“පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨෝ ච, කතමෙහි පඤ්චහි? අස්සුද්ධො හොති, දුස්සීලො හොති, කෝතුහල මංගලිකො හොති, මංගලං පච්චෙති නො කම්මං. ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති. තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨො ච”.
මෙහි තේරුම මෙසේ ය:
මහණෙනි! අංග පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වෙයි. උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වෙයි. කවර අංග පසකින්ද යත්?
- ශ්‍රද්ධාව නැත්තේ වේද?
- දුශ්ශීලයෙක් වේ ද?
- අසන දකින දේවල හොඳ නරක දෙකින් ශුභාශුභ සිද්ධි වෙතැයි පිළිගන්නේ වේ ද?
- කෝතුහල මංගල නම් වූ අසන දකින දේවලින් ශුභාශුභ වන බව ම සලකා කර්මය නො සලකන්නේ වේ ද?
- බුදුසසුනෙන් පිටත දක්ෂිණේයයන් (පින් පිණිස දීමට සුදුස්සන්) සොයා ද, එහි ම පළමුකොට දේ ද, මහණෙනි මේ අංග පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වේ, උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වේ.