15. අත්තදණ්ඩසුත්තනිද්දෙසො | 15. අත්තදණ්ඩ සූත්‍ර නිර්දෙශය |
170
අත්තදණ්ඩා
සංවෙගං කිත්තයිස්සාමි, යථා සංවිජිතං මයා.
අත්තදණ්ඩා භයං ජාතන්ති.
දණ්ඩාති තයො දණ්ඩා - කායදණ්ඩො, වචීදණ්ඩො, මනොදණ්ඩො. තිවිධං කායදුච්චරිතං කායදණ්ඩො, චතුබ්බිධං වචීදුච්චරිතං වචීදණ්ඩො, තිවිධං මනොදුච්චරිතං මනොදණ්ඩො.
භයන්ති ද්වෙ භයානි - දිට්ඨධම්මිකඤ්ච භයං සම්පරායිකඤ්ච භයං. කතමං දිට්ඨධම්මිකං භයං? ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හනති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. තමෙනං ගහෙත්වා රඤ්ඤො දස්සෙන්ති - ‘‘අයං, දෙව, චොරො ආගුචාරී. ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’’ති. තමෙනං රාජා පරිභාසති. සො පරිභාසපච්චයා භයම්පි උප්පාදෙති, දුක්ඛං දොමනස්සං
(දුක්ඛදොමනස්සං (ස්‍යා.)) පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස? අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං.
එත්තකෙනපි රාජා න තුස්සති. තමෙනං රාජා බන්ධාපෙති අන්දුබන්ධනෙන
එත්තකෙනපි රාජා න තුස්සති. රාජා තස්ස ධනං ආහරාපෙති - සතං වා සහස්සං වා සතසහස්සං
එත්තකෙනපි රාජා න තුස්සති. තමෙනං රාජා විවිධා කම්මකාරණා කාරාපෙති - කසාහිපි තාළෙති, වෙත්තෙහිපි තාළෙති, අඩ්ඪදණ්ඩකෙහිපි තාළෙති, හත්ථම්පි ඡින්දති, පාදම්පි ඡින්දති, හත්ථපාදම්පි ඡින්දති, කණ්ණම්පි ඡින්දති, නාසම්පි ඡින්දති, කණ්ණනාසම්පි ඡින්දති, බිලඞ්ගථාලිකම්පි කරොති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොති, රාහුමුඛම්පි කරොති, ජොතිමාලිකම්පි කරොති, හත්ථපජ්ජොතිකම්පි කරොති, එරකපත්තිකම්පි කරොති, චීරකවාසිකම්පි කරොති, එණෙය්‍යකම්පි කරොති, බළිසමංසිකම්පි කරොති, කහාපණිකම්පි කරොති, ඛාරාපතච්ඡිකම්පි කරොති, පලිඝපරිවත්තකම්පි කරොති, පලාලපීඨකම්පි කරොති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චති, සුනඛෙහිපි ඛාදාපෙති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙති, අසිනාපි සීසං ඡින්දති. සො කම්මකාරණපච්චයාපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං
සො සකෙන කම්මෙන කායස්ස භෙදා පරං
තමෙනං
‘‘චතුක්කණ්ණො
අයොපාකාරපරියන්තො
(... පරියත්තො (ස්‍යා. ක.)), අයසා පටිකුජ්ජිතො.
‘‘තස්ස අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා;
සමන්තා යොජනසතං, ඵරිත්වා තිට්ඨති සබ්බදා.
‘‘කදරියාතපනා ඝොරා, අච්චිමන්තො දුරාසදා;
ලොමහංසනරූපා ච, භිස්මා පටිභයා දුඛා.
‘‘පුරත්ථිමාය භිත්තියා, අච්චික්ඛන්ධො සමුට්ඨිතො;
දහන්තො පාපකම්මන්තෙ, පච්ඡිමාය පටිහඤ්ඤති.
‘‘පච්ඡිමාය ච භිත්තියා, අච්චික්ඛන්ධො සමුට්ඨිතො;
දහන්තො පාපකම්මන්තෙ, පුරත්ථිමාය පටිහඤ්ඤති.
‘‘උත්තරාය
දහන්තො පාපකම්මන්තෙ, දක්ඛිණාය පටිහඤ්ඤති.
‘‘දක්ඛිණාය
දහන්තො පාපකම්මන්තෙ, උත්තරාය පටිහඤ්ඤති.
‘‘හෙට්ඨතො ච සමුට්ඨාය, අච්චික්ඛන්ධො භයානකො;
දහන්තො පාපකම්මන්තෙ, ඡදනස්මිං පටිහඤ්ඤති.
‘‘ඡදනම්හා
දහන්තො පාපකම්මන්තෙ, භූමියං පටිහඤ්ඤති.
‘‘අයොකපාලමාදිත්තං, සන්තත්තං ජලිතං යථා;
එවං අවීචිනිරයො, හෙට්ඨා උපරි පස්සතො.
‘‘තත්ථ සත්තා මහාලුද්දා, මහාකිබ්බිසකාරිනො;
අච්චන්තපාපකම්මන්තා, පච්චන්ති න ච මිය්‍යරෙ
(මීයරෙ (සී.)).
‘‘ජාතවෙදසමො කායො, තෙසං නිරයවාසිනං;
පස්ස කම්මානං දළ්හත්තං, න භස්මා හොති නපී මසි.
‘‘පුරත්ථිමෙනපි ධාවන්ති, තතො ධාවන්ති පච්ඡිමං;
උත්තරෙනපි ධාවන්ති, තතො ධාවන්ති දක්ඛිණං.
‘‘යං යං දිසං පධාවන්ති
(දිසම්පි ධාවන්ති (ස්‍යා.)), තං තං ද්වාරං පිධීයති
(පිථීයති (සී. ස්‍යා.));
අභිනික්ඛමිතාසා තෙ, සත්තා මොක්ඛගවෙසිනො.
‘‘න තෙ තතො නික්ඛමිතුං, ලභන්ති කම්මපච්චයා;
තෙසඤ්ච පාපකම්මන්තං, අවිපක්කං කතං බහු’’න්ති.
එතං
ජනං පස්සථ මෙධගන්ති.
ජනන්ති ඛත්තියා ච බ්‍රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච මෙධගං ජනං කලහං ජනං විරුද්ධං ජනං පටිවිරුද්ධං ජනං
සංවෙගං කිත්තයිස්සාමීති. සංවෙගං උබ්බෙගං උත්‍රාසං භයං පීළනං ඝට්ටනං උපද්දවං උපසග්ගං.
කිත්තයිස්සාමීති පකිත්තයිස්සාමි ආචික්ඛිස්සාමි දෙසෙස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමීති - සංවෙගං කිත්තයිස්සාමි.
යථා සංවිජිතං මයාති. යථා මයා අත්තනායෙව අත්තානං සංවෙජිතො උබ්බෙජිතො සංවෙගමාපාදිතොති - යථා සංවිජිතං මයා.
තෙනාහ භගවා -
‘‘අත්තදණ්ඩා භයං ජාතං, ජනං පස්සථ මෙධගං;
සංවෙගං කිත්තයිස්සාමි, යථා සංවිජිතං මයා’’ති.
|
170
(15 - 1)
1 “ආත්ම දණ්ඩයෙන් භය පැමිණි” යන්නෙහි දඬුවම් තුනෙකි. කාය දණ්ඩ වචී දණ්ඩ මනො දණ්ඩ යනුයි. ත්‍රිවිධවූ කාය දුශ්චරිතය කාය දණ්ඩනයයි. සතර වැදෑරුම් වාග් දුශ්චරිතය වචී දණ්ඩනයයි ත්‍රිවිධවූ මනො දුශ්චරිතය මනො දණ්ඩන යයි. භය යනු භය දෙකකි. මෙලොව භයද පරලොව භයද යනුයි. මෙලොව භය කවරේද මෙහි ඇතැම් පුද්ගලයෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි. සතුන්ද මරයි. සොරකම්ද කරයි. ගෘහ සන්ධි බිඳීම්ද කෙරෙයි කොල්ලකෑමද කරයි. උවදුරු කරමින්ද සිටියි. පරදාර සේවනයද කරයි. බොරුද කියයි. ඒ ඔහු අල්ලා රජුට දක්වත්. “ස්වාමීනි, මේ වැරදිසේ හැසිරෙන සොරෙක මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පනවනු මැනවි’ යනුයි. රජ තෙමේ ඔහුට බැන වදියි. හෙතෙම ඒ බැන වැදීමෙන් බියට පැමිණෙයි. දුක් දොම්නස් ඇතිවෙයි. ඔහුට මේ බිය දුක් දොම්නස කොයින්ද? ආත්ම දණ්ඩන වශයෙන් පැමිණියේය. හට ගත්තේය. පහළ වූයේය. මෙපමණකින් රජතෙමේ සතුටු නොවෙයි. ඒ මොහු රජතෙමේ බඳවයි. යදම් ආදියෙන් බඳවයි. රැහැන් වලින් බැඳීමෙන් හෝ මාංචු වලින් බැඳීමෙන් හෝ වේවැල් වලින් බැඳීමෙන් හෝ වැල්වලින් බැඳීමෙන් හෝ කාමර ආදියට ඇතුළුකොට බැඳීමෙන් හෝ වටකොට බැඳීමෙන් හෝ ග්‍රාම බන්ධනයෙන් හෝ නියම්ගම් බන්ධනයෙන් හෝ නගර බන්ධනයෙන් හෝ රටවල්වල බන්ධනයෙන් හෝ ජනපද බන්ධනයෙන් හෝ අන්තිම වශයෙන් හෙතෙම වචනයෙන්ද ‘මෙහි තොපට ඉඩ නැත. මේ නුවරින් බැහැර යවයි.’ පිටුවහල් කරයි. හෙතෙම බන්ධන හේතුවෙන්ද දුකක් දොම්නසක් ඇතිකර ගනියි මේ බිය දුක් දොම්නස් ඔහුට කොහින් ලැබුනේද? ආත්ම දණ්ඩ වශයෙන් හටගත්තේය. උපන්නේය. ඇතිවූයේය. පහළවූයේය. මෙපමණකින්ද රජතෙමේ සතුටු නොවෙයි. රජතෙමේ ඔහුගේ ධනය ගෙන්වා ගනියි. සියයක් හෝ දහසක් හෝ ලක්ෂයක් හෝ යනුයි. හෙතෙම ධන හානි හේතුවෙන්ද දුකට දොම්නසට පැමිණෙයි. මේ බිය දුක් දොම්නස් ඔහුට කොයින්ද, ආත්ම දණ්ඩන වශයෙන් ඇතිවූයේය. හටගත්තේය. පහළ වූයේය. මෙපමණකින්ද රජතෙමේ සතුටු නොවෙයි. රජ තෙමේ ඒ සොරාට නොයෙක් කම්කටුළු කරවත්. කසවලින්ද තළවයි. වේවැල්වලින්ද තළවයි. මුගුරු වලින්ද තළවයි. අතද කපයි. පයද කපයි. අත්පා දෙකම කපයි. කණද කපයි. නාසයද කපයි. කන් නාසා දෙකම කපයි. හිස්කබල උපුටා රත්වූ යගුලි හිස තුළ බහාලීම කරයි. හිස සක්ගෙඩියක් මෙන් මුඩු කිරීම කරයි. මුඛය විවෘත කොට ඇතුළෙහි පහන් දැල්වීම කරයි මුලු සිරුර තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම කරයි. අතෙහි තෙල් රෙදි වෙලා ඒ පහනක් මෙන් දැල්වීමද කරයි. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම උපුටා යොතින් බැඳ ඇවිද්දවීම කරයි. බෙල්ල පටන් කටිය දක්වාද කටිය පටන් ගොප්මය දක්වාද සම උගුළුවා රුක් පොතු වලින් කළ සිවුරක් සේ පැළඳවීමද කරයි දෙදණ දෙවැලමිටි වල යකඩ වළලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරයි. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටා ලීමද කරයි. මුළු සිරුර කහවණු පමණට කැපීමද කරයි. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තැන කාරම් ගෑමද කරයි. බිම තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරයි. සිවි සම් නොසිඳෙනසේ දා යලිත් ඇට සුණුකොට ශරීරය පිදුරු වැටියක් මෙන් තලා දැමීමද කරයි. රත්වූ තෙලෙන්ද සිරුර ඉසියි. බල්ලන් ලවාද කවයි. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවයි. කඩුවෙන්ද හිස සිඳියි.
2 හෙතෙම නානාවිධ කර්ම හේතුවෙන්ද දුකට දොම්නසට පැමිණෙයි. මේ භය දුක් දොම්නස් ඔහුට කොයින්ද? ආත්ම දණ්ඩන වශයෙන් පැමිණියේය. හටගත්තේය, පහළවූයේය. රජතෙම මේ දඬුවම් සතරට අධිපතිය. හෙතෙම ස්වකීය කර්මයෙන් කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරුසේ ඇදවැටෙන නරකයෙහි උපදියි. ඔහුට නිරයපාලයෝ පංචවිධ බන්ධන නම් වධයක් කෙරෙත්. රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්. රත්වූ යකඩ හුලක් පපුවෙහි ගසත්. එහි හෙතෙම දුක්වූ තියුණුවූ කෲරවූ වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද ඒතාක් කළුරිය නොකරයි. නිරය පාලයෝ ඔහු බිම පෙරලා කෙටේරි වලින් ගසත්. නිරයපාලයෝ ඔහු රථයෙහි යොදා ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිත භූමියෙහි ඉස්සරහට යාමද කරවත්. පස්සට යාමද කරවත්. නිරයපාලයෝ ඔහු ගින්නෙන් දිලිසෙන්නාවූ වෙසෙසින් ඇවිල පවත්නාවූ ගිනි සහිතවූ මහා කුළුගෙයක් පමණවූ අඟුරු පර්වතයට නැංවීමද කරත්. බැස්සවීමද කරත්. නිරයපාලයෝ ඔහු පා උඩුකුරුකොට හිස යටිකුරුකොට කකියන්නාවූ ලොහෝ සැළියෙහි දමත්. හෙතෙම එහි පෙන නගමින් පැසී වරක් උඩට එයි, වරක් යටට යයි, වරක් සරසට යයි. හෙතෙම එහි දුක්වූ දරුණුවූ කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් කළුරිය නොකරයි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්. ඒ මහා නරකය
3 “සිව් කොනක් ඇත්තේය. සිවුදොරටුවක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ ප්‍රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
“ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරණ ලදී. දැල් වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙන සිටී.
“ඉතාමත් තැවෙන්නාවූ ඝොරවූ ලංවීමට නොහැකි ගිනි සිළු ඇති දුක්වූ බිය උපදවන්නාවූ ලොමහර්ෂය කරවන්නාවූ
“(එහි) පෙරදිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ අපරදිග බිත්තියෙහි හැපෙයි.
“බස්නාහිර බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාපකර්මයෙන් දැවෙන තැනැත්තේ පෙරදිග බිත්තියෙහි හැපෙයි.
“උතුරුදිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ දකුණු දිග බිත්තියෙහි හැපෙයි.
“දකුණු දිග බිත්තියෙහි ගිනිකඳ පැතිර සිටියේය. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ උතුරුදිග බිත්තියෙහි හැපෙයි.
“යට පටන් භයානකවූ ගිනිකඳ වෙයි. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ පියන්පතෙහි හැපෙයි.
“පියන පටන් භයානකවූ ගිනිකඳ වෙයි. පාප කර්මයෙන් දැවෙන තැනැත්තේ (යට) බිම හැපෙයි.
“ගිනිගත් යකඩ කපාල ඇති දිලිසෙන්නාවූ ඒ අවීචි නිරය යට හා උඩ බලන්නේ තැතිගැනීම ඇති කරවන්නේය.
“බැගෑපත් හඬ ඇති දරුණු ක්‍රියා කරන්නාවූ එහි අතිශයින් පව්කම් ඇත්තෝ පැසෙත්. නොමැරෙත්.
“ඒ නිරය වාසීන්ගේ ශරීරය ගිනි හා සමානය. කර්මයක දැඩිකම බලව, එහි අළු හෝ දැලි නැත.
“පෙරදිගට දුවත්, ඉක්බිති අපරදිගට දුවත්, උතුරු දිගට දුවත්, ඉක්බිති දකුණු දිගට දුවත්.
“නික්මයාම ආශා ඇති මිදීම සොයන්නාවූ ඒ සත්වයෝ යම් යම් දිගකට දුවත්ද, ඒ ඒ දිග දොර වැසීයයි.
“ඔවුන්ගේ බොහෝකොට කරණ ලද විපාක නුදුන් ඒ පාපකර්මය නිසා කර්ම හේතුවෙන් ඔවුහු එයින් නික්මීමට නොහැකි වෙත්.
4 “ඔහුට මේ බිය දුක් දොම්නස් කොයින්ද? ආත්ම දණ්ඩන වශයෙන් හටගත්තේය, ඇතිවූයේය, පහළවූයේය යම් ඒ නරක දුක්ද යම් ඒ තිරිසන් යොනි දුක්ද යම් ප්‍රෙත විෂයක දුක්ද යම් ඒ මිනිසුන්ට අයත් දුක්ද කොයින් හට ගත්තෝද? කොයින් ඇතිවූවෝද, කොයින් පහළවූවෝද ආත්ම දණ්ඩන වශයෙන් ඇතිවූවෝය, පහළවූවෝය, හට ගත්තෝය. ‘ආත්ම දණ්ඩන භය පැමිණි කලහ කරන්නාවූ ජනයා බලව්’ යනු ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද, ශුද්‍රයෝද, ගිහියෝද පැවිද්දෝද, දෙවියෝද මිනිස්සුද කලහ කරන්නාවූ ජනයා, විරුද්ධවූ ජනයා, ප්‍රතිවිරුද්ධ ජනයා, ගැටෙන ජනයා, බලව්, දකිව්, පරීක්ෂා කරව් යනුයි.
“සංවේගය කියන්නෙමි” යනු සංවේගය, කළකිරීම, තැතිගැන්ම, බිය, පෙළීම, ගැටීම්, උපද්‍රවය, උවදුර කියන්නෙමි. ප්‍රකාශ කරන්නෙමි, දේශනා කරන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විමාන කරන්නෙමි. බෙදන්නෙමි. ප්‍රකට කරන්නෙමි යනුයි.
5 “මවිසින් යම්සේ සංවේගයට පැමිණියේද” යනු යම්සේ මා විසින් තමා විසින්ම තමා ගැන සංවේගයට පැමිණෙන ලද්දේද කලකිරීමට පැමිණෙන ලද්දේද කළකිරෙන ලද්දේද යනුයි
|
171
ඵන්දමානං
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි.
ඵන්දමානං පජං දිස්වාති.
පජාති සත්තාධිවචනං. පජං තණ්හාඵන්දනාය ඵන්දමානං දිට්ඨිඵන්දනාය ඵන්දමානං
මච්ඡෙ අප්පොදකෙ යථාති යථා මච්ඡා අප්පොදකෙ උදකපරියාදානෙ කාකෙහි වා කුලලෙහි වා බලාකාහි වා
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙති අඤ්ඤමඤ්ඤං සත්තා විරුද්ධා පටිවිරුද්ධා ආහතා පච්චාහතා ආඝාතිතා පච්චාඝාතිතා. රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්‍රාහ්මණාපි බ්‍රාහ්මණෙහි විවදන්ති, ගහපතීපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති, පුත්තොපි මාතරා විවදති, පිතාපි පුත්තෙන විවදති, පුත්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භගිනීපි භගිනියා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනිපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති; තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛන්ති - අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ.
දිස්වා
තෙනාහ භගවා -
‘‘ඵන්දමානං
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසී’’ති.
|
171
(15 - 2)
1 “ස්වල්ප දියෙහි මසුන් මෙන් සැලෙන (කම්පාවන) සත්ව සමූහය දැක ඔවුනොවුන් විරුද්ධවූවන් දැක මට බිය පැමිණියේය.”
2 “සැලෙන ප්‍රජාව දැක” යන්නෙහි ‘ප්‍රජා’ යනු සත්වයින්ට නමෙකි තෘෂ්ණා කම්පාවෙන් කම්පාවෙන දෘෂ්ටි කම්පාවෙන් කම්පාවන ක්ලේශ කම්පාවෙන් කම්පාවන දුශ්චරිත කම්පාවෙන් කම්පාවන ප්‍රයෝග කම්පාවෙන් කම්පාවන විපාක කම්පාවෙන් කම්පාවන රාගයෙන් රත්ව කම්පා වන ද්වේෂයෙන් දුෂ්ටව කම්පාවන මෝහයෙන් මුළාව කම්පාවන මානයෙන් බැඳී කම්පාවන උද්ධච්චයෙන් සිහි මුලාවට පැමිණ කම්පාවන නිමාවට නොපැමිණි විචිකිච්ඡාවෙන් කම්පාවන උත්සාහවත් බවට පත් අනුසය යන්ගෙන් කම්පාවන, ලාභයෙන් කම්පාවන, අලාභයෙන් කම්පාවන, කීර්තියෙන් කම්පාවන, අපකීර්තියෙන් කම්පාවන, ප්‍රශංසාවෙන් කම්පාවන නින්දාවෙන් කම්පාවන, සැපතින් කම්පාවන, දුකින් කම්පාවන, ඉපදීමෙන් කම්පාවන, ජරාවෙන් කම්පාවන වන, මරණයෙන් කම්පාවන, ශොක වැළපීම් කායක දුක් දොම්නස් උපායාසයන්ගෙන් කම්පාවන නරක දුකින් කම්පාවන, තිරිසන් යොනි දුකින් කම්පාවන, ප්‍රෙතවිෂයික දුකින් කම්පාවන, මානුසික දුකින් කම්පාවන මවුගැබට බැසගැන්ම මුල්කොට ඇති දුකින්, ගර්භයෙහි වාසය මුල්කොට ඇති දුකින් ගැබින් නික්මීමේ දුකින්, උපන්නහුට බන්ධනාදියෙන් ඇති වන දුකින් උපන්නහුට අනුන්ගෙන් ඇතිවන දුකින් තමාගේ උපක්‍රමයෙන් ඇතිවන දුකින් අනුන්ගේ උපක්‍රමයෙන් ඇතිවන දුකින් කායික දුක්ඛයෙන් සංසාර දුකින් විපරිනාම දුක ඇස්රෝග දුක කන්රෝග දුක නාසික රෝග දුක, දිවේ රෝග දුක, කාය රෝග දුක, හිසේ රෝග දුක, කණේ රෝග දුක, මුඛ රෝග දුක, දත් රෝග දුක, කැසි රෝග දුක, ක්ෂය රෝග දුක, පීනැස්රෝග දුක, දාහරෝග දුක, උණ රෝග දුක, කුසේ රෝග දුක, මුර්ඡා දුක, ලේ අතීසාර රෝග දුක, සුල රෝග දුක, අතීසාර රෝග දුක, කුෂ්ටරෝග දුක, ගඩරෝග දුක, කඩුවේගන් නම් කුෂ්ටරෝග දුක, ස්වාශ රෝග දුක, අපස්මාර රෝග දුක, දද රොග දුක, කැසීම් රෝග දුක, කුෂ්ට රෝග දුක, නියමුල වනවීමේ රෝග දුක, වීතච්ඡිකා නම් කුෂ්ට රෝග දුක, ලේ පිළිබඳ රෝග දුක, පිත් රෝග දුක මධුමෙහ දුක, අංසානම් රෝගදුක, පිළිකා නම් රෝග දුක, භගන්දලානම් රෝග දුක, පිතින් උපන් ආබාධ දුක, සෙමින් උපන් ආබාධ දුක, වාතයෙන් උපන් ආබාධ දුක, සන්නිපාතික ආබාධ දුක, ඍතු වෙනස්වීමේ රෝග දුක, විෂම පැවැත්මෙන් ඇතිවන රෝග දුක, උපක්‍රමයෙන් ඇතිවන රෝග දුක, කර්ම විපාකයෙන් ඇතිවන රෝග දුක, ශීතයෙන් උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් ඇතිවන දුක, මලපහකිරීම පිළිබඳ දුක, මුත්‍ර පහකිරීම පිළිබඳ දුක, ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වා අව් දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ ස්පර්ශයෙන් හටගන්නා දුක, මවගේ මරණ දුක, පියාගේ මරණ දුක, සහෝදරයාගේ මරණ දුක, සහෝදරියගේ මරණ දුක, පුත්‍රයාගේ මරණ දුක, දුවගේ මරණ දුක, නෑයන්ගේ මරණ දුක, භොග විපත් දුක, රෝග විපත් දුක, ශීල විපත් දුක, දෘෂ්ටි විපත් දුක යන මේ දුක් වලින් කම්පාවන, විශේෂයෙන් කම්පාවන වෙවුලන විශේෂයෙන් වෙවුලන යනුයි. ‘දැක’ යනු දැක බලා සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි.
3 “ස්වල්ප දියෙහි මසුන් මෙන්” යනු අවසන්වී යන දියෙහි ස්වල්ප දියෙහි මත්ස්‍යයෝ යම්සේ කපුටන් විසින් හෝ ගිජු ලිහිණියන් විසින් හෝ කොකුන් විසින් හෝ පෙරලනු ලබන්නාහු ඔසවනු ලබන්නාහු කනු ලබන්නාහු කම්පාවෙත්. වෙවුලත්, සැලෙත්. මෙසේම සත්වයෝ තෘෂ්ණා කම්පාවෙන් කම්පාවෙත්. වෙවුලත්, සැලෙත්, දෘෂ්ටිව්‍යසන දුකින් වෙවුලත්, සැලෙත් යනුයි.
4 “ඔවුනොවුන් විරුද්ධවූ” යනු සත්වයෝ ඔවුනොවුන් විරුද්ධවූවාහු ප්‍රතිවිරුද්ධ වූවාහු වෛරවූවාහු යනුයි (ii) රජවරුද රජුන් හා විවාද කරත්. ක්ෂත්‍රියයෝද ක්ෂත්‍රියයන් හා විවාද කරත්. බ්‍රාහ්මණයෝද බමුණන් හා විවාද කරත්, ගෘහපතියෝද ගෘහපතීන් හා විවාද කරත් මවද පුතා සමග විවාද කරයි, පුතාද මව සමග විවාද කරයි, පියාද පුතා සමග විවාද කරයි, පුතාද පියා සමග විවාද කරයි, සහෝදරයාද සහෝදරයා සමග විවාද කරයි, සහෝදරිය සහෝදරිය සමග විවාද කරයි, සහෝදරයාද සහෝදරිය සමග විවාද කරයි සහෝදරියද සහෝදරයා සමග විවාද කරයි, යහලුවාද යහලුවා සමග විවාද කරයි, ඔවුහු එහි කලහ විග්‍රහ විවාදයට පැමිණියාහු ඔවුනොවුන් පහර දෙත්. කැට කැබලිති වලින්ද පහර දෙත්. දඬුවලින්ද පහර දෙත්, ආවුධ වලින්ද පහර දෙත්. ඔවුහු එහි මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත් යනුයි.
5 “දැක මට බිය පැමිණියේය” යනු දැක බලා සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට භය, පීඩාව, ඝට්ටනය, උපද්‍රවය පැමිණියේය යනුයි.
|
172
සමන්තමසාරො ලොකො, දිසා සබ්බා සමෙරිතා;
ඉච්ඡං භවනමත්තනො, නාද්දසාසිං අනොසිතං.
සමන්තමසාරො ලොකොති.
ලොකොති නිරයලොකො තිරච්ඡානයොනිලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො, ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො, අයං ලොකො පරො ලොකො, බ්‍රහ්මලොකො දෙවලොකො - අයං වුච්චති ලොකො. නිරයලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. තිරච්ඡානයොනිලොකො...පෙ.... පෙත්තිවිසයලොකො... මනුස්සලොකො... දෙවලොකො... ඛන්ධලොකො... ධාතුලොකො... ආයතනලොකො... අයං ලොකො... පරො ලොකො... බ්‍රහ්මලොකො... දෙවලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා.
යථා පන නළො අසාරො නිස්සාරො සාරාපගතො, යථා එරණ්ඩො අසාරො නිස්සාරො සාරාපගතො, යථා උදුම්බරො අසාරො නිස්සාරො සාරාපගතො, යථා සෙතකච්ඡො
තිරච්ඡානයොනිලොකො... පෙත්තිවිසයලොකො... මනුස්සලොකො... දෙවලොකො අසාරො නිස්සාරො සාරාපගතො
දිසා සබ්බා සමෙරිතාති. යෙ පුරත්ථිමාය දිසාය සඞ්ඛාරා, තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට්ටිතා අනිච්චතාය ජාතියා අනුගතා ජරාය අනුසටා බ්‍යාධිනා අභිභූතා මරණෙන අබ්භාහතා දුක්ඛෙ පතිට්ඨිතා අතාණා අලෙණා අසරණා අසරණීභූතා. යෙ පච්ඡිමාය දිසාය සඞ්ඛාරා...පෙ.... යෙ උත්තරාය දිසාය සඞ්ඛාරා... යෙ දක්ඛිණාය දිසාය සඞ්ඛාරා... යෙ පුරත්ථිමාය අනුදිසාය සඞ්ඛාරා... යෙ පච්ඡිමාය අනුදිසාය සඞ්ඛාරා... යෙ උත්තරාය අනුදිසාය සඞ්ඛාරා... යෙ දක්ඛිණාය අනුදිසාය සඞ්ඛාරා... යෙ හෙට්ඨිමාය දිසාය සඞ්ඛාරා... යෙ උපරිමාය දිසාය සඞ්ඛාරා... යෙ දසසු දිසාසු සඞ්ඛාරා, තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට්ටිතා අනිච්චතාය ජාතියා අනුගතා ජරාය අනුසටා බ්‍යාධිනා අභිභූතා මරණෙන
‘‘කිඤ්චාපි
රූපෙ රණං දිස්වා සදා පවෙධිතං, තස්මා න රූපෙ රමතී සුමෙධො.
‘‘මච්චුනාබ්භාහතො ලොකො, ජරාය පරිවාරිතො;
තණ්හාසල්ලෙන ඔතිණ්ණො, ඉච්ඡාධූමායිතො
(ඉච්ඡාධුමායිකො (ස්‍යා.)) සදා.
‘‘සබ්බො ආදීපිතො
සබ්බො පජ්ජලිතො ලොකො, සබ්බො ලොකො පකම්පිතො’’ති.
දිසා සබ්බා සමෙරිතා.
ඉච්ඡං භවනමත්තනොති. අත්තනො භවනං තාණං ලෙණං සරණං ගතිං පරායනං ඉච්ඡන්තො සාදියන්තො පත්ථයන්තො පිහයන්තො අභිජප්පන්තොති - ඉච්ඡං භවනමත්තනො.
නාද්දසාසිං අනොසිතන්ති. අජ්ඣොසිතංයෙව අද්දසං, අනජ්ඣොසිතං නාද්දසං, සබ්බං යොබ්බඤ්ඤං ජරාය ඔසිතං, සබ්බං
‘‘ලාභො
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා, අසස්සතා විපරිණාමධම්මා’’ති.
නාද්දසාසිං අනොසිතං.
තෙනාහ භගවා -
‘‘සමන්තමසාරො ලොකො, දිසා සබ්බා සමෙරිතා;
ඉච්ඡං භවනමත්තනො, නාද්දසාසිං අනොසිත’’න්ති.
|
172
(15 - 3)
1 “ලෝකය හාත්පසින් අසාරය” යන්නෙහි ‘ලෝකය’ නම් නිරය ලෝකය තිරිසන් යෝනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මිනිස් ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්මලෝකය, දිව්‍ය ලෝකය, යන මෙය ලෝකය යයි කියයි. නිරය ලෝකය නිත්‍ය සාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ නොවෙනස්වන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් පහවූවක. තිරිසන් යෝනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය, නිත්‍යසාර සාරයෙන් හෝ සුඛ සාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ නොවෙනස්වන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් පහවූවෙක. යම්සේ වනාහි බට ගස අසාරය නිස්සාරය ඉවත්වූ හරය ඇත්තේය. යම්සේ එරඬු ගස අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ අට්ටික්කා ගස අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ සෙත කච්ඡ නම් ගස අසාරය නිස්සාරය, ඉවත්වූ හරය ඇත්තේය. යම්සේ එරබඳු නම් ගස අසාරය නිස්සාරය, හරයෙන් ඉවත්වූයේය. යම්සේ පෙනපිඩ අසාරය නිස්සාරය, හරයෙන් ඉවත්වූයේය. යම්සේ දිය බුබුල අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ මිරිඟුව අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ කෙහෙල් කඳ අසාරය, නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ මායාව අසාරය නිස්සාරය හරයෙන් ඉවත්ය. එපරිද්දෙන්ම නිරය ලෝකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යවශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් ඉවත්වූයේය. තිරිසන් යොනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මනුෂ්‍යලෝකය, දිව්‍යලෝකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් ඉවත්වූයේය. ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍යලෝකය, නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාස්වතයෙන් හෝ නොවෙනස් ධර්මවශයෙන් හෝ අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්වූයේය යනුයි.
2 “සියලු දිශාවෝ කම්පිතයහ” යනු පෙරදිග යම් සංස්කාරයෝ වෙත්ද ඒ වාද අන්‍යොන්‍යයන් කම්පිතයහ සැලෙන්නාහ ගැටුනාහ. ජාතිය අනුව ගියේය. ජරාවෙන් විසුරුවන ලද්දේය. ව්‍යාධියෙන් මඩනා ලද්දේය. මරණයෙන් මඩනා ලද්දේය. දුකෙහි පිහිටියේය. ආරක්ෂා ස්ථානයක් නැත. පිහිටක් නැත. පිහිටක් නැති බැවින් යුක්තය. යම් පෙරදිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් අපර දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් උතුරු දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දකුණු දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් පෙරදිග අනුදිග සංස්කාරයෝ වෙද්ද, යම් අවරදිග අනුදිග සංස්කාරයෝ වෙද්ද, යම් උතුරු අනුදිගෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දකුණු අනුදිග සංස්කාරයෝ වෙද්ද, යම් යට දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් උඩ දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දශ දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, ඒ සංස්කාරයෝද අනිත්‍යයෝ කම්පිතයහ. සැලෙන්නාහ. ගැටුනාහ. ජාතිය අනුව ගියේය. ජරාවෙන් විසුරු වන ලද්දේය. ව්‍යාධියෙන් මඩනා ලද්දේය. මරණයෙන් මඩනා ලද්දේය. දුකෙහි පිහිටියේය. ආරක්ෂා ස්ථානයක් නැත. පිහිටක් නැත. පිහිටක් නැති බැවින් යුක්තය මෙයද කියන ලද්දේය.
3 “හුදෙක් උතුරුදිශාවෙහි බබලන්නාවූ දිලිසෙන්නාවූ විමානයක් වෙයි. හැමකල්හි වෙවුලන්නාවූ රූපයෙහි යුද්ධය දැක එහෙයින් යහපත් නුවණැත්තේ රූපයෙහි නොඇලෙයි.
“ලෝකය මරුවා විසින් මැඩගන්නා ලදී. ජරාවෙන් පිරිවරණ ලද්දේය ආශා හුලින් බැසගත්තේය. ආශාවෙන් දුම් දමන ලද්දේ වෙයි.”
“සියලු ලෝකය දැල්වුනේ වෙයි. සියලු ලෝකය දුමින් වැසුනේය. සියලු ලෝකය දිලිසෙන්නේය. සියලු ලෝකය කම්පාවන්නේය” යනූයි.
“තමාගේ ආරක්ෂාව කැමතිවන්නේ” යනු තමාගේ පිහිට ආරක්ෂාව, ගතිය, පරායනය, කැමතිවන්නේ බලාපොරොත්තු වන්නේ, ආශාකරන්නේ යනුයි
4 “ගිලන් නොවූවකු නොදකිමි” යනු ගිලන්නහුම දකිමි. නොගැලුනෙකු නොදකිමි. සියලු තරුණකම ජරාවෙන් වසාගන්නාලදී. සියලු නිරොගකම ලෙඩෙන් වසාගන්නාලදී. සියලු ජීවිතය මරණයෙන් වසාගන්නා ලදී. සියලු ලාභය අලාභයෙන් වසාගන්නා ලදී. සියලු කීර්තිය අපකීර්තියෙන් වසාගන්නාලදී, සියලු ප්‍රශංසාව නින්දාවෙන් වසාගන්නාලදී. සියලු සැපය දුකින් වසාගන්නා ලදී.
5 “ලාභයද, අලාභයද, කීර්තියද, අපකීර්තියද, නින්දාවද, ප්‍රශංසාවද, සැපයද, දුකද යන මනුෂ්‍යයන් පිළිබඳ ධර්මයෝ හැමදා නොපවත්නාහ. වෙනස්වන ධර්මයෝ වෙති” නොගිලුන කෙනෙකු නොදකිමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“සියලු ලෝකය හාත්පසින් අසාරය. සියලු දිශාවෝ කම්පිතයහ. ජරාදියෙහි බැසනොගත් තමන්ගේ පිහිට බලාපොරොත්තු වන්නෙකු නොදකිමි” යනුයි
|
173
ඔසානෙ
අථෙත්ථ සල්ලමද්දක්ඛිං, දුද්දසං හදයස්සිතං.
ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙති.
ඔසානෙ ත්වෙවාති සබ්බං යොබ්බඤ්ඤං ජරා ඔසාපෙති, සබ්බං ආරොග්‍යං බ්‍යාධි ඔසාපෙති, සබ්බං ජීවිතං මරණං ඔසාපෙති, සබ්බං ලාභං අලාභො ඔසාපෙති, සබ්බං යසං අයසො ඔසාපෙති, සබ්බං පසංසං නින්දා ඔසාපෙති, සබ්බං සුඛං දුක්ඛං ඔසාපෙතීති - ඔසානෙ ත්වෙව.
බ්‍යාරුද්ධෙති යොබ්බඤ්ඤකාමා සත්තා ජරාය පටිවිරුද්ධා, ආරොග්‍යකාමා සත්තා බ්‍යාධිනා පටිවිරුද්ධා, ජීවිතුකාමා සත්තා මරණෙන පටිවිරුද්ධා, ලාභකාමා සත්තා අලාභෙන පටිවිරුද්ධා, යසකාමා සත්තා අයසෙන පටිවිරුද්ධා, පසංසකාමා සත්තා නින්දාය පටිවිරුද්ධා, සුඛකාමා සත්තා දුක්ඛෙන පටිවිරුද්ධා ආහතා පච්චාහතා ආඝාතිතා පච්චාඝාතිතාති - ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ.
දිස්වා
අථෙත්ථ සල්ලමද්දක්ඛින්ති.
අථාති පදසන්ධි...පෙ.... පදානුපුබ්බතාපෙතං - අථාති.
එත්ථාති
දුද්දසං හදයස්සිතන්ති.
දුද්දසන්ති දුද්දසං දුද්දක්ඛං දුප්පස්සං දුබ්බුජ්ඣං දුරනුබුජ්ඣං දුප්පටිවිජ්ඣන්ති - දුද්දසං.
හදයස්සිතන්ති හදයං වුච්චති චිත්තං. යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්‍රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු.
හදයස්සිතන්ති හදයනිස්සිතං චිත්තසිතං චිත්තනිස්සිතං චිත්තෙන සහගතං සහජාතං සංසට්ඨං සම්පයුත්තං එකුප්පාදං එකනිරොධං එකවත්ථුකං
තෙනාහ භගවා -
‘‘ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ, දිස්වා මෙ අරතී අහු;
අථෙත්ථ සල්ලමද්දක්ඛිං, දුද්දසං හදයස්සිත’’න්ති.
|
173
(15 - 4)
1 “අවසන්කොට විරුද්ධවූ සත්වයන් යන්නෙහි සියලු යෞවනත්වය ජරාවෙන් විනාශවෙයි. සියලු නිරෝගීකම ව්‍යාධියෙන් විනාශවෙයි. සියලු ජීවිතය මරණයෙන් විනාශවෙයි. සියලු ලාභය අලාභයෙන් විනාශවෙයි. සියලු කීර්තිය අපකීර්තියෙන් විනාශවෙයි. සියලු ප්‍රශංසාව නින්දාවෙන් විනාශවෙයි. සියලු සැපත දුකින් විනාශවෙයි ‘විරුද්ධවූවන්’ යනු යෞවනය කැමති සත්වයෝ ජරාවට විරුද්ධයහ, නිරෝගිකම කැමති සත්වයෝ ව්‍යාධියට විරුද්ධයහ. ජීවත්වනු කැමැත්තෝ මරණයට විරුද්ධයහ. ලාභය කැමැත්තෝ අලාභයට විරුද්ධයහ. කීර්තියට කැමැත්තෝ අපකීර්තියට විරුද්ධයහ. ප්‍රශංසාව කැමැත්තෝ නින්දාවට විරුද්ධයහ. සැප කැමැත්තෝ දුකට විරුද්ධයහ. ගැටුනේය. වෛරයෙන් යුක්තය යනුයි.
