දෙන - “ඣානපච්චයා සහජාතෙ සත්ත.”

(2.) අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍ම පස - “ඣානපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි.”

(3.) නිස්සය සභාගය සහජාත සභාගය මෙනි.

(4.) විපාක සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක චිත්තයන්හි ධ්‍යානාඞ්ග ධර්‍මපස - “ඣානපච්චයා විපාකෙ එකං”

(5) සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකග්ගතා දෙක - “ඣානපච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත.”

(6.) සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා දෙක - “ඣානපච්චයා මග්ගෙ සත්ත.”

(7.) සම්ප්‍රයුක්තසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස - “ඣානපච්චයා සම්පයුත්තෙ තීණි”

(8.) විප්පයුත්ත සභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස - “ඣාන පච්චයා විප්පයුත්තෙ තීණි” අත්‍ථි අවිගත සභාග දෙක සහජාත සභාගය මෙනි.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline