පෙළ-සන්නය

1 පිටුව

ඉතිපි, මෙකරුණෙනුදු; සො භගවා, ඒ භගවත් තෙමේ; අරහං, (කෙලෙසුන් කෙරෙන් දුරු බැවිනුදු, කෙලෙසුන් නැසු බැවිනුදු, සංසාරචක්‍රයෙහි අර කැපු බැවිනුදු, ප්‍රත්‍යාදීනට අර්හ හෙයිනුදු, පව් කිරීමෙහි රහසක් නැති බැවිනුදු, යන මෙතෙක් කාරණයෙන්) රහතැ; සම්මා, මනා කොටැ; සං, තම විසින් මැ; බුද්ධො, සර්වධර්මයන් දත්තේ යැ; විජ්ජාචරණසම්පන්නො, අෂ්ටවිද්‍යායෙන් හා පසළොස් චරණධර්මයෙන් සමන්විත යැ; සුගතො, (ශොභන ගමන් ඇති බැවිනුදු, සුන්දරස්ථානයට ගිය බැවිනුදු, මනා කොටැ ගිය බැවිනුදු, මනා වූ තෙපුල් ඇති බැවිනුදු) සුගත යැ; ලොකවිදු, (සර්වාකාරයෙන් දන්නා ලද ලොක ඇති හෙයින්) ලොකවිදු යැ; අනුත්තරො පුරිසදම්මසාරථි, (තම හට වැඩි කෙනකුන් නැති බැවින් ද, පුරුෂ දම්‍යයන් විනයන කරන හෙයින් ද.) අනුත්තරපුරිසදම්මසාරථී යැ; සත්ථා දෙවමනුස්සානං, (දෘෂ්ටධාර්මික සාම්පරායික උහයාර්ථයෙන් යථාර්හයෙන්) දෙව්මිනිස්හට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ යැ; බුද්ධො. (සියලු ඥෙයමණ්ඩලය දත් හෙයින්) බුද්ධ යැ; භගවා භාග්‍යවත්ත්වාදි ගුණයෙන් යුක්ත හෙයින්) භගවතැ.

53 පිටුව

භික්ඛවෙ, මහණෙනි; යං, යමෙක්; එවං මහාසාවජ්ජං, මෙසෙ මහාසාවද්‍ය වේද, යථයිදං (-යථා අයං) මිච්ඡා දිට්ඨි, යම් මේ මිථ්‍යාදෘෂ්ටියෙක් ඇද්ද; භික්ඛවෙ, මහණෙනි; අඤ්ඤං එකධම්මං අපි, එබඳු අන් එක ද දහමක්; අහං, මම; නසමනුපස්සාමි, ඤාණසමනුපස්සනා විසින් නො දක්නෙමි; භික්ඛවෙ, මහණෙනි; වජ්ජානි, වරදහු; මිච්ඡාදිට්ඨි පරමානි, මිථ්‍යාදෘෂ්ටිපරමයහ.

66 පිටුව

සප්නො, ජනයා සහිත; සට්ඨො, රට සහිත; දණ්ඩකී, දණ්ඩකී නම් කැකුලු රජ; කිසං හි වච්ඡං, කිසවච්ඡ තවුස් පාණන; අචකිරිය, (කෙළ දැහැටිදඬු ආදීන්) මුවහ කොටැ; උච්ඡින්නමූලො, උසුන් මුල් ඇතියෙ; කුක්කුලනාමනිරයම්හි, කුකූල නම් නිරූහි; පච්චති, පැසෙයි; තස්ස, උහුගේ; කායෙ, කයෙහි; ඵුලිඞ්ගානි, ගිනිපුපුරුහු; පතන්ති, හෙති.

70 පිටුව

යො, යම් රජෙක්; සඤ්ඤනෙ, පටවන ලද කා විසි හසර ඇති; (-එළවන ලද කායවාක්සංයම ඇති) පබ්බජිතෙ, ගිහිගෙන් නික්මැ ගිය; ධම්මං භණන්තෙ, පබ්බජිතෙ, දහම් බණන, අදුසකෙ, දූෂණක්‍රියා නොකරන; සමණෙ, ශ්‍රමණයෙන්; අවඤ්චයි, වැළැහී ද; තං නාළිකීරං, ඒ නාළිකීර රජු; පරත්ථ, පරලොවැ; සුනඛා, බල්ලො; සංගම්ම, මුළු වැ; විඵන්දමානං, වෙසෙසින් සැලෙන්නාහු; ඛාදන්ති, කති.