2. “දැක මාගේ කළකිරීම විය” යන්නෙහි දැක යනු බලා සමකොට තීරණයකොට ප්‍රකටකොට යනුයි. ‘මාගේ නො ඇල්ම යනු යම් නොඇල්මක් ඇද්ද, ආශාරහිත බවක් ඇද්ද යම් කළකිරීමක් ඇද්ද එයයි යනුයි.
3 “ඉක්බිති මෙහි රාගාදී හුල් දැක්කෙමි” යන්නෙහි ඉක්බිති යනු පදසන්ධියයි. පද ගැලපීමයි. පද පූරණයකි. පහසුවෙන් කියවීම පිණිස යෙදුවකි. මේ පද පිළිවෙළයි. “මෙහි” යනු සත්වයන් කෙරෙහි යනුයි. “හුල්” යනු හුල් සතකි. රාග හුල ද්වේෂ, මොහ, මාන, දෘෂ්ටි, ශෝක, සැකය යන හුල්වෙති. “දැකීම්” යනු දැක්කෙමි. දිටිමි අවබෝධකර ගතිමි යනුයි
4 “හෘදයෙහි ඇති දර්ශනයට දුෂ්කර” යන්නෙහි දුෂ්කරසේ දක්නා යනු අවබෝධයට දුෂ්කර යනුයි.
“හෘදයෙහි ඇති” යන්නෙහි සිතට හෘදයයයි කියයි. යම් සිතක් මන නම් වේද, මානස නම් වේද, හදය, පණ්ඩර මන මනායතන, මනින්ද්‍රිය, විඤ්ඤාණ, විඤ්ඤාණස්කන්ධ, තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු නම් වේද, හෘදය ආශ්‍රයකොට ඇති සිත ආශ්‍රයකොට ඇති සිත හා එක්වූ එකට උපන් එකට නිරුද්ධ වන්නාවූ එක වස්තුකවූ එකම අරමුණක් ඇති, යනුයි.
|
174
යෙන සල්ලෙන ඔතිණ්ණො, දිසා සබ්බා විධාවති;
තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදති.
යෙන
කතමං දොසසල්ලං? ‘‘අනත්ථං මෙ අචරී’’ති ආඝාතො ජායති ‘‘අනත්ථං මෙ චරතී’’ති ආඝාතො ජායති, ‘‘අනත්ථං මෙ චරිස්සතී’’ති ආඝාතො ජායති...පෙ.... චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස - ඉදං දොසසල්ලං.
කතමං මොහසල්ලං? දුක්ඛෙ අඤ්ඤාණං...පෙ.... දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං
කතමං මානසල්ලං? ‘‘සෙය්‍යොහමස්මී’’ති මානො, ‘‘සදිසොහමස්මී’’ති මානො, ‘‘හීනොහමස්මී’’ති මානො. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං
කතමං දිට්ඨිසල්ලං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා
කතමං සොකසල්ලං? ඤාතිබ්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො අන්තොඩාහො අන්තොපරිඩාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං - ඉදං සොකසල්ලං.
කතමං කථංකථාසල්ලං? දුක්ඛෙ කඞ්ඛා, දුක්ඛසමුදයෙ කඞ්ඛා, දුක්ඛනිරොධෙ කඞ්ඛා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය කඞ්ඛා, පුබ්බන්තෙ කඞ්ඛා, අපරන්තෙ කඞ්ඛා, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛා, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසග්ගාහො
යෙන
දොසසල්ලෙන...පෙ.... මොහසල්ලෙන... මානසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො කායෙන දුච්චරිතං චරති, වාචාය
දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො
(හත්ථාවලෙඛනො (ස්‍යා.)), න එහිභදන්තිකො
අථ වා දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා
සොකසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. වුත්තඤ්හෙතං භගවතා -
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලං කිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං, සිඞ්ඝාටකෙන
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සො තස්සා කාලං කිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං, සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ - ‘අපි මෙ මාතරං අද්දස්සථ, අපි මෙ මාතරං අද්දස්සථා’ති.
‘‘භූතපුබ්බං
‘‘භූතපුබ්බං, බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථී ඤාතිකුලං අගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකං අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා, සා ච නං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථී සාමිකං එතදවොච - ‘ඉමෙ, අය්‍යපුත්ත, ඤාතකා තව අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා, උභො මයං
කථංකථාසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සංසයපක්ඛන්දො හොති විමතිපක්ඛන්දො ද්වෙළ්හකජාතො - ‘‘අහොසිං නු ඛො අහං අතීතමද්ධානං, නනු ඛො අහොසිං අතීතමද්ධානං, කිං නු ඛො අහොසිං අතීතමද්ධානං, කථං නු ඛො අහොසිං අතීතමද්ධානං
තෙ සල්ලෙ අභිසඞ්ඛරොති; තෙ සල්ලෙ අභිසඞ්ඛරොන්තො සල්ලාභිසඞ්ඛාරවසෙන පුරත්ථිමං දිසං ධාවති, පච්ඡිමං දිසං ධාවති, උත්තරං දිසං ධාවති, දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා අප්පහීනා; සල්ලාභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා ධාවති, නිරයෙ ධාවති
තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදතීති. තමෙව රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථංකථාසල්ලං අබ්බුය්හ අබ්බුහිත්වා උද්ධරිත්වා සමුද්ධරිත්වා උප්පාටයිත්වා සමුප්පාටයිත්වා
(උප්පාදයිත්වා සමුප්පාදයිත්වා (ස්‍යා. ක.)) පජහිත්වා විනොදෙත්වා බ්‍යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා නෙව පුරත්ථිමං දිසං ධාවති න පච්ඡිමං දිසං ධාවති න උත්තරං දිසං ධාවති න දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා පහීනා; සල්ලාභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා න ධාවති, නිරයෙ න ධාවති, තිරච්ඡානයොනියා න ධාවති, පෙත්තිවිසයෙ න ධාවති, මනුස්සලොකෙ න ධාවති, දෙවලොකෙ න ධාවති, න ගතියා ගතිං, න උපපත්තියා උපපත්තිං, න පටිසන්ධියා පටිසන්ධිං, න භවෙන භවං, න සංසාරෙන සංසාරං, න වට්ටෙන වට්ටං ධාවති විධාවති සන්ධාවති සංසරතීති - තමෙව සල්ලමබ්බුය්හ න ධාවති.
න සීදතීති
තෙනාහ
‘‘යෙන සල්ලෙන ඔතිණ්ණො, දිසා සබ්බා විධාවති;
තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදතී’’ති.
|
174
(15 - 5)
1 “යම් හුලකින් විදි තැනැත්තේ සියලු දිසාවන්හි දුවයි.” යන්නෙහි හුල් යනු හුල් සතෙකි රාග හුල, ද්වේෂහුල, මොහ, මාන, දෘෂ්ටි, ශොක, සැකය නමැති හුල යනුයි. රාග හුල කවරේද, යම් සිතේ ඇලීමක් ඇද්ද බැඳීමක් ඇද්ද, ((2-2) 1 හා (1-3) සස ඡේදය යෙදිය යුතුයි) අභිධ්‍යාව, ලෝභය, අකුශල මූලය යනුයි. මේ රාග හුලයි.
2 ද්වේෂය නමැති හුල කවරේද? මට අවැඩක් කළේයයි වෛරය හටගනියි. මට අවැඩ දැන් කෙරේයයි වෛරය හට ගනියි. මට මතු අනර්ථයක් කරන්නේයි. වෛරයහට ගනියයි. (10-3) 1 යෙදිය යුතුයි) චණ්ඩ ගතියක් කඳුළු හෙළීමක් සිතේ නොසතුටු බවක්වේද එයයි
3 මෝහය නමැති හුල කවරේද? දුකෙහි නොදැනීම. දුක් ඇතිවීමේ හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන නොදැනීම, පූර්වාන්තය නොදැනීම, අපරාන්තය නොදැනීම, පූර්ව පරාන්තය නොදැනීම, හේතු ප්‍රත්‍ය ධර්මයවූ ප්‍රතීත්‍ය සමුත්පාදයන් ගැන නොදැනීම යනුයි. මෙබඳුවූ යම් නොදැනීමක් අනවබොධයක් ප්‍රතිවෙධ නොකිරීමක් නොගැනීමක් සිහි නොකිරීමක් මෝහයක් නොදැනීමක් අවිද්‍යාවක් අවිද්‍යාවක යෙදීමක් අවිද්‍යාවක බැසගැන්මක් අකුශල මූලයක් ඇද්ද, මේ මෝහය නමැති හුලයි.
4 මානය නමැති හුල කවරේද? ශ්‍රේෂ්ඨවෙමියි මානය සමානවෙමියි මානය හීනවෙමියි මානය යම් එබඳුවූ මානයක් ඇද්ද හැඟීමක් ඇද්ද, උසස්යයි සිතීමක් ධජයක් මෙන් සිතේ උසස්කොට ගැන්මක් සිත කොඩියක් මෙන් උසස්කර ගැනීමක් ඇද්ද, මේ මාන නමැති හුල නමි.
5 දෘෂ්ටිය නමැති හුල කවරේද? විසිවැදෑරුම් ආත්ම දෘෂ්ටිය, දශවැදෑරුම් මිථ්‍යාදෘෂ්ටිය, දශවැදෑරුම් අන්තග්‍රාහික දෘෂ්ටිය, මෙබඳුවූ යම් දෘෂ්ටියක් ඇද්ද, දෘෂ්ටි ගැනීමක් ඇද්ද, දෘෂ්ටි කාන්තාරයක් ඇද්ද, දෘෂ්ටි කටුවක් ඇද්ද, දෘෂ්ටි දැඟලීමක් ඇද්ද, දෘෂ්ටි බන්ධනයක් ඇද්ද, පිළිගැනීමක් ඇද්ද බැසගැන්මක් ඇද්ද, වැරදි මාර්ගයක් ඇද්ද, තීර්ථායතනයක් ඇද්ද, මේ දෘෂ්ටි හුලයි
6 ශෝකය නමැති හුල කවරේද? ඥාති ව්‍යසනයෙන් හෝ ස්පර්ශකළහුගේ භොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ ශීල ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ වෙනින් අනික් ව්‍යසනයන්ගෙන් හෝ යුත්තවූවහුගේ ශෝකයක් ඇද්ද, ශෝක කිරීමක් ඇද්ද ඇතුළත දාහයක් ඇද්ද, සිතේ දොම්නස් ගතියක් ඇද්ද, මේ ශෝකය නමැති හුලයි.
7 සැකය නමැති හුල කවරේද? දුකෙහි සැකය, දුක ඇතිවීමේ හේතුවේ සැකය, දුක්ඛ නිරෝධයේ සැකය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සැකය, පෙර කාලය පිළිබඳ සැකය, පසුකාලය පිළිබඳ සැකය, පූර්වාපරාන්තය පිළිබඳ සැකය, ප්‍රතිත්‍යසමුත්පාදය පිළිබඳ සැකය, යම් එබඳුවූ සැකයක්, සැකකිරීම් බවක්, විමතියක් විචිකිච්ඡාවක් අදහස් දෙකක් ඇති බවක් සිතේ පෙරලියක්, ලොමුඩැහැගැන්මක් ඇද්ද මේ සැකය නමැති හුලයි,
8 “යම් හුලකින් විදි තැනැත්තේ සියලු දිශාවන්හි දුවයි.” යනු රාග හුලින් බැසගත් විදි ස්පර්ශවූ යුක්තවූ තැනැත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. සතුන්ද මරයි. හොරකම්ද කරයි. ගෙවල්ද බිඳියි. කොල්ල කෑමද කරයි. උවදුරෙහිද සිටියි. පරදාර කර්මය පිණිසද යයි. බොරුද කියයි මෙසේද රාගහුලින් බැසගත් විදි තැනැත්තේ ස්පර්ශවූ යුක්තවූ තැනැත්තේ දුවයි. හැසිරෙයි. යලිදු හෝ රාගය නමැති හුලින් බැසගත් විදි ස්පර්ශ කළ යුක්තවූ තැනැත්තේ භෝගයක් සොයමින් නැවෙන් මහ සමුදුරයට බැස ගනියි. ශීතය පෙරටුකොට උෂ්ණය පෙරටුකොට ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වාව් දීර්ඝජාතිහුය යන මොවුන්ගේ ස්පර්ශය විඳිමින් පිපාසයෙන් හා බඩසයින් පෙළෙමින් කැලෑ රොදටද යයි තක්කොල නම් පෙදෙසට යයි. තක්සලාවට යයි කාලමුඛ නම් ප්‍රදෙශයට යයි. මරණ පාර නම් පෙදෙසට යයි. වෙසුංග නම් පෙදෙසට යයි වෙරාපථ නම් පෙදෙසට යයි. ජව නම් පෙදෙසට යයි. තමසි නම් පෙදෙසට යයි වංග නම් පෙදෙසට යයි එළ බන්ධන නම් පෙදෙසට යයි. සුවණ්ණකූට නම් පෙදෙසට යයි. සුවර්ණභූමි නම් පෙදෙසට යයි. තාමුපර්ණි නම් පෙදෙසට යයි. සුප්පාරක නම් පෙදෙසට යයි. භරුකච්ඡා නම් පෙදෙසට යයි. සූරට්ඨ නම් පෙදෙසට යයි. අංගලොක නම් පෙදෙසට යයි. ගංගන නම් පෙදෙසට යයි. පරම ගංගන නම් පෙදෙසට යයි. යොන් රටට යයි. පරමයොන් රටට යයි වීතක නම් පෙදෙසට යයි මූලපද නම් පෙදෙසට යයි. මරුකන්තාර නම් පෙදෙසට යයි. ජන්නුපථ නම් පෙදෙසට යයි අජපථ නම් පෙදෙසට යයි. මෙණ්ඩක නම් පෙදෙසට යයි සංකුපථ නම් පෙදෙසට යයි. ඡත්තපථ නම් පෙදෙසට යයි වංසපථ නම් පෙදෙසට යයි සකුණපථ නම් පෙදෙසට යයි. මූසික පථ නම් පෙදෙසට යයි. දරීපථ නම් පෙදෙසට යයි. වෙත්තාධාර නම් පෙදෙසට යයි. සොයන්නේ නොලැබෙයි නොලැබීම මුල්කොට දුකක් දොම්නසක් ඇති වෙයි සොයන්නේ ලැබෙයි. ලැබරැකීම මුල්කොට දුකක් දොම්නසක් ඇති වෙයි. කෙසේ නම් මාගේ භෝගයෝ රජවරු නොගන්නාහුද, සොරු නොගන්නාහුද, ජලයට ගසා නොයන්නාහුද, තමාට අප්‍රිය දූදරු ආදිහු නොගන්නාහු දැයි මෙසේ ආරක්ෂා කරන්නේ ඔහුගේ භොගයෝ බිඳීයත්, විනාශවීයත්, හෙතෙම වෙනස්වීම මුල්කොට දුකක් දොම්නසක් විඳියි. මෙසේද රාගය නැමැති හුලින් විදියේ ස්පර්ශවූයේ යුක්තවූයේ දුවයි. හැසිරෙයි යනුයි.
9 “ද්වේෂය නැමැති හුලින් මෝහය නමැති හුලින් මානය නමැති හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශවූයේ යුක්තවූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි සිතින් දුසිරිතෙහි හැසිරෙයි. සතුන්ද මරයි. හොරකම්ද කරයි. ගෙවල්ද බිඳියි. කොල්ල කෑම කරයි. එකම ගෙයක් වටකොට උවදුරු කරයි. උවදුරෙහිද සිටියි. පරදාර කර්මය පිණිසද යයි. බොරුද කියයි. මෙසේ මාන සල්ලයෙන් බැසගත්තේ විදියේ ස්පර්ශකළේ යුක්තවූයේ දුවයි, හැසිරෙයි.
10 දෘෂ්ටි හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශ කළේ යුක්ත වූයේ නිර්වස්ත්‍ර නිඝණ්ඨයෙක් වෙයි. පහකරණ ලද හොඳ සිරිත් ඇත්තේ වෙයි. කෑම කා අත ලෙවන්නේ වෙයි. කැඳවූ කල නොඑන්නේ වෙයි සිටින්නට කී කල නොසිටින්නේ වෙයි. කාලයට පළමු ගෙනා කෑම නොගනියි. තමන් උදෙසා තැනූ කෑම නොගනියි. ආරාධනාකොට දුන් කෑම නොගනියි. සැලියේ කටින් ගෙනත් දුන් කෑම නොගනියි. කූඩයේ කටින් ගෙනත් දෙන කෑම නොගනියි එලිපත අතරකොට දෙනදේ දණ්ඩක් අතර කොට දෙනදේ මෝලක් අතර කොට දෙන දේ නොගනියි කෑම කන දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට දෙන දේ නොගනියි. ගර්භණියගෙන්, කිරිපොවන්නියගෙන් පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනියි. සම්මාදම්කොට පිසූකල එයින් නොගනියි. බල්ලෙකුට දීමට අදහස් කල කෑම නොගනියි මැස්සන් වැසූ කෑමද මස් මාංශ මත්පැන් නොගනියි. කාඩි බීම නොකරයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකක් හෝ ලැබ නවතින්නේ වෙයි. ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු හතකින් නවතින්නේ හෝ වෙයි. පිණ්ඩ පාත්‍ර හතකින්ද යැපෙයි. දන්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙති. දවසක් හැර දවසක් කෑම කයි, දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දිනක් බත් කයි. මෙබඳු වූවන් බත් කෑමෙහි යෙදුනේ වාසය කරයි. මෙසේද දෘෂ්ටි නමැති හුලින් බැසගත්තේ විදියේ දුවයි හැසිරෙයි.
11 යලිදු හෝ දෘස්ටි හුලින් බැසගත්තේ විදියේ නොපිසූ පලා කන්නේ වෙයි. බඩහමු නම් තණ ධාන්‍ය කන්නේ වෙයි. ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. සම් කැබලි කන්නේ හෝ වෙයි මැලියම් කන්නේ හෝ වෙයි කුඩු කන්නේ හෝ වෙයි. දම්කුඩ කන්නේ හෝ වෙයි. පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි ගොමකන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් හෝ යැපෙයි. හෙතෙම හණ රෙදිද දරයි. හන පතුරු මිශ්‍ර රෙදිද දරයි. එරුතණ ආදියෙන් කළ රෙදිද දරයි. බිම ලු රෙදි මාලුද දරයි. ගස් පතුරුද දරයි. අඳුන්දිවිසම් දරයි. මැදපැලු ඇඳුම් දිවිසම් දරයි. කුසවැහැරිද දරයි. නියඳ වැහැරිද දරයි. මෑලි වැහැරිද දරයි. ඉස කෙසින් කළ කම්බිළිද දරයි. අස් ලොමින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු වලින් කළ ශරීරයේ යටකොටස් ඇඳුම් අඳියි. ඉසකේ රැවුල් ඉදිරීමේ යෙදුනේ වෙයි. ආසන ඉවත්කොට නැගිට සිටින්නේ වෙයි. උක්කුටිකව හිඳීමේ වීර්‍ය්‍යයෙහි යෙදුනේ වෙයි. කටු උඩ නිදාගන්නේ වෙයි. කටු උඩ හැසීරීම, කරන්නේ වෙයි. ලෑලි උඩ නිදාගන්නේ කුඩා තාප්පය උඩ නිදාගන්නේ වෙයි. එක පැත්තකට හැරී නිදාගන්නේ වෙයි. දූවිලි දැලි දරන්නේ වෙයි. එලියේ වසන්නේද වෙයි. පළමු එලු ආකාරයටම වෙනස් නොකොට ආසනයක හිඳිනේ වෙයි, අසූචි අනුභවයෙහි යෙදුනේ වෙයි. ඇල්වතුර නොබොන්නේ ඇල්වතුර නොබීමෙහි යෙදුනේ වෙයි. උදය දවල් සහ සවස පවු පාකර හරින්නෙමැයි දියේ ගිලී වාසය කරයි. මෙසේද දෘෂ්ටි හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශ කළේ යුක්තවූයේ දුවයි හැසිරෙයි
12 “ශෝකය නමැති හුලින් බැසගත්තේ විදිසේ ස්පර්ශ කළේ යුක්තවූයේ ශොකකරයි. ක්ලාන්තවෙයි, වැළපියි, පපුවේ අතගසා අඬයි. සිහිමුලාවට පැමිණෙයි, මෙය භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලදී. බ්‍රාහ්මණය පෙරකාලයෙහි මේ සැවැත්නුවර එක්තරා ස්ත්‍රියකගේ මව මළාය. ඇය ඇයගේ කාලක්‍රියාවෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්දියෙන් මංසන්දියට යමින් මෙසේ කීවාය. “මාගේ මව දැක්කහුද? මාගේ මව දැක්කහුද?” යනු වෙනි, බ්‍රාහ්මණය, පෙර මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියා මළේය. සහෝදරයා මළේය, සහෝදරී මළාය. පුත්‍රයා මළේය, දුව මළාය, හිමියා මළේය. ඇය ඔහුගේ කාලක්‍රියාවෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්දියෙන් මංසන්දියට පැමිණ මෙසේ කීවාය. “මාගේ ස්වාමියා දැක්කහුද? මාගේ ස්වාමියා දැක්කහුද?” යනුයි බ්‍රාහ්මණය, මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ මව මළාය, හෙතෙම ඇයගේ මරණයෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මෙසේ කිවේය. “මගේ මව දැක්කහුද? මගේ මව දැක්කහුද” යනුවෙනි. බ්‍රාහ්මණය, පෙර මේ සැවැත්නුවර එක්තරා පුරුෂයෙකුගේ පියා කළුරිය කළේය, සහෝදරයා කළුරිය කළේය. සහෝදරිය කළුරිය කළාය, පුත්‍රයා කළුරිය කළේය දුව කළුරිය කළාය, භාර්‍ය්‍යාව කළුරිය කළාය. හෙතෙම ඇයගේ කළුරිය කිරීමෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගොස් මෙසේ කීය. “මාගේ භාර්‍ය්‍යාව දැක්කහුද? මාගේ භාර්‍ය්‍යාව දැක්කහුද?” යනුවෙනි. බ්‍රාහ්මණය, පෙර මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියක් ඥාති කුලයට ගියාය. ඇයගේ ඒ නෑයෝ ඇය ස්වාමියාගෙන් පැහැරගෙන අන්‍යයෙකුට දෙනු කැමැත්තෝ ඇයද එයට නොකැමැති වෙයි. ඉක්බිති ඒ ස්ත්‍රීය හිමියාට මෙසේ කීවාය. ආර්‍ය්‍යපුත්‍රය මේ නෑයෝ ඔබගෙන් මා පැහැර කරගෙන අනිකෙකුට දෙනු කැමැත්තෝය. “අපි දෙදෙනම මැරෙන්නෙමුයි” යනුවෙනි. ඉක්බිති පුරුෂතෙම ඒ ස්ත්‍රිය දෙපලුකොට තමා අතරෙහි හෙළයි. දෙදෙනාම පරලොව එකතුවන්නෙමු කියායි මෙසේ ශොක නමැති හුලින් බැසගන්නේ විදියේ ස්පර්ශකළේ දුවයි, හැසිරෙයි.
13 “සැකය නමැති හුලින් විදියේ ස්පර්ශ කළේ යුක්ත වූයේ සැකයට පත්වූයේ වෙයි විමතියට පත්වූයේ අදහස් දෙකක් දරන්නේ වෙයි. “මම අතීත කාලයෙහිවීම්ද, මම අතීත කාලයෙහි නොවීම්ද? අතීත කාලයෙහි කවරකුවීම්ද, අතීත කාලයෙහි කෙසේ හෝ වන්නෙම්ද? අතීත කාලයෙහි කවරෙකුට කෙසේ හෝ වීම්ද, අනාගත කාලයෙහි මම වන්නෙම්ද අනාගත කාලයෙහි මම නොවන්නෙම්ද? අනාගත කාලයෙහි මම කවරෙකු හෝ වන්නෙම්ද, අනාගත කාලයෙහි මම කවරෙකුවී කෙසේ වන්නෙම්ද, දැන් හෝ පවත්නා කාලය නිසා සැක ඇත්තේ වෙයි මම වීම්ද, මම නොවීම්ද, කවරෙකු වීම්ද, කෙසේ වීම්ද, මේ සත්වතෙම කොහින් පැමිණියේද, හෙතෙම කොහි යන්නේද? මෙසේ සැකය නමැති හුලින් විදියේ ස්පර්ශකළේ යුක්තවූයේ දුවයි, හැසිරෙයි, ඒ හුල් රැස් කරයි, ඒ හුල් රැස්කරන්නේ හුල් රැස් කිරීම් වශයෙන් පෙරදිගට දුවයි. අවරදිගට දුවයි, උතුරු දිගට දුවයි, දකුණු දිගට දුවයි, ඒ හුල් රැස්කිරීම ප්‍රහීණ නොවූයේය, හුල් රැස්කිරීම ප්‍රහීණ නොවූ බැවින් ඒ ඒ ගතිවල දුවයි, නිරයෙහි දුවයි. තිරිසන් යොනියෙහි දුවයි, පෙත්‍ර විෂයෙහි දුවයි, මිනිස්ලොව දුවයි, දෙව්ලොව දුවයි, ගතියෙන් ගතියට ඉපදිමෙන් ඉපදීමට ප්‍රතිසන්ධියෙන් ප්‍රතිසන්ධියට භවයෙන් භවයට සංසාරයෙන් සංසාරයට වට්ටයෙන් වට්ටයට දුවයි, හැසිරෙයි
14 “ඒ හුලම උදුරා නොදුවයි නොකිඳයි” යනු ඒ රාග නැමති හුලම ද්වේෂ නමැති හුලම, මෝහ නමැති හුලම මාන හුලම දෘෂ්ටි හුලම ශොක හුල සැකය නමැති හුල උගුලා දුරුකොට සන්සිඳුවා නූපදනා බවට පමුණුවා පෙරදිගට නුදුවයි අවරදිගට නුදුවයි, උතුරු දිගට නුදුවයි, දකුණු දිගට නුදුවයි, ඒ හුල් රැස්කිරීම ප්‍රහීණ විය. හුල් රැස් කිරීම ප්‍රහීණවූ බැවින් ගතියෙහි නුදුවයි, නිරයෙහි නුදුවයි, තිරිසන් යෝනියෙන් නුදුවයි, ප්‍රෙත විෂයෙහි නුදුවයි මිනිස් ලොව නුදුවයි, දෙව්ලොව නුදුවයි. ගතියෙන් ගතියට නුදුවයි. උත්පත්තියෙන් උත්පත්තියට නුදුවයි ප්‍රතිසන්ධියෙන් ප්‍රතිසන්ධියට නුදුවයි. භවයෙන් භවයට නුදුවයි, සංසාරයෙන් සංසාරයට නුදුවයි. වට්ටයෙන් වට්ටයට නුදුවයි. නොහැසිරෙයි යනුයි “නොදුවයි නොකිඳයි” යන්නෙහි කාමොඝයෙහි නොකිඳයි, භවොඝයෙහි නොකිඳයි, දිට්ඨොඝයෙහි නොකිඳයි, අවිජ්ජොඝයෙහි නොකිඳයි, නොයයි පහළට නොයයි යනුයි.
|
175
තත්ථ
න තෙසු පසුතො සියා, නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ;
සික්ඛෙ නිබ්බානමත්තනො.
තත්ථ සික්ඛානුගීයන්ති, යානි ලොකෙ ගධිතානීති.
සික්ඛාති හත්ථිසික්ඛා අස්සසික්ඛා රථසික්ඛා ධනුසික්ඛා සාලාකියං සල්ලකත්තියං කායතිකිච්ඡං භූතියං කොමාරභච්චං
(කොමාරතිකිච්ඡං (ස්‍යා.), කොමාරසච්චං (ක.)).
අනුගීයන්තීති ගීයන්ති නිග්ගීයන්ති කථීයන්ති භණීයන්ති දීපීයන්ති වොහරීයන්ති. අථ වා ගීයන්ති ගණ්හීයන්ති උග්ගණ්හීයන්ති
න තෙසු පසුතො සියාති. තාසු වා සික්ඛාසු තෙසු වා පඤ්චසු කාමගුණෙසු න පසුතො සියා, න තන්නින්නො අස්ස, න තප්පොණො, න තප්පබ්භාරො, න තදධිමුත්තො, න තදධිපතෙය්‍යොති - න තෙසු පසුතො සියා.
නිබ්බිජ්ඣ
සික්ඛෙ නිබ්බානමත්තනොති.
සික්ඛාති තිස්සො සික්ඛා - අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා...පෙ.... අයං අධිපඤ්ඤාසික්ඛා.
නිබ්බානමත්තනොති අත්තනො රාගස්ස නිබ්බාපනාය දොසස්ස නිබ්බාපනාය මොහස්ස නිබ්බාපනාය...පෙ.... සබ්බාකුසලාභිසඞ්ඛාරානං
තෙනාහ භගවා -
‘‘තත්ථ
න තෙසු පසුතො සියා, නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ;
සික්ඛෙ නිබ්බානමත්තනො’’ති.
|
175
(15 - 6)
1 “ලෝකයෙහි යම් පස්කම් ගුණ කෙනෙක් වෙද්ද ඒ අනුව ශික්ෂාවෝ කියනු ලැබෙත්” යන්නෙහි ශික්ෂා නම් හස්ති ශික්ෂාව අශ්ව ශික්ෂාව රථ ශික්ෂාව දුනු ශික්ෂාව තඹ කූරු ආදිය යොදා කරණ වෛද්‍ය ශික්ෂාව ආයුධ යොදා කරණ ශස්ත්‍ර වෛද්‍ය විද්‍යාව කාය චිකිත්සාව මූල ධාතූන්ට අයත් දේ යොදා කරණ චිකිත්සාව කුමාර චිකිත්සාව යනුයි. “කියනු ලැබෙත්” යනු පඤ්චකාම ගුණ ලාභය පිණිස කියනු ලැබෙත්, ප්‍රකාශ කරණු ලැබෙත් ව්‍යවහාර කරණු ලැබෙත්, යලිදු හෝ ගණු ලැබෙත්, ඉගෙණ ගනු ලැබෙත්, දරණු ලැබෙත්, යනුයි, ඉතා බැදුන දේයයි පඤ්චකාම ගුණයන්ට කියයි. ඇසට ගොදුරුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ කාමයන් ඇති කරන්නාවූ රූපයෝ වෙති. කුමක් හෙයින් ගධිතයයි පචඤ්කාම ගුණයන්ට කියත්ද? බොහෝසේ දිව්‍ය මනුෂ්‍යයෝ පංචකාම ගුණයන් කැමති වෙත්. ආශා කරත්, ප්‍රාර්ථනා කරත්, ඒ කාරණයෙන් “ඉනා බැඳුන දේයයි” පංචකාම ගුණයන්ට කියයි. ලෝකයෙහි යනු (3-4) 6 ඡේදය යොදාගත යුතුයි)
2 “ඒ කාමයන්හි හෝ ශික්ෂාවන්හි නොයෙදුනෙක් වන්නේද” යනු ඒ ශික්ෂාවන්හි හෝ ඒ පංචකාම ගුණයන්හි හෝ යෙදුනෙක් නොවන්නේද එයට බරවූවෙක් නොවන්නේද එයට නැමුනෙක් නොවන්නේද එයට ඇලුනෙක් නොවන්නේද එය අධිපතිකොට ඇත්තෙක් නොවන්නේද “ඒ කාමයන් සර්වප්‍රකාරයෙන් දුරුකොට” යන්නෙහි දුරු කොට යනු අවබෝධකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයයි අවබෝධකොට සියලු සංස්කාරයෝ දුක්යයි අවබෝධකොට සියලු ධර්මයෝ අනාත්මයයි අවබෝධ කොට යම්කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරෝධය පිණිස පවතීයයි දැන යනුයි. සර්වප්‍රකාරයෙන් යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය නිරවශෙෂයටකොට ගන්නා වචනයකි. “කාමයෝ” යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසකි වස්තු කාමයෝද ක්ලේශ කාමයෝද වෙති (මෙහි 1 කාමසූත්‍ර නිර්දෙශයේ 1 (ii) 2, 3 ඡේද යොදාගත යුතුයි)
3 “තමන්ගේ නිවණ පිණිස හික්මෙන්නෙය” යන්නෙහි හික්මීම යනු හික්මීම් තුනෙකි. අධිශීල ශික්ෂා අධි චිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යනුයි. (2-4) 1 (ii) 2 අවසානයට යොදාගත යුතුයි.) මේ අධි ප්‍රඥා ශික්ෂාවයි. “තමන්ගේ නිවණ යනු” තමන්ගේ රාගය නිවීම පිණිස ද්වේෂය නිවීම පිණිස මෝහය නිවීම පිණිස (3-4) 2 ක්‍රෝධය යන තැන සිට පමාද යන තැනට යොදාගත යුතුයි) සියලු අකුසල් රැස් කිරීම පිණිස නිවීම පිණිස බැහැර කිරීම පිණිස අධිශීලයෙහි හික්මෙන්නේය, අධි ප්‍රඥාවෙහි හික්මෙන්නේය, අධි චිත්තයෙහි හික්මෙන්නේය, මේ ශික්ෂා තුන මෙනෙහි කරන්නේ හික්මෙන්නේ දැනගන්නේය, හික්මෙන්නේය ප්‍රත්‍යක්ෂ කටයුතුයි, (2-4) “දකින්නෙ හික්මෙන්නේය” යන තැන සිට වැඩිය යුත්ත යන තැනට යොදාගත යුතුයි.) ප්‍රත්‍යක්ෂ කරන්නේ හික්මෙන්නේය හැසිරෙන්නේය සමාදන්ව පවත්නේය යනුයි
|
176
සච්චො
අක්කොධනො ලොභපාපං, වෙවිච්ඡං විතරෙ මුනි.
සච්චො සියා අප්පගබ්භොති.
සච්චො සියාති සච්චවාචාය සමන්නාගතො සියා, සම්මාදිට්ඨියා සමන්නාගතො සියා, අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො සියාති - සච්චො සියා.
අප්පගබ්භොති තීණි පාගබ්භියානි - කායිකං පාගබ්භියං, වාචසිකං පාගබ්භියං, චෙතසිකං පාගබ්භියං...පෙ.... ඉදං චෙතසිකං පාගබ්භියං. යස්සිමානි තීණි පාගබ්භියානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිපස්සද්ධානි
අමායො රිත්තපෙසුණොති. මායා වුච්චති වඤ්චනිකා චරියා. ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති, මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සඞ්කප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති, මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති. යා එවරූපා මායා මායාවිතා අච්චසරා වඤ්චනා නිකති නිකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පරිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවිකම්මං වොච්ඡාදනා පාපකිරියා - අයං වුච්චති මායා. යස්සෙසා මායා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති
අක්කොධනො ලොභපාපං, වෙවිච්ඡං විතරෙ මුනීති.
අක්කොධනොති හි ඛො වුත්තං, අපි ච කොධො තාව වත්තබ්බො. දසහාකාරෙහි කොධො
තෙනාහ භගවා -
‘‘සච්චො සියා අප්පගබ්භො, අමායො රිත්තපෙසුණො;
අක්කොධනො ලොභපාපං, වෙවිච්ඡං විතරෙ මුනී’’ති.
|
176
(15 - 7)
1 “සත්‍යවාදියෙක් වන්නේය හික්මීම ඇත්තෙක් වන්නේය” යන්නෙහි, ‘සත්‍යවාදියෙක් වන්නේය’ යනු සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තයෙක් වන්නේය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයෙක් වන්නේය යනුයි. “හික්මීම ඇත්තෙක්” යනු නොහික්මීම් තුනෙකි කායික නොහික්මීම වාචසික නොහික්මීම චෛතසික නොහික්මීම් යනුයි. (10-5) 5 ‘උඩඟුකම’ යනු ‘නොහික්මීම’ යයි වෙනස්කොට යොදාගත යුතුයි.) යමෙකුගේ මේ නොහික්මීම් තුන දුරුවූවාහුද මුලින් සිඳුනාහුද ශාන්තවූවාහුද ඉපදීමට අයොග්‍යවූවාහුද ඤානය නමැති ගින්නෙන් දැවුනාහුද, හෙතෙම හික්මුන තැනැත්තේයයි කියයි. “රැවටිලි නැත්තේ කේලාම් කීමෙන් තොරවූයේ” යන්නෙහි “මායා” යයි වඤ්චනික හැසිරීමට කියයි. මෙහී ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය වැසීමේ හේතුවෙන් පාපී අදහස් ඇති කරයි. මා නොදනීවායි කැමති වෙයි. මා නොදනීවායි කල්පනා කරයි. මා නොදනීවායි වචනයෙන් කියයි. මා නොදනීවායි කයින් ඉක්මවයි. මෙබඳු මායාවක් රැවටිල්ලක් වැසීමක් හැංගීමක් අප්‍රකට කිරීමක් වේද එයයි. යමෙකුගේ මේ රැවටීම ප්‍රහීණවීද මුලින් සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම රැවටලි නැත්තේයයි කියයි
2 “කේලාම් කීමෙන් වෙන්වූයේ” යන්නෙහි “කේලාම” නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් කේලාම් කියන්නේ වෙයි. බිඳීමේ අදහසින් කේලම රැස් කරයි. යමෙකුගේ මේ කේලම ප්‍රහීණවූයේද සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම කේලමින් වෙන්වූයේයයි කියයි.
3 “මුනිතෙම ක්‍රොධ නැත්තේ පාපීවූ ලෝභයද මසුරුකම තරණය කළේය” යනු ක්‍රොධ නැත්තේ යනු කියන ලද්දේමය. නැවතද ක්‍රෝධය පළමුව කිය යුතුයි දශ කාරයකින් ක්‍රෝධය ඇති වෙයි. ‘මට අනර්ථයත් කළේයයි’ ක්‍රෝධය හටගනියි (10-3) 1 ඡේදය යොදාගත යුතුයි) යමෙකුගේ මේ ක්‍රෝධය ප්‍රහීණද සමුච්ඡින්නද ශාන්තද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ක්‍රෝධය නැත්තේයයි කියයි. ලෝභය යනු යම් ලෝභයක් ලෝභ බවක් අභිධ්‍යාවක් අකුශල මූලයක් ඇද්ද එයයි. මසුරුකම යනු පස් මසුරුකම්වලට කියයි. ආවාසමච්ඡරිය (6-6) 2 (iii) යොදාගත යුතුයි) යනුයි. මුනි යනු මොනයයි ඥානයට කියයි. තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. “මුනිතෙම” ක්‍රොධ නැත්තේ පාපීවූ ලෝභයද මසුරුකමද දුරුකළේ යනු මුනිතෙම පාපීවූ ලෝභයද මසුරුකමද තරණය කළේය. ඉක්මවූයේය වෙන් කළේය යනුයි.
|
177
නිද්දං
අතිමානෙ න තිට්ඨෙය්‍ය, නිබ්බානමනසො නරො.
නිද්දං තන්දිං සහෙ ථීනන්ති.
නිද්දාති යා කායස්ස අකල්‍යතා අකම්මඤ්ඤතා ඔනාහො පරියොනාහො අන්තොසමොරොධො මිද්ධං සුප්පං පචලායිකා සුප්පං සුප්පනා සුප්පිතත්තං.
තන්දින්ති යා තන්දී
(තන්දි (සී. ස්‍යා. ක.)) තන්දියනා තන්දියිතත්තං තන්දිමනකතා ආලස්‍යං ආලස්‍යායතා ආලස්‍යායිතත්තං.
ථීනන්ති යා චිත්තස්ස අකල්‍යතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං, ථිනං ථියනා ථියිතත්තං චිත්තස්ස.
නිද්දං තන්දිං සහෙ ථීනන්ති. නිද්දඤ්ච තන්දිඤ්ච ථිනඤ්ච සහෙ සහෙය්‍ය පරිසහෙය්‍ය අභිභවෙය්‍ය අජ්ඣොත්ථරෙය්‍ය පරියාදියෙය්‍ය මද්දෙය්‍යාති - නිද්දං තන්දිං සහෙ ථීනං.
පමාදෙන න සංවසෙති. පමාදො වත්තබ්බො කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු. චිත්තස්ස වොසග්ගො වොසග්ගානුප්පාදනං
(වොස්සග්ගො වොස්සග්ගානුප්පාදනං (බහූසු)) වා කුසලානං වා
අතිමානෙ
නිබ්බානමනසො නරොති. ඉධෙකච්චො දානං දෙන්තො සීලං සමාදියන්තො උපොසථකම්මං කරොන්තො පානීයං පරිභොජනීයං උපට්ඨපෙන්තො පරිවෙණං සම්මජ්ජන්තො චෙතියං වන්දන්තො චෙතියෙ ගන්ධමාලං ආරොපෙන්තො චෙතියං පදක්ඛිණං කරොන්තො යං කිඤ්චි තෙධාතුකං කුසලාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොන්තො න ගතිහෙතු න උපපත්තිහෙතු න පටිසන්ධිහෙතු න භවහෙතු න සංසාරහෙතු න වට්ටහෙතු, සබ්බං තං විසංයොගාධිප්පායො නිබ්බානනින්නො නිබ්බානපොණො නිබ්බානපබ්භාරො අභිසඞ්ඛරොතීති. එවම්පි නිබ්බානමනසො නරො. අථ වා සබ්බසඞ්ඛාරධාතුයා චිත්තං පටිවාපෙත්වා
(පටිවාසෙත්වා (ක.)) අමතාය ධාතුයා චිත්තං උපසංහරති - ‘‘එතං සන්තං
‘‘න පණ්ඩිතා උපධිසුඛස්ස හෙතු, දදන්ති දානානි පුනබ්භවාය;
කාමඤ්ච තෙ උපධිපරික්ඛයාය, දදන්ති දානං අපුනබ්භවාය.
