සච්චක නම් නුවට දරුවා දැමු පරිදි කිසෙ යැ යත්: එක් සමයෙක්හි බුදුහු විශාලා මහනුවර නිසා මහාවන[1] නම් වෙහෙරැ කූටාගාරසාලා[2] නම් ගන්ධකුටියෙහි[3] වැඩ වෙසෙති. එයට පෙරට වැ එක් නුවටකු හා නුවටක[4] හා දෙදෙනෙක්[5] පන්සිය පන්සිය වාද උගෙනැ වාදාරොපණ කෙරෙමින් දඹදිවැ ඇවිදුනාහු, විසාලා මහනුවර ලා ඔවුනොවුන් දුටහ. ලිච්ඡවි රජහු ඔවුන් දැකැ, “තො කවරෙහි, තො කවරහු?”[6]යි පුළුවුත්හු. නුවට, “මම් වාදාරොපණයට දඹදිවැ ඇවිද්මි”[7]යි කී යැ. නුවටුත් එසෙ මැ කිව.[8] ලිච්ඡවීහි, “මෙහි මැ ඔවුනොවුනට[9] වාදාරොපණ කරව” යි කීහ. නිවටු[10] තමා අගත් පන්සියක් වාද පුළුවුත් නුවට[11] කී යැ. නුවට පුළුවුත්තා ද නුවටු[12] කිව. [13]කක් හට දු[14] ජය නොවීයැ. පරාජය නොදවියැ. දෙදෙන මැ සම සම වූහු. ලිච්ඡවීහු “තෙපි දෙදෙන මැ සමසම ව. ඇවිදැ[15] කුම් කරා ද? මෙහි මැ වසව”යි ගෙක්ක[16] දී වැටුම්[17] තබා-දුන්හු.
දෙදෙනා ගෙ සංවාසයෙන් දුහු සතර දෙනෙක් උපන්හ. සච්චක නම් එක් පුතෙක් උපන්. ඔවුන් සතර දෙනා කෙරෙහි එකක් සච්චා නම. එකක් ලාලා නම. එකක් පටාචාර නම. එකක් ආවට්ටකායා[18] නම. ඔහු නුවණ ඇත්තාහ. මවුපියන් කෙරෙන් පන්සිය පන්සිය වාද උගත්හ. ඔවුන් වියපත් කල්හි මවුපියො, “අපගෙ කුලයෙහි දැරියො නම් රන් රිදී ඈ දායජ[19] දී කලත්‍රයට යවුවීරිහි නම් නැති යම් ගිහි මිනිසෙක් ඔවුන් ගෙ වාද මඬනට නිසි වී නම්, ඔහට[20] පාදපරිචාරිකා වෙති. යම් පැවිජි කෙනෙක් මඬනට නිසි වූහු නම්, ඔවුන් කෙරෙ පැවිජි වෙති. තෙපි කුමක් කටටියා[21]?” දැ යි කීහ. “ඇපි දු එසෙ මැ කරම්හ” යි සතර දෙන මැ පරිබ්‍රාජක පැවිජියෙහි පැවිජිවෙස් ගෙනැ, “මෙ දඹදිව් නම් දඹරුකින් පැනෙයි. අප මුළු දඹදිවට වාද කරන බව හඟවම්හ”යි දඹඅත්තක් හිසට කොටැ-ගෙනැ සැරිසරමින් ගියො. යම් ගමකට පත්හු ද, ඒ ගම්දොරැ පස්රැසෙකැ හො වැලිරැසෙකැ හො දඹඅත්ත ධජයක් කොටැ හිඳුවාලා “යමෙක්[22] වාදයට නිසි වෙ ද, හෙ මඬිව[23]” යි කියා ගම් වදිති.[24] මෙසෙ[25] ගමින් ගමට යන්නාහු, සැවැත් නුවරට පැමිණැ එසෙයින් මැ නුවරදොරැ දඹඅත්ත හිඳුවා-ලා එහි සිට මිනිස්නට කියා-ලා ඇතුළු නුවර වන්හු.
එකල්හි බුදුහු සැවැත් නුවර නිසා දෙව්රම්හි වැඩැ වෙසෙති. දම්සෙනෙවි සැරැයුත් මහතෙරහු ලෙඩ සඟනට ගිය දවස් පුළුවුස්මින් නොහමට තන් හමඳමින්[26], තමන් කළ මනා දෑ බෙහෙවින්, සෙසු සඟුන් හා නොගොස්[27] දව වැ සිඟන්නට වන්හු[28], නුවරදොරැ හිඳුවූ දඹඅත්ත දැකැ “කිමෙකැ මෙ යැ?” යි දරුවන් පිළිවිසැ එ පවත් අසා, “එසෙ බැවින් මැඬ-පියව”යි වදාළහ. “මඬනට නො හැක්කම්හ. බම්හ, වහන්සෙ” යි කීහ. “නොබව. ‘කවරහ අප ගෙ දදය මඬවා-පීහ? යි කී කලැ ‘බුත්[29]සවු සැරැයුත් මහතෙරහු මඬවා-පීහ. වාද කට්ටි[30] වුව, දෙව්රම් වෙහෙරැ තෙරුන් කරා යව’යි කියව, දරුයෙනි”[31] යි වදාළහ.
ඔහු මහතෙරුන් ගෙ බස් අසා දදය මැඬ දමා-පීහ. මහ තෙරහු නුවර වැදැ සිඟා වළඳා වෙහෙර වැඩියො පරිබ්‍රාජිකාවො ද නුවරින් නික්මැ, “අපගෙ දදය මැඬියාහු කවරහ?” යි කීහු.[32] දරුවො එ පරිදි කීහු. ඔහු “ඉතා මැනැවැ”යි නැවැත නුවර වැදැ එකෙකි දෙනෙ එකෙකි වීථිය බැසැ “බුත්සවු[33] සැරැයුත් මහතෙරහු නම් කෙනෙක් අප හා වාද කෙරෙත් ල[34] ඇසියටි කෙනෙක් නික්මෙත්ව”යි හඬ ගැසූහ. නුවර වැස්සො නික්මුණුහු[35] ඔවුන් හා සමඟ පරිබ්‍රාජිකාවො දෙව්රම් ගියො. මහතෙරහු, “අප වසන තැනට මාගමුන් එනු නොයෙද”යි වෙහෙර මැද ගොස් වැඩහුන්හු. පරිබ්‍රාජිකාවො ගොස් මහතෙරුන් කරා එළබැ “තෙපි යැ[36] අපගෙ දදය මඬවා-පිව?” යි[37] පුළුවුත්හු. “මම යැ මඬවා-පීමි[38]”යි වදාළහ. එසෙ බැවින් “ඇපි තොප හා වාද කරම්හ”යි කීහු. “ඉතා මැනැවැ, වාද කරව. කා පුළුවුත[39] මැනැවැ හො? කා විසැජුව මැනැවැ හො?”යි වදාළහ. එක්බිති “පුළුවුස්නට කිව, පුළුවුස් මහ; විජසන්නට කිව, විසජම්හ” යි කීහ.[40] “පුළුවුස්නෙ අපට පත්තෙ යැ. තොප[41] මාගම් බැවින් පළමු පුළුවුස්ව”යි වදාළහ. ඔහු සතර දෙන[42] සතර දිසායෙහි සිටැ මවුපියන් කෙරෙ[43] උගත් වාද දහස්[44] පුළුවුත්හු. මහතෙරහු කඩුයෙකින් නොළුඹු දඬු[45] කඩනුවන් සෙයින් පුළුවුත් පුළුවුත් දෑ අවුල් නැති කොටැ[46] ගැට නැති කොටැ විසජූහු[47] විසජා,[48] “වැලි දු පුළුවුස්ව”යි වදාළහ. “වහන්සෙ, අප දන්නා දෑ[49] මෙතෙකැ”යි කීහු.
මහතෙරහු, “තොප විසින් පුළුවුස්නා ලද දහසක් වාද මා විසින් විසජන ලද. මම් තොප සතර දෙනා එක පැනයක් පුළුවුස්මි. තෙපි එ කියා ද?”යි වදාළහ. ඔහු මහතෙරුන් ගෙ නුවණ වෙසෙස්සෙ දැක,[50] “පුළුවුස්ව වහන්සෙ, ඇපි විසජම්හ”යි කියන්නට නොපොහොසත් වූහු. “දතුමො නම්,[51] කියම්හ” යි කීහ. මහතෙරහු, “මෙ කුලදරුවන් පැවිජි කොටැ පළමු හික්මවන පැනය”යි වදාරා “එකෙක් නම් කිමෙකැ?”යි වදාළහැ. ඔහු පැනයෙහි ආදිමධ්‍යාවසාන නුදුටහ. මහතෙරහු, “කියව”යි[52] වදාළහ. “නො දක්මහ[53]
වහන්සෙ” යි කීහ. “තොප විසින් දහසද් වාද පුළුවුස්නා ලද. මා විසින් කියන ලද. තෙපි එක පැනයකුදු[54] කියන්නට නොහැකි වුව.[55] මෙසෙ බැවින් කහට ජය යැ, කහට පරාජය යැ?” යි වදාළහ. “වහන්සෙ, තොපට ජය යැ, අපට පරාජය යැ”යි කීහ. “දැන් කුමක් කරව?”යි වදාළහැ. මවුපියන් කී දෑ සැල කොටැ, “තොප කෙරෙ පැවිජි වම්හ”යි කීහ. තෙපි මාගම් ව. තොප පැවිජි කරනු අපට නොවටී. අපගෙ හසුන්[56] ගෙනැ මෙහෙණවර ගොස් මාගම් සඟුන් කෙරෙහි පැවිජි ව” යි[57] වදාළහ. ඔහු, “මැනැවැ, වහන්සෙ,”යි මහතෙරුන් ගෙ හසුන් ගෙනැ මාගම් සඟුන් කරා ගොස් පැවිජි වූහ. පැවිජි වූවාහු, නොපමා වැ දවස් යවා[58] මඳ දවසෙකින් මැ රාත් වූහු.
