සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම

පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා. ඒ අනුව, තවත් කර්ම විපාක 14 ක් මෙසේ දත යුතු වෙනවා.

  1. සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.
  2. සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.
  3. සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.
  4. සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.
  5. ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.
  6. ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.
  7. ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.
  8. ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.
  9. දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.
  10. දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.
  11. මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.
  12. ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.
  13. ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.
  14. නිහතමානී අය උසස් කුලවල ඉපදේ.

(චුල්ලකම්ම විභංග සුත්‍රය)