ඝටනා

star_outline

සභාගවාරයට අනතුරු ව ඝටනාවාරය වදාළ සේක. අවිපාක සවිපාක වශයෙන් ඝටනා දෙ කොටසෙකි. සබ්බට්ඨානිකඝටනාව ය, සම්පයුත්තඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය යි අවිපාක ඝටනා තුනෙකි.

(1) එයින් සබ්බට්ඨානිකඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන මහාබූත සතර ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හා හෘදයවස්තුව ය යන මොවුහු - “අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය අත්‍ථි අවිගතන්ති තීණි”

(2) සම්පයුත්තඝටනාව මෙසේ ය. ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගතන්ති තීණි”

(3) සවිප්පයුත්තඝටනාව මෙසේ ය. ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං”

සබ්බට්ඨානිකඝටනාව ය, සම්පයුත්තඝටනාව ය, සවිප්පයුත්තඝටනාව ය යි සවිපාකඝටනා තුනෙකි.

(4) එයින් සබ්බට්ඨානික ඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාරප්‍රතිසන.ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක අත්‍ථි අවිගතන්ති එකං”

(5) සම්පයුත්තඝටනාව මෙසේ ය: ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක සම්පයුත් අත්‍ථි අවිගතන්ති එකං”

(9) සවිප්පයුත්තඝටනාව මෙසේ ය: හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - “අඤ්ඤමඤ්ඤ සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගතන්ති එකං” මෙසේ සභාගවාර තුදුසක් හා ඝටනා සයක් වේ.