සභිය නම් පරිබ්‍රාජකයා දැමු පරිදි කිසෙ යැ යත්: එක් සමයෙක්හි බුදුහු රජගහා නුවර නිසා ගන නිල් වෙළු වෙනෙන් පරිඛෙව්[1] ලද වන බැවින් වෙළුවන නම් ලද අටළොස්හත් පවුරු හා දොරොටු[2] ඇති පරමරමණීය වූ උයන්හි වැඩ වෙසෙති. එකල්හි සභිය නම් පරිබ්‍රාජකයෙක් ගොස් බුදුන් පැන පිළිවිත්.
එ කිසෙ යැ යත්:
පෙරෑ කසුඛුසම්මාසම්බුදුන් වහන්සෙ නොඑක් කප්කෙළ සුවහස් මතුයෙහි පැරුම් පුරා අවුදු තුසීපුරෙහි ඉපිදැ[3] දස දහස්ලොධාහි දෙව්බඹුන් ගෙ අයජමෙන් මිනිසුන් විසිවා දහසකට ආ ඇති කල්හි, තුසීපුරෙන් සැවැ බරණැස් නුවරැ බ්‍රහ්මදත්ත නම් බමුණා පිණිස ධනපති නම් බැමිණිය කුසැ පිළිසිඳ ගෙනැ දස මස් ඇවෑමෙන් ඉසිපතන් උයන්හි මවු කුසින් නික්මැ ගොත් විසින් කසුබු[4] නම් වැ හංසවත් නම් යශොවත් නම් ශ්‍රීනන්දන[5] නම් තුන් පහයැ අට සාලිස් දහසක් නළුවන් පිරිවරා දෙ වාදහසක් ගිහිගෙයි වාස[6] කොටැ අග මෙහෙසුන් සුනන්දා නම් බැමිණිය විජිතසෙන නම්[7] පුතකු ලද කල්හි, සතර නිමිත්ත දැකැ “මහබිනික්මන් කෙරෙමි” යි සිතු විගස පහය අහසට[8] නැඟි මහජනා නුවන් මන[9] වුලුඹු මින් ගොස් නුඟ මහබො ඇතුළු කොටැ බිමැ පිහිටි කල්හි, පහයින් නික්මැ පැවිජි වැ, නළුගණා පහයින් බැසැ[10] අඩ ගව්වක්[11] පමණ තැන් ගොස් සහපිරිවරින් කඳවුරු[12] බැඳැ හුන් කල්හි, තමන් අනු වැ පැවිජි වූ කෙළක් පමණ දෙනා[13] පිරිවරා සතියක් පධන්හි සැරැ සුනන්දා නම් බැමිණිය දුන් මීපිඬු වළඳා කිහිරිවනයෙහි[14] දිවාවිහාර කොටැ, සවස්හි සොම නම් යවපාලයක් හු දුන් අට මිටක් කුසතණ ගෙනැ නුගරුක් මුලට එළබැ තුන් යලක් පැදකුණු කොටැ පසළොස් හත් තණ පළඟ මතුයෙහි පැදුන්ලොධා බලා වැඩහිඳැ මාර විජය කොටැ සම්මාසම්බුදු වැ උදන් අනා සත් සතිය ගළවා[15] මහබඹහු ගෙ අයජමෙන් අහසින් ගොස් ඉසිපතන්හි දම්සක් පවත්වා කෙළදහස් දෙනා සසර මුහුදින් නඟා තිස්ස[16] නම් භාරද්වාජ නම් දෙ අගසව්වන්[17] හා සර්වමිත්‍ර නම් අගඋවටා මහතෙරුන් හා අනුලා නම් උරුවෙලා නම් දෙ අගසැවුන් හා සමඟ අනෙදහස් සඟුන් පිරිවරා නොඑක්දහස් මිණිදඬුවැට පහන් මැදැ දිලියෙන පහන්රුකක් සෙයින් වොරජමින් සැරිසැරැ [18]දහම්වාරෙ වස්වා කෙලෙස්රජසළා සන්හිඳුවා සොළොස්වාදහසක් සිට කසීරට තෙව්‍යපුර නම් නුවර අබියෙස්හි සෙතව්‍යවන නම් උයන්හි අනුපාසෙස්නිවන්ධයින් පිරිනිවියාහ. ධාතු නොසුන් වැ කසුන් කඳක් සෙයින් සිටියෙ යැ.
