භාවය
1. ලක්ෂණ සහිත වූ ඒකාන්ත පරමාත්ථස්වභාව ධර්මයෝ දෙසැත්තැවක් යට කියන ලදහ. දැන් ඔවුන්ගේ සමුච්චය සඞ්ග්‍රහය යෙදෙන පරිදි කියමි.
2. අකුසල සඞ්ග්‍රහය, මිශ්‍රක සඞ්ග්‍රහය, බොධි පාක්ෂික සඞ්ග්‍රහය, සර්ව සඞ්ග්‍රහය යි චතුර්විධවූ සමුච්චය සඞ්ග්‍රහය දත යුතුය.
3. කෙසේද? අකුසල සඞ්ග්‍රහයෙහි ආශ්‍රවයෝ සතර දෙනෙකි. කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්රව, කියායි.
4. ඕඝයෝ සතර දෙනෙකි. එනම් කාමොඝ භවොඝ දිට්ඨොඝ, අවිජ්ජොඝ.
5. යෝගයෝ සතර දෙනෙකි. එනම් කාමයෝග, භවයෝග, දිට්ඨියෝග, අවිද්‍යායෝග.
6. ග්රන්ථයෝ සතර දෙනෙකි. අභිධ්‍යාකාය ග්‍රන්ථය, ව්යාපාදකාය ග්‍රන්ථය, සීලබ්බත පරාමාස කායග්රන්ථය ඉදං සච්චාභිනිවෙස කාය ග්‍රන්ථය.
7. උපාදානයෝ සතර දෙනෙකි. කාමුපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදුපාදාන.
8. නීවරණයෝ සදෙනෙකි. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය,
9. අනුසයෝ සත්දෙනෙකි. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය.
10. සංයොජනයෝ දසදෙනෙකි. කාමරාග සංයොජනය, රූපරාග සංයොජනය, අරූපරාගසංයොජනය, පටිඝසංයොජනය, මානසංයොජනය, දිට්ඨිසංයොජනය, සීලබ්බත පරාමාස සංයොජනය, විචිකිච්ඡාසංයොජනය, උද්ධච්ච සංයොජනය, අවිජ්ජා සංයොජනය, මෙය සූත්රාන්තක්රමයයි.
11. අභිධම්ම සංයෝජනයෝ දසදෙනෙකි. කාමරාග සංයොජනය, භවරාග සංයොජනය, පටිඝසංයොජනය, මානසංයොජනය, දිට්ඨිසංයොජනය, සීලබ්බත පරාමාස සංයොජනය, විචිකිච්ඡා සංයොජනය, ඉස්සා සංයොජනය, මච්ඡරිය සංයොජනය, අවිජ්ජා සංයොජනය, මෙය අභිධර්මයෙහි ආක්රමයයි.
12. ක්ලේශයෝ දසදෙනෙකි. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්පය,
13. මෙහි ආශ්රවාදීන් අතුරෙන් කාම නාමයෙන් හා භවනාමයෙන්ද, කාමය හා භවය අරමුණු කරණ තෘෂ්ණාව අභිමතයි. සීලබ්බතපරාමාසය, ඉදං සච්චාභි නිවෙසය, අත්තවාදය යන්නෙහිද ඒ ඒ ආකාරයෙන් පවත්නා දිට්ඨි චෛතසිකයම කියනු ලැබේ.
14. පරමාර්ත්ථස්වභාව වශයෙන් ආශ්‍රව, ඕඝ, යොඝ, ග්රන්ථ යන ධර්මයෝ තිදෙන බැගින් වෙති. උපාදානයෝ දෙදෙනෙකි, නීවරණයෝ අටදෙනෙකි. අනුසය ධර්මයෝ සදෙනෙකි. සංයෝජනයෝ නව දෙනෙකි. ක්ලේශයෝ දසදෙනෙකි. මෙසේ නව ආකාරයකින් සංග්රහවෙත්.
15. මිශ්‍රක සඞ්ග්‍රහයෙහි හේතූහු සදෙනෙකි. ලෝභය ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය.
16. ධ්‍යානාඞ්ගයෝ සත් දෙනෙකි. විතර්කය, විචාරය, ප්‍රීතිය, ඒකාග්‍රතාවය, සෝමනස්සය, දෝමනස්සය උපෙක්ඛාය.
17. මාර්‍ගාඞ්ගයෝ දොළොසෙකි. සම්මාදිට්ඨිය සම්මා සඞ්කප්පය සම්මාවාචාය සම්මාකම්මන්තය සම්මා ආජීවය සම්මාවායාමය සම්මාසතිය සම්මාසමාධිය මිච්ඡාදිට්ඨිය මිච්ඡාසඞ්කප්පය මිච්ඡාවායාමය මිච්ඡාසමාධිය.
