ආසේවන මිශ්‍රකයට අනතුරු ව කර්‍මමිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එහි කම්මමූලක අනන්තර සභාගය ය, සමනන්තර සභාගය ය, සහජාත සභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සය සභාගය ය, උපනිස්සය සභාගය ය, ආහාර සභාගය ය, සම්පයුත්ත සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය, නත්‍ථි සභාගය ය, විගත සභාගය ය, අවිගත සභාගය යයි සභාගවාර තුදුසෙකි.
(1.) කම්මමූලක අනන්තර සභාගයෙහි මාර්‍ගානන්තර ඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ග චේතනා සතර - “කම්මපච්චයා අනන්තරෙ එකං” (2.) සමනන්තරසභාගය ද එසේ ය.
(3.) සහජාත සභාගයෙහි සකල සහජාත කර්‍ම ප්‍රත්‍යය - කම්මපච්චයා සහජාතෙ සත්ත”
(4.) අඤ්ඤමඤ්ඤ සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන චේතනාව - කම්මපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”
(5.) නිස්සයසභාගය සහජාත සභාගය මෙනි. (6.) උපනිස්සය සභාගයෙහි විපාක සිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලා කුසල චේතනාවෝ - කම්මපච්චයා උපනිස්සයෙ ද්වෙ”
(7.) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාකචේතනාවෝ - “කම්ම පච්චයා විපාකෙ එකං”
(8.) ආහාර සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන චේතනාව “කම්මපච්චයා ආහාරෙ සත්ත”
(9.) සම්පයුත්තසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන චේතනාව “කම්මපච්චයා සම්පයුත්තෙ තීණි”
(10.) විප්පයුත්තසභාගයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව - කම්මපච්චයා විප්පයුත්තෙ තීණි”
(11.) අත්‍ථිසභාගයෙහි සකලසහජාතකර්‍මප්‍රත්‍යය - “කම්මපච්චයා අත්‍ථියා සත්ත”
(12.) නත්‍ථිසභාගයෙහි මාර්‍ගානන්තර ඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනා සතර - “කම්මපච්චයා නත්‍ථියා එකං”
(13. 14.) විගතසභාගය ද එසේ ය. අවිගතසභාගය නත්‍ථි සභාගය මෙනි.