ඝටනා

star_outline

සභාගයන්ට අනතුරුව ඝටනාවෝ වදාරන ලදහ. එහි සාමඤ්ඤඝටනාය, සඉන්‍ද්‍රියඝටනාය, සමග්ගඝටනාය, සඉන්‍ද්‍රියමග්ග ඝටනා යයි සතර කොටසකි. එයින් සාමඤ්ඤ ඝටනාවෝ පළමු කොට වදාරන ලදහ. එහි අවිපාක ඝටනා සතරෙකි. සවිපාකඝටනා පසෙකි. අවිපාක ඝටනා සතර මෙසේ ය: සබ්බට්ඨානික ඝටනාදි විභාගය කරනු.

(1.) සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස - “ඣාන සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත.”

(2.) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ හෘදයවස්තූන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස - “ඣාන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි.”

(3.) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග පස - “ඣාන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි.”

(4) සවිප්පයුත්තඝටනාව මෙසේ ය, චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍මයෝ - “ඣාන සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි.”

අවිපාක ඝටනාවන්ට අනතුරු ව සවිපාකඝටනාවන් වදාරන ලදහ. සබ්බට්ඨානිකාදි විභාගය කරනු.

1. සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකධ්‍යානාඞ්ගයෝ - “ඣාන සහජාත නිස්සය විපාක අත්‍ථිඅවිගතන්ති එකං”

2. සඅඤ්ඤමඤ්ඤඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාකධ්‍යානාඞ්ගයෝ “ඣාන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

3. සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ටම ප්‍රත්‍යය වන විපාක ධ්‍යානාඞ්ගයෝ - “ඣාන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං.”

4. සවිප්පයුත්තඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකධ්‍යානාඞ්ගයෝ - “ඣාන සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

5. සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව මෙසේ ය: හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි ධ්‍යානාඞ්ගයෝ - “ඣාන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං,

සාමාන්‍ය ඝටනා නවය නිමි.

සාමාන්‍ය ඝටනාවන්ට අනතුරුව සඉන්‍ද්‍රිය ඝටනාවන් වදාළ සේක. එහි අවිපාක ඝටනා සතර මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන වේදනා ඒකගත්තා දෙක - “ඣාන සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත.” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤය ද, අඤ්ඤමඤ්ඤසම්පයුත්ත දෙක ද විප්පයුත්තය ද පිළිවෙලින් යොදා විස්තර කරනු. සවිපාක ඝටනා පස මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක වේදනා ඒකග්ගතාවෝ - “ඣාන සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං.” ඉතිරි ඝටනා සතර සාමාන්‍ය ඝටනාවන්හි මෙන් ප්‍රත්‍යයන් යොදා විස්තර කරනු.

සඉන්‍ද්‍රිය ඝටනා නවය නිමි.

සඉන්‍ද්‍රියඝටනාවන්ට අනතුරු ව සමග්ගඝටනාවෝ වදාරන ලදහ. අවිපාකාදි විභාගය කරනු. අවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විතක්ක ඒකග්ගතා දෙක “ඣාන සහජාත නිස්සය මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත.” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාකඝටනාවන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි විතක්ක ඒකග්ගතා දෙක - “ඣාන සහජාත නිස්සය විපාක මග්ග අත්‍ථි අවිගතන්ති එකං.” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු.

සමග්ග ඝටනා නවය නිමි.

සමග්ගඝටනාවන්ට අනතුරු ව සඉන්‍ද්‍රිය මග්ගඝටනාවන් වදාළ සේක. අවිපාකාදි වාර විභාග කරනු. අවිපාකයන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන එකග්ගතාව - “ඣාන සහජාත නිස්සය ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති සත්ත.” ඉතිරි තුන අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු. සවිපාකයන්හි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකයන්හි ඒකග්ගතාව - “ඣාන සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය මග්ග අත්‍ථි අවිගතන්ති එකං.” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදීන් යොදා විස්තර කරනු.

සඉන්‍ද්‍රිය මග්ග ඝටනා නවය නිමි.

මෙහි සභාග වාර දශයෙකි. ඝටනා තිසකි.