සච්චක වනාහි තමා[59] බුහුනුන්[60] සතර දෙන හට වඩා නුවණ ඇත්තෙ යැ. මවුපියන් කෙරෙහි දහසක් වාද උගෙනැ එයට බොහො වාද සමයාන්තරයෙක් උගෙනැ[61] කිසි තැනකට නොගොස් රජකුමරුන් හික්මවමින් විසී. නුවණින් ඉතා පිරුණු වන බැවින් “මාගෙ කුස පැළීයෙ” යි බිය පත්වැ යපටෙකින්[62] බඩ වැළඳ-ගෙනැ ඇවිද්දි. කථාමාර්ග ඇත්තෙ යැ “මා හා සම පණ්ඩිත කෙනෙක් ඇද්ද!” යෙයි. යම් යම් නකතෙකින්[63] යමක් වෙයි කී ද, හෙ බොහොසෙ එසෙ මැ වෙයි. එයින් “සාධු යැ, භද්‍ර යැ”යි බොහො දෙනා විසින් සම්මත යැ. හෙ විසාලා නුවරැ[64] පිරිසැ මෙසෙ බෙණෙ. “මා විසින් වාදයෙන් වාදාරොපණ කොටැ දොස් ගෙනැ වන් කලැ කම්පිත නොවන ප්‍රකම්පිත නොවන වෙවුළා නොයන කක්‍ෂයෙන් සෙවද නොසිලියෙන මහණක්හු හො බමුණක්හු හො නොහොත් ‘රාත්මි, බුදුමි’ යි පිළින කරනුවන් හො නො දක්මි. ඉදින් මම් අචෙතන වූ ටඹට වාදාරොපණ කෙළෙම්[65] නම්, හෙද කම්පිත වැ ප්‍රකම්පිත වැ වෙවුළා යෙයි. මිනිසෙක් නම් කිමෙක් ද!” යෙයි.
එහි බුදුනට ඇඳිලි බැන්දාහු[66] ළ දෙ[67] ගත්තාහ. ඉදින් මිසදිට්හ ගත්තාහු “තෙපි මහණ ගොයුම්හු වැන්දාව?”යි[68] කීහු නම් “ඇඳිලි බැඳි මාත්‍රයෙකින්[69] වැන්දාවමො ද!”[70] යම්හ. සම්දිට්හ[71] ගත්තාහු “බුදුන් කුමට නො වැන්දාව?”යි[72] කීහු නම්, “හිස බිමැ පහරවා මැ වැන්දැ මනා ද? අත් නඟා වඳුනෙ වැඳුම් නො වෙ ද? යම්හ” යි ඇඳිලි බඳහු නම් කියන්නාහු” මම් අසුවල්හු පුත්මි. දත් නම්මි. මිත් නම්මි. මෙයට ආයෙමි”යි නම් කියති. ගොත් කියන්නාහු “මම් වාසෙට්ඨ ගොත්‍රයෙමි. කච්චායන ගොත්‍රයෙමි. මෙයට ආයෙමි”යි ගොත් කියති. මෙසෙ නම් ගොත් කියන්නාහු දිළිඳු කුලෙහි උපන් දරුවහ. “පිරිස් මැදැ නම් ගොතින් පාළ වම්හ”යි කොළො. නො බැණැ හිඳුනාහු කෛරාටිකයන් හා අන්ධබාලයො යි. එහි කෛරාටිකයො “එක්[73] දෙබස් බණන්නා හා විස්වස් කෙරෙති. එසෙ වන්නා හා එක් දෙ දා අහර දුන මැනැවැ”යි නො බැණැ හුන්හ. අන්ධබාලයො තමන් නුවණ නැති වන බැවින් කිබිසිනි කොටැ බහා ලු මැටි පිඬු සෙයින් නො බැණැ බැසැ හුන්හු.
මෙ සෙයින් හැම දෙනා පිරිවරා හුන් කල්හි එකත්පස් වැ හුන් කූටදන්ත බමුණු බුදුනට, “තොප තුන් යාග හා සොළොස් පිරිවර දන්තී[74] ඇසීමි.[75] මම් නෙ නො දන්මි.[76] මහත් යාගයක් කටටියෙමි. එමට කියනු මැනැවැ”යි කී යැ. “ඔස, බමුණ, සකස් කොටැ අසා, මම කියමි”යි වදාළහ. හෙ, “ඉතා මැනැවැ”යි ගිවිස්සැ. එ සඳැ බුදුහු පොළොවැ තුබු[77] නිධියක් නඟා පෙරට රැස් කරනුවක්හු සෙයින් භවයෙන් පිළිසන් මහාවිජිත රජහු ගෙ චරිත ඇරැ දක්වූහු.
කීසෙ සැ යත්:-
අතීතයෙහි දඹදිවැ මහාවිජිත නම් රජෙක් වි යැ. මෙ මුහුදින් පිරිසුන්[78] මහත් පොළොමඬල දුනුයෙන් මහා එකල්හි පස්වග සඟුන් කෙරෙහි[79] ඇතුළත් අස්සජි මහ තෙරහු පෙරවරු සිවුරු පෙරෙවැ[80] පා ගෙනැ සිඟන්නට විසාලා නුවර[81] වන්හු. සච්චක එ නුවර එ රජගෙන් එ රජ ගෙට පයින් වැදැ[82] ඇවිදුනෙ,[83] මහතෙරුන් දැකැ, “මම් මහණ ගොයුම් හට වාදාරොපණ[84] කෙරෙමියි ඇවිදුමි. ඔහුගෙ සමය නො දන්නෙන් වාදාරොපණ නො කෙරෙමි. පරයන් ගෙ සමය දැනැ වාදාරොපණ කළ කලැ යැ, මනාවන්නෙ.[85] මෙ මහණ ගොයුම්හු ගෙ සවි යැ,[86] අස්සජි නම් මහණ. තමා සථරහු ගෙ සමය කොවිජ[87] කොටැ දන්නි. මම් මොහු[88] පිළිවිසැ කථා පිහිට්ටා[89] මහණ ගොයුම් හට වාදාරොපණ කෙරෙමි”යි සිතා මහතෙරුන් කරා එළබැ “කියග, අස්සජිය තොප ගෙ මහණ ගොයුම් සච්චන් කිසෙ හික්මවයි? සච්චන් කෙරෙහි ඔහුගෙ අනුශාසන බහුල වැ[90] පවත්නා පරිදි දිසෙ යැ?”යි පිළිවිත්.
මහතෙරහු, “මම් මුහුට දුක් ලකුණු කීම් නම්, “අස්සජිය, තෙපි කුමක් සඳහා පැවිජි වූව’ යි[91] පුළුවුස්ස. ‘මහඵල සඳහා පැවිජි වූම්හ’ යි කී කලැ ‘මෙ තොප ගෙ සස්නෙක් නම් නොවෙයි. මහ දම්ගෙඩි නම්, ඔසුපත්නිරෑ[92] නම්. තොපට සුවයෙහි ආශා නම් නැතී’ දොස් දෙයි. එසෙ බැවින් මුහුට දුක් ලකුණු නොකිව මැනැවැ”යි සිතා අනිත් ලකුණු අනත් ලකුණු විසින් දක්වන්නාහු - ගිනිවෙස්න:
“රූපං භික්ඛවෙ අනිච්චං. වෙදනා අනිච්චා. සඤ්ඤා අනිච්චා. සඞ්ඛාරා අනිච්චා. විඤ්ඤාණං අනිච්චා රූපං භික්ඛවෙ අනත්තා. වෙදනා අනත්තා. සඤ්ඤා අනත්තා. සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා. සබ්බෙ ධම්මා අනත්තා” යි මෙසේ පස්කඳ අනිත්[93] අනත්සෙ කියා, “අප බුදුහු සව්වන් මෙසෙ හික්මවති. සච්චන් කෙරෙහි අප බුදුන් ගෙ අනුශාසනා බහුල වැ පවත්නා පරිදි මෙසෙ යැ”යි වදාළො.
එකල්හි සච්චක, “අස්සජිය, ඇපි නො ඇසුව මනා දැයක් ඇසූම්හ. කිසි දවසක් ගියමො නම්, බිණීමෙක් උපන් නම්, මෙ පවිට් දිට්හයෙන්[94] ඔහු ගළවා-පියම්හ”යි කීහු. එ දවස් පන්සියක් ලිච්ඡවී කිසි කාර්යයක් සඳහා සන්ථාගාරයෙහි රැස් වූහ. එකල්හි සච්චක, “මම පූර්වයෙහි සමය නොදන්නා වන බැවින් මහණ[95] ගොයුම් හට වාදාරොපණ නො කෙළෙමි. දැන් ඔහු ගෙ මහසව්වා විසින්[96] සමය දන්මි.[97] මොහු මා අතැවැසි පන්සියක් ලිච්ඡවීහි රැස් වූවාහ. මොවුන් ගෙනැ ගොස් මහණ ගොයුම් හට වාදාරොපණ කෙරෙමි”යි ඔවුන් කරා ගොස් “භවත් ලිච්ඡවීහි, එත්ව යි, එත්ව යි, අද මා හා[98] මහණ ගොයුම්හු හා කථා සල්ලාප වෙයි. යම්සෙ ඔහුගෙ අස්සජි නම් ප්‍රසිද්ධ මහසව්වා විසින් පිහිටා කී දැයෙක් ඇත් ද, ඉදින් මහණ ගොයුම් එ සෙයින් එහි පිහිටියෙ[99] වී නම්, යම්සෙ බැල[100] ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එළුවක්හු ලොමැ[101] ගෙනැ මොබට ඔබට ලා අකර්ෂණ පරික්‍ෂණ සම්පරික්‍ෂණ කෙරෙ ද, එ සෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ කථා මාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම්සෙ සුරාධුර්තයෙක් රා පරහන මටලුකස්ස දෙවියට් වූයෙ, කසට හරනා සඳහා දෙ කනැ ගෙනැ ඇදැ[102] කිබිසිනි කොටැ පිඹැ-පියා ද, උඩුකුරු කොටැ පිඹැ-පියා ද, පුනපුනා ගසා පියා ද, එසෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ අවධුනන නිර්ධුනන නිෂ්පොටන[103] කෙරෙමි. යම්සෙ සණ[104] පිළි කටටි[105] මිනිස්සු සණවැහැරි[106] මිටි ගෙනැ සණදොවුන් කෙළි[107] කෙළිද්ද, රජුගෙ[108] ඇත් සණදොවුන් කෙළි කෙළෙනා මිනිසුන් දැකැ ගැඹුරු දියට වැදැ සොඬින් දිය ගෙනැ සණදොවුන් කෙළි කෙළී ද, එසෙයින් මැ මම් මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ සණදොවුන්
කෙළි[109] කෙළෙනවුන් සෙයින් මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. භවත් ලිච්ඡවීහි එත්වයි, එත්ව”යි කී යැ.
