ත්‍රිපිටකය
50. කිඞ්කණිපුප්ඵවග්ගො 50. කිඞ්කනි පුප්ඵිය වග්ග
1. තිකිඞ්කණිපුප්ඵියත්ථෙරඅපදානං 1. තිකිඞ්කණි පුප්ඵිය ථේරාපදානය
2. පංසුකූලපූජකත්ථෙරඅපදානං 2. පංසුකූල පූජක ථේරාපදානය
3. කොරණ්ඩපුප්ඵියත්ථෙරඅපදානං 3. කොරණ්ඩ පුප්ඵිය ථේරාපදානය
4. කිංසුකපුප්ඵියත්ථෙරඅපදානං 4. කිංසුක පුප්ඵිය ථේරාපදානය
5. උපඩ්ඪදුස්සදායකත්ථෙරඅපදානං 5. උපඩ්ඪ දුස්ස දායක ථේරාපදානය
6. ඝතමණ්ඩදායකත්ථෙරඅපදානං 6. ඝත මණ්ඩදායක ථේරාපදානය
7. උදකදායකත්ථෙරඅපදානං 7. උදක දායක ථේරාපදානය
8. පුලිනථූපියත්ථෙරඅපදානං 8. පුලින ථූපිය ථේරාපදානය
57
‘‘හිමවන්තස්සාවිදූරෙ , යමකො නාම පබ්බතො;
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
57
“හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයක් විය. (එහි) මට මැනවින් කරන ලද අසපුවක් විය. පන්සැලක්ද මොනවට නිම කරන ලදී.
58
‘‘නාරදො නාම නාමෙන, ජටිලො උග්ගතාපනො;
චතුද්දසසහස්සානි, සිස්සා පරිචරන්ති මං.
58
“(මම) නම්න් නාරද නම්වූ, උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස් දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
59
‘‘පටිසල්ලීනකො සන්තො, එවං චින්තෙසහං තදා;
‘සබ්බො ජනො මං පූජෙති, නාහං පූජෙමි කිඤ්චනං.
59
“මම එකල්හි විවේකව හුන්නේ, මෙසේ සිතීමි. සියළු ජන තෙමේ මා පුදයි. මම (කිසිවෙකුට) කිසිවක් නොපුදමි.
60
‘‘‘න මෙ ඔවාදකො අත්ථි, වත්තා කොචි න විජ්ජති;
අනාචරියුපජ්ඣායො, වනෙ වාසං උපෙමහං.
60
“මට කිසි ඔවා දෙන්නෙක්ද නැත. (කිසිවෙකුට කරන) කිසි වතාවතකුදු නැත. මම ආචාර්‍ය්‍ය, උපාධ්‍යාය විරහිතව වනයෙහි වෙසෙමි.
61
‘‘‘උපාසමානො යමහං, ගරුචිත්තං උපට්ඨහෙ;
සො මෙ ආචරියො නත්ථි, වනවාසො නිරත්ථකො.
61
“මම යමෙකු වෙත එළඹෙන්නේ නම් හේ (මා කෙරෙහි) ගුරුවරයෙක යන සිත උපදවා ගන්නේය. මට එබඳු ගුරුවරයෙකු නැත. වනයෙහි විසීම නිරර්ත්‍ථකය.
62
‘‘‘ආයාගං මෙ ගවෙසිස්සං, ගරුං භාවනියං තථා;
සාවස්සයො වසිස්සාමි, න කොචි ගරහිස්සති’.
62
“මම එසේ ගරුභාවනීයවූ උතුමෙකු සොයන්නෙමි. (එබඳු උතුමෙකු) ඇසුරු කෙළේ වසමි. එවිට (කිසිවෙක්) (මට) නොගරහන්නේය.
63
‘‘උත්තානකූලා නදිකා, සුපතිත්ථා මනොරමා;
සංසුද්ධපුලිනාකිණ්ණා, අවිදූරෙ මමස්සමං.
63
“නොගැඹුරු ඉවුරු ඇති, මනාවූ කුඩා තොටුපොල ඇති, මනොඥවූ සුදෝ සුදු වැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මගේ අසපුවට නුදුරෙහි විය.
64
‘‘නදිං අමරිකං නාම, උපගන්ත්වානහං තදා;
සංවඩ්ඪයිත්වා පුලිනං, අකං පුලිනචෙතියං.
64
“(එය) අමරිකා නම්වූ නදියකි. එකල්හි මම (එතැනට) එළඹ, වැලි එකතුකොට වැලි සෑයක් (පුලින චෛත්‍යයක්) කෙළෙමි.
65
‘‘යෙ තෙ අහෙසුං සම්බුද්ධා, භවන්තකරණා මුනී;
තෙසං එතාදිසො ථූපො, තං නිමිත්තං කරොමහං.
65
“භවය කෙළවර කරන්නාවූ යම් ඒ සර්‍වඥ මුනිවර කෙනෙක් වෙත් නම් මෙබඳුවූ සෑයක් (තනන්නේ) උන්වහන්සේ නිමිතිකොට මම මේ සෑය කරමි.
66
‘‘කරිත්වා පුලිනං (පුළිනෙ (සී. ස්‍යා. පී.)) ථූපං, සොවණ්ණං මාපයිං අහං;
සොණ්ණකිඞ්කණිපුප්ඵානි, සහස්සෙ තීණි පූජයිං.
66
“වැලිගොඩෙහි සෑයක් කොට මම ස්වර්‍ණ නිර්‍මාණය කෙළෙමි. රන් කිකිණි මල් තුන් දහසක් පූජා කෙළෙමි.
67
‘‘සායපාතං නමස්සාමි, වෙදජාතො කතඤ්ජලී;
සම්මුඛා විය සම්බුද්ධං, වන්දිං පුලිනචෙතියං.
67
“හටගත් ප්‍රීති ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ සවස හා උදයෙහි නමදිමි. සම්බුදුන් හමුයෙහිදී මෙන් පුලින චෛත්‍යය (වැලි සෑය) වඳිමි.
68
‘‘යදා කිලෙසා ජායන්ති, විතක්කා ගෙහනිස්සිතා;
සරාමි සුකතං ථූපං, පච්චවෙක්ඛාමි තාවදෙ.
68
“යම් කලෙක්හි ගිහිගෙට අයත් ක්ලේශ විතර්‍කයෝ හටගනිත්ද, එකෙණෙහි සර්‍වඥ ස්ථූපය සිහි කරමි. ප්‍රත්‍යවෙක්‍ෂා කරමි.
69
‘‘උපනිස්සාය විහරං, සත්ථවාහං විනායකං;
කිලෙසෙ සංවසෙය්‍යාසි, න යුත්තං තව මාරිස.
69
“සාර්ත්‍ථවාහකවූ, විනායකවූ බුදුරජුන් ඇසුරුකොට වසන්නේ, ක්ලේශයන්හි ගැටී වසන්නෙහි නම් නිදුකාණෙනි, (එය) ඔබට නුසුදුසුය.
70
‘‘සහ ආවජ්ජිතෙ ථූපෙ, ගාරවං හොති මෙ තදා;
කුවිතක්කෙ විනොදෙසිං, නාගො තුත්තට්ටිතො යථා.
70
“එකල්හි සෑය සිහිකළ කෙනෙහි මාගේ සිත්හි ගෞරවය ඇතිවේ. අකුස්සෙන් පෙළන ලද ඇතෙකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
71
‘‘එවං විහරමානං මං, මච්චුරාජාභිමද්දථ;
තත්ථ කාලඞ්කතො සන්තො, බ්‍රහ්මලොකමගච්ඡහං.
71
“මෘත්‍යුරාජයා මෙසේ වසන්නාවූ මා වැසීය. මම එහි කළුරිය කළේ, බඹලොවට ගියෙමි.
72
‘‘යාවතායුං වසිත්වාන, තිදිවෙ (තිදසෙ (සී. පී.)) උපපජ්ජහං;
අසීතික්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං.