‘‘න
කාමඤ්ච තෙ උපධිපරික්ඛයාය, භාවෙන්ති ඣානං අපුනබ්භවාය.
‘‘තෙ
නජ්ජො යථා සාගරමජ්ඣුපෙතා
(සාගරමජ්ඣගතා (ස්‍යා.)), භවන්ති නිබ්බානපරායනා තෙ’’ති.
නිබ්බානමනසො නරො. තෙනාහ භගවා -
‘‘නිද්දං තන්දි සහෙ ථීනං, පමාදෙන න සංවසෙ;
අතිමානෙ න තිට්ඨෙය්‍ය, නිබ්බානමනසො නරො’’ති.
|
177
(15 - 8)
1 “නිදීමද කයේ අලසකමද සිතේ අලසකමද මැඩ පවත්නේ” යන්නේනහි “නිදීම නම්” කායයාගේ යම් නුසුදුසුකමක් වැඩට නොයෙදෙන ගතියක් පසුබැස්මක් ඇතුළත ඇලීමක් නිදීමක් ඇද්ද එයයි. අලසකම යනූ යම් සිතේ මැලිකමක් වැඩට නොයෙදෙන ගතියක් පසුබැසීමක් ඇද්ද එයයි “නිදීමද සිතේ අලසකමද කයේ අලසකමද මැඩ පවත්නේය යනු නිදීමද සිතේ අලසකමද කයේ අලසකමද දුරු කරන්නේය මැඩපවත්නේය යනුයි.
2 “ප්‍රමාදයෙන් නොවසන්නේය” යන්නෙහි ප්‍රමාදය කිය යුතුයි. කාය දුශ්චරිතයෙහි හෝ වාග් දුශ්චරිතයෙහි හෝ මනස් දුශ්චරිතයෙහි හෝ පඤ්චකාම ගුණයෙහි හෝ සිතේ යෙදීමක් හෝ කුශලධර්මයන්ගේ වැඩීම් පිණිස නොසකස්ව ක්‍රියා ඇතිව නිතර ක්‍රියා නොකිරීම බව නොනිමි ක්‍රියා ඇති බව හීන ධෛර්‍ය්‍ය ඇතිබව බහාතැබූ කැමැත්ත ඇති බව බහාතැබූ ධෛර්‍ය්‍ය ඇතිබව සේවනය නොකරණ බව එහි නොයෙදීම යනූ ප්‍රමාදයයි. මෙබඳු යම් ප්‍රමාදයක් ප්‍රමාදවීම් බවක් වේද මෙය ප්‍රමාදයයි කියයි ප්‍රමාදයෙන් නොවසන්නේය යනු ප්‍රමාදයෙන් නොවන්නේය ප්‍රමාද දුරුකරන්නේය අභාවයට පමුණුවන්නේය ප්‍රමාදයෙන් දුරුවූවෙක් වන්නේය වෙන්වූයේ නික්මුයේ සීමානොකළ සිතින් වසන්නේය යනුයි.
3 “අතිමානයෙහි නොසිටින්නේය” යන්නෙහි අතිමානය නම් මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ (3-7) 2 (vii) යොදාගත යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ අන්‍යයා පහත්කොට සිතන්නේය. යම් මෙබඳුවූ මානයක් සිතීමක් සිතේ උසස්කමක් ධ්වජයක් මෙය නැංවීමක් මනාකොට ගැන්මක් කොඩියක් මෙන් සිතේ නැංවීමක් වේද, මෙය අතිමානයයි කියයි. “අතිමානයෙහි නොසිටින්නේය” යනු අතිමානයෙහි නොසිටින්නේය. අතිමානය දුරලන්නේය. අභාවයට පමුණුවන්නේය අති මානයෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුනේ වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය යනුයි.
4 “නිර්වාණයට සිත යෙදූ මිනිස්තෙම” යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දන් දෙන්නේ සිල් සමාදන් වන්නේ උපෝෂත කර්මය කරන්නේ බොන පැන් හා පරිභොග ජලය ගෙන තබන්නේ පිරිවෙණ අමදින්නේ චෛත්‍යය වඳින්නේ චෛත්‍යයෙහි සුවඳ මල් තබන්නේ චෛත්‍යය ප්‍රදක්ෂිණා කරන්නේ යම්කිසි ත්‍රෛධාතුක කුශලයන් රැස්කරන්නේ ගති හේතුවකින් නොව උත්පත්ති හේතුවකින් නොව ප්‍රතිසන්ධි හේතුවකින් නොව භව හේතුවකින් නොව සංසාර හේතුවකින් නොව වට්ට හේතුවකින් නොව ඒ සියල්ල වෙන්කිරීමේ අදහසින් නිර්වාණයට නැඹුරුවූයේ නිර්වාණයට බරවූයේ කුසල් රැස්කරයි මෙසේද නිර්වාණයට සිත යෙදූ මිනිසා නමි. යලිදු හෝ සියලු සංස්කාර ධාතුවෙහි සිත පසුබස්වා අමෘත ධාතුව පිණිස සිත රැස්කරයි. (නංවයි) සියලු සංස්කාරයන් සන්සිඳවූ සියලු කෙලෙස් දුරුකළ තෘෂ්ණාව ගෙවා දැමූ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයක් ඇද්ද මෙය ශාන්තය, මෙය ප්‍රණීතය යනුවෙනි.
5 “නුවණැත්තෝ කාමසුඛ හේතූවෙන් නැවත භවයක් ඇතිවීම පිණිස දන් නොදෙත්. ඒකාන්තයෙන් ඔවුහු කෙලෙස් දුරුකිරීම පිණිස යලිත් භවයක් නොලැබීම පිණිස දන් දෙත්”
6 “නුවණැත්තෝ කාමසුඛ හේතුවෙන් නැවත භවයක් ඇතිවීම පිණිස ධ්‍යානයක් නොවඩත් ඒකාන්තයෙන් ඔවුහු කෙලෙස් දුරුකිරීම පිණිස යලිත්, භවයක් නොලැබීම පිණිස නැවත භවයක් ඇතිනොවීම පිණිස ධ්‍යාන වඩත්.”
“ඔවුහු නිර්වාණය බලාපොරොත්තුවෙන් එයට නැමුන සිතැතිව එහි ඇලී දන් දෙත්. යම්සේ ගංගාව සාගර මධ්‍යයට පැමිණේද එමෙන් ඔවුහු නිර්වාණය පිහිටකොට ඇත්තේ වෙත්” යනුයි.
|
178
මොසවජ්ජෙ න නිය්‍යෙථ,
(නීයෙථ (ක.))
රූපෙ ස්නෙහං න කුබ්බයෙ;
මානඤ්ච පරිජානෙය්‍ය, සාහසා විරතො චරෙ.
මොසවජ්ජෙ
රූපෙ
මානඤ්ච
මානඤ්ච පරිජානෙය්‍යාති. මානං තීහි පරිඤ්ඤාහි පරිජානෙය්‍ය - ඤාතපරිඤ්ඤාය, තීරණපරිඤ්ඤාය, පහානපරිඤ්ඤාය. කතමා
කතමා තීරණපරිඤ්ඤා? එතං ඤාතං කත්වා මානං තීරෙති අනිච්චතො දුක්ඛතො...පෙ.... නිස්සරණතො තීරෙති - අයං තීරණපරිඤ්ඤා.
කතමා පහානපරිඤ්ඤා? එවං තීරයිත්වා මානං පජහති විනොදෙති බ්‍යන්තිං කරොති අනභාවං
සාහසා විරතො චරෙති. කතමා සාහසා චරියා? රත්තස්ස රාගචරියා සාහසා චරියා, දුට්ඨස්ස දොසචරියා සාහසා චරියා, මූළ්හස්ස මොහචරියා සාහසා චරියා, විනිබද්ධස්ස මානචරියා සාහසා චරියා, පරාමට්ඨස්ස දිට්ඨිචරියා සාහසා චරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චචරියා සාහසා චරියා, අනිට්ඨඞ්ගතස්ස විචිකිච්ඡාචරියා සාහසා චරියා, ථාමගතස්ස අනුසයචරියා සාහසා චරියා - අයං සාහසා චරියා.
සාහසා විරතො
තෙනාහ භගවා -
‘‘මොසවජ්ජෙ න නිය්‍යෙථ, රූපෙ ස්නෙහං න කුබ්බයෙ;
මානඤ්ච පරිජානෙය්‍ය, සාහසා විරතො චරෙ’’ති.
|
178
(15 - 9)
1 “මුසාවාදයෙහි නොයෙදෙන්නේය” යනු මුසාවාදය යයි බොරු කීමට කියයි. මෙහි ඇතැම් පුද්ගලයෙක් සභා මැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ නෑයින් මැදට ගියේ හෝ සමූහ මැදට ගියේ හෝ රාජකුල මධ්‍යයට ගියේ හෝ ඉදිරියට පැමිණියේ ශාක්ෂි විචාරණලද්දේ ‘එම්බා පුරුෂය’ මෙහි එව, ‘යමක් දන්නෙහි නම් එය කියවයි’ කී කල්හි හෙතෙම තමා නොදත් දෙය හෝ දනිමියි දත් දෙය හෝ නොදනිමි’යි නොදුටු දෙය හෝ දකිමි’යි දුටු දෙය, නොදනිමියි තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ ඉතා සුළු ආමිෂයක් ගැන හෝ දැන දැන බොරු කියයි මෙය මුසාවාදයයි කියයි. නැවතද තුන් ආකාරයකින්, සනරාකාරයකින්, පස් ආකාරයකින් සයාකාරයකින්, සත් ආකාරයකින්, අටාකාරයකින් මුසාවාදය වෙයි. “මුසාවාදයෙහි නොයෙදෙන්නේය” යනු මුසාවාදයෙහි නොයන්නේය. නොපැමිණෙන්නේය. පානොවෙන්නේය. රැස් නොකරන්නේය. මුසාවාදය දුරලන්නේය. සංසිඳුවන්නේය. අභාවයට පමුණුවන්නේය. මුසාවාදයෙන් දුරුවූවෙක් වන්නේය. නික්මුනේ, වෙන්වූයේ සීමානොකළ සිතින් වසන්නේය.
2 “රූපයෙහි ස්නේහය නොකරන්නේය” යන්නෙහි රූපය, නම් සතර මහා භූතයෝද සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝද යනුයි “රූපයෙහි ස්නේහය නොකරන්නේය” යනු රූපයෙහි ස්නේහය නොකරන්නේය. ආශාව නොකරන්නේය. ප්‍රෙමය නොකරන්නේය. ඇලීම නොකරන්නේය. නූපදවන්නේය යනුයි.
3 “මානයද දැනගන්නේය” යන්නෙහි “මානය” යනු සිතේ යම් උසස් ගතියක් වේද, එක් ආකාරයකින් මානයයි. දෙයාකාරයකින් මානයයි එනම් තමා උසස් කොට සිතීමද අනුන් පහත්කොට සිතීමද යනුයි තුන් ආකාරයකින් මානයයි. එනම් ශ්‍රේෂ්ඨවෙමියි මානය සමානවෙමියි මානය හීනවෙමියි මානය යනුයී සතරාකාරයකින් මානයයි එනම් ලාභයෙන් මානය උපදවයි කීර්තියෙන් මානය උපදවයි. ප්‍රසංශාවෙන් මානය උපදවයි සැපයෙන් මානය උපදවයි. පස් ආකාරයෙන් මානයයි එනම් මනවඩන රූපයන් ලබන්නේ වෙමියි මානය උපදවයි. ශබ්දයන්, ගන්ධයන් රශයන් ස්පර්ශයන් ලබන්නේ වෙමියි මානය උපදවයි. සයාකාරයෙන් මානයයි. එනම් ඇස් ලැබීමෙන් මානය උපදවයි කන ලැබීමෙන් නාසය ලැබීමෙන්, දිව ලැබීමෙන් කය ලැබීමෙන්, සිත ලැබීමෙන්, මානය උපදවයි. සත් ආකාරයකින් මානයයි එනම්, අතිමානය, මානාති මානය, අවමානය, සදිස මානය, අධිමානය, අස්මි මානය, මිථ්‍යා මානය, යනුයි. අට ආකාරයකින් මානයයි. එනම්,
4 ලාභයෙන් මානය උපදවයි අලාභයෙන් අවමානය උපදවයි කීර්තියෙන් මානය උපදවයි අපකීර්තියෙන් අවමානය උපදවයි. ප්‍රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. දුකින් අවමානය උපදවයි නව ආකාරයෙන් මානය උපදවයි. ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨවෙමියි මානය, ශ්‍රේෂ්ඨයාට සමානවෙමියි මානය, ශ්‍රේෂ්ඨයාට හීනවෙමියි මානය, සමානයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය, සමානයාට සමානවෙමියි මානය, සමානයාට හීනවෙමියි මානය, හීනයාට ශ්‍රේෂ්ඨවෙමියි මානය, හීනයාට සමාන වෙමියි මානය, හීනයාට හීනවෙමියි මානය යනුයි. දශාකාරයකින් මානයයි, මෙහි ඇතැම් පුද්ගලයෙක් මානය උපදවයි ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ කුලපුත්‍රකමින් හෝ (3-7) 2 (vii) ‘වැටහීමෙන් හෝ යන තැනට යොදාගත යුතුයි. වෙනින් අනික් කරුණකින් හෝ යනුයි. යම් මෙබඳු මානයක් සිතීමක් සිතේ උසස්බවක් ධජයක් මෙන් නැංවීමක් කොඩියක් මෙන් ගැනීමක්වේද මෙය මානයයී කියයි. “මානය දන්නේ” යනු “මානය ඤානපරීඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාණපරීඤ්ඤා යන දැනීම් තුනින් දන්නේය ඥානපරිඤ්ඤාව යම් සිතේ උසස් ගතියක්වේද මේ එක් අයුරකින් මානයයි. (15-9) 2 ඡේදය යෙදිය යුතුයි) වෙනින් අනික් කරුණකින් හෝ දනියි. දකියි. මේ ඥානපරීඤ්ඤාවයි තීරණ පරිඤ්ඤාව කවරීද? මෙසේ දැන මානය තීරණය කරයි. අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනිස්සරණ වශයෙන් තීරණය කරයි. මේ තීරණ පරිඤ්ඤා නමි ප්‍රහාණ පරීඤ්ඤාව කවරීද? මෙසේ තීරණය කොට මානය දුරුකරයි සන්සිඳුවයි. අභාවයට පමුණුවයි. මේ ප්‍රහාණ පරිඤ්ඤාවයි. මානයද දන්නෙය යනු මානය මේ දැනීම් දැනගන්නේය යනුයි.
5 “සාහසික ක්‍රියාවලින් වෙන්වූවෙක් වන්නේය” යන්නෙහි සාහස චරියාව නම් කුමක්ද? රාගිකයාගේ රාග චරියාව සාහස චරියාව නම් ද්වේෂය ඇත්තහුගේ ද්වේෂ චරියාව සාහස චරියා නමි මුලාවූවහුගේ මෝහ චරියාව සාහස චරියා නමි එකට බැඳුනහුගේ මානචරියාව සාහස චරියා නමි. පරාමර්ශවූවහුගේ දෘෂ්ටි චරියාව සාහස චරියා නමි. වික්ෂෙපවූවහුගේ උද්ධච්ච චරියාව සාහස චරියා නමි. තීරණයක් නැත්තහුගේ විචිකිච්ඡා චරියාව සාහස චරියා නමි. ථාමගතයාගේ අනුසය චරියාව සාහස චරියා නමි. මේ සාහස චරියාවයි. “සැහැසි කමින් වෙන්ව හැසිරෙන්නේය” යනු සැහැසි චරියාවෙන් ඈත්වූවෙක් වන්නේය. වෙන්වූවෙක් වන්නේය. නික්මුණෙක් වන්නේය. මිදුණෙක් වන්නේය, සීමා නොකළ සිතින් වසන්නේය හැසිරෙන්නේය පවත්නේය පාලනය කරන්නේය යැපෙන්නේය යනුයි.
|
179
පුරාණං නාභිනන්දෙය්‍ය, නවෙ ඛන්තිං න කුබ්බයෙ
(ඛන්තිමකුබ්බයෙ (බහූසු))
;
හීයමානෙ න සොචෙය්‍ය, ආකාසං
(ආකස්සං (ස්‍යා.))
න සිතො සියා.
පුරාණං
නවෙ ඛන්තිං න කුබ්බයෙති. නවා වුච්චති පච්චුප්පන්නා රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණා. පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන ඛන්තිං න කරෙය්‍ය ඡන්දං න කරෙය්‍ය පෙමං න කරෙය්‍ය රාගං න කරෙය්‍ය න ජනෙය්‍ය න සඤ්ජනෙය්‍ය න නිබ්බත්තෙය්‍ය නාභිනිබ්බත්තෙය්‍යාති - නවෙ ඛන්තිං න කුබ්බයෙ.
හීයමානෙ
ආකාසං න සිතො සියාති. ආකාසං වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. කිංකාරණා ආකාසං වුච්චති තණ්හා? යාය තණ්හාය රූපං ආකස්සති සමාකස්සති ගණ්හාති පරාමසති අභිනිවිසති, වෙදනං...පෙ.... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං... ගතිං... උපපත්තිං... පටිසන්ධිං... භවං... සංසාරං... වට්ටං ආකස්සති සමාකස්සති ගණ්හාති පරාමසති අභිනිවිසති; තංකාරණා ආකාසං වුච්චති තණ්හා.
ආකාසං න සිතො සියාති. තණ්හානිස්සිතො න සියා. තණ්හං
තෙනාහ භගවා -
‘‘පුරාණං නාභිනන්දෙය්‍ය, නවෙ ඛන්තිං න කුබ්බයෙ;
හීයමානෙ න සොචෙය්‍ය, ආකාසං න සිතො සියා’’ති.
|
179
(15 - 10)
1 “පුරාණයට සතුටු නොවන්නේය” යන්නෙහි අතීතවු රූප වේදනා සඤ්ඤාසංඛාර විඤ්ඤාණයෝ පුරාණ යයි කියයි. අතීත සංස්කාරයෙහි තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් සතුටු නොවන්නේය නොකියන්නේය නොගැලෙන්නේය කීම බැසීම ගැනීම දුරු කරන්නේය යනුයි.
2 “අළුත් රුචිය නොකරන්නේය” යන්නෙහි අළුත් යයි පවත්නා කාලයෙහි රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන්ට කියයි. පවත්නා කාලයෙහිවූ සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණ වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ රුචිය නොකරන්නේය, කැමැත්ත නොකරන්නේය, ප්‍රෙම නොකරන්නේය. රාගය නොකරන්නේය. නූපදවන්නේය, ඇති නොකරන්නෙය යනුයි.
3 “පිරිහෙන කල්හි ශොක නොකරන්නේය” යනු විනාශයවන කල්හි පිරිහෙන කල්හි වෙන්වන් කල්හි අතුරුදන්වන කල්හි (ii) ශොක නොකරන්නේය, ක්ලාන්ත නොවන්නේය, පරාමර්ශ නොකරන්නේය, සිහි මුලා බවට නොපැමිණෙන්නේය. ඇස විනාශවන කල්හි (මෙහි (ii) යොදාගත යුතුයි) කණ, නාසය, දිව, කය, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, කුලය, ගණයා, ආවාසය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, සැපය, චීවරය, පිණ්ඩපාතය-සෙනාසනය-ගිලන්පස බෙහෙත් පිරිකර-යන මේවා පිරිහෙන කල්හි-වෙනස්වන කල්හි-වෙන්වන කල්හි-අතුරුදහන් වන කල්හි-ශොක නොකරන්නේය ක්ලාන්ත නොවන්නේය පරාමර්ශ නොකරන්නේය නොවළපින්නේය පපුව මත අත තබා නොහඬන්නේය. සිහිමුලාවට නොපැමිණෙන්නේය යනුයි
4 “ආකාශ නිශ්‍රිත නොවන්නේය” යන්නෙහි ආකාශ යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද-ඇලීමක් (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ යන තැන සිට යොදාගත යුතුයි) අභිධ්‍යාවක් අකුශල මූලයක් ඇද්ද එය තෘෂ්ණාවයි. කුමක් හෙයින් ආකාශයයි තෘෂ්ණාවට කියනු ලැබේද? යම් තෘෂ්ණාවකින් තෘෂ්ණාව ඇද ගනීද මනාකොට ගනිද පරාමර්ශ කෙරේද, ඇතුළුවේද, වේදනාව සඤ්ඤාව, සංස්කාරයන් විඤ්ඤාණය ගතිය උත්පත්තිය ප්‍රතිසන්ධිය භවය සංසාරය වට්ටය ආකර්ශනය කෙරේද ගනීද, පරාමර්ශ කෙරේද, අතුළු වේද ඒකාරණයෙන් තෘෂ්ණාවට ආකාශයයි කියයි.