එහි ඇතැම් ලිච්ඡවීහි[110] “මහණ ගොයුම් මුහුට කුමයන[111] වාදාරොපණ කෙරෙයි? මුහු මැ මහණ ගොයුම් හට වාදාරොපණ කරත් මිසැ යැ”ය කීහ. ඇතැම් ලිච්ඡවීහි “සච්චක, බුදුනට යක් වැ වාදාරොපණ කෙරෙයි[112] හො! දෙවි වැ බඹ වැ හො වාදාරොපණ කෙරෙයි[113] හො! පියෙවි[114] මිනිසෙක් නම් බුදුනට වාදාරොපණ කරන්නට නො හැක්කැ”යි?[115] කීහු. එකල්හි සච්චක පන්සියයක් ලිච්ඡවි රජුන් පිරිවරා හිරිමුදුනෙහි මහවන වෙහෙරට එළබැ[116] “මහණ ගොයුම්[117] කොහි යැ හො?” යි පිරිවෙනින් පිරිවෙනට වැදැ බැලනුයෙ,[118] මිණිකව ද පෙරෙවි ගඳැතුන් සෙයින් රත් පහුල්[119] පෙරෙවි,[120] පිණි බොජුන් වළඳා මහසක්මන්හි සක්මන් කරන, සඟුන් දැක ඔවුන් කරා එළබැ, “භවත් ගොයුම් කොහි යැ හො? උහු දැක් කැටියම්හ”යි කී යැ.
එදවස් බුදුහු අලුයම්හි මහකුළුණුසමවත්[121] සමවැද දස දහසක් සක්වළ විනෙජනන්[122] බලන්නාහු, සච්චකයා අලුයෙ[123] මහත් ලිච්ඡවි පිරිස් ගෙනැ තමනට වාදාරොපණ කටටි වැ එනෙස දැකැ පෙරවරු සඟපිරිස් පිරිවරා විසාලා මහනුවර වැදැ අහරකිස සාහා[124] වෙහෙර අවුදු “මහපිරිස් හිඳුනට සුව තැනෙක්හි හුන මැනැවැ!”යි ගඳකිළියට නො වැදැ මැ මහවනයෙහි එක් රුක්මුලෙක්හි[125] දිවාවිහාර කොටැ වැඩ හුන්හු. එ සඟහු බුදුනට වතාවත් දක්වා ආවාහු සච්චකයා පුළුවුත් තැනැ සිටැ දුරැ[126] වැඩහුන් බුදුන් දක්වන්නාහු, “ගිනිවෙස්න, අප බුදුහු මහවනයෙහි එක්තරා රුක්මුලෙක්හි[127] දිවා විහාර කොටැ වැඩ හුන්හ”යි කීහු.
එකල්හි සච්චක මහත් ලිච්ඡවි පිරිස් ගෙනැ[128] මහවනයට වන. පළමු කී පන්සියො[129] එහු අතැවැස්සහ. “ඇතුළු නුවරැ වනාහි සච්චක පන්සියක් ලිච්ඡවි රජුන් ගෙනැ බුදුන් හා වාදාරොපණයට ගියෙ” යනු අසා “පණ්ඩිතයන් දෙන්නා ගෙන බස්කම් අසම්හ”[130] යි නුවරැ හුන්නවුන් මැදැ වැ[131] මිනිස්හු නික්මුණහ.
මෙසෙ අපමණ පිරිස් පිරිවරා බුදුන් කරා එළඹැ සාමීචි කොටැ එකත්පස් වැ හුන්නෙ යැ.[132] එහි ඇතැම් ලිච්ඡවි කෙනෙක් බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ.[133] ඇතැම්හු බුදුන් හා සාරාණීය[134] කථා කොටැ එකත්පස් වැ හුන්හ.6 ඇතැම්හු අත් නඟා වැඳැ එකත්පස්වැ හුන්හ.6 ඇතැම්හු බුදුන් පෙරට[135] තමන්ගෙ නම්ගොත් කියා එකත්පස් වැ හුන්හ.6 ඇතැම්හු නො බැණැ[136] එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් සච්චකයා බුදුනට, “මම් භවත් ගොයුම්හු කිසි දෙයක්[137] පිළිවිසැ බැලියටියෙමි, අවකාශ හළ හොතිනැ”යි කී යැ. බුදුහු, “තට[138] රිසියෙන[139] දැයක් පුළුවුස. පැන විසජනු මට නොබරැ තා පුළුවුස්නා[140]තාක් දෑ හැම විජසමි” පසේබුදු අගසවු මහසව්වන්[141] හා අසා ධාරණ සර්වඥ ප්‍රවාරණයෙන් පැවරුහු. ඔහු “රිසියුණු ජැයක්[142] පුළුවුස්ව”යි නොකියති. “අසා දන්මහ” යි යෙති. බුදුහු වූ කල “පුච්ඡාවුසො යදාකඞ්ඛසි” යි අළව් යක්හු සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ මැ යැ. “පුච්ඡ මහාරාජ යදාකඞ්ඛසි” යි අජාසත් රජහු[143] පැවරූ මැ යැ.
“පුච්ඡ වාසව මං පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි,
තස්ස තස්සෙව අත්‍ථස්ස[144] අහං අන්තං කරොමි තෙ” යි
සක්දෙව් රජහුද්[145] පැවරූ මැ යැ.
“බාවරිස්ස[146] ව[147] තුම්හං වා සබ්බෙසං සබ්බසංසයං,
කතාවකාසා පුච්ඡව්හො යං කිඤ්චි මනසිච්ඡථ” යි තව්සන් පැවරූ මැ යැ.
“පුච්ඡ මං සභිය පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි,
තස්ස තස්සෙව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ” යි
පරිබ්‍රාජකයන් පැවරුහු මැ යැ. “තෙන හි ත්‍වං භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්‍වා පුච්ඡ යදාකඞ්ඛසි” යනාදි විසින් මහණ බමුණන් පැවරුහු මැයි.
මෙසෙ බුදුහු යකුන් රදුන් දෙවියන් තව්සන් පිරිවැජි යන් මහණ බමුණන් සර්වඥ ප්‍රවාරණයෙන් පවරත්. ඔවුන් බුදු බවට පැමිණැ සර්වඥ ප්‍රවාරණයෙන් පවරනු ආශ්චර්ය නොවෙයි. තමන් බොධිසත්තවභූමියැ ප්‍රාදෙශික ඥානයෙහි සිටි කලැ සරභඞ්ග ජාතකයෙහි සක්දෙව් රජහු ඈ රජුන් සඳහා සෘෂීන් විසින් අයජනා ලදු වැ-
“කතාවකාසා පුච්ඡන්තු භොන්තො
යං කිඤ්චි පඤ්හං මනසාභිපත්‍ථිතං,
අහං හි තං තං වො ව්‍යාකරිස්සං
ඤත්‍වා සයං ලොකමිමං පරඤ්ච”යි
සර්වඥ ප්‍රවාරණයෙන් පැවරූ මැ යැ. සම්භව ජාතකයෙහි සියලු දඹදිවැ තුන් යලක් ඇවිද පැන කියන කෙනකුන් නො දැකැ සුචිරත නම් බමුණා විසින් පැන පුළුවුස්නට අවකාශ කැරැවූ කල්හි සත් හැවිරිදි වයසැ වලිවෙයැ[148] පස්[149] කෙළිමින් සිටැ පලග් බැඳැ අතුරු වෙයැ බැසැ හිඳැ-
“තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාපි කුසලො තථා,
රාජාව ඛො තං ජානාති යදි කාහති වා නවා” යි සර්වඥ ප්‍රවාරණයෙන් පැවරුහු මැ යි[150]
මෙසෙ බුදුන් විසින් සර්වඥ ප්‍රවාරණයෙන් පැවරු කල්හි සච්චක පැන පුළුවුස්නෙ, “භවත් ගොයුම් සව්වන් කිසෙ හික්මවයි? ඔවුන් කෙරෙහි භවත් ගොයුම්හු ගෙ අනුශාසනා බහුල වැ පවත්නා[151] පරිදි කිසෙ යැ?”යි පිළිවිත්. එකලැ බුදුහු, “භවත්නි, මෙ දුටු ද? සච්චා කීයෙ, අනෙකෙකැ.[152] සථරහු[153] කියන්නෙ, අනෙකෙකැ.2 මම් පළමු මැ කීමි.[154] යම්සෙ සච්චා පිහිටා කී දැයෙක් ඇද්ද,[155] ඉදින් මහණ ගොයුම් එ සෙයින් මැ ඉහි පිහිටියෙ වී නම්, වාදාරොපණ කෙරෙමි”යි[156] මෙ වනාහි අනෙකක් මැ කියයි. එයට මා කුම්[157] කට[158] හැකි දැ?යි නුවටහු කියන්නට අවකාශ නොවෙව” යි පළමු අස්සජි මහතෙරුන් කී නියායෙන් වදාරනුවො[159], ඔහුගෙ ගොත්‍රනාම[160] ගෙනැ, “ගිනිවෙස්න, ‘රූපං භික්ඛවෙ අනිච්චං -පෙ- සබ්බෙ ධම්මා අනත්තා” යි මෙසෙ සව්වන් හික්මවමි. සව්වන් කෙරෙහි මාගෙ අනුශාසනා බහුලවැ[161] පවත්නා පරිදි මෙසෙ යැ”යි වදාළො.
