චෛතසික සංග්‍රහ විභාගය
චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්මයන් අතුරෙන් චෛතසිකය දෙවැනි පරමාර්ථය වේ. සිතක් හට ගැනී මේදී චෛතසිකයන් නැතිව නූපදී. චෛතසිකයන්ට ද සිතක් නැතිව ඉපදීමට නොහැකි වේ. සිතින් කරනු ලබන යම් කෘත්‍යයක් වේනම් මේ චෛතසිකයන්ගේ ශක්තියෙන් ම කළයුතු වේ. බලවත්ව යෙදුන චෛතසික ඇති සිත් බලවත් වේ. දුර්වල සිත්වල චෛතසිකයන් දුර්වල වේ. සිතත් සමගම, සිතටම ඇතුළත්ව පවතින මේ දෙපනස් (52) චෛතසික ධර්මයෝ සිතම පූර්වාඞ්ගම කොට ඇත්තාහුය. චිත්ත චෛතසික දෙදෙනාගෙන් සිත ප්‍රධානය. චෛතසිකයෝ අප්‍රධානය.