18. ඉන්ද්රියයෝ දෙවිස්සෙකි. චක්ඛුන්‍ද්‍රිය සොතින්ද්රිය ඝානින්‍ද්‍රිය ජිව්හින්ද්රිය කායින්ද්රිය ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්ද්රිය මනින්‍ද්‍රිය සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය සද්ධින්ද්රිය විරියින්ද්රිය සතින්ද්රිය සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය.
19. බලධර්මයෝ නවදෙනෙකි. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, අහිරික බලය, අනෝත්තප්ප බලය.
20. අධිපති ධර්ම සතරෙකි. ඡන්දාධිපති, චිත්තාධිපති, විරියාධිපති, වීමංසාධිපති.
21. ආහාරයෝ සිව් දෙනෙකි. කබළීකාරාහාරය, දෙවැනිවූ ඵස්සාහාරය, තුන් වැනිවූ මනෝසඤ්චේතනාහාරය, සිව්වැනිවූ විඤ්ඤාණාහාරය.
22. මෙහි ඉන්ද්රියයන් අතුරෙන් සොවාන් මගනුවණ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යයිද, අර්හත් ඵල නුවණ අඤ්ඤාතාවින්‍ද්‍රිය යයිද, මධ්‍යයෙහිවූ ඤාණ සය අඤ්ඤින්‍ද්‍රිය යයිද කියනු ලැබෙත්. ජීවිතින්ද්රියද රූපජීවිතින්ද්රිය, අරු ජීවිතින්ද්රිය යයි දෙවැදෑරුම් වෙත්.
23. දෙපස්විඤ්ඤාණයන්හි ධ්යානාඞ්ගයෝද, අවිරිය සිත්හි බලධර්මයෝද, අහේතුක චිත්තයන්හි මාර්ගාඞ්ගයෝද නොලැබෙත්.
24. එසේම විචිකිච්ඡා සිත්හි එකග්රතාවය, මාර්ග, ඉන්ද්රිය, බල භාවයට නො පැමිණේ.
25. ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හිම එකම අධිපති ධර්මයෙක් සම්භවන පරිදි ලැබේ.
26. පරමාර්ථස්වභාව වශයෙන් හේතු සයෙකි. ධ්‍යානාඞ්ග පසෙකි. මාර්ගාඞ්ග නවයෙකි. ඉන්ද්රිය ධර්ම සොළොසෙකි. බල ධර්ම නවයෙකැයි කියන ලදහ. අධි පතිහු සිව් දෙනෙකැයි ද, එසේම ආහාරයෝ සිව් දෙනෙකැයිද මෙසේ කුසලාදියෙන් සමාකිණ්ණවූ මිශ්‍රක සඞ්ග්‍රහය සත් ආකාරයකින් කියන ලදී.
27. බෝධිපක්ඛිය සඞ්ග්‍රහයෙහි සතිපට්ඨාන සතරෙකි. කායානුපස්සනා සතිපට්ඨානය, වෙදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය.
28. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි. උපන් අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස ව්‍යායාමය, නූපන් අකුසල ධර්මයන්ගේ නො ඉපදීම පිණිස ව්‍යායාමය, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස ව්‍යායාමය, උපන් කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ව්‍යායාමය.
29. ඉද්ධිපාද සතරෙකි. ඡන්දිද්ධිපාදය, චිත්තිද්ධිපාදය, වීරියිද්ධිපාදය, වීමංසිද්ධි පාදය.
30. ඉන්ද්රිය ධර්ම පස් දෙනෙකි. සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය.
31. බල ධර්ම පස්දෙනෙකි. සද්ධාබලය, විරියබලය, සති බලය, සමාධිබලය, පඤ්ඤා බලය.
32. බොජ්ඣඞ්ග ධර්ම සත් දෙනෙකි. සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය.
33. මාර්‍ගාඞ්ගයෝ අට දෙනෙකි සම්මාදිට්ඨිය, සම්මා සඞ්කප්පය, සම්මා වාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය.
34. මෙහි සතර සතිපට්ඨානයෝ එකම සම්මා සතිය යයි කියනු ලැබේ.
35. එසේම සතර සම්මප්පධානයෝ සම්මා වායාමය මැයි.