72
“මම එහි දිවි ඇතිතාක් වසා, තාවතිංස දෙව්ලොවෙහි උපනිමි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි.
73
‘‘සතානං තීණික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
73
“මම තුන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
74
‘‘සොණ්ණකිඞ්කණිපුප්ඵානං (තෙසං කිඞ්කණිපුප්ඵානං (සී.)), විපාකං අනුභොමහං;
ධාතීසතසහස්සානි, පරිවාරෙන්ති මං (මෙ (ක.)) භවෙ.
74
“මම එම පිදූ කිංකිණි පුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහිදී සියක් දහසක් කිරි මව්වරු මා පිරිවරත්.
75
‘‘ථූපස්ස පරිචිණ්ණත්තා, රජොජල්ලං න ලිම්පති;
ගත්තෙ සෙදා න මුච්චන්ති, සුප්පභාසො භවාමහං.
75
“සෑය පිළිදැගුම් කරන ලද බැවින් දැලි කුණු නොතැවරේ. සිරුරෙහි ඩහ නොවැගිරෙයි. මම ප්‍රභා සහිත (පැහැපත්) වූයේ වෙමි.
76
‘‘අහො මෙ සුකතො ථූපො, සුදිට්ඨාමරිකා නදී;
ථූපං කත්වාන පුලිනං, පත්තොම්හි අචලං පදං.
76
“ආශ්චර්‍ය්‍යයකි, මා විසින් මැනවින් කරන ලද සෑයකි. (එසේම) ඇමෙරිකා නදියද මැනවින් දක්නා ලදී. වැලිතලාවෙහි සෑයක් කොට අචලපදය වූ නිවණට පැමිණියේ වෙමි.
77
‘‘කුසලං කත්තුකාමෙන, ජන්තුනා සාරගාහිනා;
නත්ථි ඛෙත්තං අඛෙත්තං වා, පටිපත්තීව සාධකා (සාරිකා (පී.), සාරකා (ස්‍යා.), සාරතා (ක.)).
77
“කුසල් කරනු කැමැත්තාවූ (නිර්‍වාණ) සාරය ගන්නාවූ සත්ත්‍වයා විසින් (එයට) මෙය කෙතය, මෙය නොකෙතයයි (වෙන්කොට ගතයුත්තක්) නැත. ප්‍රතිපත්ති තොමෝම අර්ත්‍ථසාධක වන්නීය.
78
‘‘යථාපි බලවා පොසො, අණ්ණවං තරිතුස්සහෙ;
පරිත්තං කට්ඨමාදාය, පක්ඛන්දෙය්‍ය මහාසරං.
78
“බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේද, යම්සේ (හේ) කුඩා දඬු කැබැල්ලක් ගෙන මහ සයුරට පණින්නේ නම්, මම මේ දඬු කැබෙල්ල නිසා මහ සයුර තරණය කරන්නෙමැයි උත්සාහයෙන්ද, වීර්‍ය්‍යයෙන්ද (එම) මනුෂ්‍යතෙම සයුර කරණය කරන්නේය.
79
‘‘ඉමාහං කට්ඨං නිස්සාය, තරිස්සාමි මහොදධිං;
උස්සාහෙන වීරියෙන, තරෙය්‍ය උදධිං නරො.
79
80
‘‘තථෙව මෙ කතං කම්මං, පරිත්තං ථොකකඤ්ච යං;
තං කම්මං උපනිස්සාය, සංසාරං සමතික්කමිං.
80
“එසේම මා විසින් යම් කර්‍මයක් කරන ලද නම් (එය) කුඩාය. ඉතාම සුළුය. (එහෙත්) එම කර්‍මය නිසා සසර ඉක්මවීමි.
81
‘‘පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, සුක්කමූලෙන චොදිතො;
සාවත්ථියං පුරෙ ජාතො, මහාසාලෙ සුඅඩ්ඪකෙ.
