5. පස්විසි (25) සෝභන චෛතසික

1-සද්ධා 2-සති 3-හිරි 4-ඔත්තප්ප 5-අලෝභ 6-අදෝස 7-තත්‍රමජ්ඣත්තතා 8-කායපස්සද්ධි 9-චිත්තපස්සද්ධි 10-කායලහුතා 11-චිත්තලහුතා 12-කායමුදුතා 13-චිත්තමුදුතා 14-කායකම්මඤ්ඤතා 15-චිත්තකම්මඤ්ඤතා 16-කායපාගුඤ්ඤතා 17-චිත්තපාගුඤ්ඤතා 18-කායුජ්ජුකතා 19-චිත්තුජ්ජුකතා යන මේ එකුන්විසි (19) චෛතසික සෝභන සාධාරණ නම් වේ.

1-සම්මාවාචා 2-සම්මාකම්මන්ත 3-සම්මාආජීව යන තුන විරති නම් වේ.

1-කරුණා 2-මුදිතා යන දෙක අප්පමඤ්ඤා නම් වේ. මේ සූවිස්ස (24) හා පඤ්ඤාව සෝභන නම් වේ.

සෝභන සාධාරණ

19

විරති

3

අප්පමඤ්ඤා

2

පඤ්ඤා

1

සෝභන චෛතසික

25

ප්‍රශ්න.

  1. සෝභන චෛතසික කෙතෙක් ද? කවරහු ද?
  2. සෝභන සාධාරණ කෙතෙක් ද?
  3. විරති කෙතෙක් ද? කවරහු ද?
  4. අප්පමඤ්ඤා කෙතෙක් ද? කවරහු ද?
  5. පඤ්ඤා කවර කොටසට අයත් ද?