ශුද්ධසඞ්ඛ්‍යාවාරයට අනතුරු ව ද්විකාදි සඞ්ඛ්‍යාවාරය වදාළ සේක. එහි ද හේතුද්විකාදි වශයෙන් වාර තෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුදුකාදි වාරය පළමු කොට වදාළ සේක. එහි ද ද්විකත්‍රිකාදි වශයෙන් වාරතෙවිස්සක් ඇත්තේ ය. එයින් දුකවාරය පළමු කොට වදාළ සේක. එහිද හේතුමූලක ආරම්මණ ද්විකාදි වශයෙන් වාරතෙවිස්සක් ඇත්තේ ය. එයින් හේතුමූලක ආරම්මණ දුකය පළමු කොට වදාළ සේක. එහි මෝහ මූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ආරම්මණප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානු ලෝමයෙහි “න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ” යි වදාරන ලදහ. හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී ආරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේ ය. එ බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ” යනාදිය නො වදාළ සේක. හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම ද නැත්තේ ය. එබැවින් පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ” යනාදිය නො වදාළ සේක. මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ය. එබැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝම වාරයෙහි “හෙතුපච්චයා ආරම්මණෙ තීණි” යි වදාරන ලදහ. (මේ වාරයෙහි රූප ධර්‍මයෝ නො ගනු ලැබෙත්.)
හේතුමූලක අධිපතිදුකයෙහි හේතු ප්‍රත්‍යය බැහැර කරන ධර්‍මයෝ නැත්තාහ. අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහය හැර අකුසල් සිත් දොළොස ය, මහා කුසල් මහා ක්‍රියා සහේතුක ලෞකික විපාකයෝය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොව්හු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න අධිපතියා තීණි” යි වදාළ සේක. මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු අධිපති දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. එබැවින් පච්චනීයයෙහි අධිපති ධර්‍මවර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ හේතු අධිපති ප්‍රත්‍යය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එබැවින් අනුලෝමයෙහි “හෙතු පච්චයා අධිපතියා තීණි” යනු වදාළ සේක. “හෙතුපච්චයා න අධිපතියා ද්වෙ” යි වදාළ සේක. න හේතුමූලක අනන්තර සමනන්තරදුකාදිහුද ආරම්මණප්‍රත්‍යය මෙන් දතයුත්තාහ.
හේතුමූලක පුරෙජාතදුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ පුරේජාත ප්‍රත්‍යයෝත්පන්න පමණක් වී හේතුප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා පුරෙජාතෙ ද්වෙ” යි වදාළ සේක. අරූපවිපාක සතරය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහා කුශල මහා ක්‍රියා අරූප කුසල අරූප ක්‍රියා චිත්තයෝ ය, උපරිමමාර්‍ග චිත්තයෝ ය, ඵල චිත්තයෝ ය යන සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. එබැවින් අනුලෝම පච්චනීයයෙහි ‘හෙතුපච්චයා න පුරෙජාතෙ තීණි’ යි වදාළ සේක. අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය ය මනෝද්වාරාවර්ජනය ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය යන මොවුහු හේතුපුරේජාත දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. එබැවින් පච්චනීයයෙහි “නහෙතුපච්චයා න පුරෙජාතෙ තීණි” යනු වදාළ සේක. පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය හා අරූප විපාක වර්ජිත සහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’
හේතුමූලක ආසේවනදුකයෙහි මෝහමූල ද්විතීයාදි ජවනයන්හි මෝහය හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. න හෙතුපච්චයා ආසෙවනෙ ද්වෙ, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුසල් සිත් දොළොසය, මහා කුසල් මහා ක්‍රියා ය යන මොවුන්ගේ ප්‍රථම ජවනයෝ ය සහේතුක විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝය, යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. “හෙතුපච්චයා න ආසේවනෙ තීණි” මෝහමූල ප්‍රථමජවනයෝ ය, මෝහයෙන් හා හසිතෝත්පාද ප්‍රථම ජවනයෙන් ද අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආසෙවනෙ ද්වෙ” මෝහ මූලද්වයෙහි මෝහ වර්ජිත අකුසලයන් ගේ හා මහාකුශල මහාක්‍රියාවන් ගේ ද්විතීයාදි ජවනයෝ ය මහද්ගතකුශල ක්‍රියාවෝ ය මාර්‍ගචිත්තයෝ ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි”
හේතුමූලක කම්මදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය හා ක්‍රියා චේතනා හැර අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා කම්මෙ ද්වෙ” කුශලාකුශල සහේතුක ක්‍රියා චේතනාවෝ, “හෙතුපච්චයා න කම්මෙ තීණි, අහේතුක ක්‍රියා චේතනාවෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න කම්මෙ එකං” මෝහමූලද්වයෙහි මෝහය හා අකුශල කුශල ක්‍රියා චේතනා ද වර්ජිත වූ සහේතුකප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “හෙතුපච්චයා කම්මෙ තීණි”
හේතුමූලක විපාකදුකයෙහි අහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා විපාකෙ එකං” මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත කුශලා කුශල සහේතුකක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. “හෙතුපච්චයා න විපාකෙ තීණි” මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න විපාකෙ ද්වෙ” සහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “හෙතුපච්චයා විපාකෙ එකං” හේතුමූලක ආහාර ඉන්‍ද්‍රිය දුක දෙක ආරම්මණ දුකය මෙනි.
