15. [ආහාර මිශ්‍රකයේ] සන්නය

star_outline

විපාකමිශ්‍රකයට අනතුරු ව ආහාරමිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගවාරය පළමු කොට වදාළ සේක. එහි ආහාරමූලක අධිපති සභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, කම්ම සභාගය ය, විපාක සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගත සභාගය ය යි සභාගවාර එකොළොසෙකි.

(1.) එයින් ආහාරමූලක අධිපති සභාගයෙහි සම්ප්‍රයුක්ත ස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය - “ආහාරපච්චයා අධිපතියා සත්ත”

(2.) සහජාත සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාරයෝ - “ආහාරපච්චයා සහජාතෙ සත්ත”

(3.) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ද ප්‍රත්‍යය වන නාමාහාර තුන - “ආහාරපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”

(4.) නිස්සය සභාගය සහජාතනිස්සය ය මෙනි.

(5.) කම්මසභාගයෙහි සකල සහජාතකර්‍මප්‍රත්‍යය ධර්‍මයෝ - “ආහාරපච්චයා කම්මෙ සත්ත”

(6.) විපාකසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක නාමාහාර තුන - “ආහාර පච්චයා විපාකෙ එකං.”

(7.) ඉන්‍ද්‍රිය සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන මනින්‍ද්‍රියය - “ආහාරපච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”

(8.) සම්පයුත්තසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමාහාරයෝ - “ආහාරපච්චයා සම්පයුත්තෙ තීණි”

(9.) විප්පයුත්තසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාරයෝ “ආහාරපච්චයා විප්පයුත්තෙ තීණි”

(10.) අත්‍ථිසභාගයෙහි සකල නාමාහාර ප්‍රත්‍යය ධර්‍මයෝ - “ආහාරපච්චයා අත්‍ථියා සත්ත”

(11.) අවිගතය ද එසේ ම ය.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline