ත්‍රිපිටකය
4. අට්ඨකවග්ගො 4. අෂ්ටක වර්ගය
1. කාමසුත්තං 1. කාම සූත්‍රය
2. ගුහට්ඨකසුත්තං 2. ගුහට්ඨක සූත්‍රය
3. දුට්ඨට්ඨකසුත්තං 3. දුට්ඨක සූත්‍රය
4. සුද්ධට්ඨකසුත්තං 4. සුද්ධට්ඨක සූත්‍රය
5. පරමට්ඨකසුත්තං 5. පරමට්ඨක සූත්‍රය
6. ජරාසුත්තං 6. ජරාසූත්‍රය
7. තිස්සමෙත්තෙය්‍යසුත්තං 7. තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය
8. පසූරසුත්තං 8. පසූර සූත්‍රය
9. මාගණ්ඩියසුත්තං 9. මාගන්දිය සූත්‍රය
10. පුරාභෙදසුත්තං 10. පුරා භෙද සූත්‍රය
11. කලහවිවාදසුත්තං 11. කලහවිවාද සූත්‍රය
12. චූළබ්‍යූහසුත්තං (චූළවියූහසුත්තං (සී. ස්‍යා. නිද්දෙස)) 12. චූලවියූහ සූත්‍රය
13. මහාබ්‍යූහසුත්තං 13. මහා ව්‍යුහ සූත්‍රය
14. තුවටකසුත්තං 14. තුවටක සූත්‍රය
15. අත්තදණ්ඩසුත්තං 15. අත්තදණ්ඩ සූත්‍රය
941
‘‘අත්තදණ්ඩා භයං ජාතං, ජනං පස්සථ මෙධගං;
සංවෙගං කිත්තයිස්සාමි, යථා සංවිජිතං මයා.
941
“බිය තමාගේ දුශ්චරිත හේතුවෙන් උපන්නේය. පීඩාවට පැමිණියාවූ ජනයාම බලව්. මවිසින් යම්සේ සංවෙගයට පැමිණෙන ලද්දේද එසේ තොපට සංවෙගයද පවසන්නෙමි.
942
‘‘ඵන්දමානං පජං දිස්වා, මච්ඡෙ අප්පොදකෙ යථා;
අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි.
942
“දියත්තෙක්හි මසුන් මෙන් සැලෙන සත්ව සමූහයා දැකත් ඔවුනොවුන් හා සමග ප්‍රතිවිරුද්ධවූ නානා සත්වයන් දැකත් මා කරා බිය පැමිණියේය.
943
‘‘සමන්තමසාරො ලොකො, දිසා සබ්බා සමෙරිතා;
ඉච්ඡං භවනමත්තනො, නාද්දසාසිං අනොසිතං.
943
“ලෝකයතෙම හාත්පසින් අසාර වන්නේය. සියලු දික්හිවූ සංස්කාරයෝ සැලෙන ලද්දෝවෙත්. තමහට පිහිටක් බලාපොරොත්තු වන්නාවූ මම ජරාදියෙන් නොවැසුන කිසියම් තැනක් නොදැක්කෙමි.
944
‘‘ඔසානෙත්වෙව බ්‍යාරුද්ධෙ, දිස්වා මෙ අරතී අහු;
අථෙත්ථ සල්ලමද්දක්ඛිං, දුද්දසං හදයනිස්සිතං.
944
“ඒකාන්තයෙන් අවසාන ජරා ව්‍යාධි මරණාදියෙහිම වැදුන සිත් ඇති සත්වයන් දැකීමට නොඇල්මක් වූයේය. තවද මේ සත්වයන් කෙරෙහි නොදැක්ක හැකි සිත ඇසුරුකළ රාගාදී හුල දැක්කෙමි.
945
‘‘යෙන සල්ලෙන ඔතිණ්ණො, දිසා සබ්බා විධාවති;
තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදති.
945
“යම්බඳු රාගාදී හුලකින් විදුනු තැනැත්තා සියලු දිගට දුවන්නේද ඒ රාගාදීහුලම උපුටාපියා නොදුවන්නේය. නොකිඳෙන්නේය.
946
‘‘තත්ථ සික්ඛානුගීයන්ති (සික්ඛානුකිරියන්ති (ක.)), යානි ලොකෙ ගධිතානි;
න තෙසු පසුතො සියා, නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ;
සික්ඛෙ නිබ්බානමත්තනො.