82 පිටුව

සච්චපරක්කමො, සත්‍යය පරාක්‍රම කොටැ ඇති; මාතඞ්ගො ඉසි, මතඟ තවුස්; ඉදං වත්‍වාන, (“තො විදුරුගල් නියෙන් කැණියටියෙහි” යනාදි) මෙ තෙපුල් බැණැ; බ්‍රාහ්මණානං, බමුණන්; උදික්ඛතං, බලා සිටියැ දී; අන්තලික්ඛස්මිං, අහසැ; පක්කාමි, නැඟී ගියේ.

87 පිටුව

මෙජ්ඣො, මෙධ්‍ය රජ; යසස්සිනෙ, යශස්වී වූ; මාතං ගස්මිං, මතඟ තවුස්පාණන් කෙරෙහි; මනං, සිත්; උපහච්ච, (ද්විෂ්ට වැ) හැනැ ගෙනැ; සපාරිසජ්ජො, පිරිස් සහිත වූයේ; උච්ඡින්නො, (යම් දවසෙකැ,) උසුන් වී ද; තදා, එ දවසැ; මෙජ්ඣාරඤ්ඤං, මෙධ්‍යා රණ්‍ය; අහු, වී.

94 පිටුව

අහං, මම; ධීරස්ස, ධීර වූ; විගතමොහස්ස, පැහු මොහ ඇති; පභින්නඛීලස්ස, බිඳුණු කෙලෙස්කණු ඇති; විජිත විජයස්ස, (පස් මරුන් බිඳැ,) දුනු ජය ඇති; අනීඝසස්, ව්‍යසන නැති; සුසමචිත්තස්ස, මොනොවට සන්හුන් සිත් ඇති; වුද්ධසීලස්ස, වැඩුණු සින් ඇති; සාධුපඤ්ඤස්ස, භද්‍රප්‍රඥා ඇති; වෙස්සන්තරස්ස, වෙස්ස සංඛ්‍යාත රාගාදි කෙලෙස් කසළ තිණු; විමලස්ස, නිර්මල; තස්ස භගවතො, ඒ භගවත් ගොයුමා ගේ; සාවකො අස්මි, ශ්‍රාවකයෙමි.

110 පිටුව

ඉධ, මෙ ලොව්හි; අරහං, අර්හත් වූ; සම්මා, මනා කොටැ; සං, තමා විසින්; බුද්ධො, සිව්සස් දත්; තථාගතො, තථාගත තෙමේ; උප්පජ්ජති, උපදනේ යැ.

120 පිටුව

දෙව, දෙවියිනි; අරහං, අර්හත් වූ; සම්මාසම්බුද්ධො, සම්‍යක්සම්බුද්ධ වූ; අයං එ; භගවා; මේ භගවත් තෙමේ; මහතා භික්ඛුසංඝෙන සද්ධිං, ගුණ විසින් මහත් බික්සඟන් හා සමඟ; අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි, ගණන් විසින් අඩ තෙළෙස් යල් සියක් සඟුන් හා සමඟ; අම්හාකං, අප සතු; අම්බවනෙ, අඹවෙනෙහි; විහරති, වෙසේ; තං ඛො පන භගවන්තං ගොතමං අභි, ඒ භගවත් ගොයුම්හු ලකුණු කොටැ ගෙනැ; එවං, මෙසේ; කල්‍යාණො, භද්‍ර වූ; කිත්ති සද්දො, යසගී; උග්ගතො, නැංගේ. (“ඉතිපි සො භගවා” ආදි පාඨයෙහි අර්ථ මුලැ කී පරිද්දෙන් දන්නෙ යැ.) දෙවො, දෙව තෙමේ; තං භගවන්තං, ඒ භගවත් ගොයුම්හු කරා; පයිරුපාසතු, එළඹැ හිඳීවා; භගවන්තං, භගවත් ගොයුම්හු; පයිරුපාසතො, පර්යුපාසන කරන; දෙවස්ස, දෙවයන්ගේ; චිත්තං, සිත්; පසීදෙය්‍ය, පහදනේ නම්; අප්පෙවනාම, මැනැව් නම් නො.