සියලු දඹදිව් වැස්සො රැස් වැ ගන රන් උළුයෙන් යොදුන්[19] අස්[20] දාගබ්[21] බඳහ.[22] මෙසෙ රුවන්දාගබ පිහිටි කල්හි කුලදරුවො සත් දෙනෙක් බුදුසස්නෙහි මහණ වැ සර අනුරූ[23] කමටහන් ගෙනැ පසන්[24] දනවු ගොස් වලැ මහණු වම් කරන්නාහු අතුරතුරෙහි බණ අසන්නට නුව එති. ආවාහු සඟුන් ගෙ පිළිවෙත් නොපෙළහර[25] සෙ දැකැ “සස්න අතුරුන් නොවන තුරු අපට පිහිටි කොටැ ගත මැනැවැ”යි රුවන්දාගබ වැඳැ අරණ්‍යයට[26] වැදැ එක් පර්වතයක් දැකැ “දිවියෙහි ආශා ඇති කෙනකුන් නවත්නෙ. නැති කෙනකුන් නැඟෙන්නෙ යැ”යි හිණි බැඳැ හැම දෙන මැ පර්වතයට නැඟී හිණ හෙළා-පියා මහණුවම් කොළො.
ඔවුන් කෙරෙහි මහලු මහතෙරහු තමන් උපනිඃශ්‍රය ඇති වන බැවින් එ මැ දා රෑ රාත් වැ සෘද්ධීන් හිමව්වට ගොස් නුතන්දහතෙළෙහි මුව දෙවැ නාලිය දැහැටු වළඳා උතුරු කුරුදිව් ගොස් බත්කිස නිමවා පා පුරා අහර හා නුතත් පැන් හා නාලිය දැහැටු ගෙනැ ඔවුන් කරා අවුදු, “ඇවැත්නි, මෙ උතුරුකුරුදිවින් අළ බත. මෙ හිමවියෙන් අළ දිය දැහැටැ. මෙ දියෙන් මුව දෙවැ මෙ දැහැටු කා මෙ අහර වළඳා මහණුවම් කරවු. මෙ සෙයින් මම් තොපට හැම කල්හි උපස්ථාන කෙරෙමි”යි කීහ. “වහන්සෙ, පළමු යම් කෙනෙක් රාත් වුහු ද, ඔවුන් අළ අහර වළඳා මහණුවම් කරම්හ යි මුලැ අප කළ ව්‍යවස්ථායෙක් ඇද්ද?”යි කීහ. “නැති ඇවැත්නි,” කීහ. “ඉදින් ඇපි දු තොප සෙ මැ නිපන්නමො නම්, ඇපි මැ ඇරැ වළඳම්හ[27]” යි නො ගිවිස්සහ.
අනෙක් දවස් වැළත මහතෙරහු[28] අනාගාමි වැ එ සෙයින්ම මැ අහර හා දිය දැහැටු ගෙනැ අවුදු වළඳා මහණුවම් කරන්නට කීහු. “වහන්සෙ, මහලු මහතෙරුන්[29] අල අහර නො වළඳා අනුතෙරුන් අළ අහර වළඳම්හ යි මුලැ අප කළ ව්‍යවස්ථායෙක් ඇද්ද?” යි[30] කීහ. “නැති, ඇවැත්නි,” කීහ. “ඉදින් ඇපි දු තොප සෙ මැ නිපන්නමො නම්, ඇපි මැ ඇරැ වළඳම්හ” යි නො ගිවිස්සහ. අනෙක් අනෙක් දවසුදු අවුදු එ සෙයින් ඔවුන් අයජනා[31]සෙ දැකැ, “වහන්සෙ, මොබ හා කරන කථාමාත්‍රයෙකුදු[32] අපට ප්‍රපඤ්ච යැ. මෙසෙ ද වඩනෙ කුමට දැ”යි කීහ. ඔහු යම් කවර පරියායෙකින් ඔවුන් නො ගිවිස්සියැ හී නැඟී වැඩියහ.
