දුර්වචයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-
සැවැත්නුවර වැසි කුලපුත්‍රයෙක් මේ සර්වඥශාසනයෙහි මහණව ආචාර්යඋපාධ්‍යායන් වහන්සේත් ඉෂ්ටකාමී භික්‍ෂූන් වහන්සේත් කීවා නොකොට නො කී කරුව වාසයකරන්නේය. බුදුහු එපවත් අසා මේ මහණ දැන් මතු නොවෙයි. පෙරත් නොකීකරුම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.
අතීතයෙහි එක්කලෙක අප මහබෝසතාණෝ ගිජුලිහිණි යෝනියෙහි ඉපද ගිජුලිහිණිසමූහයා පිරිවරා ගිජුකුළු පව්වෙහි වාසයකරන්නාහ. ඒ බෝධිසත්ත්‍වයන්ගේ පුත්‍රයෙක් ඉතා බලවත් වූ ශක්ති ඇත්තේය. සෙසු ගිජුලිහිණියන්ගේ විෂය ඉක්ම ඉතා දුරු අහසට නැඟෙන්නේය. ගිජුරජ එපවත් අසා ඔහු තමා සමීපයට කැඳවා ගෙන්වාගෙන පුත! තෙපි ඉතා උස් අහසට නැඟෙව්ල. එසේ කරව් නම් තෙපි නොබෝ දවසකින් නැසෙව තොපි යම්පමණ තැනකට නැඟිකල මේ පෘථිවිතලය සතරැස් ලියද්දක් සේ පෙනෙන්නේ වී නම් එයින් මත්තට නොනැඟෙව, අවුරු දහසකට ආයුෂය ඇති ගිජුලිහිණියෝ තමතමන්ගේ විෂය ඉක්ම නැඟිවහාම නටහයි කීහ. ඒ තමා නො කීකරුවන බැවින් උස්අහසට නැඟෙන්නේ පියා කැඩෙන්නාක් වැනි වූ කල වාතයට පැමිණ එයිනුදු උඩනැඟී වෙරම්බවාතයට ගොස් වන වේරම්බවාතවේගයෙන් කැඩි කැඩී අහසම මිය, සුණුවිසුණුවැ අතුරුදන් විය. බුදුහු මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා එකල්හි පියා කීවා නොකළ ගිජ්ඣපුත්‍ර නම් දැන් මේ නොකීකරු මහණ වන්නේය. එසමයෙහි ගිජුරජ්ජුරුවෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. මෙහි විස්තර නවකනිපාතයෙහි ගිජ්ඣජාතකයෙන් දතයුත්තේය. මේ දුර්වචයාගේ වාසනාදෝෂ වන්නේය.