126 පිටුව

අම්බං වා, අඹ හෝ; පුට්ඨො, පුළුවුස්නා ලද්දේ; ලබුජං, දෙල්; ව්‍යාකරෙය්‍ය, ප්‍රකාශ කරන්නේ යැ. (“පුළුවුත්තා තබා අනෙක්ක කියන්නේ යැ”යි දක්වනු පිණිසැ අළ උපමායි.)

142 පිටුව

එකෙ, කිසි කෙනෙක්; දණ්ඩෙන, දඬියෙන්; දමයන්තී, දමත්; අංකුසෙහි, අකුස්සේන හා; කසාහි ච, කටුමති ගායෙන් හා දමත්; තාදිනා, බුදුන් විසින්; අදණ්ඩෙන, නොදඬියෙන්; අසත්ථෙන, නොසැතින්; අහං, මම; දන්තො අම්හි, දමනු ලද්දෙමි.

148 පිටුව

චක්ඛුම, ඇස් ඇතියව; පුරෙ, පෙරැ; මෙ, මාගේ; යා කඞ්ඛා, යම් සැකෙක්; ආසි, වී ද; තං, එ සැක; මෙ, මට; ව්‍යාකාසි, පැවැසුයෙහි; අද්ධා, එකාන්තයෙන්; සම්බුද්ධො, සම්බුද්ධ වූ; මුනි අසි, මුනි වෙහි; තව, තොප ගේ; නිවරණා, නීවරණයෝ; නත්ථි, නැත.

157 පිටුව

වාසව, විදුරවිය; මං පඤ්හං පුච්ඡ, මා පැන පුළුවුස; මනසි, සිත්හි ලා; නොහොත් මනසා, සිතින්; යං කිඤ්චි යම් කිසි අර්ථයක්; ඉච්ඡසි, රුස්නෙහි ද; අහං, මම; තෙ, තා ගේ; තස්ස තස්ස එව අත්ථස්ස, ඒ ඒ අර්ථයා ගේ මැ; අන්තං, කෙළ; කරොමි, කෙරෙම්.

148 පිටුව

බාවරිස්ස වා, බාවරි තව්සා ගේ වේවයි; තුම්හං වා, තොප ගේ වේවයි; සබ්බෙසං, හැම දෙනාගේ; මනසි, සිත්හි ලා; නොහොත්, මනසා, සිතින්; යං කිංචි, යම් කිසිවක්; ඉච්ඡථ, රුස්වව් ද; සබ්බසංසයං, එ හැම සැක; පුච්ඡව්හො, පුළුවුස්ව; කතාවකාසා, කළ අවකාහ ඇති යහු යැ.

සභිය, සභියපරිබ්‍රාජකය; මනසි, සිත්හි ලා; යං කිංචි ඉච්ඡසි, යම් මැ දැයක් ඉස්නෙහි නම්; මං පඤ්හං පුච්ඡ, මා ඒ පැන පුළුවුස. අහං, මම; තෙ, තා ගේ; තස්ස තස්ස එව පඤ්හස්ස, ඒ ඒ ප්‍රශ්නයා ගේ; අන්තං, කෙළ; කරොමි, කෙරෙම්.

භොන්තො, භවත්නි; කතාවකාසා, කළ අවකාශ ඇති යහු හැ. මනසා, සිතින්; යං කිඤ්චි පඤ්හං, යම් කිසි පැනක්; අභිපත්ථිතං, ඉස්නා ලද නම්; පුච්ඡන්තු, පුළුවුසිත්වා. අහං හි, මම වනාහි; සයං, තෙමේ; ඉමං ලොකං, මෙ ලොව හා; පරඤ්ච, පරලොව හා; ඤත්වා, දැනැ ගෙන; තං තං, ඒ ඒ පැන; වො, තොපට; ව්‍යාකරිස්සං, විසඳා කියම්.