“භවත් ගොයුම්ගොතුව, මට එක් උපමායෙක්[162] වටහයි”යි කී යැ. “කියා, ගිනිවෙස්න”යි වදාළහ. “යම්සෙ, ගොයුම්ගොතුව, යම් කෙතෙකැ[163] කළ[164] බිජු කෙනෙක් නැඟී වැඩැ විපුල වන්නාහු, පොළොව් නිසා පොළොවැ පිහිටා වැඩැ විපුල වන්නාහු, පොළොව් නිසා පොළොවැ පිහිටා වැඩැ විපුල වෙද්ද, බාහුබලයෙන් කටයුතු ගොවිකම් වෙණෙඳාම් ඈ කර්මාන්ත කෙනෙක් පොළොව් නිසා පොළොවැ පිහිටා සිටැ කරන ලැබෙද්ද, එසෙයින් මැ රූපය ආත්ම කොටැ ඇති, ‘රූප ආත්ම යැ’ යි ගත්, පුඟුල් රූපයෙහි පිහිටා සිටැ පින් පව් ඈ ප්‍රසව කෙරෙයි. වෙදනා ආත්ම කොටැ ඇති, ‘වෙදනා ආත්ම යැ’යි ගත්, පුඟුල් වෙදනායෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. සංඥා ආත්ම කොටැ ඇති ‘සංඥා ආත්ම යැ’යි ගත්, පුඟුල් සංඥායෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. සංස්කාර[165] ආත්ම කොටැ ඇති, ‘සංස්කාර[166] ආත්ම යැ’යි[167] ගත්, පුඟුල් සංස්කාරයන් කෙරෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. විඥාන ආත්ම කොටැ ඇති, ‘විඥාන ආත්ම යැ’යි ගත්, පුඟුල් විඥානයෙහි පිහිටා සිටැ පින් පව් ප්‍රසව කෙරෙයි. මෙසෙ පස්කඳ මෙ සත්නට පොළො සෙයින් සිටියෙ යැ. සත්හු මෙ පස්කඳැ පිහිටා සිටැ කුසල් අකුසල් සිද්ධ කෙරෙති. තෙපි මෙසෙ විද්‍යමාන ආත්මයනට නිෂෙධ කරන්නාහු, පස්කඳ අනාත්ම යැයි දක්ව”යි ඉතා සකාරණ කොටැ උපමා ඇරැ දැක්වි.
මෙ නුවටහු උපමා අළ නිසා බැලු කලැ සව්නෙ දන්නා බුදුන් මිසැ අනෙක් කෙනෙක් එහු ගෙ වාද බිඳැ දොස් දෙන්නට[168] පොහොසත්හු නම් නැති. පුගුලො දෙවදෑරුම් ඇති.[169] බුදුන් විසින් විනෙය වන පුඟුලහ,[170] සව්වන් විසින් විනෙය වන පුඟුලහ’යි. එහි සව්වන් විසින් විනෙය වන පුඟුලන් සව්වො ද විනය[171] කෙරෙති. බුදුහු ද විනය4 කෙරෙත්. බුදුන් විසින් විනෙය වන පුඟුලන් සව්වො විනය4 කරන්නට නොනිස්සහ. බුදුහු මැ විනය4 කරන්නට නිසි වෙත්. මෙ නුවට දු[172] බුදුන් විසින්[173] විනෙය4 වෙයි. එයින් ඔහුගෙ වාද බිඳැ දොස් දෙන්නට[174] අනෙකෙක් නම් නැති. එයින් බුදුහු තුමු මැ උහු ගෙ වාදයෙහි දොස් දක්වනු සඳහා “කියග ගිනිවෙස්න, තො ‘රූප මාගෙ ආත්ම යැ’ යෙහි? “වෙදනා මාගෙ ආත්ම යැ’ යෙහි? ‘සංඥා මාගෙ ආත්ම යැ’ යෙහි? ‘සංස්කාර මාගෙ ආත්ම යැ’ යෙහි? ‘විඥාන මාගෙ ආත්ම යැ’ යෙහි?” වදාළො.
එකලැ “මහණ ගොයුම් ඉතා මැ මා ගෙ වාද[175] පිහිට්වයි.[176] ඉදින් මත්තෙ කිසි දොසෙක්[177] වී නම්, මා හුදකලහු[178] මැ නිගන්නි. එබැවින් මෙ වාද හැමදෙනා කෙරෙහි බහාලුව මැනැවැ”යි සිතා “භවත් ගොයුම් ගොතුව, මම් ‘රූප මාගෙ ආත්ම යැ’ යෙමි. ‘වෙදනා මාගෙ ආත්ම යැ’ යෙමි. ‘සංඥා, සංස්කාර, විඥාන, මාගෙ ආත්ම යැ’ යෙමි. මෙ මහාජනයො ද ‘තමන්[179] තමන් ගෙ ආත්ම යැ’යි යෙතී” කි.
බුදුහු “ගිනිවෙස්න, මුහු මා හා වාදයට ආවාහු නොවෙති. තො මැ යැ, සියලු විසාලා නුවරැ වැස්සන් ඔසොවා-ගෙනැ ආයෙහි.[180] එබැවින් තාගෙ මැ වාද කියා. කුමට මහජනා කෙරෙහි බහාලහී?”[181] වදාළො. හෙ ප්‍රතිඥා කරනුයෙ, “මම රූපාදීන් ‘මා ගෙ ආත්ම යැ’ යෙමි” කී.
මෙසෙ බුදුහු උහු ගෙ වාද පිහිට්ටා[182] “යම් හෙතුවෙකින් තො ‘පස්කඳ ආත්ම යැ, විසියැ වැටෙ’යි පිළින කෙරෙහි ද, හෙ අනාත්ම පරිදි, විසියැ[183] නොවැටෙන පරිදි, තා මැ පුළුවුස්මි: කියඟ. ගිනිවෙස්න, කැත කුලෙහි උපන් අභිෂික්ත රජ හට උහු ගෙ රට ඉසුරු පවත්ති? මරවන්නට නිස්සන් මරවන්නට ධන හානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නෙරනට නිස්සන් රටින් නෙරවන්නට යැ. කොසොල් රජහු[184] අජාසත් රජහු සෙයින්.
“මෙ වැදි රට වැසි[185] රජනට දු මල රට වැසි රජනට දු ඔවුනොවුන් ගෙ රට ඉසුරු පවත්ති. කැත කුලෙහි අභිෂික්ත රජ හට වූ කල ඔහුගෙ රට ඉසුරු පවත්ති මැ යැ නො!”යි කී.
මෙසෙ නුවට තමාගෙ වාද බිඳුනට අළ[186] කාරණ තමා මැ මරනු සඳහා කළ ආයුධයක් තිහිණි[187] කරන්නක්හු සෙයින් වෙසෙස් කොටැ දැක්වී.
මෙහි අභිප්‍රාය කවරැ යත්:
“රජු විසින් මරන මිනිසුන් ගෙ නෙරවන මිනිසුන් ගෙ[188] රූපාදීහු ඔවුන් විසියැ නො වැටුණහ” යූ සෙ යි. බුදුහු ගිනිවෙස්න, ‘රූප මාගෙ ආත්ම යැ’යි තො යමක් කිහි ද, මාගෙ රූප මෙසෙ වෙව’යි, ‘මෙසෙ නොවෙව’යි. යන තාගෙ ඉසුරු එ රූපයෙහි පවත්ති හො?” යි වදාළො
මෙහි අභිප්‍රාය කවරැ යත්:
“මාගෙ රූප යාපත් වෙව යි, සදා[189] තුබූ රන් තොරණක් වැනි වෙව යි, සිතුරූ පිළියක්[190] සෙයින් සිත් ගනීව යි, මාගෙ රූප විවන නො වෙව යි, දුසටහන් නො වෙව යි, නර[191] නො වෙව යි, කළ තලා නො වෙව යි, සිතුයෙන් එසෙ වන්නෙ නොවෙ?” යි සෙයි.
බුදුන් මෙසෙ වදාළ කලැ නුවට තමා පරදු[192] බව් දැනැ මහණ ගොයුම් මාගෙ වාද බිඳුනට කාරණ[193] අළ. මම් මාගෙ නොදැන්මෙන් එමැ වෙසෙස් කොටැ දැක්වීමි. දැන් නටමි. ඉදින්, “පවත්ති” යි[194] කීම් නම්, මෙ රද්දරුවො[195] නැඟී, ගිනිවෙස්න, තො රූපයෙහි මාගෙ ඉසුරු පවත්ති යෙහි. ඉදින් තාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ වී නම්, යම්සෙ මෙ ලිච්ඡවි රජ්ජුරුවො තව්තිසැ වැසි දෙවියන් සෙයින් වොරජති, අභිරූපයහැ, ප්‍රසාදිකයහැ, තො එසෙ කුමට නො වොරජහි’[196] යෙති. ඉදින් ‘නො පවත්තී’ කීම් නම්, මහණ ගොයුම් නැඟී, ගිනිවෙස්න, තො පළමු මාගෙ ඉසුරු රූපයෙහි පවත්තී, කියා දැන් ‘නො[197] පවත්තී, යෙහි’යි මා නිගන්නි. මෙසෙ ‘පවත්තී’ කිව, එක් දොසැ. ‘නො පවත්තී’ කිව, එක් දොසැ”යි නොබිණි.
දෙවන වට ද බුදුහු පුළුවුත්හ. දෙවන වට දු නොබණි. තුන් යලක් බුදුන් පුළුවුත් කලැ නොබණන්නහු හිස් සත් කඬවැ[198] පැළෙයි. බුදුහු සතුන් මැ සඳහා සියුරාසැකි කප්සුවහස් පැරුම් පිරුවහු.[199] සතුන් කෙරෙහි බලවත් කුළුණු ඇත්තාහැ. එයින් තුන් වන වටැ නො පිළිවිසැ, “කියග, ගිනිවෙස්න, තා නොබණන්නට කල් නොවෙයි. යමෙක් තථාගතයා තුන් යලක් පුළුවුස්නා[200] දෑ නො කියන්නෙ වී නම්, මෙ තැනැ මැ හිස් සත් කඬ වැ[201] පැළෙ”යි වදාළො.
එකල්හි සක් දෙව්රජ (මහත් හිස් ඇති, කඳල*) කැකුළු බඳු තිහිණි[202] දළ[203] ඇති, අඟාළ මුව ඇති, පළල් නළල් ඇති, බුන් බැම ඇති, ගොර බිරම් බැලුම් ඇති, උඩු බලා දිලියෙන කෙහෙ ඇති, රත් දෙලෙන් අවුල් සිරිරු[204] ඇති, හන් විසිතුරු පට ඇති, ගර්ව සහිත රොෂ සහිත භයානක යක් වෙසක් මවා ගෙනැ යුගත් ගිනිකඳක් බඳු හාත්පසින් දිලියෙන වජ්‍රායුධ[205] ඇරැගෙනැ, “ඉදින් මෙ නුවට බුදුන් තුන් යලක් පුළුවුසුතුද්[206] නොකියන්නෙ වී නම්, මෙ තැනැ මැ උහු හිස සත් කඩක් කොටැ පළා-පියමී” උහු හිස්මත්තට වැ අහසැ සිටියෙ යි.
