“සාවත්ථි -පෙ- තත්‍ර ඛො -පෙ- අවොච, උපාදානියෙසු භික්ඛවේ! ධම්මේසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හා පච්චයා උපාදානං -පෙ- එවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! මහාරුක්ඛො, තස්ස යානි චෙව මූලානි අධොගමනීයානි යානිච තිරියංගමානි සබ්බානි තානි උද්ධං ඔජං අතිහරන්ති. එවං හි සො භික්ඛවේ! මහා රුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්‍ය, එව මේව ඛො භික්ඛවේ! උපාදානියෙසු ධම්මේසු අස්සාදානු පස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
උපාදානියෙසු භික්ඛවේ! ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති, තණ්හා නිරොධා -පෙ- එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්‍යථාපි භික්ඛවේ! මහාරුක්ඛො අථ පුරිසො ආගච්ඡෙය්‍ය, කුද්දාල පිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්‍ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්‍ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්‍ය අන්තමසො උසීරනාලමත්තානිපි, සො තං රුක්ඛා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්‍ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා ඵාලෙය්‍ය. ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්‍ය, අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්‍ය, මසිං කරිත්වා මහා වාතෙවා ඔපුනෙය්‍ය, නදියාවා සීඝසොතාය පවාහෙය්‍ය, එවං හි සො භික්ඛවේ! මහා රුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවං කතො ආයතිං අනුප්පාදධම්මො, එවමේව ඛො භික්ඛවේ; උපාදානියෙසු ධම්මේසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා; නිරොධො උපාදාන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී ති.”
මෙහි අදහස මෙසේ දතයුතු:
එක් මහා වෘක්ෂයක් ඇත්තේ ය. ඒ වෘක්‍ෂයාගේ මුල යම් තාක් කල් උඩට පෘථිවි රසය පමුණු වන්නාහු ඒ තාක් වෘක්‍ෂය එය ආහාර කොට පවත්නේ ය. එපරිද්දෙන් උපාදානිය ධර්මයන්හි යම්තාක් තෘෂ්ණාව පවතී නම් ඒතාක් දුඃඛ පරම්පරාව ද පවත්නේ ය. යම් කලෙක ඒ වෘක්‍ෂය කපා මුල් උදුරා කඩ කඩ කොට කපා පලා වියළවා ගින්නෙන් දවා අලු සුළඟෙහි හෝ විසුරුවා හැරියේ වේද දියෙහි හෝ පාකර හැරියේ වේද එකල්හි ඒ වෘක්‍ෂය අතුරුදහන් වූයේ වේ. මතු නොවැඩෙන ස්වභාවයට පැමිණියේ වේ. එමෙන් ම උපාදානීය ධර්මයන්හි පැවති තෘෂ්ණාව යම් කලෙක දුරු වී නම් එකල්හි දුක්ඛ පරම්පරාව මතු නූපදනා ස්වභාවයට පැමිණෙන්නේ ය. මෙසේ දුක්ඛ වෘතයාගේ නිවීම වේ. මේ උපමාවෙහි අනමතග්ග සංසාරය මුළුල්ලෙහි පැවත ආ තමාගේ ආත්ම භාවය වූ ආයතන දොළොස වෘක්‍ෂය මෙනි. අවිද්‍යා තෘෂ්ණා දෙක මහ මුල් මෙනි. සෙසු ක්ලේශයෝ කුඩා මුල් මෙනි. නොහොත් ක්ලේශ ධර්ම සමූහය මහ මුල් මෙනි. කුශලාකුශල කර්මයෝ කුඩා මුල් මෙනි. තම ආත්ම භාවය වූ ආයතන දොළස අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදර්ශනා ඥානය මුල් සිඳීමට උපකරණ වූ උදලු පොරෝ ආදිය මෙනි. මාර්ගඥාන ඵලඥානයෝ වියළි වෘක්‍ෂය දවන ගින්න මෙනි. මෙසේ විස්තර වශයෙන් දතයුතු.
මේ පඤ්චම සූත්‍රයේ අදහසයි.