අර්ථ ප්‍රඥප්ති
- සමූහ ප්‍රඥප්ති - පෘථිවි, පර්වත, ගංගා සාගර යනාදිය සමූහ ප්‍රඥප්ති නම්.
- සණ්ඨාන ප්‍රඥප්ති - රථ ආදිය.
- සත්‍ව ප්‍රඥප්ති - පුරුෂ, පුද්ගල, දිව්‍ය, මනුෂ්‍යාදිය.
- දිසා ප්‍රඥප්ති - පෙර අපර ආදි දිසා.
- කාල ප්‍රඥප්ති - උදය, සවස, රාත්‍රි ආදිය.
- ආකාශ ප්‍රඥප්ති - කූප ගුහා ආදිය.
- නිමිත්ත ප්‍රඥප්ති - පතකර්ම, උද්ගත නිමිති ආදිය.
නාම ප්‍රඥප්ති - පරමාර්‍ත්‍ථයන්ට හෝ අර්‍ත්‍ථ ප්‍රඥප්තීන්ට හෝ පණවන නම්ය.
- විද්‍යමාන ප්‍රඥප්ති පරමාර්‍ත්‍ථ වශයෙන් විද්‍යමාන රූප, වේදනා ආදියට රූප, වේදනා ආදියයි කියති.
- අවිද්‍යමාන ප්‍රඥප්ති පරමාර්‍ත්‍ථ වශයෙන් නැති, ධාතු විකාරයක්මවූ භූමි, පර්‍වත ආදියට - භූමි, පර්‍වතයයි කියති.
- විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති පරමාර්‍ත්‍ථ වශයෙන් අභිඥා ඇත. ඒ අභිඥා ලැබූ පුද්ගලයාට ෂඩභිඥ යයි කියති. හේ අවිද්‍යමානය.
- අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති ස්ත්‍රී ශබ්දයයි කී කල්හි පරමාර්‍ත්‍ථ වශයෙන් ස්ත්‍රියක් නැතත්, ස්ත්‍රියගේ ශබ්දයක් ඇත.
- විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති චක්‍ෂුර්විඥානයයි කී තැන පරමාර්‍ත්‍ථ වශයෙන් චක්‍ෂුර් ප්‍රසාදයක්ද ඇත. විඥානයක්ද ඇත.
- අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති රාජපුත්‍ර යයි කී කල්හි පරමාර්‍ත්‍ථ වශයෙන් රජෙක්ද නැත. පුත්‍රයෙක්ද නැත.