ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දකනිකායෙ
සුත්තනිපාතපාළි සුත්ත නිපාතය
1. උරගවග්ගො 1. උරග වර්ගය
1. උරගසුත්තං 1. උරග සූත්‍රය
2. ධනියසුත්තං 2. ධනීය සූත්‍රය
3. ඛග්ගවිසාණසුත්තං 3. ඛග්ග විශාණ සූත්‍රය
4. කසිභාරද්වාජසුත්තං 4. කසීභාරද්වාජ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පරාභවසුත්තං 6. පරාභව සූත්‍රය
7. වසලසුත්තං 7. වසල සූත්‍රය
8. මෙත්තසුත්තං 8. (කරණීය) මෙත්ත සූත්‍රය
9. හෙමවතසුත්තං 9. හෙමවත සූත්‍රය
10. ආළවකසුත්තං 10. ආලවක සූත්‍රය
11. විජයසුත්තං 11. විජය සූත්‍රය
12. මුනිසුත්තං 12. මුනි සූත්‍රය
209
සන්ථවාතො (සන්ධවතො (ක.)) භයං ජාතං, නිකෙතා ජායතෙ රජො;
අනිකෙතමසන්ථවං, එතං වෙ මුනිදස්සනං.
209
“තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රයෙන් කෙලෙස් බිය උපන්නේය. රූපාදිය අරමුණු කොට ගෙන රාග, ද්වේෂ, මොහ, කෙලෙස් ධූලි උපදනේය. කෙලෙස් වසන රූපාදිය නැති, ආශ්‍රය නැති මේ නිර්වාණය බුද්ධ මුනිහු විසින් දක්නා ලදී. විෂ්මයකි.
210
යො ජාතමුච්ඡිජ්ජ න රොපයෙය්‍ය, ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ;
තමාහු එකං මුනිනං චරන්තං, අද්දක්ඛි සො සන්තිපදං මහෙසි.
210
යම් බුද්ධ මුනි කෙනෙක් ක්ලෙශය සිඳ නූපදවාද, ඉපදීමට යොමුව සිටි ක්ලෙශයන් නොහටගන්වාද, ඒ කෙලෙස් උපදින කාරණයද, නූපදවාද, එක්කෙනෙක්වූ ශ්‍රේෂ්ඨවූ පැවිදි ඉරියවුවෙහි හැසිරෙන උන්වහන්සේ මුනි යයි කියති. ඒ මහර්ෂිතෙම ශාන්ති පදය දැක්කේය.
211
සඞ්ඛාය වත්ථූනි පමාය (පහාය (ක. සී. ක.), සමාය (ක.) ප + මී + ත්වා = පමාය, යථා නිස්සායාතිපදං) බීජං, සිනෙහමස්ස නානුප්පවෙච්ඡෙ;
ස වෙ මුනී ජාතිඛයන්තදස්සී, තක්කං පහාය න උපෙති සඞ්ඛං.
211
කෙලෙස් ඉපදීමට කාරණයන් පිරිසිඳ දැන ලෞකික කුශලාකුශල චිත්තය නසා ඒ ස්නෙහය ඒ බීජයට නොවැද්ද දේද, ඒ බුද්ධ මුනිතෙම ඉපදීම මරණයන්ගේ කෙළවර නුවණැසින් දක්නේ තර්කය අත්හැර ඒකාන්තයෙන් දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාවට නොපැමිණෙන්නේය.
212
අඤ්ඤාය සබ්බානි නිවෙසනානි, අනිකාමයං අඤ්ඤතරම්පි තෙසං;
ස වෙ මුනී වීතගෙධො අගිද්ධො, නායූහතී පාරගතො හි හොති.
212
“සතුන්ගේ සියලු ස්ථාන අනිත්‍යාදී වශයෙන් දැන් ඒ භව අතුරෙන් එක් වාසස්ථානයකුත් නොපතන ඒ බුද්ධ මුනිතෙම පහකරණ ලද තෘෂ්ණා ඇත්තේ ගිජු නොවූයේ යම් කාරණයෙකින් නිවණට පැමිණියේ වේද, ඒකාන්තයෙන් පින් පවු රැස් නොකරන්නේය.
213
සබ්බාභිභුං සබ්බවිදුං සුමෙධං, සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං;
සබ්බඤ්ජහං තණ්හක්ඛයෙ විමුත්තං, තං වාපි ධීරා මුනි (මුනිං (සී. පී.)) වෙදයන්ති.
213
සියල්ල මැඩ පැවැත්වූ සියලු ධර්මයන් සර්වාකාරයෙන් දත්, යහපත් නුවණ ඇති සියලු ස්කන්ධාදී ධර්මයෙහි නොඇලුණ සියලු කෙලෙස් සහිත ධර්මයන් අත්හළ තෘෂ්ණා ක්ෂය කිරීමෙහි යෙදුන උන්වහන්සේ බුද්ධ මුනියයි ඤාණවන්තයෝ දනිති.
214
පඤ්ඤාබලං සීලවතූපපන්නං, සමාහිතං ඣානරතං සතීමං;
සඞ්ගා පමුත්තං අඛිලං අනාසවං, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
214
ඤාණ බල ඇති සීල ව්‍රත දෙකින් යුත් එකඟවූ ධ්‍යානයෙහි ඇලුණු සිහි ඇති ඇල්මෙන් මිදුණු සිත තද කරණ ධර්ම නැති කෙලෙස් නැති ඔහු වනාහී ඤණවන්තයෝ මුනියයි දනිත්.