හේතුමූලක ඣානදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහයෙන් හා ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා ඣානෙ ද්වෙ” ධ්‍යානප්‍රත්‍යය බැහැර කරන ධර්‍ම නැත්තේ ය, ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ඣානෙ එකං” මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, “හෙතුපච්චයා ඣානෙ තීණි”
මග්ගදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය හේතුප්‍රත්‍යය බැහැර කෙරේ. “න හෙතුපච්චයා මග්ගෙ එකං” මාර්‍ගප්‍රත්‍යය බැහැරකරන ධර්‍ම නොලැබේ. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි “න හෙතුපච්චයා න මග්ගෙ එකං” මෝහමූලද්වයෙහි මෝහවර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”
හේතුමූලක විප්පයුත්තදුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. “න හෙතුපච්චයා විප්පයුත්තෙ ද්වෙ” අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහවර්ජිත ලෝභමූල මෝහමූලමහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු විප්‍රයුත්තය බැහැර කෙරෙති. ‘තීණි’ අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය ය මනෝද්වාරාවජ්ජනය ය යන නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි “න හෙතුපච්චයා න විප්පයුත්තෙ තීණි” මෝහමූලද්වයෙහි මෝහය හා අරූපවිපාකයන් ද හැර පඤ්චවෝකාර සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’
ආරම්මණමූලක අධිපති දුකයෙහි ආරම්මණප්‍රත්‍යය බැහැර නොකෙරේ. අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය අහේතුකක්‍රියා මහාකුශල මහාක්‍රියාවෝ ය ලෞකිකවිපාකයෝ ය යන නාමස්කන්‍ධයෝ අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝම පච්චනීයයෙහි ආරම්මණපච්චයා න අධිපතියා “තීණි” පච්චනීයයෙහි නොලැබේ. අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි”
ආරම්මණමූලක පුරේජාතදුකයෙහි ආරම්මණය බැහැර නොකෙරේ. අරූපවිපාක සතරය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල චිත්තයෝ ය, ප්‍රතිසන්‍ධි චිත්තයෝ ය යන නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා න පුරෙජාතෙ “තීණි” පච්චනීයයෙහි නොලැබේ. අරූපවිපාකවර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි”
ආරම්මණමූලක ආසේවන දුකයෙහි ආරම්මණ ප්‍රත්‍යය බැහැර කිරීමක් නැති. අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජනද්වයය, විපාකසිත් සතිස ය යන ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. “තීණි” පච්චනීයයෙහි නොලැබේ. අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි”
ආරම්මණමූලක කම්මදුකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැති. කුශලා කුශල ක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “ආරම්මණපච්චයා න කම්මෙ තීණි” පච්චනීය නොලැබේ. අකුශල කුශල ක්‍රියා චේතනා වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි”
ආරම්මණමූලක විපාකදුකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැති. කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා න විපාකෙ තීණි” පච්චනීය නොලැබේ. සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘එකං’
ආරම්මණ මූලක ඣාන දුකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැති. ද්විපඤ්ච විඥාන නාමස්කන්‍ධයෝ ධ්‍යානප්‍රත්‍යය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා ඣානෙ එකං” පච්චනීය නො ලැබේ. ද්විපඤ්ච විඥාන වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි”.