තග්ඝ, එකාන්තයෙන්; යථාපි කුසලො තථා, යම් පරිදි ඡෙකයෙක් වේ ද, ඒ පරිද්දෙන්; අහං, මම; තෙ, තට; අක්ඛිස්සං, කියම්. යදි, ඉදින්; කාහති වා, කරන්නේ නම් හෝ; නවා, නො කරන්නේ නම් හෝ; තං, එ; රාජා එව, රජ මැ; ජානාති, දනී.

165 පිටුව

අම්හො, පින්වත; සීනපත්තො, ක්ෂුත්‍ර පත් ඇති; සකණ්ටකො, කටුසහිත වූ; අයං, මේ; කො නාම, කිනම් ලද; රුක්ඛො, වෘක්‍ෂයෙක් ද? යත්ථ, යම් රුකෙක්හි; එකප්ප හාරෙන, එක ප්‍රහාරයෙන්; උත්තමඞ්ගං, මස්තකය; විඝාටිතං, බිඳින ලද ද; (එක වට හිස ද තුඩ ද යම් ගසෙකැ ගැසැ බිඳෙන ලද ද, ඒ කිනම් රුකෙක් දැයි? වෙදනායෙන් ගස නම පවා සඳහන් නැති වැ ‘කන්දගලකයා’, කී සැටියි.)

168 පිටුව

අතීතානාගත පච්චුප්පන්නං, අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ; යං කිඤ්චි රූපං, යම් කිසි රූපයෙක් වේ ද; අජ්ඣත්තං වා, ආද්ධ්‍යාත්මික වූ හෝ; බහිද්ධා වා, බාහ්‍ය වූ හෝ; ඔලාරිකං වා, ඖදාරික වූ හෝ; සුඛුමං වා, සූක්‍ෂම වූ හෝ; හීනං වා, හීන වූ හෝ; පණීතං වා, ප්‍රණීත වූ හෝ; යං කිංචී රූපං, යම් කිසි රූපයෙක් වේ ද; දූරෙ, දුරැ වූ හෝ; සන්තිකෙ වා, ළඟැ වූ හෝ; යං යම් රූපයෙක් වේ ද; එතං සබ්බං රූපං, තෙල හැම (එකොළොස්) රූ; න මම, මා නො ගැත්තේ යැ; අහං, මම; න එසො අස්මි, තෙල රූපයෙම් නො වෙමි; එසො, තෙල; න මෙ අත්තා, මා ගෙ ආත්ම නො වෙයි; යා කාචි වෙදනා; යනාදි පාළියෙහි අර්ථ ද මෙ කිරී පරිදි මැ සලකන්නේ යැ.

182 පිටුව

රාජ, මහරජ; පවාතො, පෙයාසුළඟ; ගිරිං, සල්ගල්; සචෙ ආවහෙය්‍ය, නඟා-ගෙනැ යන්නේ වී නම්; චන්දො ච සුරියො ච, සඳු හා හිරු හා දෙදෙන; ඡමාය, බිමින්; පතෙය්‍යුං යන්නාහු වුහු නම්; සබ්බා එව නජ්ජො, හැම නදීහු (-ගඟ- හෝ) පටිසොතං, උඩු හෝ බලා; වජෙය්‍යුං, යන්නාහු වුහු නම්; අහං, මම; මුසා, බොරු; නතු එව භණෙය්‍යං, නො කියම් මැයි.

නභං, අහස; ඵලෙය්‍ය, පැළෙන්නේ වී නම්; උදධි, මුහුදු; විසුස්සෙ, වියළෙන්නේ වී නම්; භූතධරා, භූතයන් ධරා සිටුනා; අයං වසුන්ධරා, තෙල මෙදිනී තොමෝ; සංවට්ටෙ, නස්නී වී නම්; මෙරු සිලුච්චයො, මෙරගල; සමූලං, සහමුලින්; උබ්බහෙ, ඉපිරැ යන්නේ වී නම්; අහං, මම; මුසා, මුසවා; නතු එව භණෙය්‍යං, නො කියම් මැයි.

