අස්ථි ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය
- සහජාතාස්ථි ප්‍රත්‍යයේ ස්වරූපයෝ සහජාත ප්‍රත්‍යයෙහි මෙන්ද,
- වස්තු පුරේජාතාස්ථි ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්තු පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන්ද,
- වස්ත්‍වාරම්මණ පුරේජාතාස්ථි ප්‍රත්‍යයේ ස්වරූපයෝ වස්ත්‍වාරම්මණ පුරේජාත නිශ්‍රය ප්‍රත්‍යයෙහි මෙන්ද,
- ආරම්මණ පුරේජාතාස්ථි ප්‍රත්‍යයේ ස්වරූපයෝ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි මෙන්ද,
- පච්ඡාජාතාත්‍ථි ප්‍රත්‍යයයේ ස්වරූපයෝ පච්ඡාජාතප්‍රත්‍යයෙහි මෙන්ද,
- ආහාරාත්‍ථි ප්‍රත්‍යයයේ ස්වරූපයෝ රූපාහාර ප්‍රත්‍යයෙහි මෙන්ද,
- ඉන්ද්‍රියාත්‍ථි ප්‍රත්‍යයයේ ස්වරූපයෝ රූප ජීවිතෙන්ද්‍රිය ප්‍රත්‍යයෙහි මෙන් ද දතයුත්තාහ.
අත්‍ථි ප්‍රත්‍යය පිළිබඳ විසර්ජනාවාර හෙවත් විපි- තෙලෙසකි.
1. වීථිය
කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසල ධර්මයට අත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසල ධර්මයට අත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසල ධර්මයෝ නම්:
එක්විසි කුසල් සිත් හා අටතිස් චෛතසික ධර්මයෝ ය.
මෙහි අනුවාදය වශයෙන් -
- කුසලො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අත්ථි පච්චයෙන පච්චයො.
(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන කුසල නාම ධර්මයන් පිළිබඳ වූ සතර නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි නාමස්කන්‍ධ තුනට අත්‍ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අත්ථි පච්චයෙන පච්චයො.
(එම කුසල නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- මෙ ඛන්‍ධා චිත්තං ඛන්‍ධානං අත්ථි පච්චයෙන පච්චයො.
(එම කුසල නාමස්කන්‍ධයන් අතුරෙන් නාමස්කන්‍ධ දෙකක් ඉතිරි නාමස්කන්‍ධ දෙකට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
2. වීථිය
කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො, සහජාතං පච්ඡාජාතං.
(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාස්ථි පච්ඡාජාතාස්ථි යන අස්ථි ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
මෙහි සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් අව්‍යාකෘත ධර්මයට උපකාර වන කුසල ධර්මයෝ නම්:
(කුසල් සිත් එක්විස්සය (21), චෛතසික අටතිසය (38) යන අවයව වූද, සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්-
කුසල චිත්තජ රූපයෝ යි.
මෙහි පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් අව්‍යාකෘත ධර්මයට උපකාරවන කුසල ධර්මයෝ නම්-
පසුව පසුව උපදනා එක්විසි (21) කුසල චිත්තයෝ ය, චෛතසික අටතිසය (38) යන අවයව වූද, සමූහවූද නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘතධර්මයෝ නම්-
ව්‍යවස්ථාපන මනොචාරාවජ්ජනාදී පූර්‍ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතියට පැමිණි තිජ, චතුජ කායයෝ ය.
මෙහි අනුවාද වශයෙන්:
සහජාතාස්ථි ප්‍රත්‍යය
සහජාතා-කුසලාඛන්‍ධා චිත්තසමුට්ඨානානං රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(කුසල් සිත් එක්විස්සය, චෛතසික අටතිසය යන නාමස්කන්‍ධයෝ කුසල චිත්තජ රූපයන්ට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය.
පච්ඡාජාතා- කුසලා ඛන්‍ධා පුරේජාතස්ස ඉමස්සකායස්ස අත්‍ථි පච්චයෙන පච්චයො.
