“එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.”
මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය දැක්වෙන්නේ පැවිද්දන්ගේ වශයෙනි.
1. අපාය භය සිහි කරන බව ය.
2. වීර්‍ය්‍යයෙහි අනුසස් දක්නා බව ය.
3. බුද්ධාදි උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බව ය.
4. අනුන්ගෙන් ලබන භෝජනය ගැන සලකන බව ය.
5. තමා ගේ උරුමයේ මහත් බව මෙනෙහි කරන බව ය.
6. තමා ගේ ශාස්තෘවරයා ගේ මහත් බව මෙනෙහි කරන බව ය.
7. ජාතියේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
8. සබ්‍රහ්මචාරීන් ගේ මහත්බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
9. අලස පුඟුලන් බැහැර කරන බව ය.
10. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇතියන් සේවනය කරන බවය.
11. වීර්‍ය්‍යය ඇති කර ගැනීමට නැමුණු සිත් ඇති බව ය.
යන මේ කරුණු එකොළොස විරිය සම්බොජ්ඣංග හේතූන් සැටියට අටුවාවල දක්වා තිබේ. අප විසින් සම්පාදිත “බෝධි පාක්ෂික ධර්ම විස්තරයේ” මේවා විස්තර කර ඇත.