5 “ආකාශ නිශ්‍රිත නොවන්නේය” යනු තෘෂ්ණා නිශ්‍රිත නොවන්නේය, තෘෂ්ණාව දුරලන්නේය, සංසිඳුවන්නේය, අභාවයට පමුණු වන්නේය, තෘෂ්ණාවෙන් දුරුවූවෙක් වන්නේය, නික්මුනේ වෙන්වූයේ සීමා නොකළ සිතින් වසන්නේය, යනුයි.
|
180
ගෙධං
ආරම්මණං පකම්පනං,
(පකප්පනං (ස්‍යා. ක.))
කාමපඞ්කො දුරච්චයො.
ගෙධං බ්‍රූමි මහොඝොතීති. ගෙධො වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. මහොඝො වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං.
ගෙධං බ්‍රූමි මහොඝොතීති. ගෙධං ‘‘මහොඝො’’ති බ්‍රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති - ගෙධං බ්‍රූමි මහොඝොති.
ආජවං
ආරම්මණං පකම්පනන්ති. ආරම්මණම්පි වුච්චති තණ්හා. යො
කාමපඞ්කො දුරච්චයොති. කාමපඞ්කො කාමකද්දමො කාමකිලෙසො කාමපලිපො කාමපලිබොධො
(කාමපලිරොධො (සී. ක.)) දුරච්චයො දුරතිවත්තො දුත්තරො දුප්පතරො දුස්සමතික්කමො දුබ්බීතිවත්තොති - කාමපඞ්කො දුරච්චයො.
තෙනාහ භගවා -
‘‘ගෙධං
ආරම්මණං පකම්පනං, කාමපඞ්කො දුරච්චයො’’ති.
|
180
(15 - 11)
1 “ගෙධයයි කියමි. මහොඝයයි කියමි” යන්නෙහි ගෙධයයි තෘෂ්ණාවට කියයි, යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක් ඇද්ද’ යන තැන සිට යොදාගත යුතුයි.) අභිධ්‍යාව ලෝභය අකුශල මූලය යනුයි. “මහොඝයයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇල්මක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ ඇද්ද යන තැන සිට යොදාගත යුතුයි) අභිධ්‍යාව ලෝභය අකුශල මූලය යනුයි. “ගෙධය මහොඝයයි කියමි.” යනු ගෙධයයි මහොඝයයි කියමි. දේශනා කරමි. පණවමි තබමි විවෘත කරමි බෙදමි ප්‍රකට කරමි. ප්‍රකාශ කරමි” යනුයි.
2 “ආජවයයි කියමි ජප්පනයයි කියමි” යන්නෙහි ආජවයයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක් ඇද්ද’ යන තැන සිට යොදාගත යුතුයි) ආජවයද ජප්පනයද කියමි යනු ආජවයද ජප්පනයද කියමි. ප්‍රකාශ කරමි, දේශනා කරමි, පනවමි තබමි විවෘත කරමි බෙදමි ප්‍රකට කරමි යනුයි.
3 “ආරම්මණයයිද පකම්පනයයිද කියමි” යනු ආරාම්මණයයිද තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ආලයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීමක්’ යන තැන සිට යොදා ගත යුතුයි) අකුශල මූලයයි පකම්පනයයිද තෘෂ්ණාවට කියයි යම් රාගයක් ඇද්ද (1-3) 3 ඡේදයේ ‘යම් ලංවීම’ යන තැන සිට යොදාගත යුතුයි) කාමපංකය ඉක්මවීමට දුෂ්කරය යනු කාම මඩ කාමක්ලෙශය කාම පළිරොධය ඉක්මවීමට දුෂ්කරය තරණය කිරීම දුෂ්කරය සංසිඳුවීම දුෂ්කරය යනුයි.
|
181
සච්චා අවොක්කමං මුනි, ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො;
සබ්බං සො පටිනිස්සජ්ජ, ස වෙ සන්තොති වුච්චති.
සච්චා අවොක්කමං මුනීති. සච්චවාචාය අවොක්කමන්තො, සම්මාදිට්ඨියා අවොක්කමන්තො, අරියා අට්ඨඞ්ගිකා මග්ගා අවොක්කමන්තො.
මුනීති. මොනං වුච්චති ඤාණං...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනීති - සච්චා අවොක්කමං මුනි.
ථලෙ
සබ්බං සො පටිනිස්සජ්ජාති. සබ්බං වුච්චති ද්වාදසායතනානි - චක්ඛු චෙව රූපා ච
ස වෙ සන්තොති වුච්චතීති. සො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිපස්සද්ධොති වුච්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති - ස වෙ සන්තොති වුච්චති.
තෙනාහ භගවා -
‘‘සච්චා අවොක්කමං මුනි, ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො;
සබ්බං සො පටිනිස්සජ්ජ, ස වෙ සන්තොති වුච්චතී’’ති.
|
181
(15 - 12)
1 “මුනීතෙම සත්‍යයෙන් නොඉක්මුනේය” යනු සත්‍ය වචනයෙන් නොඉක්මවූයේ සම්‍යක් දෘෂ්ටියෙන් නොඉක්මවූයේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් නොඉක්මවූයේ යනුයි. “මුනි” යනු මොනයයි ඥානයට කියයි. (2-4) 12 (ii) ඡේදය යොදාගත යුතුයි) තෘෂ්ණා ජාලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි,
2 “බ්‍රාහ්මණ තෙම ගොඩ සිටියි යනු ගොඩයයි අමෘතවූ නිර්වාණයට කියයි. යම් ඒ දෙයක් සියලු සංස්කාරයන් සංසිඳවූයේද සියලු උපධින් බැහැර කළේද තෘෂ්ණා ක්ෂය වූයේද විරාග නම්වූ නිරෝධ නම්වූ ඒ නිර්වාණයයි. බ්‍රාහ්මණ යනු (මෙහි (4-3) 1 ‘බ්‍රාහ්මණ’ යන තැන සිට යොදාගත යුතුයි) ආශ්‍රිත නොවූ කෙලෙස් දුරුකළ හෙතෙම බ්‍රාහ්මණයයි කියයි බ්‍රාහ්මණතෙම ගොඩ සිටියි යනු දිවයිනෙහි සිටියි. ආරක්ෂා ස්ථානයෙහි සිටියි පිහිට ඇති ස්ථානයෙහි සිටියි අභයස්ථානයෙහි සිටියි. ච්‍යුත නොවන ස්ථානයෙහි සිටියි
3 “හෙතෙම සියල්ල දුරුකොට” යන්නෙහි සියල්ල යයි ද්වාදශ ආයතනයන්ට කියයි. යම් හෙයකින් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ඡන්ද රාගය ප්‍රහීණවූයේ වේද, මුලින් උදුරුණ ලද්දේ අග සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දේද අභාවයට පමුණුවන ලද්දේද නැවත නූපදීම් බවට පමුණුවන ලද්දේද මෙපමණකින් සියල්ල දුරුවූයේ වෙයි. වමාරාදැමුයේ වෙයි. ප්‍රහීණවූයේ වෙයි. සංසිඳවූයේ වෙයි යනුයි ඒකාන්තයෙන් හෙතෙම ශාන්තවූ තැනැත්තේ යයි කියයි හෙතෙම යනු ශාන්තවූයේ සංසිඳුනේ නිවුනේයයි කියයි. ප්‍රකාශ කරයි ව්‍යවහාර කරයි යනුයි.
|
182
ස
සම්මා සො ලොකෙ ඉරියානො, න පිහෙතීධ කස්සචි.
ස වෙ විද්වා ස වෙදගූති.
විද්වාති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී.
වෙදගූති. වෙදා වුච්චන්ති චතූසු මග්ගෙසු ඤාණං...පෙ.... සබ්බවෙදනාසු වීතරාගො සබ්බවෙදමතිච්ච වෙදගූ සොති - ස වෙ විද්වා ස වෙදගූ.
ඤත්වා
සම්මා සො ලොකෙ ඉරියානොති. යතො අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො
න පිහෙතීධ කස්සචීති.
පිහා වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා පිහා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො කස්සචි න පිහෙති ඛත්තියස්ස වා බ්‍රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වාති - න පිහෙතීධ කස්සචි.
තෙනාහ භගවා -
‘‘ස වෙ විද්වා ස වෙදගූ, ඤත්වා ධම්මං අනිස්සිතො;
සම්මා සො ලොකෙ ඉරියානො, න පිහෙතීධ කස්සචී’’ති.
|
182
(15 - 13)
1 “ඒකාන්තයෙන් හෙතෙම නුවණැත්තේ නමි. වෙදගූ නමි. යන්නෙහි නුවණැත්තේ යනු විද්‍යාවට පැමිණි තැනැත්තේ නුවණැත්තේ ප්‍රඥා ඇත්තේ යනුයි. වෙදගූ යන්නෙහි වෙදයෝයයි සතර මාර්ගයන්හි ඥානයට ((3-4) 3 “වෙදයයි” යක තැන සිට යොදාගත යුතුයි.) සියලු වේදනා වන්හි ඇල්ම දුරුකළේ සියලු වේදනාවන් ඉක්මවා සිටියේ යයි හෙතෙම වෙදගූ නමි යනුයි.
2 “ධර්මය දැන නොඇළුනේ” යන්නෙහි දැන යනු දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි (ii) දැන සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට (iii) සියලු සංස්කාරයෝ දුක්යයි (මෙහි (ii) යොදාගත යුතුයි. හේතුවකින් ඇතිවන යම් ධර්මයක් ඇද්ද ඒ සියල්ල විනාශය පිණිස පවත්නේයයි දැන සමකොට බලා තීරණයකොට ප්‍රකට කොට යනුයි. “නොඇළුනේ” යනු ඇලීම් දෙකකි. තෘෂ්ණා ඇලීමද දෘෂ්ටී ඇලීම්ද යනුයි දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ තෘෂ්ණා ඇලීම දුරුකොට දෘෂ්ටි ඇලීම බැහැර කොට ඇසෙහි නොඇළුනේ කණෙහි නොඇළුනේ නාසයෙහි නොඇළුනේ දිවෙහි නොඇළුනේ කයෙහි නොඇළුනේ දුටු, ඇසූ තුන් ඉන්ද්‍රියයන්ගෙන් දැනගත් ධර්මයන්හි නොඇළුනේ බැස නොගත්තේ නික්මුනේ වෙන්වූයේ මිදුනේ සීමා නොකළ සිතින් වසයි, යනුයි.
3 “හෙතෙම මනාකොට ලෝකයෙහි පවතින්නේ” යනු යම්හෙයකින් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ඡන්ද රාගය ප්‍රහීණවූයේ වේද මුලින් උදුරණ ලද්දේද අග සිඳි තල් ගසක් මෙන් කරණලද්දේද අභාවයට පමුණුවන ලද්දේද නැවත නූපදීමට පමුණුවන ලද්දේද මෙපමණකින් මනාකොට ලෝකයෙහි හැසිරෙයි. ඉරියව් පවත්වයි. පවතියි පාලනය කරයි. යැපෙයි. යම්හෙයකින් පුණ්‍යාභිසංස්කාරයද අපුණ්‍යාභි සංස්කාරයද අනෙංජාභි සංස්කාරයද ප්‍රහීණ වූයේවේද මුලින් උදුරා දැමුයේවේද අඟ සිඳි තල් ගසක් මෙන් කරණලද්දේ වේද අභාවයට පමුණුවන ලද්දේවේද නැවත නූපදීමට පමුණුවන ලද්දේවේද මෙපමණකින් මනාකොට ලෝකයෙහි හැසිරෙයි, පවතියී, ඉරියව් පවත්වයි, පාලනය කරයි. යැපෙයි. යනුයි.
4 “කිසිවෙකුට ආශා නොකරයි” යන්නෙහි ආශාවයයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ((1-3) 3 ඡේදයේ යම් ලංවීමක් යන තැන සිට යෙදිය යුතුයි) අභිධ්‍යාව ලෝභය අකුශල මූලය යනුයි. යමෙකුගේ මේ ආශාව තෘෂ්ණාව ප්‍රහීණවූයේද මුලින් සිඳුනේද සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම ක්ෂත්‍රියයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වෛශ්‍යයෙකුට හෝ ශුද්‍රයෙකුට හෝ ගෘහස්ථයෙකුට හෝ ප්‍රව්‍රජිතයෙකුට හෝ දෙවියෙකුට හෝ මිනිසෙකුට හෝ යනුයි
|
183
යොධ කාමෙ අච්චතරි, සඞ්ගං ලොකෙ දුරච්චයං;
න සො සොචති නාජ්ඣෙති, ඡින්නසොතො අබන්ධනො.
යොධ
න
ඡින්නසොතො අබන්ධනොති. සොතං වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා සොතා තණ්හා පහීනා සමුච්ඡින්නා...පෙ.... ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ඡින්නසොතො.
අබන්ධනොති රාගබන්ධනං දොසබන්ධනං මොහබන්ධනං මානබන්ධනං දිට්ඨිබන්ධනං කිලෙසබන්ධනං දුච්චරිතබන්ධනං, යස්සෙතෙ බන්ධනා පහීනා සමුච්ඡින්නා...පෙ.... ඤාණග්ගිනා
තෙනාහ භගවා -
‘‘යොධ කාමෙ අච්චතරි, සඞ්ගං ලොකෙ දුරච්චයං;
න සො සොචති නාජ්ඣෙති, ඡින්නසොතො අබන්ධනො’’ති.
|
183
(15 - 14)
1 “ලෝකයෙහි යමෙක් කාමයන්ද ඉක්මවීමට දුෂ්කර සංගයන්ද ඉක්මීමද” යන්නෙහි යමෙක් යනු යම්බඳු යමෙක් යම් ප්‍රකාරවූ යම් සටහනකට පැමිණියාවූ යම් ධර්මයකින් යුක්තවූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි “කාමයෝ” යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසෙකි වස්තු කාමද ක්ලේශකාමද යනුයි ((1-1) 1 (ii) සිට 3 ඡේදය අවසානයට යොදාගත යුතුයි.) ‘සංගයෝ (ඇලීම්) යනු සංගයෝ සතක් වෙති. රාග සංගය, ද්වේෂ සංගය, මෝහ සංගය, මාන සංගය දෘෂ්ටි සංගය, ක්ලේශ සංගය, දුශ්චරිත සංගය, යනුයි “ලෝකයෙහි” අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි, දිව්‍ය ලෝකයෙහි, ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි, ආයතන ලෝකයෙහි යනුයි.
2 “ලෝකයෙහි ඉක්මවීමට නොහැකි සංගයන්” යනු හෙතෙම ලෝකයෙහි ඉක්මවීමට දුෂ්කර, ඈත් කිරීමට දුෂ්කර, එතර කිරීමට දුෂ්කර කාමයන්ද සංගයන්ද තරණය කළේය. ඉක්මවූයේය. එතරවූයේය. යනුයි. “ඒ රහත් තෙම ශොක නොකරන්නේය” පසුතැවිලි නොසිතන්නේය, යනු වෙනස්වූ වස්තුවෙහිද ශොක නොකරයි. වස්තුව වෙනස් වන කල්හිද ශොක නොකරයි. මාගේ ඇස වෙනස්වූයේ යයි ශොක නොකරයි. මාගේ කණ, මාගේ නාසය, මාගේ දිව, මාගේ කය, මාගේ රූපයෝ, මාගේ ශබ්දයෝ, මාගේ ගන්ධයෝ, මාගේ ස්පර්ශයෝ, මාගේ කුලය, මාගේ ගණයා, මාගේ ආවාසය, මාගේ ලාභය, මාගේ කීර්තිය, මාගේ ප්‍රශංසාව, මාගේ සැපය, මාගේ චීවරය, මාගේ පිණ්ඩපාතය, මාගේ සේනාසනය, මාගේ ගිලන්පස බෙහෙත් පිරිකර, මාගේ මව, මාගේ පියා, මාගේ සහෝදරයා, මාගේ සහෝදරිය, මාගේ පුතා, මාගේ දුව, මාගේ මිත්‍රයෝ, මාගේ යහළුවෝ, මගේ නෑයෝ, මාගේ සහලේ නෑයෝ, වෙනස්වූයේයයි ශෝක නොකරයි, ක්ලාන්ත නොවෙයි. නොවළපියි. පපුවෙහි අත ගසා නොහඬයි. සිහිමුලා බවට නොපැමිණෙයි. ශෝක නොකරයි. යනුයි. පසුතැවිලි නොකරන්නේය. යනු පසුතැවිලි නොවෙයි, එය අදහස් නොකරයි. එය කල්පනා නොකරයි, නැවතද හෝ නූපදියි. නොදිරයි, නොමැරෙයි, චුත නොවේයයි නොසිතයි, යනුයි.
3 “සිඳින ලද ශ්‍රොතය ඇති බන්ධනයන් ඇති” යන්නෙහි ශ්‍රොතය යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, ((1-3) 3 ඡේදය යොදාගත යුතුයි.) අභිධ්‍යාවක් ලෝභයක් ඇද්ද, අකුශල මූලයක් ඇද්ද එයයි. යමෙකුගේ මේ ශ්‍රොත නම්වූ තෘෂ්ණාව ප්‍රහීණද, මුලින් සිඳුනේද, අභාවයට පමුණුවන ලද්දේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම සිඳිනලද තෘෂ්ණාව ඇත්තේයයි කියයි “බන්ධනයක් නැත්තේ” යනු රාග බන්ධනය, ද්වේෂ බන්ධනය, මෝහ බන්ධනය, මාන බන්ධනය, දෘෂ්ටි බන්ධනය, ක්ලේශ බන්ධනය, දුශ්චරිත බන්ධනය, යමෙකුගේ මේ බන්ධනයෝ ප්‍රහීණවූයේද, මුලින් සිඳුනේද, අභාවයට පමුණුවන ලද්දේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම බන්ධනයක් නැති තැනැත්තේයයි කියයි
|
184
යං පුබ්බෙ තං විසොසෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං;
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසි.
යං
පච්ඡා තෙ මාහු කිඤ්චනන්ති. පච්ඡා වුච්චති අනාගතං. අනාගතෙ සඞ්ඛාරෙ ආරබ්භ යානි උප්පජ්ජෙය්‍යුං රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං, ඉමානි කිඤ්චනානි
(ඉමෙ කිඤ්චනා (ක.) පස්ස දී. නි. 3.305) තුය්හං මා අහු මා අකාසි මා ජනෙසි මා සඤ්ජනෙසි මා නිබ්බත්තෙසි මා අභිනිබ්බත්තෙසි පජහ විනොදෙහි බ්‍යන්තිං කරොහි අනභාවං ගමෙහීති - පච්ඡා තෙ මාහු කිඤ්චනං.
මජ්ඣෙ චෙ නො ගහෙස්සසීති. මජ්ඣං වුච්චති පච්චුප්පන්නා රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණා. පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන න ගහෙස්සසි න උග්ගහෙස්සසි න ගණ්හිස්සසි න පරාමසිස්සසි නාභිනන්දිස්සසි නාභිචරිස්සසි න අජ්ඣොසිස්සසි, අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහිස්සසි විනොදෙස්සසි බ්‍යන්තිං කරිස්සසි අනභාවං ගමෙස්සසීති - මජ්ඣෙ චෙ නො ගහෙස්සසි.
උපසන්තො චරිස්සසීති. රාගස්ස සන්තත්තා සමිතත්තා උපසමිතත්තා, දොසස්ස සන්තත්තා සමිතත්තා උපසමිතත්තා...පෙ.... සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා උපසමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිපස්සද්ධත්තා
තෙනාහ භගවා -
‘‘යං පුබ්බෙ තං විසොසෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං;
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසී’’ති.
|
184
(15 - 15)
1 “අතීතයෙහිවූ යම් කෙලෙස් වේද එය වියලව” යනු අතීත සංස්කාරයන් නිසා යම් කෙලෙස් උපදින්නාහුද ඒ කෙලෙස් වියලව, ඇතිනොවනබවට පමුණුව දුරුකරව, සන්සිඳුව යනුයි නැවතද නොමෙරූ විපාක ඇති යම් අතීත කර්ම රැස්කිරීම් වෙද්ද ඒ කර්ම රැස්කිරීම් වියලව, නූපදනාබවට පමුණුව, දුරු කරව, සන්සිඳුව යනුයි.