946
“සත්වලෝකයෙහි යම් පස්කම් ගුණකෙනෙක් ඇද්ද ඒ නිමිතිකොටගෙන ශිල්පද කියනු ලැබෙත්. ඒ පස්කම් ගුණයන් කෙරෙහි යුක්ත ප්‍රයුක්තවූයේ නොවන්නේය වස්තුකාම ක්ලෙශ කාමයන් නුවණින් විනිවිද දැන තමාගේ රාගාදීන්ගේ නිවීමට හික්මෙන්නේය.
947
‘‘සච්චො සියා අප්පගබ්භො, අමායො රිත්තපෙසුණො;
අක්කොධනො ලොභපාපං, වෙවිච්ඡං විතරෙ මුනි.
947
“මුනිතෙම සත්‍යයෙන් යුක්තවූයේ වන්නේය. ත්‍රිවිධ නොහික්වීම්වලින් යුක්ත නොවන්නේය. මායාවෙන් යුක්ත නොවන්නේය. කේළාම් නොකියන්නේය. ක්‍රොධ නැති වන්නේය, ලෝභ අකුශලයද මාර්ග සත්‍යයද ඉක්මවන්නේය.
948
‘‘නිද්දං තන්දිං සහෙ ථීනං, පමාදෙන න සංවසෙ;
අතිමානෙ න තිට්ඨෙය්‍ය, නිබ්බානමනසො නරො.
948
“නිවන් කෙරෙහි නැමුණු සිත් ඇති සත්වතෙම නිදිබරගතියද, අලසකමද සිතේ මැලිකම මැඩපවත්වන්නේය, සිහිනැතිව නොවසන්නේය, මාන්නය අධික බැව්හි නොයෙදෙන්නේය.
949
‘‘මොසවජ්ජෙ න නීයෙථ, රූපෙ ස්නෙහං න කුබ්බයෙ;
මානඤ්ච පරිජානෙය්‍ය, සාහසා විරතො චරෙ.
949
“සාහසික හැසිරීමෙන් වෙන්ව හැසිරෙන්නේය. බොරුවෙන් නොයන්නේය. අටවිසිරූපය කෙරෙහි ඇල්මක් නොකරන්නේය, මානය පිරිසිඳ දන්නේය.
950
‘‘පුරාණං නාභිනන්දෙය්‍ය, නවෙ ඛන්තිං න කුබ්බයෙ;
හිය්‍යමානෙ න සොචෙය්‍ය, ආකාසං න සිතො සියා.
950
“ඉක්මගිය රූපවේදනාදියට සතුටු නොවන්නේය, පවත්නා රූපවේදනාදිය කෙරෙහි කැමැත්තක් නොකරන්නේය. නැසෙන ඇස් ආදියට ශොක නොකරන්නේය, තෘෂ්ණාව ආශ්‍රය නොකරන්නේය.
951
‘‘ගෙධං බ්‍රූමි මහොඝොති, ආජවං බ්‍රූමි ජප්පනං;
ආරම්මණං පකප්පනං, කාමපඞ්කො දුරච්චයො.
951
“මේ තෘෂ්ණාව මගේයයි කියමි. සැඩවතුරයයිද කියමි. ප්‍රතිසන්ධියෙහි පටන් දුවන අර්ථයෙන් ආජවයයිද කියමි. මගේ යයි කියන බැවින් ජල්පනයයි කියමි. ආලම්බනයයි කියමි. කම්පාකිරීමකැයි කියමි. කාම නමැති මඩ දුකසේ ඉක්ම වියයුත්තේයයි කියමි.
952
‘‘සච්චා අවොක්කම්ම (අවොක්කමං (නිද්දෙස)) මුනි, ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො;
සබ්බං සො (සබ්බසො (ස්‍යා. ක.)) පටිනිස්සජ්ජ, ස වෙ සන්තොති වුච්චති.
952
“සත්‍යයෙන් බැහැර නොයන්නාවූ ඒ ක්ෂීණාශ්‍රව මුනිතෙම නිර්වාණ නමැති ගොඩබිම්හි සිටින්නේය. හෙතෙම ඒකාන්තයෙන් ද්වාදසායතනය බැහැරකොට ශාන්තවූයේ යයි කියනු ලැබේ.
953
‘‘ස වෙ විද්වා ස වෙදගූ, ඤත්වා ධම්මං අනිස්සිතො;
සම්මා සො ලොකෙ ඉරියානො, න පිහෙතීධ කස්සචි.