ඔවුන් කෙරෙ රාත් වූ මහතෙරහු පිරිනිවියාහ. අනාගාමි වූ මහතෙරහු සුදවස්[33] නම් බඹතෙලෙහි උපන්හ. තුබු පස් දෙන කිසි විශෙෂයක් නො ලදින් වියැළී සත් වන දවස් මියැ කමවජරි[34] දෙව්ලොව්හි උපැද[35] සදෙව්ලොවැ අනුලොම් පිළිලොම් විසින් දෙව්සැපත් වළඳා මෙ[36] බුදුරජයෙහි දෙව් ලොවින් සැවැ එකෙකි කුලගෙහි[37] උපන්හු. ඔවුන් කෙරෙහි එක් කෙනෙක් පොක්සි මහරජ වූහ. එක් කෙනෙක් කුමර
කසුබු මහතෙර වූහ. එක් කෙනෙක් දාරුචීර[38] මහතෙර වූහ. එක් කෙනෙක් දබ්මලුපුත්[39] මහතෙර වූහ. එක් කෙනෙක් සභියපරිබ්‍රාජක වූහ. එහි සභිය, පරිබ්‍රාජිකාවක කුසැ පිළිසිඳ ගත්
කිසෙ යැ යත්:
හො එක්තරා රජදුවකැ. ඇය සමයාන්තර උගන්වනු සඳහා එක් පරිබ්‍රාජකයක් හට දක්වා දුන්හු. ඔහු අතැවැසි පරිබ්‍රාජකයෙක් ඇය හා සසඟ[40] කෙළෙ. හො එයින් ගබ් ගත.[41] ඇය දැරි ඇතිසෙ[42] දැකැ පරිබ්‍රාජකයො නෙරැ-පීහ. හො අනෙක් තැනෙකැ යන්නී, අතර මඟැ සභායෙකැ වැදුව.[43] එයින් ඔව්හට සභිය නම් කළා. සභිය, තමා විය පත් කල්හි පරිබ්‍රාජක පැවිජියෙහි පැවිජි වැ නොඑක් වාද[44] උගෙනැ ‘මා හා වාද කරා’යි.[45] සියලු දඹදිව් තෙලෙහි ඇවිදුනෙ, තමා හා සුදුසු වාදියකු[46] නොදැකැ නුවරදොරැ ආශ්‍රමපදයක් කරවාගෙනැ රජකුමරු ආදීන් හික්මවමින් එහි වෙසෙයි.
එකල්හි බුදුහු දම්සක් පවත්වා අනුක්‍රමයෙන් රජගහා නුවර අවුදු වෙළුවන උයන්හි වැඩැ වෙසෙති. හෙ බුදුන් උපන් බව නොදන්නි. එකල්හි පෙරැ උහු හා ගල් නැඟී මහණුවම් කළ සුදවස් වැසි මහබඹ, සමවතින් නැඟී “මම් මෙ සුව කා ගෙ ආනුභාවයෙන් ලදිමි හො!” යි බලනුයෙ කසුඛුසම්මාසම්බුදුන් වහන්සෙගෙ සස්නෙහි මහණුවම් කළ පරිදි දු එ සබඳුනුදු සඳහන් කොටැ, “එක් කෙනෙක් පිරිනිවියහ. තුබුවො දැන් කොහි යැ හො!” යි අවජනෙ. දෙව්ලොවින් සැවැ දඹදිවැ උපන් බව් දැනැ “ඔවුන් කෙරෙහි සභිය, බුදුන් උපන් බව නොදන්නි. ඔහු බුදුන් කරා යන පරිද්දක් කළ මැනැවැ”යි විසි පැනයක් සිතා ගෙනැ රෑ අවුදු අහසැ සිටැ “සභිය, සභිය,” යි කැඳවී. හෙ නිදමින් හොත්තෙ, තුන් යලක් එ හඬ අසා නික්මැ දිලියෙන මහබඹහු දැකැ ඇඳිලි බැඳැ සිටියෙ යි. එ සඳැ එ බඹ, “සභිය, මම් තට විසි පැනයක් අළමි, එ උගනැ”යි කියා විසි පැනය කී. පරිබ්‍රාජක මහබඹහු කෙරෙහි විසි පැනය පිළිවෙලින් එකවටින් මැ උගත.[47] එමැ මහබඹ කුමරකසුබු මහතෙරනට පසළොස් පැනය කීවා සෙයින් මැ විසි පැනය උහුට කියා, දාරුචීර මහතෙරනට කීවා සෙයින් බුදුන් උපන් පරිදි නො කියා, “මෙහි අර්ථ සොයන පරිබ්‍රාජක, තෙමෙ මැ බුදුන් හැඳිනැ-ගන්නි. මෙයින් පිටත් මහණ බමුණන් සිස් බව් දන්නි” යන සිතින් “සභිය, යම් මහණෙක් හො බමුණෙක් හො තා මෙ පැන පුළුවුත් කලැ විසැජුයෙ[48] වී නම්, තො උහු කෙරෙ බ්‍රම්සර[49] වස්සරා”යි කියා බඹලො ගියෙ.