2 “අනාගතය නිසා උපදනා කිසි කිඤ්චනයක් (ක්ලේශයක්) තොපට නොවේවා” යන්නෙහි අනාගතය යනු මතුකාලයට කියයි. අනාගත සංස්කාරයන් නිසා යම් රාග කිඤ්චනයක්, ද්වේෂ කිඤ්චනයක්, මෝහ කිඤ්චනයක්, මාන කිඤ්චනයක්, දෘෂ්ටි කිඤ්චනයක්, ක්ලේශ කිඤ්චනයක් දුශ්චරිත කිඤ්චනයක් උපදින්නාහු නම් මේ කිඤ්චනයෝ තොපට නොවේවා. පහළ නොකරව, නූපදව, ඇතිනොකරව, දුරුකරව, නූපදනාබවට පමුණුව.
3 “මධ්‍යයෙහි සංස්කාරයන් නිසා උපදනා කෙලෙස් නූපදවන්නේ නම් මැනවි.” යන්නෙහි “මධ්‍යය” යයි පවත්නා කාලයෙහි රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්ට කියයි. පවත්නා කාලයෙහි සංස්කාරයන් තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ නොගනුව, නොඋගනුව, පරාමර්ශ නොකරව, සතුටු නොවව. බැසනොගනුව, සතුටුවීම, බැස ගැන්ම, ගැන්ම, පරාමර්ශය, ඇතුළුවීම, දුරුකරව සන්සිඳුව, නූපදනාබවට පමුණුව යනුයි.
4 “ශාන්තවූයේ හැසිරෙව” යනු රාගය ශාන්ත බැවින් සන්සිඳවූ බැවින් ද්වේෂය ශාන්ත බැවින්, සංසිඳවූ බැවින් (34) 2 ‘ක්‍රෝධය’ යන තැන සිට සියලු ‘තැවීම්’ යන තැනට ‘මෝහය ශාන්තවූ බැවින්’ සන්සිඳවූ බැවින් යන තැන දක්වා සන්සිඳුන බැවින් යොදාගත යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් ශාන්ත බැවින් වූයේ සන්සිඳුනේ නිවුන බැවින් පහව ගිය බැපින් ශාන්තවූ බැවින් නිවුනේ හැසිරෙන්නෙහි වසන්නෙහි ඉරියව් පවත්වන්නෙහි පාලනය කරන්නෙහි යැපෙන්නෙහි යනුයි
|
185
සබ්බසො
අසතා ච න සොචති, ස වෙ ලොකෙ න ජීයති.
සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතන්ති.
සබ්බසොති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං - සබ්බසොති.
නාමන්ති චත්තාරො අරූපිනො ඛන්ධා.
රූපන්ති චත්තාරො ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං.
යස්සාති අරහතො ඛීණාසවස්ස.
මමායිතන්ති ද්වෙ මමත්තා - තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච...පෙ.... ඉදං තණ්හාමමත්තං...පෙ.... ඉදං දිට්ඨිමමත්තං.
සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතන්ති සබ්බසො නාමරූපස්මිං මමත්තා යස්ස නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං.
අසතා ච න සොචතීති. විපරිණතං වා වත්ථුං න සොචති, විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති. ‘‘චක්ඛු මෙ විපරිණත’’න්ති න සොචති, සොතං මෙ... ඝානං මෙ... ජිව්හා මෙ... කායො මෙ... රූපා මෙ... සද්දා
අථ වා අසතාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතීති. එවම්පි අසතා ච න සොචති. අථ වා චක්ඛුරොගෙන ඵුට්ඨො පරෙතො...පෙ.... ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති න
ස වෙ ලොකෙ න ජීයතීති. යස්ස ‘‘මය්හං වා ඉදං පරෙසං වා ඉද’’න්ති කිඤ්චි රූපගතං
භාසිතම්පි හෙතං -
‘‘ජීනො
(ජිණ්ණෙ (සී.), ජින්නො (ස්‍යා.)) රථස්සං
(රථස්සෙ (සී.) පඤ්චකනිපාතෙ (ආදිම්හි) මණිකුණ්ඩලජාතකට්ඨකථා ඔලොකෙතබ්බා) මණිකුණ්ඩලෙ ච, පුත්තෙ ච දාරෙ ච තථෙව ජීනො;
සබ්බෙසු
‘‘පුබ්බෙව මච්චං විජහන්ති භොගා, මච්චො ධනෙ පුබ්බතරං ජහාසි;
අසස්සතා
(අසස්සකා (සී.), අස්සකා (ස්‍යා.)) භාවිනො කාමකාමී, තස්මා න සොචාමහං සොකකාලෙ.
‘‘උදෙති ආපූරති වෙති චන්දො, අන්ධං තපෙත්වාන
(අත්ථං ගමිත්වාන (බහූසු)) පලෙති සූරියො;
විදිතා මයා සත්තුක ලොකධම්මා, තස්මා න සොචාමහං සොකකාලෙ’’ති.
යස්ස ‘‘මය්හං වා ඉදං පරෙසං වා ඉද’’න්ති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි, තස්ස ජානි නත්ථි. භාසිතම්පි හෙතං - ‘‘‘නන්දසි, සමණා’ති. ‘කිං ලද්ධා, ආවුසො’ති? ‘තෙන හි, සමණ, සොචසී’ති. ‘කිං ජීයිත්ථ, ආවුසො’ති? ‘තෙන හි, සමණ, නෙව නන්දසි න සොචසී’ති. ‘එවමාවුසො’’’ති.
‘‘චිරස්සං
අනන්දිං අනීඝං භික්ඛුං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති.
ස වෙ ලොකෙ න ජීයති. තෙනාහ භගවා -
‘‘සබ්බසො
අසතා ච න සොචති, ස වෙ ලොකෙ න ජීයතී’’ති.
|
185
(15 - 16)
1 “යමෙකුට නාමරූප දෙක්හි මමත්වයක් සර්වප්‍රකාරයෙන් නැද්ද” යන්නෙහි සර්වප්‍රකාරයෙන් යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරිනොකොට යට කොට ගන්නා වචනයකි. මේ සර්වප්‍රකාරයෙන් යනුයි. නාම නම් සතර අරූප ස්කන්ධයෝයි. රූප නම් සතරමහා භූතද සතර මහා භූතයන්ගේ උපාදාය රූපද යනුයි. “යමෙකුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. “මමත්වයක් යන්නෙහි මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. මෙහි ((2-6) 7 (ii) (iii) ඡේද යොදාගත යුතුයි)
2 “යමෙකුට නාම රූප දෙක්හි මමත්වයක් සර්වප්‍රකාරයෙන් නැද්ද” යනු සර්වප්‍රකාරයෙන් නාම රූප දෙක්හි මමත්වයක් යමෙකුට නැද්ද විද්‍යමාන නොවෙද්ද නොලැබෙද්ද ප්‍රහීණද මුලින් සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි
3 “මමත්වයක් නැති බැවින්ම ශොක නොකරයි” යනු වෙන්වන වස්තුවෙහි ශොක නොකරයි. වස්තුව වෙන්වූ කල්හිද ශොක නොකරයි (10-4) 2 ඡේදය යොදාගත යුතුයි) මෙසේද මමත්වය නැති බැවින් ශොක නොකරයි. නැවතද දුක් වේදනාව නැති බැවින් ස්පර්ශ කරණ ලද්දේ යුක්තවූයේ ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවළපියි, පපුවෙහි අතගසා නොහඬයි සිහිමුලාවට නොපැමිණෙයි. මෙසේද මමත්වය නැති බැවින් ශොක නොකරයි යනුයි. යලිදු හෝ නැති බැවින් විද්‍යමාන නොවන බැවින් නොලැබෙන බැවින් ඒකාන්තයෙන් මට විය. ඒකාන්තයෙන් එය මට නැත. ඒකාන්තයෙන් මට වන්නේය, ඒකාන්තයෙන් මම එය නොලබමි’ යි ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවළපියි පපුවෙහි අතගසා නොහඬයි, සිහිමුලාවට නොපැමිණෙයි යනුයි.
4 “ඒකාන්තයෙන් හෙතෙම ලෝකයෙහි පිරිහීමට නොයයි යනු” යමෙකුට මෙය මාගේය කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසියම් රූපගතවූ හෝ වේදනාගතවූ හෝ සඤ්ඤාගතවූ හෝ සංඛාරගතවූ හෝ විඤ්ඤාණගතවූ හෝ ගන්නාලද්දක් පරාමර්ශ කරණ ලද්දක් බැසගන්නා ලද්දක් ඇලෙන ලද්දක් ඇද්ද ඔහුට ඉපදීම ඇත, මෙය කියන ලද්දේමය.
“මැණික්මයවූ කුණ්ඩලයන්ද රථයද අශ්වයන්ද විනාශවූ කල්හි පුත්‍රයන්ද අඹුවන්ද එසේම විනාශවූ කල්හි සියලු භොගයන් සේවනය නොකළ කල්හි ශොක කාලයෙහි කුමක් හෙයින් නොතැවෙන්නෙහිද”
“භොගයෝ කලින්ම මිනිසා දුරලත්. මිනිසාද ඒවා පළමුව හැරදමයි. කාම කාමීහු නිත්‍ය බැව් ඇත්තෝ නොවෙත්. එහෙයින් මම ශොක කාලයෙහි ශොක නොකරමි”
“සූර්‍ය්‍යයා අස්තයට පැමිණ පලායයි. චන්ද්‍රයා පායයි. පිරෙයි. මවිසින් අෂ්ටලොක ධර්මයෝ දන්නා ලදහ. එහෙයින් ශොක කාලයෙහි ශොක නොකරමි”
යමෙකුට මෙය හෝ මාගේය මෙය හෝ අනුන්ගේයයි කිසියම් රූපගතවූ වේදනාගතවූ සඤ්ඤාගතවූ සංඛාරගතවූ විඤ්ඤාණගතවූ ගන්නා ලද්දක් පරාමර්ශ කරණ ලද්දක් බැස ගන්නා ලද්දක් ගැලෙන ලද්දක් ඇලෙන ලද්දක් නැද්ද ඔහුට ඉපදීමක් නැත මෙයද කියන ලද්දේමය.
5 “ශ්‍රමණය සතුටු වන්නෙහිද, ඇවැත්නි කුමක් ලැබද? එසේවීනම් ශ්‍රමණය, ශොක කරන්නෙහිද, ඇවැත්නි, කුමක් විනාශවීද? එසේවීනම් ශ්‍රමණය, සතුටු නොවන්නෙහිද, ශොක නොකරන්නෙහිද, “එසේය ඇවැත්නි” යනුයි
“සතුටක් නැති දුකක් නැති ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කළ ක්ලෙශපරිනිර්වාණයෙන් පිරිනිවුන බ්‍රාහ්මණ නම්වූ භික්ෂුව බොහෝ කලකින් දුටුවෙමු.” ලෝකයෙහි ඒකාන්තයෙන් හෙතෙම නොදිරන්නේය යනුයි.
|
186
යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං;
මමත්තං සො අසංවින්දං, නත්ථි මෙති න සොචති.
යස්ස
වුත්තඤ්හෙතං භගවතා - ‘‘නායං, භික්ඛවෙ, කායො තුම්හාකං, නපි අඤ්ඤෙසං. පුරාණමිදං, භික්ඛවෙ, කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදනීයං දට්ඨබ්බං. තත්‍ර, භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදංයෙව සාධුකං යොනිසො මනසිකරොති - ‘ඉති ඉමස්මිං සති ඉදං හොති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො...පෙ.... එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’’’ති. එවම්පි යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං.
වුත්තම්පි
‘‘සුඤ්ඤතො
අත්තානුදිට්ඨිං ඌහච්ච
(උහච්ච (ක.) සු. නි. 1125), එවං මච්චුතරො සියා;
එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී’’ති.
එවම්පි යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං.
වුත්තම්පි
‘‘සුද්ධධම්මසමුප්පාදං, සුද්ධසඞ්ඛාරසන්තතිං;
පස්සන්තස්ස යථාභූතං, න භයං හොති ගාමණි.
‘‘තිණකට්ඨසමං ලොකං, යදා පඤ්ඤාය පස්සති;
නාඤ්ඤං පත්ථයතෙ කිඤ්චි, අඤ්ඤත්‍ර අප්පටිසන්ධියා’’ති
(පටිසන්ධියාති (සී.)).
එවම්පි යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං. වජිරා
‘‘කං නු සත්තොති පච්චෙසි, මාර දිට්ඨිගතං නු තෙ;
සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං, නයිධ සත්තුපලබ්භති.
‘‘යථා හි
(යථාපි (බහූසු) සං. නි. 1.171) අඞ්ගසම්භාරා, හොති සද්දො රථො ඉති;
එවං ඛන්ධෙසු සන්තෙසු, හොති සත්තොති සම්මුති
(සම්මති (ස්‍යා.)).
‘‘දුක්ඛමෙව හි සම්භොති, දුක්ඛං තිට්ඨති වෙති ච;
නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භොති, නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී’’ති.
එවම්පි
‘‘එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු රූපං සමන්නෙසති යාවතා රූපස්ස ගති, වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං සමන්නෙසති යාවතා විඤ්ඤාණස්ස ගති. තස්ස රූපං සමන්නෙසතො යාවතා රූපස්ස ගති, වෙදනං... සඤ්ඤං... සඞ්ඛාරෙ... විඤ්ඤාණං සමන්නෙසතො යාවතා විඤ්ඤාණස්ස ගති
ආයස්මා, ආනන්දො, භගවන්තං එතදවොච - ‘‘‘සුඤ්ඤො ලොකො, සුඤ්ඤො ලොකො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සුඤ්ඤො ලොකොති වුච්චතී’’ති? ‘‘යස්මා ඛො, ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චති. කිඤ්චානන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා? චක්ඛු ඛො, ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො, යදිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං... සොතං සුඤ්ඤං... සද්දා සුඤ්ඤා... ඝානං සුඤ්ඤං... ගන්ධා සුඤ්ඤා... ජිව්හා සුඤ්ඤා... රසා සුඤ්ඤා... කායො සුඤ්ඤො... ඵොට්ඨබ්බා සුඤ්ඤා... මනො සුඤ්ඤො... ධම්මා සුඤ්ඤා... මනොවිඤ්ඤාණං සුඤ්ඤං... මනොසම්ඵස්සො සුඤ්ඤො, යදිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං
මමත්තං සො අසංවින්දන්ති.
මමත්තාති ද්වෙ මමත්තා - තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච...පෙ.... ඉදං තණ්හාමමත්තං...පෙ.... ඉදං
නත්ථි මෙති න සොචතීති. විපරිණතං වා වත්ථුං න සොචති, විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති. ‘‘චක්ඛු මෙ විපරිණත’’න්ති න සොචති, ‘‘සොතං මෙ...පෙ.... සාලොහිතා මෙ විපරිණතා’’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතීති - නත්ථි මෙති න සොචති.
තෙනාහ භගවා -
‘‘යස්ස
මමත්තං සො අසංවින්දං, නත්ථි මෙති න සොචතී’’ති.
|
186
(15 - 17)
1 “යමෙකුට මෙය මාගේයයි හෝ අනුන්ගේයයි හෝ කිසිවක් නැද්ද” යන්නෙහි යමෙකුට යනු අර්හත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි. යමෙකුට මෙය මාගේය කියා හෝ මෙය අනුන්ගේය කියා හෝ කිසියම් රූපගතවූ වේදනා ගතවූ සඤ්ඤාගතවූ සංඛාරගතවූ විඤ්ඤාණ ගතවූ ගන්නා ලද්දක් පරාමර්ශකරණ ලද්දක්, බැසගන්නා ලද්දක් ගැලෙන ලද්දක් ඇලෙන ලද්දක් නැද්ද, විද්‍යමාන නොවෙද්ද නොලැබෙද්ද, ප්‍රහීණද සමුච්ඡින්නද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී
2 “මහණෙනි, මේ ශරීරය යුෂ්මතුන්ගේ නොවේ. අන්‍යයන්ගේද නොවේ. මහණෙනි, මෙය රැස් කරණ ලද සිතන ලද විඳියයුතු පුරාණ කර්මයයි දතයුතුයි. මහණෙනි, එහි ශ්‍රැතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම හේතුවක් ඇතිව ඉපදීම මනාකොට නුවණින් සිහි කරයි. “මෙය මෙසේ ඇති කල්හි මෙසේ වෙයි මෙය ඉපදීමෙන් මෙය වෙයි. මෙය නැති කල්හි මෙය නොවෙයි. මෙය නැතිවීමෙන් මෙය නැතිවෙයි. යම් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයෝ විඥානයෝ වෙත්. (මෙහි (4-5)-4 ‘විඤ්ඤාණ හේතුවෙන් නාම රූප වන්නාහුය’ යන තැන සිට ‘මනාකොට දැන’ යන්න අස්කොට යොදාගත යුතුයි.) මෙසේ මේ සියලු දුක්ඛ රාශියගේ ඇතිවීම වෙයි යනුයි” මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
3 “මොඝරාජය, හැමකල්හි සිහි ඇත්තේ ශූන්‍ය වශයෙන් ලෝකය බලව, ආත්මදෘෂ්ටිය ඉවතට උදුරා ඇද මරණය ඉක්මවන්නෙක් වන්නේය. මෘත්‍යුරාජයා මෙසේ ලෝකය බලන්නහු නොදකියි” යනුයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මහණෙනි, යමක් යුෂ්මතුන්ගේ නොවේනම් එය දුරු කරව්. යුෂ්මතුන්ට එය දුරුකිරීම බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය මහණෙනි, කිසිවකුදු යුෂ්මතුන්ගේ නොවේ එය දුරු කරව්. තොපට එය දුරුකිරීම බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය. වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය, යුෂ්මතුන් ගේ නොවේ. එය දුරුකරව්. ඒ දුරුකිරීම යුෂ්මතුනට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය මහණෙනි, කුමකැයි සිතන්නහුද? මේ ජේතවනයෙහි තෘණ දරකැබලි අතු කොළ වෙද්ද එය ජනතෙම ගෙනයන්නේ නම් හෝ පුළුස්සන්නේ නම් හෝ කැමැත්තක් කරන්නේ නම් හෝ යුෂ්මතුන්ට (ඒ කොළ ආදිය) මෙසේ කියන්නාහු වෙද්ද? අප ජනතෙම ගෙනයයි කියා හෝ පුළුස්සායයි කියා හෝ සුදුස්සක් කෙරේයයි කියා හෝ කියන්නහුද?’ ‘ස්වාමීනි, එය එසේ නොවේ එයට හේතු කවරේද?’ එය ආත්මයක් හෝ ආත්මය ඇති දෙයක් නොවන නිසයි.’ ‘මහණෙනි, එපරිද්දෙන්ම යමක් තොපගේ නොවේනම් එය දුරුකරව් තොපගේ ඒ දුරු කිරීම යුෂ්මතුන්ට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය. මහණෙනි, කිසිවක් යුෂ්මතුන්ගේ නොවේ. රූපය යුෂ්මතුන්ගේ නොවේ. එය දුරුකරව්. ඒ දුරුකිරීම තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය. වේදනාව, සඤ්ඤාව, සංස්කාරයෝ, විඤ්ඤාණය යුෂ්මතුන්ගේ නොවේ. ඒ දුරුකිරීම තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවත්නේය යනුයි.
“ගාමණිය අමිශ්‍ර ධර්මයන්ගෙන් ඇතිවන තනි සංස්කාර සමූහය තත්වූ පරිදි බලන්නහුට බියක් නොමවේ.’
4 “තෘෂ්ණා හා දර කැබලි සමාන ලෝකය යම්කලෙක නුවණින් බලන්නේද, කිසියම් අන්තැනක ප්‍රතිසන්ධියක් ප්‍රාර්ථනා නෙකෙරේ” වජිරා භික්ෂුණී පාපීවූ මාරයාට මෙය ප්‍රකාශ කළාය.
“මරුව කිම? සත්වයෙකැයි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් විද, මේ තනි සංස්කාර පිඩෙකි. මෙහි සත්වයා යයි ගතයුත්තක් නොලැබේ.
“අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේ වේද, එසේම ස්කන්ධයන් ඇති කල්හි සත්වයයි ව්‍යවහාරවේ”
“මෙහි දුකෙක්ම පහළවේ. දුකෙක්ම සිටියි. දුක්ම විඳියි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ” යනුයි.
