සමනන්තර මිශ්‍රකයට අනතුරු ව සහජාතමිශ්‍රකය වදාළ සේක. එහි සහජාත මූලක හේතුසභාගය ය, අධිපතිසභාගය ය, අඤ්ඤමඤ්ඤ සභාගය ය, නිස්සයසභාගය ය, කම්මසභාගය ය, විපාක සභාගය ය, ආහාරසභාගය ය ඉන්‍ද්‍රියසභාගය ය, ඣානසභාගය ය, මග්ගසභාගය ය, සම්පයුත්තසභාගය ය, විප්පයුත්තසභාගය ය, අත්‍ථි සභාගය ය, අවිගතසභාගය ය යි සභාගවාර තුදුසෙකි.
(1) එයින් සහජාතමූලක හේතුසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපතිචිත්තජරූපයන්ට ද සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන හේතු සය - “සහජාතපච්චයා හෙතුයා සත්ත”
(2) අධිපතිසභාගයෙහි සකල සහජාතාධිපති ප්‍රත්‍යයධර්‍මයෝ. “සහජාතපච්චයා අධිපතියා සත්ත”
(3) අඤ්ඤමඤ්ඤසභාගයෙහි සකලාන්‍යෝන්‍යප්‍රත්‍යධර්‍මයෝ - සහජාත පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” (4) නිස්සයසභාගයෙහි - සකලසහජාතනිඃශ්‍රයප්‍රත්‍යය ධර්‍මයෝ - “සහජාතපච්චයානිස්සයෙ නව” (5) කම්මසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ සහේතුකචිත්තජරූප සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ප්‍රත්‍යය වන චේතනාව වූ සහජාත කර්‍මප්‍රත්‍යය - “සහජාතපච්චයා කම්මෙ සත්ත”
(6) විපාකසභාගයෙහි ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු - “සහජාත පච්චයා විපාකෙ එකං”
(7) ආහාරසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන ඵස්ස චේතනා විඤ්ඤාණ යන නාමාහාරයෝ - “සහජාතපච්චයා ආහාරෙ සත්ත”
(8) ඉන්‍ද්‍රියසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන නාමේන්‍ද්‍රියධර්‍ම අට වූ සහජාතේන්‍ද්‍රිය ප්‍රත්‍යය - “සහජාත පච්චයා ඉන්‍ද්‍රියෙ සත්ත”
(9) ඣානසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධ චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන ධ්‍යානාඞ්ගධර්‍මයෝ නවදෙන - “සහජාත පච්චයා ඣානෙ සත්ත”
(10) මග්ගසභාගයෙහි සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා චිත්තජරූපයන්ට ද සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයන්ට ද ප්‍රත්‍යය වන මාර්‍ගාඞ්ගයෝ නව දෙන “සහජාතපච්චයා මග්ගෙ සත්ත”
(11) සම්පයුත්තසභාගයෙහි සකල සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය ධර්‍මයෝ “සහජාතපච්චයා සම්පයුත්තෙ තීණි” (12) විප්පයුත්තසභාගයෙහි සකලවිප්‍රයුක්තප්‍රත්‍යය ධර්‍මයෝ “සහජාතපච්චයා විප්පයුත්තෙ තීණි” අත්‍ථි අවිගත සභාග දෙක සහජාතය මෙනි, “සහජාතපච්චයා අත්‍ථියා නව අවිගතෙ නව”