4. චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථි.

චිත්තක්‍ෂණ දෙකක් හෝ තුනක් ඉක්ම ගිය රූප චක්‍ෂුසට ආපාතගත වීමෙන් මහන්තාරම්මණ චිත්ත වීථි ලැබුණු සැටි යට දක්වන ලදී. චිත්තක්‍ෂණ සතරේ පටන් නවය දක්වා ඉක්ම ගිය රූප චක්‍ෂුසට ආපාතගත වීමෙන් පරිත්තාරම්මණ චිත්ත වීථි ලැබෙන සැටි මෙහි දැක්වේ.

1. චිත්තක්‍ෂණ සතරක් ඉක්ම ගිය තෙළෙස් චිත්තක්‍ෂණායුෂ්ක රූපයක් චක්ෂුඃප්‍රසාදයේ හැපුණේය යි සලකනු. එවිට පස් වන, සවන චිත්තක්‍ෂණාවස්ථායහෙි භවඞ්ගචලන, භවඞ්ගුපච්ඡෙද වේ. සත් වන, අට වන, නව වන, දස වන, එකොළොස් වන චිත්තක්‍ෂණාවස්ථායෙහි පඤ්චද්වාරාවර්ජන, චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්‍ථපන උපදී. තව චිත්තක්‍ෂණ සයෙක කාලය රූපයෙහි ශේෂ ය. එහි උපදුත් හොත් ජවන සයක් උපදිත හැකිය. ජවන සතම උපදින්නට රූපයේ ආයුෂ නැත්නම් එක ජවනයකු දු නො උපදීම ජවනයන්ගේ ධර්මතාව යි. එබැවින් මෙහි ලා එක ජවනයකු දු නො ඉපිද යට දැක්වුණු වොත්‍ථපනය ම දෙ තුන් වරක් ඉපිද සිත භවඞ්ගයට බසී. මෙහිදු භවඞ්ගයට අරමුණු වන්නේ ඒ රූප ශේෂය නොවැ පූර්ව වූ කර්මාදීන් අතුරෙන් එකක් බැව් සැලකිය යුතුයි. එහි වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-1

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ජෙ

පං

සං

තී

වො

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි වොත්‍ථපනයට අනතුරු වැ උපදිතොත් ජවන සයක් උපදින්නට රූපයේ ආයුෂ තිබේ. එහෙත් එක ජවනයකු දු නො ඉපිද වොත්‍ථපනය තුන් වරක් ඉපිද භවාඞ්ග වූ සැටි බලනු. මෙහි මුල සිත් සයට හා අග සිත් සතරට අරමුණු වූයේ මේ රූපය නො වැ පුර්ව වූ කර්මාදිය යි. යට ඉරි කැබලි දෙක එය පෙන්වන සඳහාය. මෙය ද ජවන් නූපන් බැවින් පරිත්තාරම්මණ චිත්ත වීථිය යි ද වොත්‍ථපනයෙන් අවසන් වූ බැවින් වොත්‍ථපනවාරය යි ද කියනු ලැබේ.

2. චිත්තක්‍ෂණ පසක් ඉක්ම ගිය දොළොස් චිත්තක්‍ෂණයට ආයු ඇති රූපයක් ආපාතගත වූ කල්හි දු ක්‍රමය මෙසේ ය. මේ වින්‍යාසය යි.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-2

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දු වොත්‍ථපනයට අනතුරු වැ ජවන පසක් නම් උපදින්නට ආයුෂ තිබිණි. එහෙත් සත ම උපදින්නට රූපායුෂ මඳ බැවින් එකකු දු නො ඉපිද තුන් වරක් වොත්‍ථපනය ඉපිද භවඞ්ගපාත වූ සැටි සලකනු. මෙ ද ජවන නූපන් බැවින් පරිත්තාරම්මණ චිත්තවීථිය යි ද වොත්‍ථපනයෙන් අවසන් වූ බැවින් වොත්‍ථපනද්වාරයයි ද කියනු ලැබේ.