205 පිටුව

බාවරිස්ස, බාවරි මහතව්සාගේ; වචො, තෙපුල; සුත්වා, අසා; සිස්සා, ශිෂ්‍ය වූ; සොළස බ්‍රාහ්මණා, සොළොස් බමුණෝ; ඔහු කවරහ යත්; අජිතො, අජිත යැ; තිස්ස මෙත්තෙය්‍යො, තිස්සමෙත්තෙය්‍ය යැ; පුණ්ණකො, පුණ්ණක යැ; අථ, වැලි; මෙත්තගු, මෙත්තකු යැ; ධොතකො, ධොතක යැ; උපසීවො ච, උපසීව යැ; නන්දො ච, නන්ද යැ; අථ, වැලි; හෙමකො, හෙමක යැ; තොදෙය්‍යකප්පා, තොදෙය්‍ය යැ, කප්ප යැ, යන; දුභයො, දෙදෙන යැ; පණ්ඩිතො, පණ්ඩිත වූ; ජතුකණ්ණී ච, චතුකණ්ණී යැ; භද්‍රාවුධො, භද්‍රාවුධ යැ; උදයො ච, උදය යැ; පොසාලො ච අපි බ්‍රාහ්මණො, වැලි පොසාල නම් බමුණු යැ; මෙධාවී, ප්‍රශස්ත බුද්ධි ඇති; මොඝරාජා ච, මොඝරාජ යැ; මහාඉසි, මහ තවුස් වූ; පිංගියො ච, පිංගිය යැ යි.

‍206 පිටුව

සබ්බෙ, හැම; පච්චෙකගණිනො, වෙන වෙන දහස් දහස් ගණ ඇත්තාහු; සබ්බලොකස්ස, සර්වලොකයා විසින්; විස්සුතා, වෙසෙසින් අසන ලද්දාහු; ඣායී, බහවුන් අරමුණු නරඹන්නාහු; ඣානරතා, ධ්‍යානයෙහි නියැලුණාහු; ධීරා, පැන ඇතියාහු; නොහොත් පැරැකුම් ඇතියාහු; පුබ්බ වාසනවාසිතා, (කසුබු සම්මාසම්බුදුන් දවසැ පිරු ‘ගතප්‍ර ත්‍යාගත’ වත් නැමැති පිනැයි කියන ලදු) පූර්ව වාසනායෙන් වැසුණාහු; සබ්බෙ, මෙකී හැම සොළොස් බමුණෝ; බාවරීං, ප්‍රාවරි මහ රුසිහු; අභිවාදෙත්වා, ප්‍රකර්ෂයෙන් නැමැඳැ, නං, උහු; පදක්ඛිණං ච කත්වා, පැදකුණු ද කොටැ; ජටාජිනධරා, දළමඬුලු අඳුන් දිවිසම් ධරන්නාහු; උත්තරා මුඛා, උතුරු දෙන බලා ගත්තාහු; පක්කාමුං, නික්මුණුහු.

207 පිටුව

සීතං, උදකං, සිහිල් පැන් ලදු; තදිතෙ ඉව, පිපාසිතයක්හු සෙයින්; මහාලාභං, මහාභොග ලදු; වාණිජො ඉව, වෙණෙඳක්හු සෙයින්; ඡායං, සිහිල් සෙවණ ලදු; ඝම්මාහිතත්තො ඳක්හු සෙයින්; ඡායං, සිහිල් සෙවණ ලදු; ඝම්මාහිතත්තො ඉව, ගිමන්හි කළකිරි මැඟියක්හු සෙයින්; තුසිතා, සන්තුෂ්ට වූවාහු; පබ්බතං, ගලට; ආරුහුං, නැඟියෝ,

තස්මිං සමයෙ, එ දවසැ; භගවා ච, භාග්‍යවතුන් වහන්සේත්; භික්ඛුසංඝපුරක්ඛතො, බික්සඟුන් විසින් පෙරට කරන ලදසේක්; භික්ඛූනං, මහණුනට; ධම්මං දෙසෙති, දහම් දෙසන සේකැ; වනෙ, මහවෙනෙහි; සීහො ඉව, සිහරදකු සෙයින්; නදති (සදහම් නදින්) නාද කරන සේකැ.

