විභඞ්ගවාරයට අනතුරු ව සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එය ශුද්ධ සඞ්ඛ්‍යාවාර ද්විකාදිසඞ්ඛ්‍යාවාර වශයෙන් දෙවැදෑරුම් වේ. එයින් ශුද්ධ සඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එහි ද හේතු ප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එහි මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝම නයයෙහි ‘හෙතුයා තීණි’ යි වදාරන ලදහ.
ආරම්මණප්‍රත්‍යය ශුද්ධසඞ්ඛ්‍යාවාරයෙහි සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ‘ආරම්මණෙ තීණි’ අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි නත්‍ථි විගත අවිගත යන මේ ප්‍රත්‍යයන් ආරම්මණ ප්‍රත්‍යය මෙන් විස්තර කරනු. පුරේජාතශුද්ධවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි අරූපවිපාක වර්ජිත ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, ‘පුරේජාතෙ තීණි’ ආසේවන ශුද්ධයෙහි ප්‍රථමජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම වූ එක්පනස් ජවනයෝ, ‘ආසෙවන තීණි.’ කර්‍මශුද්ධයෙහි කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, ‘කම්මෙ තීණි’ විපාකශුද්ධයෙහි සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ. ‘විපාකෙ එකං’ ධ්‍යාන ශුද්ධයෙහි ද්විපඤ්චවිඥාන වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, ‘තීණි’ මාර්‍ග සුද්ධයෙහි සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ “තීණි” විප්පයුත්තශුද්ධයෙහි අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, ‘තීණි’
ශුද්ධසඞ්ඛ්‍යාවාරය නිමි.