මෙ කුමට ආයෙ යත්:
උහු ගෙ දිට්හ විහිද්වන්නට[207] ආයෙ යි. කිසෙ යැ යත්: බුදුන් බුදු වැ අට වන සතියැ අජපල් නුඟමුලැ වැඩැ-හිඳැ, “මා ධම් දෙසුවද්[208] ගන්නාහු[209] නැත, ධම් කහට දෙසම්දැ!”යි නිරුත්සාහ වූ කල්හි සක් දෙව්රජ මහබඹහු හා අවුදු, “වහන්සෙ, තෙප් ධම් දෙසව. තොප ගෙ ආඥායෙහි නොපවත්නවුන් ඇපි පවත්වම්හ. තො ගෙ ධම්සකැ. අපගෙ අණසකැ”යි පිළින කෙළෙ. එයින් “අද සච්චකයා උත්ත්‍රස්ත කොටැ පැන විසජුන් කරවමී” ආයෙ යැ. ඔහු බුදුහු දු දක්ති.[210] සච්චක දු දක්කි. ඉදින් ඔහු අනෙකෙක් දිටි නම්, “මහණ ගොයුම්, සච්චකයා තමාගෙ වාදයට නොබස්නාසෙ දැකැ යක්‍ෂයක්හු[211] ගෙන්වා දැක්වියැ. එකලැ සච්චක භයින් කී යැ” යනු වෙ. එයින් ඔහු බුදුහු[212] දක්ති. සච්චකද් දක්කි.[213]
සච්චකයා හට උහු දකුත් මැ[214] උත්ත්‍රාස ඇති වි යැ, උද්වෙග ඇති වි යැ, රොමහර්ෂ ඇති වි යැ, සියල් සිරිරු[215] ස්වෙද වැහිණැ, ඇතුළු කුස පෙරැළි[216] මහ හඬ හැඬි. හෙ, “සස්සො දක්ති හො?” යි බලනුයෙ, කිසිවක්හු ගෙ රොමහර්ෂ මාත්‍රයකුදු නොදැකැ “මෙ භය මට මැ උපන්නෙ යැ. ඉදින් මම, ‘යක්‍ෂයෙකැ’යි[217] කීම් නම්, ‘මම, තට මැ ඇස් ඇති? යක්හු තො මැ දක්හි? ඇතහොත්, ඇපි දු නො දක්මො ද! පළමු යක්‍ෂයක්හු නොදැකැ, ‘මහණ ගොයුම්හු විසින් වාදාවර්ථයෙහි[218] බහා-ලන ලදුයෙහි[219] යක්‍ෂයක්හු දිටිහි[220] කියනු වෙතී” සිතා “දැන් මට මෙහි අනෙක් පිළිසරණෙක් ඇත්තෙ නොවෙයි. මහණ ගොයුම්හු මිසැ[221]”යි හඟනෙ බුදුන් මැ තම හට සරණ කොටැ, “භවත් ගොයුම් මා පුළු වුසිව යි,[222] කියමි” කී යැ. එ සඳ බුදුහු, “ගිනිවෙස්න, ‘රූප මාගෙ ආත්ම යැ’යි[223] තො යමක් කීහි ද, ‘මාගෙ රූප මෙසෙ වෙව යි, මෙසෙ නො වෙව’ යි යන තාගෙ ඉසුරු රූපයෙහි පවත්ති හො?” යි වදාළො “නො පවත්ති, ගොයුම්ගොතුව,”යි කී යැ. “ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කි දෑ හා පසු වැ කියන දෑ හා නො ගැළැපෙයි. පසු වැ කියන දෑ හා පළමු කී[224] දෑ හා නො ගැළපෙයි. ‘වෙදනා මාගෙ ආත්ම වෙ’යි තො යමක් කීහි ද, ‘මාගෙ වෙදනා කුසල් හෙයින් මැ වෙව යි, සුව හෙයින් මැ වෙව යි, අකුසල් හෙයින් නො වෙව යි, දුක් හෙයින් නොවෙ වයි, යන තාගෙ ඉසුරු එ වෙදනායෙහි පවත්ති හො?” යි වදාළහැ. “නො පවත්ති, ගොයුම්ගොතුව,”යි කීයැ.
එසෙයින් මැ[225] සංඥා සංස්කාරයනුදු පටිපාටීන් පිළිවිසැ ඔවුනුදු අනිත්‍ය පරිදි කී කල්හි, “ගිනිවෙස්න, ‘මාගෙ, විඥාන මෙසෙ වෙව යි, මෙසෙ නො වෙව’යි යන තාගෙ ඉසුරු එ විඥානයෙහි පවත්ති හො?”යි[226] වදාළහැ. “නො පවත්ති, ගොයුම්ගොතුව,” යි කී යැ. “ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කී දෑ හා පසු වැ කියන දෑ හා නො ගැළැපෙයි. පසු වැ කියන දෑ හා පළමු කී දෑ හා නොගැළපෙ”යි වදාරා, ‘කියග, ගිනිවෙස්න, රූප නිත්‍ය හො අනිත්‍ය හො?”යි වදාළහ. “අනිත්‍ය යැ; ගොයුම්ගොතුව,”යි කී යැ. “යමෙක් අනිත්‍ය ද, හෙ දුක් වෙයි හො? සුව වෙයි හො?” යි වදාළහ. “දුකැ, ගොයුම්ගොතුව,”යි කී යැ. “යමෙක් උපැද නස්නා බැවින් අනිත්‍ය වී ද, උදාවිය දුකින්[227]
පෙළෙන බැවින් දුක් වී ද, හෙ[228] මා ගැත්තෙ යැ,[229] මම හෙ යැ, හෙ මාගෙ ආත්ම යැ’යි මෙසෙ තෘෂ්ණා මාන දෘෂ්ටි විසින් දක්නෙ, යෙදෙ දැ?”යි වදාළහැ. “නො යෙදෙයි. ගොයුම්ගොතුව,” යි කී යැ.
මෙසෙයින් බුදුහු යම්සෙ නිහුගෙඩියෙක්[230] සප්හු ගෙ සුඹුයෙන්[231] නැඟි විස එ මැ සප්හු ලවා ඩහවා[232] හැරැ-පියා ද, එසෙයින් මැ එ මැ පිරිසැ සච්චකයා ලවා[233] එ මැ මුයෙන් “පස්කඳ අනිසැ, දුකැ, අනතැ”යි කියැවූහු[234] බුදුහු “යම්සෙ, ගිනිවෙස්න, හර කැමැති හර සොයන හර පිරියෙස්මින්[235] ඇවිදුනා පුරුෂයෙක් කැපෙන පොරොවක් ගෙනැ වනයට වැදැ එහි මහත් ඉදි ළඳ කේල්කඳක් දැකැ මුලැ දි අගැ දි සිඳැපියා අගැ ගෙනැ පත්වටි[236] නඟනඟා[237] බලනුයෙ බොරුදු[238] පවා[239] නො දක්කි. හර[240] මෙ කොහි දකී ද! එසෙයින් තො, මා විසින් තාගෙ වාද විචාරා බලත් බලත්, සිස් විහි, රික්ත විහි, පරාජිත විහි”යි වදාළො.
හෙ පළමු පූරණාදි සනුවටැජරන්[241] කරා එළබැ පැන පුළුවුස්සි. ඔහු විසජන්නට නොහැකි[242] වෙති. හෙ උනට පිරිස් මැදැ මහත් වියරු බැණැ තමා දුනු පරිදි දන්වා නැඟී යෙයි. “සම්මාසම්බුදුනුදු එසෙ මැ වෙහෙසෙමි” යන සිතින් අවුදු, යම්සෙ හිඹුල් එරබුදු[243] ඈ නිසරු රුක් පළමු විදිවිරී එක්තරා සියොතෙක්[244] “කිහිරි රුක ද විද්ද හැක්කැ”යි සිතා එහි පැහැරැ එක පහරින් තුඬු බිඳී ඇස් නික්මැ හිස් පැළුණු කලැ කඳින් ගැළැ[245] බිමැ වැටී හි වොදාන මහත් වැ.[246]
වැලැපී ද, එසෙයින් මැ සච්චක ද සවඤ්ඤණහර පැහැරැ තමා නුවණතුඬු බුන් කලැ සවඤ්ඤණහර තද බව් දත්.
එකල්හි බුදුහු ඔහු ගෙ මුඛර බව ප්‍රකාශ කොටැ නිගන්නාහු. “ගිනිවෙස්න, තා ‘මා විසින් වාදයෙන් වාද කොටැ දොස් ගෙනැ වන් කලැ කම්පිත නොවන ප්‍රකම්පිත නොවන වෙවුළා නොයන කක්‍ෂයෙන් සෙවද නොසිලයෙන මහණක්හු හො බමුණක්හු හො නොහොත් ‘රාත්මි, බුදුමී, පිළින කරනුවක්හු හො නො දක්මී. ඉදින් මම් අචෙතන වූ ටඹටද්[248] වාදාරොපණ කෙළෙම් නම් හෙ ද කම්පිත වැ ප්‍රකම්පිත වැ වෙවුළා යෙයි. මිනිසෙක් නම් කිමෙක්දැ?’යි විසාලා නුවරැ පිරිසැ බණන ලද්දෙ යැ. දැන් තා නළලින් ගුළු ඇතැම් සෙව ද බිඳුපොද උතුරුසළු විනිවිදැ ගොස් බිමැ හෙයි. මාගෙ ශරීරයෙහි වූ කල සෙව ද දැන් ඇත්තෙ නොවෙ”යි බුදුහු එ පිරිසැ රන්වන් සිරිරු දැක්වූහු. හැම සිරිරු දැක්වූවාහු නොවෙති. බුදුහු ගැට වටු ගන්වා පිළිසන් සිරිරු ඇති වැ පිරිසැ ධම් දෙසති. දෙසන්නාහු, ගලයෙන් සිවුරු සතරඟුලක් පමණ[249] තැනට බැහුහු. බැහු විගස රන්වන් රස් පුඤ්ජ පුඤ්ජ වැ, රන් කෙළින් නික්මුණු රත්රන් ධාරා සෙයින්, රත් වලා ගැබින් නික්මුණු විජුලිය කලබක් සෙයින්, නික්මැ රන් මිහිඟක්[250] බඳු ගලය පැදකුණු කෙරෙමින් අහසැ දැවැ-ගත්හු. බුදුහු මෙසෙ කුමට කළහ යත්:
මහජනයා හට සැක හරනා සඳහා කොළො, එහි මහජනා හට[251] වනාහි “මහණ ගොයුම් තම හට සෙව ද නැති යෙයි. සච්චකයා හට වූ කල යන්ත්‍රාරූඪයක් සෙයින් සෙව ද වැහෙයි. මහණ ගොයුම් ගත දෙපට සිවුරු පෙරෙවැ[252] හුන්නෙ යැ. ඇතුළතැ සෙව ද ඇති බව් නැති බව් කවුරු දන්ති!” යන සැක[253] උපද්දි. මහජනයා ගෙ සැක පසිඳිනා සඳහා මෙසෙ කොළො.