36. ඡන්ද, චිත්ත, තත්රමජ්ඣත්ත උපෙක්ඛාව, සද්ධා, පස්සද්ධි, පීති, සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප, සම්මා වායාම, විරතිත්රයද, සම්මා සතිය, සම්මා සමාධිය යයි පරමාර්‍ත්‍ථ ස්වභාව වශයෙන් බොධි පාක්ෂික ධර්මයෝ තුදුසෙක් වෙති. එහි සඞ්ග්‍රහය සත් වැදෑරුම් වේ.
37. සඞ්කප්ප, පස්සද්ධි, පීති, උපෙක්ඛා, ඡන්ද, චිත්ත, විරතිත්රය යන නවය එක් තැනෙකද, විරිය නව තැනෙකද, සතිය අට තැනෙකද, සමාධිය සිව් තැනෙකද, ප්‍රඥාව පස් තැනෙකද, ශ්‍රද්ධාව දෙ තැනකද ලැබෙති මෙය උතුම්වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ගේ ප්‍රවරවූ විභාගයයි.
38. මේ සියලු ධර්මයෝ ලොකොත්තර සිත්හි ලැබෙත්. සඞ්කප්ප පීති දෙදෙන ඇතැම් ලොකොත්තර සිත්හි නොලැබෙති. ෂට්විශුද්ධීන් ඇති කල්හි ලෞකික චිත්තයන්හි සුදුසු පරිදි යෙදෙති. 39. සර්වසඞ්ග්රහයෙහි ස්කන්ධයෝ පස් දෙනෙකි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය.
40. උපාදානස්කන්ධයෝ පස් දෙනෙකි. රුපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සඤ්ඤූපාදානස්කන්ධය, සඞ්ඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්ධය.
41. ආයතනයෝ දොළොසෙකි. චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය.
42. ධාතූහු අටළොසෙකි. චක්ඛුධාතු, සොතධාතු, ඝාණධාතු, ජිව්හාධාතු, කායධාතු, රූපධාතු, සද්දධාතු, ගන්ධධාතු, රසධාතු, පොට්ඨබ්බධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, මනොවිඤ්ඤාණධාතු, ධම්මධාතු.
43. ආර්‍ය්‍යසත්‍යයෝ සතරෙකි. දුක්ඛාර්‍ය්‍යසත්‍යය, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛනිරොධාර්ය්ය සත්‍යය, දුක්ඛනිරොධගාමිනිප්රතිපදාආර්ය්යසත්යය.
44. මෙහි චෛතසික සුඛුමරූප, නිර්වාණ වශයෙන් එකුන්සැත්තෑධර්මයෝ ධර්මායතනයයිද ධම්මධාතු යයි ද සඞ්ඛ්‍යාවට යෙත්.
45. මනායතනයම සප්තවිඤ්ඤාණධාතු වශයෙන් බෙදෙන්නේය.
46. රූපයද, වේදනා, සංඥාචෛතසිකද, සෙසුචෛතසිකද, විඤ්ඤාණයද යන මේ පස්දෙන පඤ්චස්කන්ධයෝයයි කියන ලදහ.
47. ත්‍රෛභූමික වූ රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර විඤ්ඤාණයෝ පඤ්චුපාදානස්කන්ධයෝයයි දන්නාලදහ. නිවණ භෙද නැතිහෙයින් ස්කන්ධසංග්රහයෙන් වෙන්කරණ ලදී.
48. චාර ආලම්බන භෙදයෙන් ආයතන දොළොසෙක් වෙති. චාරාලම්බනයන්ගේ ද, ඔවුන් නිසා හටගත් විඤ්ඤාණයන්ගේ ද ක්‍රමයෙන් ධාතූහු අටළොසෙකි.
49. ත්‍රෛභූමික වෘත්තය දුක්ඛසත්යයනමි. තෘෂ්ණාව සමුදය සත්‍යය නමි. නිර්වාණය නිරෝධසත්‍යය නමි. ලෝකෝත්තර වූ මාර්‍ගාඞ්ගයෝ මාර්ග සත්‍යයයි දතයුතු.
50. මාර්ග සිත් හා සම්ප්‍රයුක්ත වූ ද ඵල සිත් හා සම්ප්‍රයුක්ත වූ ද ධර්මයෝ චතුස්සත්‍යයෙන් විනිර්මුක්තයහ. මෙසේ පඤ්ච ප්රභෙදයෙන් සර්ව සංග්‍රහය කියන ලදි.
මෙසේ අභිධර්මාර්ථ සඞ්ග්‍රහයෙහි සමුච්චය සඞ්ග්‍රහ විභාගය නම් වූ සප්තම පරිච්ඡෙදය නිමි.