208 පිටුව

බාවරි බ්‍රාහ්මණො, ප්‍රාවරිබ්‍රාහ්මණ තෙමේ; සහ සිස්සෙහි, ශිෂ්‍යයන් හා සමඟ; සුඛිතො හොතු, සුඛිත වේවා; මාණව, මාණවකය; ත්‍වඤ්ච අපි, තො ද; සුඛිතො භොහි සුඛිත වෙයි; චිරං, චීරරාත්‍රයක්; ජීවාහි, ජීවත් වෙයි.

211 පිටුව

තතො, එක්බිති; රම්මෙ, රම්‍ය වූ; පාසාණකෙ, (මගධ රටැ වූ) පහණසැ තන්හි; පාරායණ සමාගමෙ, (අපාර වූ සංසාරසාගරයාගේ නිර්වාණ පාරයට පමුණු වන්නෙන්) පාරායණ නම් වූ සුත දෙසූ මහසමාම්හි; බුද්ධො, සම්බුද්ධ තෙමේ; චුද්දස පාණකොටියො, තුදුස් කෙළක් පණන්; අමතං පායයී, අමා පෙවී.

226 පිටුව

සමන්තා, හාත්පස්හි සක්වළිනුදු පැමිණි; තෙ චත්තාරො මහාරාජා, ඒ සතර වරම් මහරජහු; චතුරො දිසා, සතර දික්හි; දද්දල්ලමානා, දිලෙන්නා, කාපිලවත්ථවෙ වනෙ, කිඹුල්වත්මහ වෙනෙහි; අට්ඨංසු, සිටියහ.

227 පිටුව

ජනෙසුත, ජනයා කෙරෙහි පතළ තැනැත්තව, (බුදුන් ඇමැතීමයි) තෙ, තොප ගේ; සාවකා, සව්වෝ; සබ්බෙ, හැමදෙනහු; විජිතසංගාමා, දුසු සංග්‍රාම ඇත්තාහු; සහ, භූතෙහි, භූත සංඛ්‍යාත ආර්යයන් ද හා සමඟ; මොදන්ති සොම්නස් වෙති.

239 පිටුව

ආර්යය, ආර්යයන් වහන්ස; ගණ්ඩස්ථලී, කොපුල් තෙලෙහි; ලුඨිත, පෙරැළුණු; දානමසීනිෂෙක, මදදැලිතවර ඇති; භ්‍රාන්ත, බමන; උන්නදත්, උස් කොටැ නද කරන; භ්‍රමරමණ්ඩල, බමරමඬුලු නැමැති; ඩිණ්ඩිමෙන, බෙර ඇති; ක්‍රොධාග්නිනා, කො ගිනින්; අභිදයතා, නෙත්තියට යන; ධනපාලකෙන, ධනපලුවා විසින්; තෙ, තොප ගේ; ධෘතාංකුශෙ, ධැරු අකුසුලකුණු ඇති; පාදද්වයෙ, දෙ අත්ලෙහි; ප්‍රණතම්, බැස හෙවැ වැඳම යි.

252 පිටුව

බුද්ධො, සම්බුද්ධ තෙමේ; වත, ඒකාන්තයෙන්; මෙ, මට; අත්ථාය, වැඩ සඳහා; වාසාය, වාස කරනු පිණිසැ; ආළවිං, අළව් නුවර කරා; ආගමා, එළැඹියේ යැ; සො අහං, එ මම; යත්ථ දින්නං, යම් තැනෙකැ දුන් දන; මහප්ඵලං, ඵල මහත් වේ ද; අජ්ජ, අද; පජානාමී, එ වෙසෙසින් දනිම්.