3. චිත්තක්‍ෂණ සයක් ඉක්ම ගිය එකොළොස් චිත්තක්‍ෂණයකට ආයු ඇති රූපයක් ආපාතගත වූ කල්හි දු ක්‍රමය මෙසේ ය. මේ වින්‍යාසයයි.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-3

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දු වොත්‍ථපනයට අනතුරු වැ ජවන සතරක් නම් උපදින්නට ආයුෂ තිබිණි. එහෙත් එකකු දු නො ඉපිද තෙවරක් වොත්‍ථපනය ම ඉපිද භවාඞ්ග වූ සැටි සලකනු. මෙ ද ජවන නූපන් බැවින් පරිත්තාරම්මණ චිත්ත වීථිය විය. වොත්‍ථපනයෙන් අවසන් වූ බැවින් වොත්‍ථපන ද්වාරය විය.

4. චිත්තක්‍ෂණ සතක් ඉක්මැ ගිය දස චිත්තක්‍ෂණයකට ආයු ඇති රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේ යි.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-4.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දු වොත්‍ථපනයට අනතුරු වැ ජවන තුනක් නම් උපදින්නට ආයු ඇත. එහෙත් එකකුදු නො ඉපිද තුන් වරක් වොත්‍ථපනය වැ භවාඞ්ග විය. මෙ ද ජවන නූපන් බැවින් පරිත්තාරම්මණ චිත්ත වීථිය ය. වොත්‍ථපනයෙන් අවසන් වූ බැවින් වොත්‍ථපනවාරය යි.

5. චිත්තක්‍ෂණ අටක් ඉක්ම ගිය නවචිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූයේ ය යි සලකනු. එවිට ද මේ ක්‍රමය මැයි. වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-5.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි දු වොත්‍ථපනයට අනතුරු වැ ජවන දෙකක් උපදින්නට රූපයේ ආයුෂ ඇත. එහෙත් එකකු දු නො ඉපිද වොත්‍ථපනය තුන් වරක් ඉපිද භවාඞ්ග විය. මෙ ද යට දැක්වුණු සේ පරිත්තාරම්මණ චිත්ත වීථියයි. වොත්‍ථපන ද්වාරය යි.

6. චිත්තක්‍ෂණ නවයක් ඉක්ම අෂ්ටචිත්තක්‍ෂණායුෂ්ක රූපයක් ආපාතගත වූ කල්හි දු මේ ක්‍රමය මැ යි. වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථිය-6.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

මෙහි වොත්‍ථපනයට අනතුරු වැ එක ජවනයක් උපදින්නට ආයු ඇතත් එය නො ඉපිද තව වරක් වොත්‍ථපනය වැ භවාඞ්ග විය. මෙය පරිත්තාරම්මණ චිත්ත වීථිය ය. වොත්‍ථපන වාරය යි.

වොත්‍ථපනය දෙ වරක් උපදින්නට රූපයේ ආයු මඳ නම් එක වොත්‍ථපනයකු දු නො ඉපිද භවාඞ්ග චලනය පමණක් වැ නැවත භවාඞ්ගයට ම බස්නේය. එහි පිළිවෙල මතු පාඩ මෙන් දක්වනු ලැබේ. සොතද්වාරිකාදි පරිත්තාරම්මණ වීථි ද මෙසේ ය.

ප්‍රශ්න.

  1. පරිත්තාරම්මණ චිත්ත වීථි කෙතෙක් ද?
  2. පරිත්තාරම්මණ වන්නේ කෙතෙක් ආයු ශේෂ රූප චක්ෂුඃප්‍රසාදයේ හැපීමෙන් ද?
  3. චිත්තක්‍ෂණ සයක් ඉක්ම ගිය රූපය ප්‍රසාදයේ හැපුණු විට ලැබෙන චිත්ත වීථියෙක වින්‍යාසය අඳිනු.
  4. පරිත්තාරම්මණ චිත්ත වීථියෙහි කර්ම විපාක ක්‍රියා ලැබෙන පමණින් වෙන් කොට දක්වනු.
  5. චිත්තක්‍ෂණ සතක් ශේෂ රූපයෙක පරිත්තාරම්මණ නො ලැබෙන්නේ කිම?