ඝටනා

star_outline

සභාගයන්ට අනතුරුව ඝටනාවන් වදාළ සේක. අත්‍ථි අවිගත ඝටනාව ය, සනිස්සය විප්පයුත්ත ඝටනාව ය, සාරම්මණ ඝටනාවය, සාරම්මණ නිස්සය, විප්පයුත්ත ඝටනාවය, සාරම්මණ අධිපති උපනිස්සය ඝටනාවය, සාරම්මණාධිපති නිස්සය උපනිස්සය විප්පයුත්ත ඝටනාවය, සනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත ඝටනාව යයි පුරේජාත ප්‍රත්‍යය ඝටනා සතෙකි.

(1) එයින් අත්‍ථි අවිගත ඝටනාව මෙසේ ය: සකලාරම්මණ පුරේජාත වස්තුපුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පුරේජාත අත්‍ථි අවිගතන්ති තීණි”

(2) සනිස්සය විප්පයුත්ත ඝටනාව මෙසේ ය: සකලවස්තු පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයෝ - “පුරෙජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(3) සාරම්මණාඝටනාව මෙසේ ය: සකලාරමම්ණ පුරේජාත ප්‍රත්‍යය ධර්‍මයේ - “පුරේජාත ආරම්මණ අත්‍ථි අවිගතන්ති තීණි”

(4) සාරම්මණ නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගත ඝටනාව මෙසේ ය: වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යය - “පුරෙජාත ආරම්මණ නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(5) සාරම්මණාධිපති උපනිස්සය ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්න රූප අටොළොස වූ ආරම්මණපුරේජාත ප්‍රත්‍යය ධර්මයෝ - පුරේජාත ආරම්මණ අධිපති උපනිස්සය අත්‍ථි අවිගතන්ති එකං”

(6) සාරම්මණාධිපති නිස්සය උපනිස්සය විප්පයුත්ත ඝටනාව මෙසේ ය: ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන -පෙ- හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණප්‍රත්‍යය - “පුරෙජාත ආරම්මණාධිපති නිස්සය උපනිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

(7) සනිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත ඝටනාව මෙසේ ය: සකල පුරේජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්‍මයෝ - “පුරෙජාත නිස්සය ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මෙහි සභාග වාර අටක් හා ඝටනා සතක් ද වෙති.