අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වීථි සංග්‍රහ විභාගය

ලොකට්‍යවහාර වශයෙන් මිනිසුන්ගේ ගමන මාර්ගයට වීථි යයි කියනු ලැබේ. චිත්ත ප්‍රවෘත්ති ක්‍රමය ද, මේ ගමන මාර්ගය වැනි හෙයින් වීථි යන නාමයෙන් ව්‍යවහාර වේ. තවද, ආචර්ජ නාදි අනෙක චිත්ත පරිපාටිය කරණකොටගෙණ සිත් එකිනෙක ගැවීම යන අර්ථයෙන්ද, නොයෙක් ආකාරවූ චිත්ත පරිපාටිය සදො රෙහි හටගනියි යන අර්ථයෙන්ද, චිත්ත සන්තානයාගේ පැවතීම යන අර්ථයෙන්ද, වීථි නම් වේ. එබැවින් සදොරින් යම්කිසි එක් ද්වාරයකින් ගත් අරමුණක් එල්බගෙණ අතරක් නැතිව පිළිවෙලින් උපදින යම් සිත් පෙළක් වේද, එයට චිත්ත වීථිය යයි කියති.