එකල්හි සභිය පරිබ්‍රාජක, දඹදිවැ ප්‍රසිද්ධ වූ බොහො, දෙනා විසින් සම්මත වූ පන්සිය පන්සිය ශිෂ්‍යපරිවාර ඇති පූරණකස්සප යැ, මක්ඛලිගොසාල යැ, අජිතකෙසකම්බල යැ, පකුධකච්චායන යැ, සඤ්ජයබෙලට්ඨිපුත්‍ර යැ, නිගණ්ඨනාථපුත්‍ර යැ යන “සව්නෙ ගෙවා දත්මහ, බුදුම්හ”යි පිළින කරන නුවටැජරන් සදෙනා කරා ගොස් පැන පුළුවුස්සී. එහු එ පැන නො විසැජියැ හී ක්‍රොධ කොටැ දැහැවැ උහු මැ පුළුවුස්ති. හෙ ඔවුන් සිස්සෙ දැකැ යම් තැනෙකැ සාරයක් නො දැකැ “ගිහිමිනිස් වැ පස් කම්ගුණ අනුභව කළ මැනැවැ”යි සිතී. එක්බිති “මහණ ගොයුම් සාධුජනයන් විසින් සම්මත යැ. ඔහු කරා ගොස්[50] පැන පුළුවුස්මී” සිතී.
එක්බිති “මෙවැනි මහලු සම්දරු වැ සිටි නුවටැජරන් නො විසැජු පැන ළදරු මහණ ගොයුම් මැ කුමක් විසජා!” යි සිතී. එක්බිති විතක්විසී නොවැ වැළිදු පිරික්සනුයෙ “මහණුන් දරුවහ යි[51] අවඥා නොකළ මැනැවැ. ඔහු දු මහත් සෘද්ධි ඇති වෙති. මහත් අනුභාව ඇති වෙති.[52] මහණ ගොයුම්හු කරා ගොස් මෙ[53] පැන පුළුවුත මැනැවැ”යි අනුක්‍රමයෙන් සැරි සරමින් රජගහා නුවර ගොස් වෙළුවන වෙහෙරැ බුදුන් කරා එළබැ සාමීචි කොටැ එකත්පස් වැ හිඳැ බුදුන් ගෙ රූප සම්පත්තීන් හා උපශමසම්පත්තීන් හැඟෙන සර්වඥභාවයෙ බුහුමන් කොටැ සන්හුන් සිත්
ඇති වැ පැන පුළුවුස්නට අවසර ගත්. එ සඳ බුද්හු “සභිය, නො පැන විසජනුවන් සොයා සත් සියක් යොජුන් තැන් ඇවිදැ දුරැ සිටැ ආයෙහි. තා කැමැති දැයක් පුළුවුස. මම් එ කියමි” සර්වඥ පවරුණෙන් පැවරුහ. එකල්හි සභිය පරිබ්‍රාජක විස්මිත වැ “සෙසු මහණ බමුණන් කෙරෙ මෙ පමණ අවකාශයකුද් නො ලද්මි”[54] සතුටු වැ විසි පැනය පිළිවෙලින් පිළිවිත. බුදුහු නිරවශෙෂයෙන් වීසැජුහු. පරිබ්‍රාජකයා පැන පුළුවුත් පරිදි දු බුදුන් පැන විසැජු පරිදි දු සුත්තනිපාතයෙහි සභියසුතින් දන්නෙ යැ.