මෙසෙ වදාළ කලැ සච්චක නො බැණැ කර බහා-ගෙනැ ප්‍රතිභාන නැති වැ බිම් සැ පයැ පටැඟිල්ලෙන්[254] කැණැ කැණැ හුන්නෙ යැ. එකල්හි නැමින් දුර්මුඛ නම් යහපත් මහත් ලිච්ඡවි කුමරෙක් සච්චකයා හුන්නහු[255] දැකැ බුදුනට “වහන්සෙ, මට එක් උපමායෙක්[256] වටහ”යි කි යැ. “කියා දුර්මුඛය,”යි වදාළහැ. වහන්සෙ, යම් ගමකට හො නියම් ගමකට හො නුදුරු තන්හි පොකුණෙක් වී ද, එහි කකුළුයෙක් වී ද, වහන්සෙ, එහි බොහො දරුවො හො දැරියො හො එ ගැමින් හො නියම් ගැමින් හො නික්මැ එ පොකුණට ගොස් බැසැ එ කකුළුවා දියෙන් නඟා ගොඩැ හෙවූ ද,[257] කකුළුවා යම් යම් අළක්[258] නැඟී ද, ඔහු නැඟු නැඟු අළ[259] එ දරුවො හො දැරියො හො දඬුකඬෙකින් හො කබල් කඬෙකින් හො ගෙනැ සිඳැ-පීහු[260] ද, මෙසෙ හැම අළ[261] සුන් කලැ එ කකුළු[262] ගමන් පසුන් බැවින්[263] එ පොකුණට පෙර සෙ බස්නට[264] නොහැක්කැ. එහි මැ කපුටු කොක් ආදිනට බත් වෙයි. එසෙයින් මැ, වහන්සෙ, සච්චකයා ගෙ යම් කවර දිට්හයෙක[265] ඇද්ද, හෙ හැම මැ වහන්සෙ[266] විසින් සිඳැබිඳැපියා[267] ලන ලද. වහන්සෙ, සච්චකයා වටා ලා භවත්හු කරා එළබෙන්නට නොනිස්සැ, වාද සඳහා යැ”යි කී.
දුර්මුඛයා උපමා කී කලැ සෙසු ලිච්ඡවී කුමාරයො සිතහු: “මෙ නුවටහු විසින් අපට ශිල්ප උගන්නා[268] තැනැ[269] බොහො කල් අවමාන කරන ලද. දැන් මෙ අප සතුරා පිටි දක්නට නිසි කලැ. ඇපි දු එකෙකි උපවා ඇරැ අත්පිඬු ගසා කලින් හුණුවක්හු[270] මොහොලින් බහනුවන්[271] සෙයින් වටා ලා පිරිස් මැදැ හිස් නොනැඟිය හෙ ද, එවෙනි දෙයක් උහුට කරම්හ” යි උපමා සිතා-ගෙනැ දුර්මුඛයා කථා අවසන් බලා[272] හුන්හු.
සච්චක, ඔවුන් ගෙ අභිප්‍රාය දැනැ, “මොහු හැම දෙන මැ කර ඔසොවා කොල පොපි[273] ඇති[274] වැ හුන්නාහ. ඉදින් වෙන වෙන උපමා අළහු නම්, වටා ලා මම් පිරිස් මැදැ හිස් නඟන්නට[275] නොහැකි වෙමි. එසෙ බැවින් මම් දුර්මුඛයා වළකා, යම්සෙ අනෙකක් හට අවකාශ නොවෙ ද?[276] එසෙ කථා පසිඳැ මහණ ගොයුම්හු පැන පුළුවුස්මී” සිතා-ගෙනැ “දුර්මුඛය, දැන් සිට තො මුඛරයෙහි, ඇපි තා හා සැසැඳිලි නො කරම්හ. භවත් ගොයුම්හු හා සැසැඳිලි කරම්හ, ගොයුම්ගොතුව, අප ද ගෙ සෙස්සනුදු ගෙ කථා තිබි-යෙව යි, හෙ ප්‍රලාපමාත්‍රයෙකැ”යි බැණැ බුදුන් පැන පුළුවුස්නෙ[277] “භවත් ගොයුම්හු ගෙ[278] ශ්‍රාවකයෙක් කිපමණෙකින් සසුන් කරනු නම් වෙ?” යි කී යැ. “ගිනිවෙස්න, මෙ සස්නෙහි මාගෙ ශ්‍රාවකයෙක්:
“යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං නෙතං මම. නෙසොහමස්මි. න මෙසො අත්තා”-
යන මෙ එකොළොස් වැදෑරුම් හැම රූප මා නොගැත්තෙ යැ. මම රූපයෙම් නොවෙමි[279] මාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ නොවෙ”යි යථාභූතය මනා කොටැ නුවණින් දකී ද, එසෙයින් මැ:
“යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙචි සඞ්ඛාරා, යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං .......න මෙසො අත්තා”
“යන එකොළොස් වැදෑරුම් හැම විඥාන මා නොගැත්තෙ යැ. මම් විඥානයෙම් නොවෙමි. මාගෙ ඉසුරු විඥානයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථා ස්වභාවය මනා කොටැ නුවණින් බලා ද, මෙ පමණෙකින්. ගිනිවෙස්න, මාගෙ ශ්‍රාවක සසුන් කරනු නම් වෙ”යි ශෛක්‍ෂභූමි දැක්වූහු.
එක්බිති අශෛක්‍ෂභූමි[280] පුළුවුස්නෙ, “ගොයුම්ගොතුව, මහණ කිපමණෙකින් රාත් නම් වෙ?”යි කී යැ. “ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණෙක්, “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං...... න මෙසො අත්තා” - යන එකොළොස් වැදෑරුම් හැම රූප මා නොගැත්තෙ යැ. මම් රූපයෙම් නොවෙමි. මාගෙ ඉසුරු රූපයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථාභූතය මනා කොටැ නුවණින් දැකැ අනුපාදාවිමොක්‍ෂයෙන් විමුක්ත[281] වී ද, එසෙයින් මැ “යා කාචි වෙදනා, යා කාචි සඤ්ඤා, යෙ කෙචි සඞ්ඛාරා, යි කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං....... න මසො අත්තා” - යන එකොළොස් වැදෑරුම් හැ විඥාන මා නොගැත්තෙ යැ. මම් විඥානයෙම් නොවෙමි. මාගෙ ඉසුරු විඥානයෙහි පවත්නෙ නොවෙයි. මෙසෙ යථාභූත අර්ථය මනා කොටැ නුවණින් දැකැ අනුපාදාවිමොක්‍ෂයෙන් විමුක්ත වී ද’ මහණ, මෙ පමණෙකින් ‘රාත්’ නම් වෙ”යි.
මෙසෙ ලොවීලොවුත්රා නුවණිනුදු ලොවීලොවුතුරා පිළිවෙතිනුදු ලොවීලොවුතුරා විමුක්තීනුදු සමුපෙත වූ විමුක්ත සිත්[282] ඇති මහණ, තථාගතයා හට මැ සත්කාර ගුරුකාර[283] නමස්කාර කෙරෙයි. “බුද්හු[284] තුමුහු සිව් සස් දැනැ අනුන් දන්වනු සඳහා ධම් දෙසති. තුමුහු ඉන්ද්‍රියදමනයෙන් දැමී අනුන් දමනු සඳහා ධම් දෙසති. තුමුහු කෙලෙසුන් ගෙ ක්‍ෂොභ සන්හිඳුවා අනුන් ගෙ ක්ලෙශක්‍ෂොභ සන්හිඳුවා අනුන් ගෙ ක්ලෙශක්‍ෂොභ සන්හිඳුවනු සඳහා ධම් දෙසති. තුමුහු සසරසයුරු තැරැ අනුන් සසර සයුරෙන් නඟනු සඳහා ධම් දෙසති. තුමුහු කෙලෙස් පිරි නිවණින් පිරිනිවී අනුන්ගෙ කෙලෙස්ගිනි නිවනු සඳහා ධම්දෙසති යි මෙසෙ තථාගතයා හට මැ සත්කාර ගුරුකාර නමස්කාර කෙරෙ”යි වදාළො.
එකල්හි සච්චක “ගොයුම්ගොතුව, ඇප් ‘භවත්හු වාදයෙන් වාද කොටැ ගැටෙම්හ’ යි සිතන්නමො නටුවාම්හ.[285] ත්‍රිමදගලිත[286] ඇතක්හු පැහැරැ වැදැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි.[287] දිලියෙන ගිනි කඳක් සිපැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි2 ඝොරවිෂ ඇති ආශීවිෂයක්හු පැහැරැ සිපැ-ගත් පුරුෂයක් හට සෙත් වන්නෙ වෙයි.2 භවත් ගොයුම්හු කෙරෙහි ගැහැටු[288] පුරුෂයක් හට සෙත් නො මැ වෙ”යි කී.
බුදුහු ඇත් ආදීන් සෙයින් කිසිවක්හු දිවියට අන්තරාය[289] කරන්නාහු නොවෙති. නුවට මෙතුන් උපමාවන් බුදුනට[290] උත්කර්ෂ සඳහා අළියෙ නොවෙයි. තම හට මැ උත්කර්ෂ සඳහා අළ. යම්සෙ රජෙක් සතුරක්හු මරා, ‘මෙසෙ ශූර වූ මෙවෙනි බැල[291] ඇති පුරුෂ නට’යි සතුරා හුවන්නෙ,[292] තමා මැ හුවාද, එසෙයින් මැ මෙ තුන් උපමායෙන් බුදුන් හුවන්නෙ, “ඇපි මැ ශූරයම්හැ. ඇපි මැ පණ්ඩිතයම්හැ. ඇපි මැ බහුශ්‍රැතයම්හැ. මෙ සෙයින් ත්‍රිමදගලිත ඇතක්හු බඳු, දිලියෙන ගිනිකඳක් බඳු, පැන අළ[293] ආශීවිෂයක්හු බඳු සම්මාසම්බුදුන් කරා වාද සඳහා එළබෙන්නාම්හ”යි මෙසෙ තම හට මැ උත්කර්ෂ කොටැ බුදුන් නිමන්ත්‍රණ කරනුයෙ, “ගොයුම්ගොතුව, තොපට සත්කාර කරන මට යම් පුණ්‍යයෙක් ප්‍රීතියෙක් උපදී ද, එ සඳහා සඟුන්[294] හා සමඟ සෙට මාගෙන් වළඳන්නට වැඩිය මැනැවැ”යි කී යැ.
