14. සංග්‍රහ ගීතිකා.

1. එක උපත ද නිරොද

එක අරමුණු වතුදු ඇති

මෙ සිව් ලකුණෙන් සිත හා

යුතු දෙපනස සිතැයි නම්

සිත සමග ඉපිද ඒ සමගම නැතිවන සිත ගත් අරමුණ ම ගෙන සිත පැවති තන්හිම පවත්නා දෙපනස චෛතසික නමි.

2. සසැට, පස්පණස

එකොළොස, සොළොස, සැත්තෑ

විසියයි සිත් පිළිවෙලින්

විතක් ඈ සය නො යෙදේ.

විතර්කාදි ප්‍රකීර්ණක සය නො යෙදෙන සිත් පිළිවෙලින් සසැටෙක (66) පස්පණසෙක (55) එකොළොසෙක (11) සොළොසෙක (16) සැත්තෑවෙක (70) විස්සෙක් ද (20) වේ.

3. පස්පණස, සසැට

අටසැත්තෑ දෙසැත්තෑ

එක් පණසෙකුත් සැත්තෑ

සිත්හි මේ සය යෙදෙනේ.

මේ සය යෙදෙන සිත් පිළිවෙලින් පස්පණසෙක (55) සසැටෙක (66) අටසැත්තෑවෙක (78) තෙසැත්තෑවෙක (73) එක් පණසෙක (51) එකුන්සැත්තෑවෙක් (69) ද වේ.

4. හැම අකුසල්හි සිව්-

-දෙනෙකි ලොබ මුලැ’තිදෙනෙකි

දොස මුලැ සතරෙකි එසේ

දෙකෙකි සසකර සිත්හි

සතරෙක් සියලු අකුසල් සිත්හි යෙදේ. ලෝභ මූලික සිත්හි තුනෙක් ද, දෝස මූලික සිත්හි සතරෙක් ද වේ. සසඞ්කාරික සිත්හි දෙකෙක් ද වේ.

5. විසිකිස විසිකිසින්

යුතු සිතෙහි දැ යි මෙතුදුස

දොළොස් අකුසල් සිත්හි මැ

යෙදෙන්නේ පස් අයුරෙකින්

විචිකිච්ඡාව විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි යෙදේ. මෙසේ මේ තුදුස (14) දොළොස් අකුසල් සිත්හි මේ පස් ආකාරයෙන් යෙදේ.

6. සොබන සාදාරණ

එකුන්විසි, තුන්විරති

අපමන් දෙකෙකි, පැණ සහ

මෙ පස්විසි වේ සෝබන

සෝබන සාදාරණ එකුන් විස්සෙක (19) විරති තුනෙක (3) අප්පමඤ්ඤ දෙකෙක (2) ප්‍රඥාවයැ යි මේ සෝබන චෛතසික පස්විස්ස (25) ය.

7. එකුන්විසි සෝබන

සාදාරණ සිතැසි මේ

එකුන් සැට සෝබන

සිත්හි නියතින් වනුයේ

මේ සෝබන සාදාරණ එකුන් විස්ස (19) එකුන් සැට (59) සෝබන සිත්හි නියතයෙන් වන්නේ ය.

8. විරති තුන ලොව්තුරු

සිත්හි එකවිට නියතින්

කම්වැදැරී කුසල් අටැ

වෙන වෙන යෙදේ කිසිදා

විරති තුන ලොව්තුරු සිත්හි එකවිට නියතයෙන් යෙදේ. කාමාවචර කුසල් සිත් අටෙහි වෙන් වෙන්වම අනියමින් යෙදේ.

9. සතිසෙක්, පන්තිසෙක්

සූතිසෙක්, තෙතිසෙක් යලි

තෙතිසෙක් යි පස්දැහැන්,

කෙමෙන් ලොව්තුරු සිතැ වෙත්

ලොව්තුරු සිත්හි සතිසෙක (36) පන්තිසෙක (35) සූතිසෙක (34) තෙතිසෙක (33) නැවත තෙතිසෙකැ යි පිළිවෙලින් පස් අයුරකින් වේ.

10. පන්තිසෙක්, සූතිසෙක්

තෙතිසක්, දෙතිසෙක් තිසෙක්

මාර්ගය සිත්හි සිතැසි

යෙදෙන්නේ පස් පරිද්දෙන්

මහග්ගත සිත්හි පන්තිසෙක (35) සූතිසෙක (34) තෙතිසෙක (33) දෙතිසෙක (32) තිසෙකැ යි පිළිවෙලින් පස් අයුරකින් යෙදේ.

11. අටතිස් සත්තිස්

සත්තිස් සතිස් යුවළවැ

කම්වැදැරී කුසල් සිත්

අටෙහි වනුයේ නිසිලෙස්

කාමාවචර කුසල් සිත් අටෙහි පිළිවෙලින් අටතිස් (38) දෙකෙක සත්තිස් (37) දෙක දෙක ය. සතිස් (36) දෙකෙකැයි තුන් පරිද්දෙකින් යෙදේ.

12. පන්තිස් සූතිස්

සූතිස් තෙතිස් යුවළවැ

සහේ කම් වැදැරි

කිරිය සිත් අටවනුයේ

සහේතුක කාමාවචර ක්‍රියා සිත් අටෙහි පිළිවෙලින් පන්තිසෙක, (35) දෙකෙක, තෙතිසෙ (33) කැයි සිත් දෙක දෙකෙහි තුන් පරිද්දෙකින් වේ.

13. තෙතිස් දෙතිස් දෙතිස්

එක්තිස් සිතැසි යුවළ වැ

සහේ කම් වැදැරී

විවා සිත් අට වනුයේ

සහේතුක කාමාවචර සිත් අටෙහි පිළිවෙලින් - තෙතිසෙක දෙතිස් දෙකෙක, එක් තිසෙකැයි දෙක දෙකහි තුන් පරිද්දෙකින් වේ.

14. එකුන් විසි අටළොස්

විසි එක් විසි විසි දෙවිසි

පසළොස් යි සිත් විදි

දොළොස් අකුසල් සිත් ලදි

දොළොස් අකුසල් සිත්හි ක්‍රමයෙන් එකුන් විස්සෙක, අටළොසෙක, විස්සෙක, එක් විස්සෙක, දෙවිස්සෙක, පසළොසකැයි සත් පරිද්දෙකින් වේ.

15. අන් සමන් දස හා

සාදාරණ සතර යන

තුදුස් සිතැසී සියලුම

අකුසල් සිත්හි යෙදෙනේ

සියලු අකුසල් සිත්හි (ඡන්‍ද - පීති - අධිමොක්‍ෂ හැර) අන්‍ය සමාන දසයෙක් ද - අකුසල සාදාරණ සතරෙක් දැ යි තුදුස් චෛතසික වෙති.

16. දොළොස් එකොළොස් දස

සත් යයි අහේ සිත්වල

සිතැසී සිව් පරිද්දෙන්

යෙදෙන සැටි මේ පැවැසී

අටළොස් අහේතුක සිත්හි පිළිවෙලින් දොළොසෙක, එකොළොසෙක, දසයෙක, සතෙකැයි, සිව් අයුරෙකින් වේ.