(පච්ඡාජාතවූ හෙවත් පසුව උපදනා කුසල නාමස්කන්‍ධයෝ පූර්‍වයෙහි උපන් තිජ චතුජ කායයන්ට පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
3. වීථිය
කුසලො ධම්මො කුසලස්සච අබ්‍යාකතස්සචධම්මස්ස අත්‍ථි පච්චයෙන පච්චයො.
(කුසල ධර්මය කුසලාව්‍යාකෘත ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
මෙහි කුසලාව්‍යාකෘත ධර්මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්:
එක්විසි කුසල චිත්තයෝ ය, චෛතසික අටතිසය යන අවයව වූද, සමූහ වූද කුසල නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම් එම කුසල නාමස්කන්‍ධයන් හා කුසල චිත්තජ රූපයෝ ය.
මෙහි අනුවාදය වශයෙන්:
- කුසලො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො
(එක්විසි කුසල චිත්තයෝ ය, චෛතසික අටතිසය සත කුසල නාමස්කන්‍ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි කුසල නාමස්කන්‍ධ තුනට හා කුසල චිත්තජ රූපයන්ටද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(කුසල නාමස්කන්‍ධ තුනක් ඉතිරි එක් කුසල නාමස්කන්‍ධයට හා කුසල චිත්තජ රූපයන්ටද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො.
(කුසල නාමස්කන්‍ධ දෙකක් ඉතිරි කුසල නාමස්කන්‍ධ දෙකට හා කුසල චිත්තජ රූපයන්ට ද අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
4. විථිය. අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො.
(අකුසල ධර්‍මය අකුසල ධර්‍මයට අස්ථිප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
අකුසල ධර්‍මයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය චෛතසික සත් විස්සය යන අවයව වූ ද, සමූහ වූ ද අකුසල නාමස්කන්‍ධයෝ ය.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම්:
අකුසල් සිත් දොළොසය චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්‍ධයෝ ය.
මෙහි අනුවාද වශයෙන්:
- අකුසලො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං අත්ථි පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්ධයන් අතුරෙන් එක් නාමස්කන්ධයක් ඉතිරි අකුසල නාමස්කන්ධ තුනට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- තයො ඛන්ධා එකස්ස ඛන්ධස්ස අත්ථි පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්ධ තුනක් ඉතිරි එක් නාමස්කන්ධයට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
- ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං අත්ථි පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්ධ දෙකක් ඉතිරි අකුසල නාමස්කන්ධ දෙකට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
5. වීථිය
අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස අත්ථි පච්චයෙන පච්චයො - සහජාතං පච්ඡාජාතං.
(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට සහජාතාස්ථි, පච්ඡාජාතාස්ථි යන අස්ථි ප්‍රත්‍යය ශක්ති දෙකෙන් උපකාර වේ.)
මෙහි අව්‍යාකෘත ධර්මයට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්-
අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අවයව වූ ද, සමූහ වූ ද අකුසල නාමස්කන්ධයෝ යි.
ප්‍රත්‍යොත්පත්ත වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
අකුසල චිත්තජ රූපයෝ යි.
අව්‍යාකෘත ධර්මයට පච්ඡාජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:
පසුව පසුව උපදනා අකුසල් සිත් දොළොසය, චෛතසික සත්විස්සය යන අකුසල නාමස්කන්ධයෝ යි.
ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:
පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත වූ තිජ චතුජ කායයෝ ය.
මෙහි අනුවාද වශයෙන්:
- සහජාතා අකුසලා ඛන්‍ධා චිත්ත සමුට්ඨානානං රූපානං අත්‍ථි පච්චයෙන පච්චයො. (අකුසල නාමස්කන්‍ධයෝ සහජාතවූ අකුසල චිත්තජ රූපයනට සහජාතාස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
- පච්ඡාජාතා අකුසලා ඛන්‍ධා පුරෙජාතස්ස ඉමස්ස කයස්ස අත්‍ථි පච්චයෙන පච්චයො. (පසුව පසුව උපදනා අකුසල නාමස්කන්‍ධයෝ පූර්ව පූර්ව චිත්තයන් හා ඉපිද ස්ථිතිප්‍රාප්ත වූ තිජ චතුජ කායයන්ට අස්ථි ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)