බුදුහු ඔව්හට අනුග්‍රහ පිණිස නො බැණැ සිතින් ඉවසූහු. සච්චක, බුදුන් ඉවසූ බව් දැනැ ගොස් ලිච්ඡවි රජ්ජුරුවනට “මම් සෙට භවත් ගොයුම්හු හා සඟුන් නිමන්ත්‍රණ කෙළෙමි. තොප දවස් පතා මට පන්සියක් බත්සැළ දෙන බැවින් එසෙට මහණ ගොයුම් හට නිසි වන පරිද්දෙන්[295] දෙව”යි කී. අනෙක් දවස් එ රජ්ජුරුවො උහුට පන්සියක් බත්සැළ[296] දී යවුහ. සච්චක, තමාගෙ අරම්හි පිණී කන බොන දෑ පිළියෙළ[297] කරවා-තබා යවා කල් දැන්වී යැ. බුදුහු මහ සඟුන් පිරිවරා උහු ගෙ අරමට එළබැ පැන් වූ අස්නෙහි වැඩ හුන්හු. සච්චක, බුදුපාමොක් සඟුන් පිණි බොජනෙන් සිය අතින් සතපා[298] එකත්පස් වැ හිඳැ, “භවත් ගොයුම්ගොතුව, මෙ දානයෙහි යම් ඵලයෙක් ඇද්ද, හෙ දායකයනට සුවයට වැටෙ”යි[299] කී යැ. “ගිනිවෙස්න, තා බඳු[300] අවීතරාගයනට දුන් දන්හි ඵල තට දුන් දායකයනට වෙයි. මාසෙ වූ වීතරාගයන්ට දුන් දන්හි ඵල තට වෙ”යි වදාරා හුනස්නෙන් නැඟී වැඩියො.[301]
අනෙක් දවසක් බුදුහු විසාලා නුවර වැඩියටි වැ පෙරවරු මුරුත මල්කලබක් බඳු[302] දෙපටසිවුරු[303] හැඳැ විජිලියක්[304] බඳු කහබාන් බැඳැ නුඟපල බඳු පහුල්[305] එකස් කොටැ පෙරෙවැ ගඳකිළියෙන්[306] නික්මැ සඟපිරිස් පිරිවරා අග් දෙරියෙහි වැඩැ සිටියො.
එකල්හි සච්චක, “පළමු මම් අපණ්ඩිත වන බැවින් සියලු විසාලා නුවරැ වැස්සන් ගෙනැ මහණ ගොයුම්හු කරා ගොස් පිරිස් මැදැ පරිභූත වීමි. දැන් එසෙ නො කොටැ එකලා වැ ගොස් වාදාරොපණ කෙරෙමි.[307] ඉදින් මහණ ගොයුම්හු පරදවන්නට නිසි වීම් නම්, මාගෙ ලද[308] හුවා ජය[309] කියා එමි. ඉදින් මහණ ගොයුම් හට ජය වී නම්, අඳුරුයෙහි නැටුම් සෙයින් දන්නාහු නැති” සනිට්හන්[310] කොටැ නිද්‍රා[311] පැන නම් පැනයක් ගෙනැ මහවන වෙහෙර ගියෙ.
අනඳ මහතෙරහු උහු දුරින් එන්නහු දැකැ, “බුදුන් මොහොතක් වැඩැ හුන් කලැ බුදුන් දක්නා ලැබෙයි. බණ අසනු ලැබෙයි. හෙ ඔහට[312] බොහො කල් හිතයට සුවයට වැටෙ”යි යන සිතින් “වහන්සෙ, එන්නෙ, සච්චක යැ. මොහොතක් වැඩැ හුන මැනැවැ”යි අයජැ[313] අසුන් පැන්වූහ.
බුදුහු වැඩ හුන්හැ. සච්චක, බුදුන් කරා එළඹැ සාමීචි කොටැ එකත්පස් වැ හිඳැ,[314] “සන්ති හො ගොතම, එකෙ සමණ බ්‍රාහ්මණා කායභාවනානුයුත්තා විහරන්ති” යනාදි ක්‍රමයෙන් පැන පිළිවිත. “ඉධ අග්ගිවෙස්සන, අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පජ්ජති සුඛා වෙදනා” යනාදි ක්‍රමයෙන් පැන විසජුහු. ඔහු පැන පුළුවුත් පරිදිද් බුදුන් නිරවසෙස්නෙන්[315] විජු පරිදිද් මැදුම්සඟියැ මහාසච්චක සුතින් දන්නෙ යැ.
මෙසෙ බුදුන් විසින් මෙ නුවට දරුව හට දෙ වරෙකැ දෙ සුතක් දෙසන ලද. හෙ අධිගම නොද කෙළෙ, පැවිජි නො ද වී යැ, සරණැ නො ද පිහිටි යැ.[316]
ඔව්හට බුදුහු කුමට ධම් දෙසූ හැ යත්:
අනාගතයෙහි උහුට වන වැඩ දැකැ වාසනා සඳහා දෙසුහු. ඔහු බුදුන් පිරිනිවනින්[317] මතුයෙහි දෙසිය සතිස්[318] හවුරුද්දක් ඉකුත් කල්හි, ලක්දිවැ සසුන් පිහිටි කල්හි, දෙව්ලොවින් සැවැ මෙ රට දැකිණිගිරි වෙහෙරට[319] නොදුරු තන්හි එක් ඇමැති කුලෙක්හි[320] ඉපැදැ පැවිජි වැ තෙවළාධර වැ විදර්ශනා වඩා පිළිසිඹියා පත් රාත් වැ කළු බුද්ධරක්ඛිත මහතෙරහු නම් වූහු.
ඔවුන් සෑගිරියැ කළුතිඹිරි රුක්මුල්හි කාලකාරාම සුත දෙසු දවස් රජු විසින් සියක් යොජුන් ලක්දිවැ රජයෙන් පුදන ලද පරිදි ධර්මප්‍රදීපිකායෙහි කී පරිද්දෙන් දත යුතු.
මෙසෙ බුදුහු තමන් පුරුෂධම්මසාරථී වන බැවින් සච්චක මාණවක නම් නුවට දරුවා ද ආදි ශබ්දයෙන් ගත් සුභ මාණවකාදීනුදු දමා අමාමහ නිවන් පැමිණිවූහු.
මාණවකදමන නම් නව වන පරිච්ඡේද නිමි.
-
මහවන ↑
-
කූටාගාරසාලායෙහි ↑
-
ගන්ධකුටිකයෙහි ↑
-
නුවටයක ↑
-
දෙදෙන, දෙදෙනෙ ↑
-
තො කවර තො කවර, තා කවර තො කවරහු, තො කවර තො කවරහු. තො කවරෙහි තො කවර-මු ↑
-
ඇවිදීමි, ඇවිදුමි, ඇවිද්දමි ↑
-
කී, කීකල්හි ↑
-
ඔවුනොවුන් හට ↑
-
නුවට ↑
-
නුවටි ↑
-
නුවට ↑
-
කීයැ ↑
-
එකක් හට, ↑
-
අද ↑
-
ගෙයක් ↑
-
වැටුප් ↑
-
අවාවටකයා, වාටකායා-මු අවටකායා-මු ↑
-
දායාද, දායාද, දයජ්-මු ↑
-
ඔවුහට, ඔහුහට ↑
-
කැටැටියා ↑
-
යම් කෙනෙක් ↑
-
මඬවයි ↑
-
වදති ↑
-
මෙසෙ මෙසෙ ↑
-
තන්හි මනාමින්, තන්හි මනායම් ↑
-
නොවැඩ ↑
-
වන්නාහු, වඩනාහු ↑
-
බුදුන්ගෙ, බුදුන්, බුදු ↑
-
කැටටි ↑
-
දරුවෙනි ↑
-
කියහු ↑
-
බුදුන් සව්, බුදුසව් ↑
-
වාද කෙරෙත් ලැයි ඇසිමි. ↑
-
නික්මුණහු ↑
-
තෙපි ↑
-
මඩවාපියවයි ↑
-
පියෙමි, පියමි, පියාමි ↑
-
පුළුවත්-හු ↑
-
කියා, කීය ↑
-
තොපට ↑
-
හතරදෙනෙ ↑
-
කෙරෙන් ↑
-
දහස, දහසක් ↑
-
නෙලුබු (ඹු) දැලි (දළු, දලු) ↑
-
අවුල් හැර ↑
-
විස දුහු ↑
-
විසදා ↑
-
දෙ ↑
-
වෙසෙස් දැකැ ↑
-
දතුම් නම් ↑
-
කියායි ↑
-
නොදැක්ම ↑
-
පැනයකුත් ↑
-
වූහ ↑
-
අසුන් ↑
-
වවයි ↑
-
යවන්නාහු ↑
-
තමන් ↑
-
බහුනන්, බුහුමන් ↑
-
ගෙන ↑
-
පටෙකින් ↑
-
නකතෙන් ↑
-
විසාලා මහනුවර-මු ↑
-
කෙළෙ නම්. ↑
-
බද්දාහු ↑
-
ලද - පොත් ↑
-
වැඳවයි, වඳවයි ↑
-
මාත්‍රාවකින්, මාත්‍රායෙකින් ↑
-
වැඳවමො ↑
-
සම්දිටු ↑
-
වැඳවයි ↑
-
එකක් ↑
-
දන්ති යනු ↑
-
අසමි ↑
-
නො දත්මි ↑
-
තිබූ ↑
-
පිරිහුන් ↑
-