81
“එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, අන්තිම භවය පැමිණි කල්හි, පළමුකොටම සැවැත්නුවර ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ (වෙමි.)
82
‘‘සද්ධා මාතා පිතා මය්හං, බුද්ධස්ස සරණං ගතා;
උභො දිට්ඨපදා එතෙ, අනුවත්තන්ති සාසනං.
82
“මාගේ දෙමාපියෝ සැදැහැත්තාහුය. බුදුරජුන්ගේ සරණ ගියෝය. මේ දෙදෙනාම දක්නා ලද (නිර්වාණ) පදය ඇත්තෝය. ශාසනයටද අනුව පවතිත්.
83
‘‘බොධිපපටිකං ගය්හ, සොණ්ණථූපමකාරයුං;
සායපාතං (සායං පාතං (ස්‍යා. ක.)) නමස්සන්ති, සක්‍යපුත්තස්ස සම්මුඛා.
83
“(ඔවුහු) බෝධියෙහි පතුරක් ගෙන රන් සෑයක් කරවූහ. බුදුරජුන්ගේ හමුවෙහි උදේ සවස නමස්කාරද කෙරෙත්.
84
‘‘උපොසථම්හි දිවසෙ, සොණ්ණථූපං විනීහරුං;
බුද්ධස්ස වණ්ණං කිත්තෙන්තා, තියාමං වීතිනාමයුං.
84
“පොහෝ දිනයෙක්හි ස්වර්‍ණ ස්තූපය පිටතට ගන්නාහුය. බුදුරජුන්ගේ ගුණ කියමින් ත්‍රියාම රාත්‍රියම ගත කළාහුය.
85
‘‘සහ දිස්වානහං (පසාදෙත්වානහං (ක.)) ථූපං, සරිං පුලිනචෙතියං;
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
85
“මම (ස්වර්‍ණ) ස්තූපය දැක, ඒ සමගම පුලින චෛත්‍යය (අතීතයෙහි පිදූ වැලි සෑය) සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
86
‘‘ගවෙසමානො තං වීරං, ධම්මසෙනාපතිද්දසං;
අගාරා නික්ඛමිත්වාන, පබ්බජිං තස්ස සන්තිකෙ.
86
“එම වීරවූ (බුදුරජුන්) සොයන්නේ, ධර්‍ම සේනාපතීන් වහන්සේ (සැරියුත් තෙරුන්) දුටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේගේ සමිපයෙහි පැවිදිවීමි.
87
‘‘ජාතියා සත්තවස්සෙන, අරහත්තමපාපුණිං;
උපසම්පාදයී බුද්ධො, ගුණමඤ්ඤාය චක්ඛුමා.
87
“උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම (මාගේ) ගුණ දැන (මා) උපසම්පදා කරවූහ.
88
‘‘දාරකෙනෙව සන්තෙන, කිරියං නිට්ඨිතං මයා;
කතං මෙ කරණීයජ්ජ, සක්‍යපුත්තස්ස සාසනෙ.
88
“මා විසින් දඟර කල්හිම (මාගේ) (නිවන් සඳහා කළයුතු) කටයුතු නිමකරන ලදී. ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දෙය අද මා විසින් කරන ලදී.
89
‘‘සබ්බවෙරභයාතීතො, සබ්බසඞ්ගාතිගො (සබ්බසඞ්කාතිතො (ක.)) ඉසි;
සාවකො තෙ මහාවීර, සොණ්ණථූපස්සිදං ඵලං.
89
“මහා වීරවූ ඎෂීන් වහන්ස, සියළු මෛර හා භය ඉක්මවන ලදුයේ වෙමි. සියළු කෙලෙසුන්ද ඉක්මවන ලදුයේ වෙමි. (මම) ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණ පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
90
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
90
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
91
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
91
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
92
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
92
9. නළකුටිදායකත්ථෙරඅපදානං 9. නළකුටි දායක ථේරාපදානය
10. පියාලඵලදායකත්ථෙරඅපදානං 10. පියාල ඵලදායක ථේරාපදානය