අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නියතානියත යෝගී චෛතසිකයෝ

චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය දක්වන කල්හි ඇතැම් චෛතසිකයෝ සමහර සිත්හි නියත වශයෙන් ද, ඇතැම් චෛතසිකයෝ අනියත වශයෙන්ද යෙදෙන බව පෙන්වා දෙන ලදී. යම් යම් සිත්හි යෙදෙන චෛතසිකයෝ ඒ ඒ සිත්හි ස්ථිර වශයෙන්ම යෙදෙන්නේ නම්, ඒ චෛතසිකයන්ට නියතයොගි චෛතසිකයෝ යයි කියනු ලැබේ. ඇතැම් සිතෙක් සමහර විටෙක යෙදී සමහර විටෙක චෛතසිකයන්ට අනියතයොගි චෛතසිකයෝ කියති. නො යෙදෙන

තෙළෙස් අන්‍යසමාන චෛතසිකයෝ යෙදෙන සිත්හි නියත වශයෙන් ම යෙදෙන බැවින් නියතයොගි වේ.

තුදුස් අකුසල චෛතසිකයන් අතුරෙන් මොහ චතුස්කය, ලෝභය, දිට්ඨිය, දෝසය, විචිකිච්ඡාව යන අට තමන් යෙදෙන අකුසල් සිත්හි නියත වශයෙන් ම යෙදෙන හෙයින් නියතයොගි නම් වේ. ඉතිරි සය, එනම් මානය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චය, ථීනය සහ මිද්ධය අනියත යොගී වේ. මානය, තමා යෙදෙන සිත්හි කිසි විටෙක යෙදෙයි. කිසි විටෙක නො යෙදෙයි. ඉස්සා, මච්ඡරිය, කුක්කුච්චය යන චෛතසික තුන තමන් යෙදෙන සිත්හි කිසි විටෙක වෙන් වෙන්ව යෙදේ. ථීනය සහ මිද්ධය, හැම විටම එක්වම තමන් යෙදෙන සිත්හි කිසි විටෙක යෙදෙයි. කිසි විටෙක නො යෙදෙයි.

පස්විසි සෝභන චෛතසිකයන් අතුරෙන් එකුන්විසි (19) සෝභන සාධාරණ චෛතසිකයෝ සියලුම සෝභන සිත්හි යෙදෙන බැවින් නියත යොගී වේ. විරතිත්‍රය සහ අප්පමඤ්ඤා දෙක යන චෛතසිකයෝ පස්දෙනා අනියත යොගී වේ. තමන් යෙදෙන සෝභන සිත්හි කිසි විටෙක වෙන් වෙන්ව යෙදෙන්නේය. පඤ්- ඤින්ද්‍රිය චෛතසිකය ද, තමා යෙදෙන සිත්හි ස්ථිරව යෙදෙන හෙයින් නියතයොගී වේ. ලොකොත්තර සිත්හි විරතිත්‍රය නියතයොගි වේ.

සැකෙවින් මේ නියතානියත යෝගය මෙසේ දත යුතුයි.

චෛතසිකනියත යෝගීඅනියත යෝගී
අන්‍යසමාන 13තමන් යෙදෙන සිත්හි නියතයනැත
අකුසල
  • මොහ චතුස්කය 4
  • ලොභය හා දිට්ඨිය 2
  • දොසය 1
  • විචිකිච්ඡාව 1
8 තමන් යෙදෙන සිත්හි නියතය
ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන තුන තමන් යෙදෙන සිත්හි කිසි විටෙක වෙන් වෙන්ව යෙදෙයි. මානය, තමා යෙදෙන සිත්හි කිසි විටෙක යෙදෙයි. ථීනය සහ මිද්ධය, හැම විටම එක්වම තමන් යෙදෙන සිත්හි කිසි විටෙක යෙදෙයි.
සොභන
  • සොභන සාධාරණ 19
  • පඤ්ඤින්ද්‍රිය 1
20 තමන් යෙදෙන සිත්හි නියතය
විරතිත්‍රය සහ අප්පමඤ්ඤා දෙක තමන් යෙදෙන සිත්හි වෙන් වෙන්ව යෙදෙයි. ලොකොත්තර සිත්හි විරතිත්‍රය නියතය.