ආරම්මණමූලක මග්ගදුකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැත. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “අනුලෝමපච්චනීයයෙහි “ආරම්මණපච්චයා න මග්ගෙ එකං” පච්චනීය නො ලැබේ. සකල සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’
ආරම්මණමූලක විප්පයුත්ත දුකයෙහි ආරම්මණය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහාක්‍රියා අරූපකුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු විප්‍රයුත්තය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා න විප්පයුත්තෙ තීණි” පච්චනීය නො ලැබේ. අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නො ලැබේ. අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ “සබ්බත්‍ථ තීණි විපාකෙ එකං”
අධිපතිමූලක අනන්තර දුකාදිය ආරම්මණ මූලකය මෙනි. අධිපති මූලක පුරේජාත දුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුකක්‍රියා මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාක නාමස්කන්‍ධයෝ ය යන මොවුහු අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. “න අධිපතිපච්චයා පුරේජාතෙ තීණි” අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. “අධිපතිපච්චයා න පුරෙජාතෙ තීණි” අරූප විපාක සතර ය, අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘තීණි’ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපති ධර්‍මවර්ජිත සාධිපති ජවන නාමස්කන්‍ධයේ, අනුලෝමයෙහි ‘තීණි’
අධිපතිමූලක ආසේවන දුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයන්ගෙන් ද සැම කල්හි අධිපති ලැබෙන මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර මාර්‍ගයන්ගේ ද අධිපතිප්‍රත්‍යය ධර්‍මයෝ ය. අධිපති නොලැබෙන අවස්ථාවහෙි අකුසල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. “න අධිපතිපච්චයා ආසෙවනෙ තීණි” අධිපති ප්‍රත්‍යය ලැබනෙ අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ඵල ජවනයෝ ය යන නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. “අධිපතිපච්චයා න ආසෙවනෙ තීණි” අධිපති ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය ඵලජවන සතර ය යන මොවුන්ගේ අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය ආවර්ජනද්වය ය, ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි ‘තීණි’ අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල ක්‍රියාවෝ ය, මාර්‍ග සිත් සතර ය යන නාමස්කන්‍ධයෝ, ‘තීණි’
අධිපතිමූලක කම්මදුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය නොලැබෙන අවස්ථාවෙහි කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකිකවිපාක නාමස්කන්‍ධයෝ ය යන මොවුහු අධිපතිය බැහැර කෙරෙති. “න අධිපතිපච්චයා කම්මෙ තීණි” සාධිපති කුශලාකුශලක්‍රියා චේතනාවෝ කර්‍මය බැහැර කෙරෙති. “අධිපතිපච්චයා න කම්මෙ තීණි” නිරාධිපති කුශලාකුශල ක්‍රියා චේතනාවෝ පච්චනීයයෙහි “තීණි” අධිපති ධර්‍ම හා කුශලා කුශල චේතනා ද හැර දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, ‘තීණි’
අධිපතිමූලක විපාකදුකයෙහි ඵලසිත් සතරෙහි අධිපති ධර්‍ම හා ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අධිපතිය බැහැර කෙරෙති. “න අධිපතිපච්චයා විපාකෙ එකං” අධිපතිධර්‍ම වර්ජිත සාධිපති කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුශලා කුශල ක්‍රියාවන්හි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝය, පච්චනීයයෙහි ‘තීණි’ අධිපතිධර්‍ම වර්ජිත ඵල නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘එකං’
අධිපතිමූලක විප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියාවෝ ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අධිපතිය බැහැර කෙරෙති. ‘තීණි’ අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතධර්‍ම වර්ජිත ලෝභමුල මහාකුශල මහාක්‍රියාවෝ ය සැම කල්හි අධිපති ලැබෙන අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵලයෝ ය යන නාමස්කන්‍ධයෝ විප්පයුත්තය බැහැර කෙරෙති, තීණි. අරූප විපාකයෝ ය අරූප භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියාවෝ ය යන නාමස්කන්‍ධයෝ, පච්චනීයයෙහි ‘තීණි’ පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’
අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි අවිගත යන මේ ප්‍රත්‍යයෝ වාරයට අනුව නාමස්කන්‍ධයන් ම ලැබෙන බැවින් ආරම්මණ මූලකය වැනි වෙති. නාමස්කන්‍ධ සියල්ල නො ලැබෙන හේතු අධිපති පුරේජාත ආසේවන කම්ම විපාක ඣාන මග්ග විප්පයුත්ත යන ප්‍රත්‍යයෝ එකිනෙකට වෙනස් වෙති.
