ත්‍රිපිටකය
8. වඞ්ගීසසංයුත්තං 8. වඞ්ගීස සංයුත්තය
1. නික්ඛන්තසුත්තං 1. නිකඛන්ත සූත්‍රය
2. අරතිසුත්තං 2. අරති සූත්‍රය
210
එකං සමයං...පෙ.... ආයස්මා වඞ්ගීසො ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ ආයස්මතා නිග්‍රොධකප්පෙන උපජ්ඣායෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මා නිග්‍රොධකප්පො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසති, සායං වා නික්ඛමති අපරජ්ජු වා කාලෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස අනභිරති උප්පන්නා හොති, රාගො චිත්තං අනුද්ධංසෙති. අථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි - ‘‘අලාභා වත මෙ, න වත මෙ ලාභා; දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං; යස්ස මෙ අනභිරති උප්පන්නා, රාගො චිත්තං අනුද්ධංසෙති; තං කුතෙත්ථ ලබ්භා, යං මෙ පරො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්‍ය. යංනූනාහං අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්‍ය’’න්ති. අථ ඛො ආයස්මා වඞ්ගීසො අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
‘‘අරතිඤ්ච රතිඤ්ච පහාය, සබ්බසො ගෙහසිතඤ්ච විතක්කං;
වනථං න කරෙය්‍ය කුහිඤ්චි, නිබ්බනථො අරතො ස හි භික්ඛු (ස භික්ඛු (ක.)).
‘‘යමිධ පථවිඤ්ච වෙහාසං, රූපගතඤ්ච ජගතොගධං;
කිඤ්චි පරිජීයති සබ්බමනිච්චං, එවං සමෙච්ච චරන්ති මුතත්තා.
‘‘උපධීසු ජනා ගධිතාසෙ (ගථිතාසෙ (සී.)), දිට්ඨසුතෙ පටිඝෙ ච මුතෙ ච;
එත්ථ විනොදය ඡන්දමනෙජො, යො එත්ථ න ලිම්පති තං මුනිමාහු.
‘‘අථ සට්ඨිනිස්සිතා සවිතක්කා, පුථූ ජනතාය අධම්මා නිවිට්ඨා;
න ච වග්ගගතස්ස කුහිඤ්චි, නො පන දුට්ඨුල්ලභාණී ස භික්ඛු.
‘‘දබ්බො චිරරත්තසමාහිතො, අකුහකො නිපකො අපිහාලු;
සන්තං පදං අජ්ඣගමා මුනි පටිච්ච, පරිනිබ්බුතො කඞ්ඛති කාල’’න්ත්න්ත්ති.
210
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි ස්වකීය උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ පසුබත්හි පිණ්ඩපාකය ඉක්මවූයේවෙහෙරට පැමිණෙයි. (එසේ පැමිණ) සවස හෝ පසුවදා පිණ්ඩපාත කාලයෙහි හෝ ඉන් බැහැර යෙති.
එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට ශාසනයෙහි නොඇල්මෙක් උපන්නේ වෙයි. රාගය (කුසල් සිත) විනාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “යම්බඳුවූ මට ශාසනයෙහි නොඇල්ම උපදීද, රාගය කුසල් සිත නසයිද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. ලාභයෙක් නොවීය. මවිසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබන ලදී. යහපතක් නොලද්දේය. අන්‍යයෙක් මාගේ ශාසනයෙහි නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හේතවකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව” (කියායි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ තමාම තමාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවා ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීහ:
“(ශාසනයෙහි) නොඇල්මද, (කාම ගුණයන්හි) ඇල්මද, කාමගුණ ඇසුරු කළාවූ (ළාමකවූ)
විතර්කයද, සියලු ආකාරයෙන් දුරුකොට කිසි අරමුණෙක ක්ලේශ නමැති මහා වනය නොකරන්නේ (නොවටින්නේ) ද, කෙලෙස් වන නැති, තණ්හා ඇල්ම නැති, හෙතෙම භික්‍ෂු නම් වේ.
“මෙලොව පොළොවෙහි පිහිටි දේද, අහසෙහි වූ දේද, පෘථිවිය තුළ වූ දේද, යම්කිසි රූපයක් වේ නම් ඒ සියල්ලද, සම්පූර්‍ණයෙන් දිරයි, අනිත්‍යයි, දැනගන්නාලද ආත්මභාවය ඇති නුවණැත්තෝ මෙසේ අවබෝධකොට වෙසෙත්.
“ලෞකික සත්ත්‍වයෝ උපධීන්හිද, දක්නාලද රූපයන්හි හා අසනලද ශබ්දයන්හිද, ගන්‍ධ රස දෙක්හිද, ස්පර්‍ශයෙහිද, ගැලුණාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරුකොට, තණ්හාව නැත්තේ, මෙහි නොඇලේ නම්, ඔහු මුනි යයි කියත්.
“තවද රූපාදී අරමුණු සය ඇසුරු කළ බොහෝ අධර්‍ම විතර්‍කයෝ සත්ත්‍වයන් තුළ බැස ගනිත්. යමෙක්
කිසි තැනෙකත් ඒ කෙලෙස් වසයට නොපැමිණෙන්නේද, අශිෂ්ට වචන කියන්නෙක් නොවන්නේද, හෙතෙම භික්‍ෂු නම් වන්නේය.
“පණ්ඩිතවූ, දීර්ඝ කාලයක් මුලුල්ලෙහි වඩනලද සමාධි ඇති, කුහක නොවූ, පැසුණු ප්‍රඥා ඇති, තණ්හා නැති, මුනිවරයා නිර්‍වාණයට පැමිණියේය. එසේ නිර්‍වාණයට පැමිණ, ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියේ පිරිනිවෙන කාලය බලාපොරොත්තුවෙයි.”
3. පෙසලසුත්තං 3. පේසල අතිමඤඤනා සූත්‍රය
4. ආනන්දසුත්තං 4. ආනන්‍ද සූත්‍රය
5. සුභාසිතසුත්තං 5. සුභාසිත සූත්‍රය
6. සාරිපුත්තසුත්තං 6. සාරිපුත්ත සූත්‍රය
7. පවාරණාසුත්තං 7. පවාරණ සූත්‍රය
8. පරොසහස්සසුත්තං 8. පරෝසහස්ස සූත්‍රය
9. කොණ්ඩඤ්ඤසුත්තං 9. කොණ්ඩඤඤ සූත්‍රය
10. මොග්ගල්ලානසුත්තං 10. මොග්ගල්ලාන සූත්‍රය
11. ගග්ගරාසුත්තං 11. ගග්ගරා සූත්‍රය
12. වඞ්ගීසසුත්තං 12. වංගීස සූත්‍රය