7. අඤ්ඤමඤ්ඤ මිශ්‍රකයේ සන්නය

star_outline

සහජාතමිශ්‍රකයට අනතුරු ව අන්‍යෝන්‍ය මිශ්‍රකය වදාළ සේක. එ ද සභාග ඝටනා වශයෙන් දෙවැදෑරුම් වේ. අඤ්ඤමඤ්ඤමූලක හේතු සභාගය ය, අධිපති සභාගය ය, සහජාත සභාගය ය, කම්මසභාගය ය, විභාකසභාගය ය, ආහාර සභාගය ය, ඉන්‍ද්‍රිය සභාගය ය, ඣාන සභාගය ය, මග්ගසභාගය ය, සම්පයුත්තසභාගය ය, විප්පයුත්තසභාගය ය, අත්‍ථිසභාගය ය, අවිගතසභාගය ය යි සභාගවාර තුදුසෙකි.

(1) එයින් හේතුසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන හේතු සය “අඤ්ඤමඤ්ඤ පච්චයා හෙතුයා තීණි”

(2) අධිපති සභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍මයෝ - “අඤ්ඤමඤ්ඤ පච්චයා අධිපතියා තීණි”

(3-4) සහජාතසභාගයෙහි සකල අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ධර්‍මයෝ “අඤ්ඤමඤ්ඤපච්චයා සහජාතෙ තීණි” - නිස්සයෙ තීණි”

(5) කම්මසභාගයෙහි සම්පයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන චේතනාව “අඤ්ඤමඤ්ඤපච්චයා කම්මෙ තීණි”

(6) විපාකසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “අඤ්ඤමඤ්ඤපච්චයා විපාකෙ එකං”

(7) ආහාරසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදය වස්තුවට ප්‍රත්‍යය වන නාමාහාර තුන “අඤ්ඤමඤ්ඤපච්චයා ආහාරෙ තීණි”

(8) ඉන්‍ද්‍රියසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ඉන්‍ද්‍රිය අට - “අඤ්ඤමඤ්ඤපච්චයා ඉන්‍ද්‍රියෙ තීණි”

(9) ඣානසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ග ධර්‍ම පස - “අඤ්ඤමඤ්ඤපච්චයා ඣානෙ තීණි”

(10) මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා හෘදයවස්තුවට ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ග ධර්‍ම නවය - “අඤ්ඤමඤ්ඤපච්චයා මග්ගෙ තීණි”

(11) සම්පයුත්තසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “අඤ්ඤමඤ්ඤපච්චයා සම්පයුත්තෙ තීණි”

(12) විප්පයුත්තසභාගයෙහි ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හා හෘදයවස්තුව - “අඤ්ඤමඤ්ඤපච්චයා විප්පයුත්තෙ එකං” “පටිසන්‍ධික්ඛණෙ ඛන්‍ධා වත්‍ථුස්ස වත්‍ථු ඛන්‍ධානං” යි විභඞ්ගය උදුරනු.

(13-14) අත්‍ථිසභාගය හා අවිගත සභාගය අඤ්ඤමඤ්ඤය මෙනි.

අනු මාතෘකා
keyboard_arrow_rightඝටනාstar_outline