පුරේජාතමූලක අධිපති දුකය අධිපතිමූලකයෙහි මෙන් විස්තර කරනු. පුරේජාතමූලක ආසේවන දුකයෙහි අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, අරූපකුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. ‘තීණි’ පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාදාදි මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය ආවර්ජන දෙකය අරූපවිපාක වර්ජිත විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ අරූප විපාක සතර ය අරූපභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය මනෝද්වාරාවජ්ජනය ය ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොහු, පච්චනීයයෙහි ‘තීණි’ පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර මාර්‍ගයෝ ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’
පුරේජාතමූලක කම්මදුකයෙහි අරූපවිපාක හා අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි කුශලාකුශල ක්‍රියා චේතනා ද හැර ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵලයෝ ය ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොවුහු පුරේජතාය බැහැර කෙරෙති. “තීණී” පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශලක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘තීණි’ අරූපභූමියෙහි උපදනා අවස්ථාවහෙි වූ කුශලාකුශල ක්‍රියා චේතනාවෝ, පච්චනීයයෙහි ‘තීණි’ කුශලාකුශල ක්‍රියා චේතනා හා අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’
පුරේජාතමූලක විපාකදුකයෙහි අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වු ඵලසිත් සතර ය. ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “එකං” පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘තීණි’ අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග නාමස්කන්‍ධයෝ පච්චනීයයෙහි ‘තීණි’ පඤ්චවෝකාර විපාක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘එකං’ පුරේජාතමූලක ඣාන මග්ග දුක දෙක සුගම ය.
පුරේජාතමූලක විප්පයුත්තදුකයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ පුරේජාතය බැහැර කෙරෙති. ‘එකං’ විප්පයුත්තය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘තීණි’ පඤ්චවෝකාර ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’
ආසේවනමූලක කම්මදුකයෙහි කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජන දෙකය විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ආසේවනය බැහැර කෙරෙති. ‘තීණි’ අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයන්හි ද මහද්ගත කුශල ක්‍රියාවන්හිද මාර්‍ගසිත් සතරෙහි ද චේතනාවෝ කර්‍ම ප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘තීණි’ අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයන්හි හා ආවර්ජන දෙක්හි චේතනාවෝ පච්චනීයයෙහි ‘තීණි’ චේතනාවර්ජිත අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගත කුශල ක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය යන නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි ‘තීණි’. ආසේවන විපාක දුකයක් නො යෙදේ. විස්තර කරන ලද දුක අනුව පටිච්චවාරයෙහි දැක්වූ ක්‍රමයෙන් ම රූප නො ගෙන සියල්ල විස්තර කරනු.
හේතුආරම්මණමූලක අධිපතිතිකයෙහි ආරම්මණ අධිපති දුකශුද්ධිය කරනු, හේතුආරම්මණ ප්‍රත්‍යය දෙක බැහැර කරන ධර්‍ම නැත්තේ ය, අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවන්හි අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත අකුශල මහාකුශල මහාක්‍රියා සහේතුක ලෞකික විපාකප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” පච්චනීය නොලැබේ. අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි ‘තීණි’ ඉදිරියෙහි ඇති තිකාදිය පටිච්චවාර විස්තරය අනුව විස්තර කරනු. වෙනස රූප නො ගැනීම පමණෙකි. මෙ තැන් පටන් අනුලෝමය පමණක් දක්වනු ලැබේ.
හෙතු ආරම්මණ අධිපති පච්චයා පුරෙජාතෙ තීණි. අභිධෙය අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය. හෙතු ආරම්මණ අධිපති පච්චයා ආසෙවනෙ තීණී. අභිධෙය අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මවර්ජිත ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගත කුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර මාර්‍ග චිත්තයෝ ය යන නාමස්කන්‍ධයෝ ය. පටිච්චවාරය අනුව රූපයන් නොගෙන සියල්ල විස්තර කරනු.
පච්චයානුලෝම වාරය නිමි.