එකල්හි සභිය පරිබ්‍රාජක කැපෙන සැතෙකින් මහනෙල් දඬුකලබක් කපන්නක්හු සෙයින් බුදුන් ගෙ විසිතුරු පැන විසජුම් අසා සතුටු සොම්නස් වැ තන්හි තන්හි සාධුකාර දී සමහරයෙහි[55] හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටැ බුදුනට ඇඳිලි බැඳැ -
“යා මෙ කඞ්ඛා පුරෙ ආසි තං මෙ ව්‍යාකාසි චක්ඛුම
අද්ධා මුනිසි සම්බුද්ධො නත්‍ථි නීවරණා තව”
යනාදි විසින් අට ගාථායෙකින් බුදුනට ස්තුති කොටැ “වහන්සෙ, මා මුදුනෙහි පළඳනට තොප පාපියුම් දී වදාරව”යි දෙ පත්ල ඉල්ලා ගෙනැ හිසැ තබා-ගෙනැ පසඟ පිහිටුවා වැඳැ තුණුරුවන් සරණ ගොස් පැවිජි අයදි යැ. එ සඳැ බුදුහු “සභිය, තීර්ථකයො මෙ සස්නෙහි පැවිජි වන කලැ සාර මසක් පිරිවෙස් වෙසෙති. සාරමස් අවසන්හි ආරාධිත සඟහු පැවිජි කෙරෙති” වදාළො. “ඉදින් වහන්සෙ, තීර්ථකයො මෙ සස්නෙහි පැවිජි වියටි කලැ සාරමසක් පිරිවෙස් වෙසෙද්ද, සාරමස් අවසන්හි ආරාධිත වූ සඟහු ඔවුන් පැවිජි කෙරෙද්ද, වහන්සෙ, මම සතර අවුරුද්දක් පිරිවෙස් වෙසෙමි. සතර අවුරුද් අවසන්හි මා පැවිජි කරන්නෙ යැ”යි කී යැ. එකල්හි බුදුහු ඔවුන් පැවිජි කැරැවූහ. ඔහු රාත් වූහු.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරුෂදම්‍යසාරථී’ වන බැවින් සභිය නම් පරිබ්‍රාජකයාද් ආදි ශබ්දයෙන් ගත් සකුලුදායි ඈ පරිබ්‍රාජකයනුද් දමා අමාමහනිවනින් පැමිණිවූහු.
පරිබ්‍රාජකදමන නම් අට වන පරිච්ඡෙද නිමි.
-
පිළිඛෙම් ↑
-
දොරටු ↑
-
උපැද ↑
-
කසුඛ් ↑
-
ශ්‍රීනන්දා ශ්‍රිනිදා ↑
-
ගිහිගෙයි වැස ↑
-
විජනසෙන ↑
-
පහයට නැඟී ↑
-
මනනුවන් ↑
-
බා ↑
-
දෙගවු, දෙගව්වක් ↑
-
කඳයුරු ↑
-
කෙළක්දෙනා ↑
-
කිහිරුවනයෙහි ↑
-
ගළපා ↑
-
තිස් ↑
-
සවුන්, සැව්වන්-මු ↑
-
සැරිසරා ↑
-
යොදුනක් ↑
-
උස ↑
-
දාගබක් ↑
-
බැන්දුහ, ↑
-
සැරඅනුරූ, සාර අනුරු ↑
-
පසත් ↑
-
පැළහර ↑
-
අරණ්‍යපුරයට ↑
-
නම්..... අහර වළඳම්හයි ↑
-
මහලු මහතෙරහු ↑
-
මහතෙර ↑
-
ඇත්තේ දැයි ↑
-
අවජනා ↑
-
කථායෙකුදු ↑
-
සදසතු, සුසත, සුදස්ස ↑
-
කාමාවචර, කම්වජරි ↑
-
ඉපද ↑
-
මෙබව ↑
-
ඒ ඒ කුලෙහි-මු ↑
-
දාරුචීවර ↑
-
දම්පල්පුත්තිස්-හැම ↑
-
සමඟ ↑
-
ගබ ගත් ↑
-
දැරියසෙ ↑
-
වැදෑව ↑
-
වාදහස් ↑
-
මහාවාද කරයි-මු ↑
-
වාදයක්, වාදියක් ↑
-
ඉගෙන ↑
-
විසදුයෙ ↑
-
බ්‍රහ්මසර, බ්‍රම්හම්සර ↑
-
ගොසින් ↑
-
දරුවන්හයි ↑
-
ඇති ↑
-
මෙසෙ ↑
-
ලදුමි ↑
-
සමාහාරයෙහි ↑