953
“හෙතෙම ඒකාන්තයෙන් සංස්කාර ධර්මය දැන තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍රයරහිතවූ පණ්ඩිතයෙකු වූයේ චතුර්මාර්ගඥානයට පැමිණියෙකි. හෙතෙම ලෝකයෙහි මැනවින් ඉරියව් පවත්වන්නෙක. මේ හැම ලෙව්හි කිසිවකුහටත් ඇලුම් නොකරන්නේය.
954
‘‘යොධ කාමෙ අච්චතරි, සඞ්ගං ලොකෙ දුරච්චයං;
න සො සොචති නාජ්ඣෙති, ඡින්නසොතො අබන්ධනො.
954
“මේ සත්වලෝකයෙහි යමෙක්තෙම වස්තුකාම ක්ලෙශ කාමයන් හා ඉක්මවීමට දුෂ්කර රාගාදී ඇලුම්හත ඉක්මවීද සිඳිනලද තෘෂ්ණා ඇති රාගාදී බැමි රහිත ඒ රහත් මහණතෙම ශොක නොකරන්නේය. පසුතැවිලි නොවන්නේය.
955
‘‘යං පුබ්බෙ තං විසොසෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං;
මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසි.
955
“ඉදින් රහත්වීමට කැමැත්තේනම් පෙර කර්ම නිසා උපන් සැඟවී ඇති කෙලෙස්ද ඉක්මගිය කර්මද යන යමක්වේද, එය වියලව, අනාගත සංස්කාර නිසා උපදනා රාගාදී කෙළෙස් තට නොවේවා, ඉදින් වර්තමාන කෙලෙස් සමූහය නොගන්නෙහි නම් මැනව උපශාන්තව හැසිරෙන්නේය.
956
‘‘සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං;
අසතා ච න සොචති, ස වෙ ලොකෙ න ජීයති.
956
“යමෙකුට නාමරූප දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දක් හෝ සර්වප්‍රකාරයෙන් නැද්ද නැතිවන බැවින්ම ශොක නොකරයි. හෙතෙම ඒකාන්තයෙන් ලෝකයෙහි පිරිහීමට නොයන්නේය.
957
‘‘යස්ස නත්ථි ඉදං මෙති, පරෙසං වාපි කිඤ්චනං;
මමත්තං සො අසංවින්දං, නත්ථි මෙති න සොචති.
957
“යමෙක්හට මෙය මාගේ යයි හෝ නැවත අනුන්ගේ යයි හෝ කිසිරූපාදී ධර්ම සමූහයක් නැත්තේද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්වයක් නොලබන්නේ මට මෙය නැතැයි ශොක නොකරන්නේය.
958
‘‘අනිට්ඨුරී අනනුගිද්ධො, අනෙජො සබ්බධී සමො;
තමානිසංසං පබ්‍රූමි, පුච්ඡිතො අවිකම්පිනං.
958
“ඒ නොසැලෙන පුද්ගලයා අසන ලද්දේ මේ අනුසස් කියමි. ඊර්ෂ්‍යා නැත්තෙක, ගිජු නොවූවෙක, තෘෂ්ණා විරහිතයෙක, සියලු තන්හි සමව පවත්නෙක.
959
‘‘අනෙජස්ස විජානතො, නත්ථි කාචි නිසඞ්ඛති (නිසඞ්ඛිති (සී. පී.)).
විරතො සො වියාරබ්භා, ඛෙමං පස්සති සබ්බධි.
959
“පහකළ තෘෂ්ණා ඇති මනා අවබෝධයෙන් දත්තාහට යම්කිසි සංස්කාරයක් නැත. භවයක් ඇතිකරණ රැස්කිරීම්වලින් වෙන්වූ හෙතෙම සෑමතැන්හි නිර්භයව දකී.
960
‘‘න සමෙසු න ඔමෙසු, න උස්සෙසු වදතෙ මුනි;
සන්තො සො වීතමච්ඡරො, නාදෙති න නිරස්සතී’’ති.
960
“රහත් මහණතෙම සමානයන් කෙරෙහි සමානයයි නොකියන්නේය. හීනයන් කෙරෙහි තමා උසස්යයි නොකියන්නේය. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ශ්‍රේෂ්ඨයයි නොකියන්නේය. සන්හුන් රාගාදී කෙලෙස් ඇති, පහවූ මසුරුකම ඇති හෙතෙම නොගන්නේය. නොබැහැර කරන්නේයයි, බුදුහු වදාළහ.”
16. සාරිපුත්තසුත්තං 16. ශාරීපුත්‍ර සූත්‍රය