උපනිඃශ්‍රය මිශ්‍රකයට අනතුරුව පුරේජාත මිශ්‍රකය වදාළසේක. එද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් සභාගයන් පළමුකොට වදාළ සේක. පුරේජාතමූලක ආරම්මණ සභාගය ය, අධිපති සභාගය ය, නිස්සය සභාගය ය, උපනිස්සය සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, විප්පයුත්ත සභාගය ය, අත්‍ථි සභාගය ය අවිගත සභාගයයි සභාගවාර අටෙකි.
(1) එයින් පුරේජාතමූලක ආරම්මණ සභාගයෙහි සකලාරම්මණ පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - පුරේජාත පච්චයා ආරම්මණෙ තීණි”
(2) අධිපති සභාගය මෙසේය: ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන වර්‍තමාන ඉෂ්ටනිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණපුරේජාතප්‍රත්‍යය - “පුරෙජාතච්චයා අධිපතියා එකං”
(3) නිස්සය සභාගයෙහි සකලපුරේජාතනිඃශ්‍රය ප්‍රත්‍යය ධර්‍මයෝ “පුරෙජාත පච්චයා නිස්සයෙ තීණි.”
(4) උපනිස්සය සභාගයෙහි, (අධිපතිය මෙනි) පුරෙජාතපච්චයා උපනිස්සයෙ එකං”
(5) ඉන්‍ද්‍රිය සභාගයෙහි සකලපුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ “උපනිස්සය පච්චයා ඉන්‍ද්‍රියෙ එකං”
(6) විප්‍රයුක්ත සභාගයෙහි සකල පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පුරේජාත පච්චයා විප්පයුත්තෙ තීණි”
(7) අත්‍ථි සභාගයෙහි සකලාරම්මණපුරේජාත වස්තු පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පුරෙජාතපච්චයා අත්‍ථියා තීණි” (8) අවිගත සභාගය අත්‍ථි සභාගය මෙනි.