සභාගවාරයට අනතුරු ව ඝටනාවාරය වදාළ සේක. එය මිස්සකඝටනා සහජාතඝටනා වසයෙන් දෙවැදෑරුම් වේ. මිශ්‍රක ඝටනා එකකි. එය මෙ සේ ය: සකල නාමාහාර රූපාහාර ප්‍රත්‍යය ධර්‍මයෝ “ආහාර අත්‍ථි අවිගතන්ති සත්ත”
එයට අනතුරු ව සහජාතඝටනා වාරය වදාළ සේක. සාමඤ්ඤඝටනාවාරය ය, සකම්මඝටනා වාරය ය, සඉන්‍ද්‍රියඝටනා වාරය ය, සාධිපතිඝටනා වාරය යි එහි වාර සතරක් ඇත්තේ ය. එයින් සාමඤ්ඤ ඝටනා වාරය පළමු කොට වදාළ සේක. එහි අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙකොටසෙකි. එයින් අවිපාක ඝටනා වාරය පළමු කොට වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය යි අවිපාකඝටනා සතරෙකි.
(1.) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධචිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාරයෝ - “ආහාර සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත”
(2.) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන නාමාහාර තුන - “ආහාරසහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි”
(3.) සඅඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුන - “ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”
(4.) සවිප්පයුත්තඝටනාව මෙ සේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුන - “ආහාර සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”
මේ අවිපාක ඝටනා සතර ය.
අවිපාකඝටනාවන්ට අනතුරු ව සවිපාකඝටනාවන් වදාළ සේක. සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව ය යි සවිපාක ඝටනා පසෙකි.
(5.) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධචිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාකනාමාහාර තුන - “ආහාර සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”
(6.) සඅඤ්ඤමඤ්ඤ ඝටනාව මෙසේ ය: සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන විපාකනාමාහාර තුන - “ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”
(7.) සඅඤ්ඤමඤ්ඤ සම්පයුත්ත ඝටනාව මෙ සේ ය: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන විපාක නාමාහාර තුන - “ආහාරසහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”
(8.) සවිප්පයුත්ත ඝටනාව මෙසේ ය: චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන නාමාහාර තුන - “ආහාර සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”
(9.) සඅඤ්ඤමඤ්ඤ විප්පයුත්ත ඝටනාව මෙසේ ය: හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධිනාමාහාර තුන - “ආහාර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මේ සවිපාක ඝටනා පස ය.
සාමාන්‍ය ඝටනා නවය නිමි.
සාමඤ්ඤඝටනා වාරයට අනතුරු ව සකම්මඝටනා වාරය වදාළ සේක. එ ද අවිපාක සවිපාක වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් අවිපාක ඝටනා වාරය පළමු කොට වදාළ සේක. සබ්බට්ඨානිකඝටනාදි වසයෙන් අවිපාක ඝටනා සතරෙකි. එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන චේතනාහාරය - “ආහාර සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදිය යොදා විස්තර කරනු. අවිපාකඝටනා වාරයට අනතුරුව සවිපාක ඝටනා වාරය වදාළ සේක. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූපප්‍රතිසන්‍ධි කර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක චේතනාව “ආහාර සහජාත නිස්සය කම්ම විපාක අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදිය යොදා විස්තර කරනු. සවිපාක ඝටනා සසෙකි.
සකම්ම ඝටනා නවය නිමි.
සකම්මඝටනා වාරයට අනතුරු ව සඉන්‍ද්‍රියඝටනා වාරය වදාළ සේක. එ ද අවිපාක සවිපාක වශයෙන් දෙවැදෑරුම් වේ. සබ්බට්ඨානිකඝටනාදි වශයෙන් අවිපාක ඝටනා සතරෙකි. සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූපප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විඤ්ඤාණාහාරය - “ආහාර සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි ඝටනා තුන අඤ්ඤමඤ්ඤාදිය යොදා විස්තර කරනු. අවිපාක ඝටනාවන්ට අනතුරුව සවිපාක ඝටනාවෝ වදාරන ලදහ. සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන විපාක විඤ්ඤාණාහාරය - “ආහාර සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා සතර අඤ්ඤමඤ්ඤාදිය යොදා විස්තර කරනු.
සඉන්‍ද්‍රිය ඝටනා නවය නිමි.
සඉන්‍ද්‍රිය ඝටනා වාරයට අනතුරු ව සාධිපති ඉන්‍ද්‍රිය ඝටනා වාරය වදාළ සේක. එ ද අවිපාක සවිපාක වශයෙන් දෙවැදෑරුම් වේ. එහි සබ්බට්ඨානික ඝටනාව ය, සඅඤ්ඤමඤ්ඤසම්ප්‍රයුත්ත ඝටනාව ය, සවිප්පයුත්ත ඝටනාවය යි ඝටනා තුනෙකි. සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතිය - “ආහාර අධිපති සහජාත නිස්සය ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති සත්ත” ඉතිරි දෙකින් පළමුවැන්න අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක යොදා විස්තර කරනු. දෙවැන්න විප්පයුත්තය යොදා විස්තර කරනු.
සවිපාකඝටනාවන්හි - සම්ප්‍රයුක්තස්කන්‍ධ සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵලසිත් සතර වූ චිත්තාධිපතිය - “ආහාර අධිපති සහජාත නිස්සය විපාක ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගතන්ති එකං” ඉතිරි ඝටනා දෙක අඤ්ඤමඤ්ඤ සම්පයුත්ත දෙක හා විප්පයුත්තය යොදා විස්තර කරනු.
සාධිපති ඉන්‍ද්‍රිය ඝටනා සය නිමි.
මෙහි සභාගවාර එකොළොසෙකි. මිස්සක ඝටනා එකකි, සහජාත ඝටනා තෙතිසකි, සියලු ඝටනා සූතිසෙකි.