එක් කාලයක දිසාපාමොක් ඇඳුරුතුමෙක් මතක බතක් දෙන්නෙමි යැ යි එළුවෙකු මැරීමට සුදානම් වී, අත වැසියා හට එළුවා නහවා බෙල්ලට මාලයක් පළඳවා ශරීරය අලංකාර කොට ගෙන එන ලෙස දැන්වී ය. එළුවා නහවා තැබූ විට එළුවාට පෙර ඉපිද සිටි ආකාරය බැලිය හැකි ජාතිස්මරණ ඥාණයක් පහළ විය. පසුව එළුවා එකවර ම සිනාසී නැවත ඇඬු හ. මෙය දුටු ශිෂ්‍යයාට එළුවා හා කථා කිරීමට දත් බැවින් ඔහු මෙය එළුවාගෙන් ඇසූ කල ආචාරීන් වහන්සේ ඉදිරිපිට සියල්ල පැවසී ය.
තමා පෙර මෙසේ ම දිශාවන්ට ප්‍රධාන ගුරු උතුමෙක්ව සිටිය දී මතක බතක් දීමට එක් එළුවෙකු මරා එකක් අඩු පන්සිය වතාවක් ආත්ම වල දී හිස සිඳලීමට ලක් වූ බව ද, මෙය අවසන් වාරය බව දැක සිනාසුන බව ද පැවසූ හ. අඬන්න හේතුව නම් දැන් තමා මැරීම නිසා මෙතෙක් දිගු කලක් තමාට දුක් විඳීමට සිදු වූ ලෙස බමුණාට ද සිදුවන බව කල්පනාවට ආ හේතූවෙනි. පසුව ඇඳුරුතුමා එළුවා නො මැරුවේ නමුදු හෙණ පහරක් ගල් තලාවකට වැදී ගල් පතුරක් ගැල වී විත් එළුවා ගේ බෙල්ලේ වැදී හිස වෙන්ව එළුවා මැරුණු බව දැක්වේ. එබැවින් සත්ව ඝාතනයෙන් වැළකෙත්වා.
(ජාතක අට්ඨකාථාවේ මතක ගත්ත ජාතකය 149 පිට)