කෙරෙන්, අස්සජිමහතෙරහු ↑
-
පෙරව, පෙරැව ↑
-
නුවරට ↑
-
වැදගෙන ↑
-
ඇවිදිනෙ ↑
-
වාදාරොපණයක් ↑
-
වන්නෙය ↑
-
සව්යැ ↑
-
කොවිජි ↑
-
මොහු විසින ↑
-
පිහිටවා, පිහිටුවා ↑
-
බලයෙන් ↑
-
වුහයි ↑
-
උසුපත් නිරෑ ↑
-
අනිස් ↑
-
පවිටු දිටුහයෙන් (දිටුයෙන්) ↑
-
මා, මාණ ↑
-
විසින්ද-හැම ↑
-
දක්මි ↑
-
මා ↑
-
පිහිටුයෙ, පිහිට්යෙ ↑
-
බල ↑
-
ලොම් ↑
-
ඇද ↑
-
නිස්පොටන ↑
-
සැණ ↑
-
කැටවී, කටැටී ↑
-
වහිරු, වැහැරු, වැහිරු ↑
-
සණදොවුල්කෙළි ↑
-
රජුන් ↑
-
දෙවුන්කෙළි ↑
-
ලිච්ඡවීහි කෙනෙක්, ලිච්ඡවි කෙනෙක් ↑
-
කුම් යන, කුමය ද යන, කුමන ↑
-
ලිච්ඡවීහි කෙනෙක් ↑
-
කෙරෙහි ↑
-
පියවි ↑
-
නොහැක්කහයි ↑
-
ගොස් එළඹ ↑
-
ගොයුම්හු ↑
-
බලන්නාහු ↑
-
පවුල් ↑
-
පෙරෙවැ-මු ↑
-
සමවතින් ↑
-
විනේජනයන් ↑
-
ඇතුළු වූසෙ, වූසෙ, අනාදවසේ-මු, ↑
-
සහසා, නිමවා ↑
-
රුකක් මුලහි ↑
-
දුරුවැ ↑
-
රුකක් මුල්හි, රුක්මුල්හි ↑
-
පිරිවරා ගෙන-මු ↑
-
සියය ↑
-
බලා අසම්හයි ↑
-
නුවරැ හුන්නා වු නොමඳ-මු ↑
-
හුන්නේයි ↑
-
උන්නහ, හුන්නාහ, හුන්න. උන්හ ↑
-
සාරාණිය-මු ↑
-
පෙර වැ සිට ↑
-
මුවෙන් නොබැණ ↑
-
දැයක්, දැසක් ↑
-
තම හට ↑
-
රිසියුනු, රිසියන ↑
-
පුළුවුස් තාක් ↑
-
පසෙබුදු අගසව්වන් හා ↑
-
ජයත්, ජයක් ↑
-
අජාසත් රජු ↑
-
පඤ්හස්ස-අටුවා ↑
-
සක්දෙව්රජදු (-හුදු) ↑
-
බාවාරිස්ස ↑
-
වා ↑
-
වැලියෙ ↑
-
පස්කෙළි ↑
-
පැවරූමැයි ↑
-
පවතිනා ↑
-
අනිකෙක ↑
-
සතරහු ↑
-
කියමි, කියම් ↑
-
ඇද්දැයි ↑
-
කෙරෙමි ↑
-
කුමක් ↑
-
කටැටි ↑
-
වදාරන බුදු (රජ-රද) හු ↑
-
නාම ගොත්‍ර ↑
-
බලවත්ව ↑
-
උපායෙන් ↑
-
කෙනෙක්, කෙතෙක් ↑
-
කොළ-හැම, වපුළ-මු ↑
-
සංස්කාරයන් ↑
-
සංස්කාරයන්, සංස්කාරයො ↑
-
ආත්මයහයි. ↑
-
සොම්නස් දනවන්නට ‘දොසං දාතුං සමත්‍ථො නාම නත්‍ථි’-අටුවා. ↑
-
දෙවැදෑරුම් වෙත් ↑
-
පුඟුල් ↑
-
විනෙය, විනෙනය විනෙ ↑
-
නුවටහු, නිවටදු, නුවටු-මු ↑
-
විසින්ම ↑
-
වෙන්නට ↑
-
වාදයෙහි ↑
-
පිහිටුවායි, පිහිටවයි, පිහිටුවයි ↑
-
දෙයෙක්, දැයක් ↑
-
හුදකලාහුමැ, හුදකලාවුහු මැ ↑
-
තම ↑
-
ආයෙහි ය ↑
-
බහාලයි, බහාලවයි ↑
-
පිහිටුවා, පිහිටවා ↑
-
විසිව ↑
-
යම්සෙ කොසොල් රජහු සෙ (සෙයින්) ↑
-
වැදිරට වැදි රජනට දු, මෙ වැදිරජනට දු ↑
-
බුදුනට කළ ↑
-
තියු (හි) ණු ↑
-
මරන මිනිසුන් ගෙ නසන මිනිසුන් ගෙ-ඇතැම් ↑
-
සදන්, විසිතුරු ↑
-
මිණියක්-හැම “සුසජ්ජිත චිත්තපටොවිය” - අටවා, විසිතුරු පෙතියක්-මු ↑
-
දුනට ↑
-
රජචු ↑
-
කාරණා ↑
-
පවති යි ↑
-
රදදරුවො, රජදැරවො ↑
-
බාරජහි ↑
-
තො නො ↑
-
කඩක් වැ ↑
-
පැරුවාහ ↑
-
පුළුවුස්දැ පුළුවත්දෑ-මු ↑
-
සත්කඩක් කොට ↑
-
තිහුණු, තිහින්, තිහිණ ↑
-
දළු * “මහන්තං සීසං කන්‍දලමකුලසදිසදාඨා” යනු අටුවා ඇත. පුස්කොළ පොත්හි නැත ද, අටුවායෙන් මෙහි ලා වැකිය පිරැවිණ. ↑
-
දෙලෙන් අවුල් සී ↑
-
වජ්‍රායුධයක් ↑
-
පුළුවුස්තුදු, පුළුවුසුදු ↑
-
විදුටීයහ විහිදිවන්නට ↑
-
දෙසුවදු ↑
-
ගන්නවුන් ↑
-
දකී, දකිති ↑
-
යක්හු ↑
-
බුදුන් ↑
-
දකී ↑
-
දකිත්ම ↑
-
සිරුරු, සිරිර ↑
-
පෙරළිණ ↑
-
යකෙකැයි. ↑
-
වාදාවර්තනයෙහි ↑
-
ලද්දෙහි ↑
-
දිටිමි ↑
-
මිසයයි ↑
-
පුළුවුසුවයි ↑
-
මගේ මය ↑
-
කියන ↑
-
එසේ හෙයින් මැ ↑
-
පවත්තිහොයි නො පවත්තිහොයි ↑
-
දුක් ↑
-
ගෙ ↑
-
ගන්නේ යැ ↑
-
නිසිහුගේමඩියෙක්, නිසිහු ගෙඩියෙක් ↑
-
සුහුඹුයෙන් ↑
-
බහවා ↑
-
සච්චකයාගෙ ↑
-
කියාවැටහු, කියහු ↑
-
පිරියස්මින් ↑
-
පත්පටි ↑
-
හඟහඟා ↑
-
බොරුද් ↑
-
පොවා ↑
-
අර ↑
-
සනිවටුජරන්, සනිවටුන්, නිවටුජරන් ↑
-
නො පොහොසත් ↑
-
එරමුදු, එරබදු ↑
-
එසියොතෙක් ↑
-
හැළ, ගැළවී ↑
-
වෙදනාමත් (වත්) වැ ↑
-
විසාරිතං-මු. ↑
-
ටඹටදු ↑
-
සතරඟුලක් තැන් පමණට ↑
-
මිහිඟයක් ↑
-
මහජනයො ↑
-
පෙරව, පෙරැවැ ↑
-
මහජනයන් ගෙ සැක ↑
-
බිම්පාඇඟිල්ලෙන්-මු, ↑
-
හුන්නාහු ↑
-
උපායෙක් ↑
-
හොවූ ද ↑
-
අඟක් ↑
-
දළ ↑
-
සිඳහු, සිඳපිහි ↑
-
නළ ↑
-
කකුළුවා ↑
-
පසුන් බැවින් වඳින්(න්) ට ↑
-
බට ↑
-
දිටුහයෙක් ↑
-
වහන්සේ ගේ ප්‍රඥා ↑
-
සිඳබිඳපියන ↑
-
උගන්වන ↑
-
කල ↑
-
හුනුවන් හු, වත්හු ↑
-
මුවගොනුවන්, මොහුගනුවන් ↑
-
බලබලා-මු ↑
-
පොපියා, පොපියුම්-මු ↑
-
ඇති ඇති වැ ↑
-
වටන්නට ↑
-
නොදේ ද ↑
-
පුළුවුත ↑
-
භවත්හුගෙ ↑
-
රූපයෙක් නොවෙයි ↑
-
අශෛක්ෂ ↑
-
විමොක්‍ෂ ↑
-
විමුක්තයන් ඇති ↑
-
ගරුකාර ↑
-
බුදුහු ↑
-
නටුම්හ, නටුවම්හ ↑
-
මහාත්‍රිමදගලිත ↑
-
නොවෙයි-හැම ↑
-
ගැටුණු ↑
-
අන්තරායක් ↑
-
බුදුන්ට ↑
-
බල ↑
-
සතරහු වනන්නෙ-මු ↑
-
කළ-මු ↑
-
එ සඟුන් ↑
-
නිසි වන්නේය යි යන පරිද්දෙන් ↑
-
බත්සැළි ↑
-
පිළිවෙල ↑
-
සපයා ↑
-
වැටෙවයි-මු ↑
-
පිදු-හැම ↑
-
වැඩ ↑
-
බඳු වූ ↑
-
දෙපට අඳනා සිවුර ↑
-
විදිලියයක්, විදුලියක් ↑
-
පවුල්, පවුල ↑
-
ගඳකෙලින් ↑
-
කෙරෙමින් ↑
-
ලදු, ලද් ↑
-
දය, ද ↑
-
සනිටුහන් ↑
-
නින්දාපැන, නිදාපැන ↑
-
ඔහුහට, ඔව්හට ↑
-
අයජු ↑
-
හින ↑
-
විශෙෂයෙන් ↑
-
පිහිටිවියැ ↑
-
පිරිනිවන් ↑
-
දෙසිය සතලිස්-හැම ↑
-
දකුණුගිරි වෙහෙරට, දකිණිගිරි වෙහෙරට ↑
-
ඇමැති කුලයෙක්හි ↑