සො අහං, ඒ මම; සම්බුද්ධං, සම්බුදුන්; නමස්සමානො, නමදමින්; ධම්මස්ස ච, ධර්මයා ගේ ද; සුධම්මතං, (නෛර්යාණිකභාවාදි විසින් පවත්නා) සුධර්මතා ද ගොහමින්; ගාමා ගාමං, දෙව්ගැමින් දෙව්ගමට; පුරා පුරං, දෙව්නුවරින් දෙව්නුවරට; විචරිස්සාමි, ඇවිදුමි.

239 පිටුව

සමණි, සමණී යැ; සමණගුත්තා ච, සමණගුත්තා යැ; භික්ඛුනී, භික්ඛුනී යැ; භික්ඛුදායිකා, භික්ඛුදායිකා යැ; ධම්මා ච එව, ධම්මා යැ; සුධම්මා ච, සුධම්මා යැ; සංඝදාසී ච, සංඝදාසී යැ යන; ඉමා සත්ත, මේ සත් බිහින්න; (පිළිවෙලින් මෙ දවසැ) ඛෙමා, ඛෙමා නමු; උප්පලවණ්ණා ච, උප්පලවණ්ණා නමු; පටාචාරා ච, පටාචාරා නමු; ගොතමී, ගොතමී නමු; ධම්මදින්නා, ධම්මදින්නා නමු; මහාමායා, මහාමායා නමු; විසාඛා ච, විසාඛා නමුයි; (මෙසෙ) ඉමා සත්ත, මෙ සත් දෙන වූහු.

285 පිටුව

කල්‍යාණී, සොබන අඟපසඟ ඇත්තිය; මම ආනන්දජනනී, මට සොම්නස් දෙනුවියඩසුරියවච්චසෙ, (ළහිරු රස් කලබක් සෙයින් නැඟෙන ශරීර රශ්මීන්) සූරියවච්චසා නම් ලදු; භද්දෙ, සොඳුර; යෙන, යමක්හු නිසා; ජාතා අසි, තො උපන්හු ද; තෙ පිතරං, ඒ තී පියා; තිම්බරුං තිම්බරු නම් ගඳෙවුදෙව්රජහු; වන්දෙ, තෙමමි (=ස්තුති කරමි)

303 පිටුව

අහං, මම; භවෙ, කාමාදි භවයෙහි; භවං, බිය; දිස්වා එව, දැකැ මැ; (‘භවෙ ච’ යනු පාඨයි; ‘භවයෙහි දු’ යනු අර්ථයි.) විභවෙසිනං, විභවය (-නිවන) ඉලියන; භවඤ්ච, සත්ත්ව භවය ද (පුනපුනා කාමාදිභවයෙහි හෙනු) දැකැ; කිංචි භවං, කිසිදු භවයක්; න අභිවදිං, (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො ගත්මි; නන්දිඤ්ච, භවතෘෂ්ණා ද; න උපාදියිං; නො ගත්මි.

304 පිටුව

තාරාගණසම්පුරක්ඛතො, උළුකැන විසින් පෙරට කරන ලද; සසී ඉව, සඳහු සෙයින්; පරිභණ්ඩගන්තරෙ, පිරිබඩ පවුමැදැ; මෙරු ගිරි ඉව, රුවන්මෙර සෙයින්; සරෙ, විලැ; නොහොත්, පියුමැ; සුඵුල්ලම්බුජකණ්ණිකූපමො, සුපිපි පියුම්කෙමි බඳු; පභංකරො, ලොව හෙළි කරන, ජිනො, මරුන් දිනූ තථාගත තෙමේ; ජෙතවනෙ, දෙව්රම් මහවෙහෙරැ; වසී, (අමාවතුරින් මහදනා කෙලෙස්ගිම් නිවමින්) විසී.

සෙලින්දො, රුවන් මෙර; යාව තිට්ඨති, යම්තාක් දවස් සිටුවේ ද; චන්දො, සඳ; යාව විරොචති, යම් තාක් දවස් බබළවන්නේ වේ ද; තාව, ඒ තාක් දවස්; අයං ගන්ථො, මේ ‘අමාවතුරු’ නම් ගත්, මහාජනං, මහාදනා; පසාදෙන්තො, පහන් කරවමින්; තිට්ඨතු, පවත්නේවා.

අමාවතුර - පිටපොත නිමි.