5 “යමකුට මෙය මගේ යයිද අනුන්ගේයයිද කිසිවක් නැද්ද” මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව රූපය සොයයි. රූපයාගේ ගතිය යම්පමණද එය සොයයි වේදනාව, සඤ්ඤාව, සංස්කාරයන් විඤ්ඤාණය සොයයි. විඤ්ඤාණයාගේ ගතිය සොයයි. රූපය සොයන්නාවූ යම්පමණ රූපයාගේ ගතිය සොයන්නාවූ ඔහුට වේදනාව, සඤ්ඤාව, සංස්කාරයන්, විඤ්ඤාණයන් සොයන්නාවූ යම් පමණ විඤ්ඤාණයාගේ ගතිය සොයන්නාවූ ඔහුට ‘මමය කියා හෝ මටය කියා හෝ වෙමියි කියා’ හෝ යමක් ඔහුට වේද, එයද ඔහුට නොවෙයි යනුයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය ස්වාමීනි, ලෝකය ශූන්‍යය ලෝකය ශූන්‍ය යයි කියනු ලැබෙයි, කොපමණකින් ලෝකය ශූන්‍යයයි කියනු ලැබේද?’ ආනන්දය, යම්හෙයකින් තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්‍යද එහෙයින් ලෝකය ශූන්‍යයයි කියනු ලැබේ. ආනන්දය, කිසිවක් තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්‍යද, ඇස වනාහි තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්‍යද රූපයෝ ශූන්‍යයහ චක්ෂුර් විඥානය ශූන්‍ය වෙයි. චක්ෂුසම්ඵස්සය (ඇසෙහි හැපීම) ශූන්‍යය. ඇසෙහි හැපීමේ හේතුවෙන් විඳියයුතුවූ සැපයක් හෝ දුකක් හෝ සැපදුක් දෙකම නැති බවක් හෝ උපදීද, එයද ශූන්‍ය වෙයි කණ ශූන්‍ය වෙයි. නාසය ශූන්‍ය වෙයි. දිව ශූන්‍ය වෙයි. රශයෝ ශූන්‍යයහ. ශරීරය ශූන්‍යය, ස්පර්ශය ශූන්‍යය, මනස ශූන්‍යය ධර්මයෝ ශූන්‍යයහ මනො විඤ්ඤාණය ශූන්‍යය, මනො සම්ඵස්සය (සිතේ හැඟීම) ශූන්‍යය, යම් ඒ සිතේ හැපීමේ හේතුවෙන් විඳියයුතු සැපතක් හෝ දුකක් හෝ ඇද්ද සැප දුක් නොවන හැඟීමක් හෝ ඇද්ද එයද තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්‍යය ආනන්දය, යම්සේ වනාහි තමාගෙන් හෝ තමා කෙරෙහි හෝ ශූන්‍යද එබැවින් ලෝකය ශූන්‍යනම් වේ, යනුයි.
6 “හෙතෙම මමත්වයක් නොලබන්නේ” යන්නෙහි මමත්ව දෙකකි. තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යොදාගත යුතුයි) තෘෂ්ණා මමත්ව හැර දෘෂ්ටි මමත්වය බැහැරකොට මමත්වයක් නොවිඳින්නේ නොලබන්නේ නොපැමිණෙන්නේ යනුයි “මට (මෙය) නැතැයි ශොක නොකරයි” යනු වෙනසට පත් වස්තුවෙහිද ශොක නොකරයි, වස්තුව වෙනසට පත්වන කල්හිද ශොක නොකරයි මාගේ ඇස වෙනස් වූයේයයි ශොක නොකරයි. මාගේ කණ (10-4) 2 මාගේ දිව යන තැන සිට යොදාගත යුතුයි.) මාගේ සහලේ නෑයෝ වෙනස් වූයේයයි ශොක නොකරයි ක්ලාන්ත නොවෙයි. නොවළපියි. පපුවෙහි අත්ගසා නොහඬයි. සිහි මුළාවට නොපැමිණෙයි යනුයි.
|
187
අනිට්ඨුරී
තමානිසංසං පබ්‍රූමි, පුච්ඡිතො අවිකම්පිනං.
අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධී සමොති. කතමං නිට්ඨුරියං? ඉධෙකච්චො නිට්ඨුරියො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උසූයති
(උස්සුය්‍යති (ස්‍යා.), උස්සූයති (ක.)) ඉස්සං බන්ධති. යං එවරූපං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයිතත්තං - ඉදං වුච්චති නිට්ඨුරියං. යස්සෙතං නිට්ඨුරියං පහීනං සමුච්ඡින්නං...පෙ.... ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අනිට්ඨුරීති.
අනනුගිද්ධොති. ගෙධො වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසො
අනෙජො සබ්බධී සමොති.
එජා වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා එජා තණ්හා පහීනා සමුච්ඡින්නා...පෙ.... ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අනෙජො. එජාය පහීනත්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ්ජති, අලාභෙපි න ඉඤ්ජති, යසෙපි න ඉඤ්ජති, අයසෙපි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති, නින්දායපි න ඉඤ්ජති, සුඛෙපි න ඉඤ්ජති, දුක්ඛෙපි න ඉඤ්ජති, න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - අනෙජො.
සබ්බධී සමොති සබ්බං වුච්චති ද්වාදසායතනානි. චක්ඛු චෙව රූපා ච...පෙ.... මනො චෙව ධම්මා ච. යතො අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො, සො වුච්චති සබ්බධි සමො. සො සබ්බත්ථ තාදි සබ්බත්ථ මජ්ඣත්තො සබ්බත්ථ උපෙක්ඛකොති - අනෙජො සබ්බධී සමො.
තමානිසංසං
තෙනාහ
‘‘අනිට්ඨුරී අනනුගිද්ධො, අනෙජො සබ්බධී සමො;
තමානිසංසං පබ්‍රූමි, පුච්ඡිතො අවිකම්පින’’න්ති.
|
187
(15 - 18)
1 “ඊර්‍ෂ්‍යා නැත්තෙක ගිජු නැත්තෙක, තෘෂ්ණා නැත්තෙක සියලු තන්හි සම තැනැත්තෙක යන්නෙහි ඊර්‍ෂ්‍යාව කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන්ගේ ලාභසත්කාර ගරුකාර බහුමාන වැඳීම් පිරීම්වල ඊර්‍ෂ්‍යා ඇත්තෙක් වෙයි. ඊර්‍ෂ්‍යාව බඳියි. මෙබඳුවූ යම් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා කර්මයක් ඊර්‍ෂ්‍යා කිරීමක් ඊර්‍ෂ්‍යා කිරීම බවක් වේද. මෙය ඊර්‍ෂ්‍යාව යයි කියයි. යමෙකුගේ මේ ඊර්‍ෂ්‍යාව ප්‍රහීණද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේද සම්පූර්ණයෙන් අභාවයට ගියේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ යයි කියයි. “ගිජු නැත්තෙකු යන්නෙහි “ගිජු” යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (10-4) 1 ‘එයයි’ යන තැනට යොදාගත යුතුයි) අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. යමෙකුගේ මේ ගිජු කම දුරුව ගියේද මුලින් සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද සම්පූර්ණ අභාවයට ගියේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම ගිජුනැත්තේයයි කියයි. හෙතෙම රූපයෙහි ගිජු නොවුයේ ශබ්දයෙහි ගිජු නොවූයේ ගන්ධයෙහි රශයෙහි ස්පර්ශයෙහි ඇසූ දුටු මුත වශයෙන් ගත් දැනගත් ධර්මයන්හි ගිජු නොවූයේ නොගැටුනේ නුමුලාවූයේ නොගැලුනේ පහවූ ගිජුකම ඇත්තේ වෙන්ව ගිය ගිජුකම ඇත්තේ සන්සිඳුන ගිජුකම ඇත්තේ පහවූ රාග ඇත්තේ වෙන්ව ගිය රාග ඇත්තේ දුරහළ රාග ඇත්තේ බැහැර කළ රාග ඇත්තේ මිදුන රාග ඇත්තේ සංසිඳුන රාග ඇත්තේ තෘෂ්ණා නැත්තේ නිවුනේ සිහිල්වූයේ සැපත විඳින්නේ බ්‍රහ්මයා බඳු ආත්ම් භාවයෙන් වාසය කරයි.
2 “තෘෂ්ණා නැත්තේ සියලු තන්හි සම තැනැත්තෙක් යන්නෙහි ‘කම්පාකරන්නී යයි’ තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි යමෙකුගේ මේ එජා (කම්පා කරන්නී) නමැති තෘෂ්ණාව ප්‍රහීණද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්‍ය වූයේද සම්පූර්ණයෙන් අභාවට ගියේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම අනෙජයයි කියයි හෙතෙම ලාභයෙහිද (ii) ආශා නොවෙයි අලාභයෙහිද ආශා නොවෙයි කීර්තියෙහිද ආශා නොවෙයි අපකීර්තියෙහිද ආශා නොවෙයි. ප්‍රශංසාවෙහිද ආශානොවෙයි. නින්දාවෙහිද ආශා නොවෙයි. සැපයෙහිද ආශා නොවෙයි. දුකෙහිද ආශා නොවෙයි. නොසැලෙයි, කම්පා නොවෙයි එබැවින් අනෙජ නමි.
3 “සියලු තැන්හි සම බැව් ඇත්තේ” යන්නෙහි සියල්ල යනු ද්වාදශායතනයෝයි. ඇසද රූපයෝද කණද ශබ්යද නාසයද, ගන්ධයද, දිවද රශයද කයද ස්පර්ශයද මනසද ධර්මයෝද යනුයි. යම් හෙයකින් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි ඡන්දරාගය ප්‍රහීණවූයේ වේද උදුරලන ලද මුල් ඇත්තේ වේද, අගසිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේ වේද අභාවයට පමුණුවන ලද්දේ වේද නැවත නූපදනාබවට පමුණුවන ලද්දේ වේද හෙතෙම හැමතන්හි සමවූයේයයි කියයි. හෙතෙම හැම තන්හි තෘෂ්ණා නැත්තේ හැමතන්හි මධ්‍යස්ථවූයේ හැම තන්හි උපෙක්ෂාවූයේ වෙයි. “ඒ නොසැලෙන පුද්ගලයා විචාරණ ලද්දේම මේ අනුසස් කියමි” යනු නොසැලෙන පුද්ගලයා විචාරණ ලද්දෙම් ඉල්වන ලද්දෙම් ආරාධනා කරණ ලද්දෙම් පහදවන ලද්දෙම් මේ ආනිසංස සතර කියමි හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ ගිජු නැත්තේ තෘෂ්ණා නැත්තේ සියලු තන්හි සම බැව් ඇත්තේයයි කියමි ප්‍රකාශ කරමි යනුයි.
|
188
අනෙජස්ස
විරතො සො වියාරබ්භා,
(වියාරම්භා (බහූසු))
ඛෙමං පස්සති සබ්බධි.
අනෙජස්ස විජානතොති.
එජා වුච්චති තණ්හා. යො රාගො සාරාගො...පෙ.... අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා එජා තණ්හා පහීනා සමුච්ඡින්නා...පෙ.... ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අනෙජො. එජාය පහීනත්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ්ජති, අලාභෙපි න ඉඤ්ජති, යසෙපි න ඉඤ්ජති, අයසෙපි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති, නින්දායපි න ඉඤ්ජති, සුඛෙපි න ඉඤ්ජති, දුක්ඛෙපි න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - අනෙජස්ස.
විජානතොති ජානතො ආජානතො විජානතො පටිවිජානතො පටිවිජ්ඣතො. ‘‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’’ති ජානතො ආජානතො විජානතො පටිවිජානතො පටිවිජ්ඣතො, ‘‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’’ති...පෙ.... ‘‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං
නත්ථි කාචි නිසඞ්ඛතීති.
නිසඞ්ඛතියාඑ වුච්චන්ති පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො. යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා නිසඞ්ඛතියො නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිපස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - නත්ථි කාචි නිසඞ්ඛති.
විරතො සො වියාරබ්භාති. වියාරබ්භො වුච්චති පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො. යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො
ඛෙමං
තෙනාහ භගවා -
‘‘අනෙජස්ස විජානතො, නත්ථි කාචි නිසඞ්ඛති;
විරතො සො වියාරබ්භා, ඛෙමං පස්සති සබ්බධී’’ති.
|
188
(15 - 19)
1 ‘ඒජාව නැති දත් තැනැත්තාට” යන්නෙහි ඒජායයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (10-4) 1 ‘එයයි’ යනතැනට යොදාගත යුතුයි.) අභිධ්‍යාවක්, ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. යමෙකුගේ මේ ඒජා නමැති තෘෂ්ණාව පහව ගියේද මුලින් සිඳුනේද ඉපදීමට අයොග්‍යවූයේ ඥානය නමැති ගින්නෙන් දැවුණේද හෙතෙම අනෙජයයි කියයි. තෘෂ්ණාව පහව ගිය බැවින් අනෙජ නමි. හෙතෙම ලාභයෙහිද ((15-18) 2 (ii) ඡේදය යොදනු) කම්පා නොවෙයි යනුයි
2 “ඒජාව නැති දත් තැනැත්තාට යන්නෙහි” දත් තැනැත්තාට යනු දැනගත් තැනැත්තාට අවබෝධ කරගත් තැනැත්තාට යනුයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දුක් යයි සියලු ධර්මයෝ අනාත්මයයි යම් කිසි හේතුවකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නැතිවීම පිණිස පවත්නේයයි දන්නාහට අවබෝධ වූවහුට යනුයි.
“කිසියම් සංස්කාරයෙක් නැත” යන්නෙහි සංස්කාරයෝයයි පුණ්‍යාභි සංස්කාර අපූණ්‍යාභි සංස්කාර අනෙඤ්ජාභි සංස්කාරයෝ කියත් යම් හෙයකින් පුණ්‍යාභි සංස්කාරයෝද අපුණ්‍යාභි සංස්කාරයෝද අනෙඤ්ජාභි සංස්කාරයෝද පහව ගියාහු වෙත්ද මුලින් උදුරණ ලද්දාහු අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙත්ද මෙපමණකින් සංස්කාරයෝ නැත. ඇති නොවෙත් නොලැබෙත් පහව ගියාහු මුලින් සිඳුනාහු සංසිඳුනාහු ඉපදීමට අයොග්‍යවූවාහු ඥානය නමැති ගින්නෙන් දැවුනාහු වෙති යනුයි.
3 “සංස්කාරාදීන්ගෙන් නොඇළුනාවූ හෙතෙම” යන්නෙහි සංස්කාරයයි පුණ්‍යාභි සංස්කාරය අපුණ්‍යාභි සංස්නාරය, අනෙඤ්ජාභි සංස්කාරය කියයි. යම් හෙයකින් පුණ්‍යාභි සංස්කාරයෝද අපුණ්‍යාභි සංස්කාරයෝද ආනෙඤ්ජාභි සංස්කාරයෝද පහව ගියාහු වෙත්ද මුලින් උදුරණ ලද්දාහු අග සිඳින ලද තල්ගසක මෙන් කරණ ලද්දාහු අභාවයට පමුණුවන ලද්දාහු නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙද්ද, මෙපමණකින් සංස්කාරතෙම ඈත් වූයේ වන්නේය වෙන්වූයේ නික්මුනේ මිදුනේ සීමා නොකළ සිතින් වාසය කරයි.
4 “හෙතෙම සෑමතැන්හි අභය දකියි” යනු රාගය භය ගෙන දෙන්නේය. ද්වේෂය භය ගෙන දෙන්නේය. මෝහය ශාන්තය යනු භය ගෙනදෙන්නේය කියා වෙනස්කර (3-4) ක්‍රෝධය යන තැන සිට යොදාගත යුතුයි) ක්ලේශයෝ භය ගෙන දෙන්නාහුය. භය ගෙන දෙන රාගය පහව ගිය බැවින් (මෙහි (3-4) 1 පහව ගිය බැවින්’ යනු යොදා ද්වේෂය යන තැන සිට යෙදිය යුතුයි.) භය ගෙන දෙන ක්ලේශයන් ප්‍රහීනවූ බැවින් සෑමතන්හි ආරක්ෂාව දකියි. සෑමතන්හි නිර්භය දකියි. සෑමතන්හි උවදුරු රහිත බව දකියි යනුයි.
|
189
න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනි;
සන්තො සො වීතමච්ඡරො,
(වීතමච්ඡෙරො (සී.))
නාදෙති න නිරස්සති. [ඉති භගවා]
න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනීති.
මුනීති. මොනං වුච්චති ඤාණං...පෙ.... සඞ්ගජාලමතිච්ච සො මුනි. ‘‘සෙය්‍යොහමස්මී’’ති වා ‘‘සදිසොහමස්මී’’ති වා ‘‘හීනොහමස්මී’’ති වා න වදති න කථෙති න භණති න දීපයති න වොහරතීති - න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනි.
සන්තො සො වීතමච්ඡරොති.
සන්තොති රාගස්ස සන්තත්තා සමිතත්තා සන්තො, දොසස්ස...පෙ.... මොහස්ස... සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා
නාදෙති
තෙනාහ භගවා -
‘‘න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනි;
සන්තො සො වීතමච්ඡරො, නාදෙති න නිරස්සති’’. [ඉති භගවා]
|
189
(15 - 20)
1 “මුනිතෙම සමයන් කෙරෙහි, හීනයක් කෙරෙහි, ශ්‍රේෂ්ඨයන් කෙරෙහි නොකියන්නේය” යන්නෙහි මුනියයි ඥානයට කියයි යම් ප්‍රඥාවක් දැනීමක් (2-4)-12 ඡේදය යෙදිය යුතුය.) තෘෂ්ණා ජලය ඉක්මවා සිටියේද හෙතෙම මුනි නමි. මුනිතෙම ශ්‍රේෂ්ඨවූයේ වෙමි කියා හෝ සමාන වූයෙමි කියා හෝ හීනවූයෙමි කියා හෝ නොකියයි. ප්‍රකාශ නොකරයි. ව්‍යවහාර නොකරයි යනුයි.
2 “ශාන්තවූ පහව ගිය මසුරුකම ඇති හෙතෙම” යන්නෙහි “ශාන්ත” යනු රාගයාගේ ශාන්තබව ඇතිබැවින් සන්සිඳුන බැවින් ශාන්ත නමි. ද්වේෂයාගේ-මෝහයාගේ (3-4) 1 රාගය යන තැන සිට යෙදිය යුතුයි.) සියලු අකුශල රැස් කිරීම්වල ශාන්තකම ඇති බැවින් නිවුණ බැවින් පහව ගිය බැවින් සන්සිඳුන බැවින් හෙතෙම ශාන්ත නමි “පහව ගිය මසුරුකම ඇති” යන්නෙහි මසුරුකම් පසෙකි. ආවාස මච්ඡරය (6-6) 2 (ii) ඡේදය යෙදිය යුතුයි) ගැනීමක් ඇද්ද මෙය මසුරුකම යයි කියයි. යමෙකුගේ මේ මසුරුකම ප්‍රහිණද මුලින් සිඳුනේ ද ඉපදීමට අයොග්‍යවූයේද, සම්පූර්ණයෙන් අභාවයට ගියේද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම පහවූ මසුරුකම ඇත්තේයයි වෙන්ව ගිය මසුරුකම ඇත්තේයයි දුරුකරණ ලද මසුරුකම ඇත්තේ යයි බැහැර කළ මසුරුකම ඇත්තේයයි මුදන ලද මසුරුකම ඇත්තේයයි සන්සිඳුන මසුරුකම ඇත්තේයයි කියයි.
3 “(හෙතෙම) නොගන්නේය බැහැර නොකරන්නේ යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ යන්නෙහි ‘නොගන්නේය’ යනු රූපය නොගනියි. දැඩිකොට නොගනියි. පරාමර්ශ නොකරයි ඇතුල් නොවෙයි. වේදනාව, සංඥාව සංස්කාරය විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධිය, භවය, සංසාරය, වට්ටය නොගනියි දැඩිකොට නොගනියි. පරාමර්ශ නොකරයි. ඇතුළු නොවෙයි යනුයි “බැහැර නොකරත්’ යනු රූපය දුරුනොකරයි. නොසන්සිඳුවයි. අභාවයට නොපමුණුවයි. වේදනාව, සංඥාව සංස්කාරයන්, විඤ්ඤාණය, ගතිය, උත්පත්තිය, ප්‍රතිසන්ධිය, භවය, සංසාරය, වට්ටය දුරුනොකරයි. බැහැර නොකරයි. නොසන්සිඳුවයි, අභාවයට නොපමුණුවයි යනුයි.
|