ශ්‍රෝතාපත්‍යාදි ලෝකෝත්තර මාර්ගයෙන් පහළ වන කල්හි මාර්ගාංග අට පමණක් නොව බෝධිපාක්ෂික ධර්ම සත්තිස ම ලෝකෝත්තරත්වයෙන් පහළවේ.
චුද්දසේ ‘ව අසම්භින්නා - හොන්තෙ තෙ බෝධිපක්ඛියා,
කොට්ඨාසතො සත්තවිධා - සත්තතිංසප්පභෙදතො.
යනුවෙන් දැක්වෙන පරිදි අසම්භින්න වශයෙන් ඒ බෝධිපාක්ෂික ධර්මයෝ තුදුස් දෙනෙක් වෙති. කොට්ඨාස වශයෙන් සප්තවිධ වෙති. ප්‍රභේද වශයෙන් සත්තිස් දෙනෙක් වෙති.
අසම්භින්න වශයෙන් බෝධිපාක්ෂික ධර්ම තුදුස ය යනු ස්මෘති වීර්‍ය්‍ය ඡන්ද චිත්ත ප්‍රඥා ශ්‍රද්ධා සමාධි ප්‍රීති ප්‍ර‍්‍ර‍්‍රශ්‍රබ්දි විතර්ක උපෙක්ඛා යන මොවුන් හා විරතිචෛතසික තුනය.
කොට්ඨාස සතය යනු සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මග්ගංග යන ධර්ම කොටස් සත ය.
ප්‍රභේද වශයෙන් සත්තිසය යනු සතිපට්ඨාන සතරය, සම්මප්ධාන සතරය, ඉද්ධිපාද සතරය, ඉන්ද්‍රිය පසය, බල පසය, බොජ්ඣංග සතය, මග්ගංග අටය යන මේ සත්තිස ය.
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර එක් එක් තැනක පමණක් එන ධර්මයෝ නව දෙනෙකි. ඔවුහු නම් ඡන්දිද්ධිපාදය ය, චිත්තිද්ධිපාදය ය, පීතිසම්බොජ්ඣංගය ය, පස්සද්ධිසම්බොජ්ඣංගය ය, උපෙක්ඛාසම්බොජ්ඣංගය ය, සම්මාසංකප්පය ය, සම්මාවාචාය, සම්මා කම්මන්තය, සම්මාආජීවය ය යන මොවුහු ය.
එක් ධර්මයක් වූ වීර්‍ය්‍යය ස්ථාන නවයක එන්නේ ය. සතිය ස්ථාන අටක එන්නේ ය. සමාධිය සතර තැනක එන්නේ ය. ප්‍රඥාව පස් තැනක එන්නේ ය. ශ්‍රද්ධාව දෙතැනක එන්නේ ය.
මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර පාදයන් වහන්සේ විසින් සම්පාදිත බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය මෙතෙකින් නිමියේ ය.