5. චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථි.

චිත්තක්‍ෂණ සතරේ පටන් නවය දක්වා ආයු ඉක්මැ ගිය රූප ආපාතගත වීමෙන් පරිත්තාරම්මණ චිත්ත වීථි ලැබුණු සැටි යට දක්වන ලදී, චිත්තක්‍ෂණ දසයේ පටන් පසළොස දක්වා ඉක්ම ගිය රූප ආපාතගත වීමෙන් ලැබෙන අතිපරිත්තාරම්මණ චිත්ත වීථි මෙහි දක්වනු ලැබේ.

1. චිත්තක්‍ෂණ දසයක් ඉක්ම ගිය සප්ත චිත්තක්‍ෂණායුෂ්ක රූපයෙක් චක්‍ෂුර්ද්වාරයට ආපාතගත වූයේයයි සලකනු. එවිට එකොළොස් වන චිත්තක්‍ෂණාවස්ථායෙහි භවාඞ්ග චලන වේ. මතු වොත්‍ථපන දෙකක් වත්න උපදින තෙක් රූපය නො පවතින බැවින් ඉන් ඔබ භවඞ්ගු පච්ඡෙදාදි කිසි වෙනසකට නො පැමිණැ යලි දු සිත භවාඞ්ගයට ම බස්නේ ය. එහි වින්‍යාසය මෙසේ යි.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-1.

...

....

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි එකොළොස් වැන්න භවඞ්ග චලන වූ සැටි ද, සෙස්ස භවඞ්ග ම වූ සැටි ද බලනු. රූපය ඇසේ හැපුණා විනා ඒ අරමුණ කොට එක වීථි සිතෙක් වත් නූපන්නේ ය. භවඞ්ග චලන ද භවඞ්ග ම බැවින් ඒ සියල්ලට අරමුණු වූයේ පූර්ව කර්මාදීන් අතුරෙන් එකකි. මේ රූපය නො වේ. එය දක්වනු පිණිස යට රේඛාව සම්පූර්ණ කොට යොදන ලදි. මෙයට වීථි යන නාමය ලැබෙන්නේ අමුඛ්‍ය වශයෙනි. එක වීථි සිතකුදු නූපන් බැවිනි. එහෙයින් ම මෙයට මොඝ ද්වාරය යි කියනු ලැබේ.

2. චිත්තක්‍ෂණ එකොළොසක් ඉක්ම ගිය ෂට් චිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු ක්‍රමය මෙසේ ය. මේ වින්‍යාසය යි.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-2.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දොළොස් වැන්න භවඞ්ග චලනය විය. සෙස්ස යට කී සේ යි.

3. චිත්තක්‍ෂණ දොළොසක් ඉක්ම ගිය පඤ්ච චිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-3.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි තෙළෙස් වැන්න භවඞ්ග චලනය විය. සෙස්ස යට කී සේ යි.

4. චිත්තක්‍ෂණ තෙළෙසක් ඉක්ම ගිය චතුශ් චිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-4.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි තුදුස් වැන්න භවඞ්ග චලනය විය. සෙස්ස යට කී සේ යි.

5. චිත්තක්‍ෂණ තුදුසක් ඉක්ම ගිය ත්‍රිද්වීත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේය.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-5.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි පසළොස් වැන්න භවඞ්ග චලනය විය. සෙස්ස යට කී සේ යි.

6. චිත්තක්‍ෂණ පසළොසක් ඉක්ම ගිය ද්විචිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේ යි.

චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය-6.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දොළොස් වැන්න භවාඞ්ග චලනය විය. සෙස්ස යට දැක්වුණු පරිදි මැ යි.

චිත්තක්‍ෂණ සොළොසක් ඉක්ම ගිය එක චිත්තක්‍ෂණික රූපයෙක් චක්‍ෂුර්ද්වාරයට ආපාතගත නො වේ. රූපයාගේ භඞ්ගාවස්ථාව බැවිනි. සතළොස් චිත්තක්‍ෂණ ඉක්මැ ගිය රූපය කිසිසේත් චක්‍ෂුර්ද්වාරයට ආපාතගත නො වේ. රූපය ම නැති බැවිනි.

සොතද්වාරිකාදී අතිපරිත්තාරම්මණ චිත්ත වීථීන්ගේ පැවැත්ම ද මෙසේ මැ යි.

යට දැක්වුණු චිත්ත වීථින්හි සාමාන්‍ය වශයෙන් බලත් හොත් ඒ ඒ අවස්ථානුරූප වැ ඇත්තේ; 1-පඤ්ච ද්වාරාවර්ජනය. 2-චක්ඛුවිඤ්ඤාණය, 3-සම්පටිච්ඡනය, 4-සන්තීරණය, 5-වොත්‍ථපනය, 6-ජවනය, 7-තදාලම්බනයයි වීථි සිත් සතෙකි. විශේෂ වශයෙන් බලත් හොත් 1-පඤ්චද්වාරාවර්ජනය, 2-චක්ඛු විඤ්ඤාණය, 3-සම්පටිච්ඡනය, 4-සන්තීරණය, 5-වොත්‍ථපනය, 6-7-8-9-10-11-12-ජවන් සත ය. 13-14-තදාලම්බන දෙක යයි වීථි සිත් තුදුසෙකි. විස්තර වශයෙන් බලත් හොත් පඤ්චද්වාරාවර්ජනය චක්ඛුවිඤ්ඤාණාදි දසය, සම්පටිච්ඡන යුගලය, සන්තීරණ ත්‍රිකය, වොත්‍ථපන සඞ්ඛ්‍යාත මනොද්වාරාවර්ජනය, අකුසල් දොළොස කාමාවචර කුසල අට එම සහේතුක ක්‍රියා අට සහ හසිතුප්පාද යන එකුන් විසි ජවනය, සහේතුක විපාක වූ තදාලම්බන අට ය යන කාමාවචර සිත් සුපණස (54) යි. සෙසු තදාලම්බන තුන සන්තීරණ ත්‍රිකයට ඇතුළත් වූ බව දත යුතු යි.

“වීථිචිත්තානි සත්තෙව චිත්තුප්පාදා චතුද්දස

චතුපඤ්ඤාසවිත්‍ථාරා පඤ්චද්වාරෙ යථාරහං.”

පඤ්චද්වාරයෙහි සුදුසු පරිදි වීති සිත් සතෙකි. විශේෂයෙන් තුදුසෙකි. විස්තර වශයෙන් සූපණසෙකි.

ප්‍රශ්න.

  1. අතිපරිත්තාරම්මණ චිත්ත වීති කෙතෙක් ද? වෙන් වශයෙන් පැහැදිලි කර දක්වනු.
  2. චිත්තක්‍ෂණ තෙළෙසක් ඉක්ම ගිය රූපාරම්මණයක් පිළිබඳ චිත්ත වීථියක් අඳිනු. එහි කර්ම ඇත් ද?
  3. මෙහි සාමාන්‍ය වීථි සිත් කෙතෙක් ද? කවරහු ද?
  4. විශේෂයෙන් බලත් හොත් පඤ්චද්වාරය පිළිබඳ වීථි සිත් කෙතෙක් ද? කවරහු ද?
  5. හසිතුප්පාදය ජවන වන සැටියෙන් අතිමහන්තාරම්මණ වීථියක් ඇඳ එහි විපාක දක්වනු.