10. මිථ්‍යාදෘෂ්ටිය

star_outline

මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම් (1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය. (2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍ර‍හ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති.

අනු මාතෘකා
keyboard_arrow_rightනාස්තික දෘෂ්ටිය.star_outline
keyboard_arrow_rightඅහේතුක දෘෂ්ටියstar_outline
keyboard_arrow_rightඅක්‍රිය දෘෂ්ටියstar_outline