215
එකං චරන්තං මුනිමප්පමත්තං, නින්දාපසංසාසු අවෙධමානං;
සීහංව සද්දෙසු අසන්තසන්තං, වාතංව ජාලම්හි අසජ්ජමානං;
පද්මංව (පදුමංව (සී. ස්‍යා. පී.)) තොයෙන අලිප්පමානං (අලිම්පමානං (ස්‍යා. ක.)), නෙතාරමඤ්ඤෙසමනඤ්ඤනෙය්‍යං;
තං වාපි ධීරා මුනි වෙදයන්ති.
215
එකම ප්‍රව්‍රජ්‍යාවෙන් සිටගෙන අට වැදෑරුම් චර්යාවෙහි හැසිරෙන මුනිවූ, නොපමාවූ, නින්දා ප්‍රශංසා දෙක්හි නොසැලෙන, බෙර ශබ්ද ආදියෙහි බිය නොවන කෙශර සිංහයා මෙන් බයින් නොම වෙවුලන්නාවූ, දැලෙහි වෘතය මෙන් තෘෂ්ණා දෘෂ්ටි දැල නොබැඳෙන්නාවූ, දිය හා පියුම මෙන් නොඇලෙන්නාවූ, අන් දෙවිමිනිසුන් නිවනට පමුණුවන්නාවූ, අනිකකු විසින් මාර්ගයකියි නිවනට නොපැමිණ විය යුතුවූ, ඔහු වනාහි ඤාණවන්තයෝ මුනි යයි දනිති.
216
යො ඔගහණෙ ථම්භොරිවාභිජායති, යස්මිං පරෙ වාචාපරියන්තං (වාචං පරියන්තං (ක.)) වදන්ති;
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
216
යම් කෙනෙකු කෙරෙහි අන්‍යයෝ ගුණයක් හෝ කී කල්හි නාන තොට පිහිටි කණුවක් මෙන් එකම ගුණයෙන් යුක්තවේද, ඒ පහවූ ඇලුම් ඇති මනාකොට සන්සිඳුන ඉඳුරන් ඇති ඔහු වනාහි ඤාණවන්තයෝ බුද්ධ මුනියයි දනිත්.
217
යො වෙ ඨිතත්තො තසරංව උජ්ජු, ජිගුච්ඡති කම්මෙහි පාපකෙහි;
වීමංසමානො විසමං සමඤ්ච, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
217
යම් ක්ෂීණාශ්‍රවයෙක් කාය විෂමාදී දුශ්චරිතයද කාය සමාදි සුචරිතයද විමසන්නේ ඒකාන්තයෙන් අන් ආත්මභාවයක් නැත්තේද නූල් ඔතන දණ්ඩ මෙන් ඇද නැතිවූයේ පව්කම් පිළිකුල් කරයිද, ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේද මුනියයි දනිත්.
218
යො සඤ්ඤතත්තො න කරොති පාපං, දහරො මජ්ඣිමො ච මුනි (දහරො ච මජ්ඣො ච මුනී (සී. ස්‍යා. කං. පී.)) යතත්තො;
අරොසනෙය්‍යො න සො රොසෙති කඤ්චි (න රොසෙති (ස්‍යා.)), තං වාපි ධීරා මුනි වෙදයන්ති.
218
ඤාණයෙන් යුත් සීල සංවරයෙන් හික්මුන සිත් ඇති යම් බාලයෙක් හෝ මධ්‍යම වයස සිටියෙක් හෝ අන්තිම වයස සිටියෙක් හෝ පව් නොකරයිද, එබඳු ක්ෂීණාශ්‍රවතෙම අනුන්ට දොස් නොපවරන්නේ වෙයි. කිසිවෙකුට හෙතෙම ක්‍රොධ නොකරන්නේය. ඤාණවන්තයෝ ඒ ක්ෂීණාශ්‍රවයා මුනියයි දනිති.
219
යදග්ගතො මජ්ඣතො සෙසතො වා, පිණ්ඩං ලභෙථ පරදත්තූපජීවී;
නාලං ථුතුං නොපි නිපච්චවාදී, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
219
අනුන් විසින් දෙන ලද්දෙන් ජීවත්වන යම් මහණෙක් භාජනයෙහි මුල් කොටසින් ගෙනදෙන හෝ මධ්‍යම කොටසින් ගෙනදෙන හෝ යට කොටසින් ගෙනදෙන හෝ යම් පිණ්ඩයක් ලැබේද, ස්තුති කරන්නට නුසුදුසුය. අප්‍රිය වදන් කීමටත් නුසුදුසුය. නුවණැත්තෝ ඒ ක්ෂීණාශ්‍රවයාටද මුනියයි කියති.
220
මුනිං චරන්තං විරතං මෙථුනස්මා, යො යොබ්බනෙ නොපනිබජ්ඣතෙ ක්වචි;
මදප්පමාදා විරතං විප්පමුත්තං, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
220
යම් රහත් නමක් යෞවන කාලයෙහි යම්කිසි ස්ත්‍රී රූපයෙක්හි පෘථග්ජන කාලයෙහි මෙන් නොබැඳේද, මෛථුනයෙන් දුරුව හැසිරෙන මුනිවූ මදයෙන් හා ප්‍රමාදයෙන් දුරුවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නුවණැත්තෝ මුනියයි දනිති.
221
අඤ්ඤාය ලොකං පරමත්ථදස්සිං, ඔඝං සමුද්දං අතිතරිය තාදිං;
තං ඡින්නගන්ථං අසිතං අනාසවං, තං වාපි ධීරා මුනි වෙදයන්ති.
221
ස්කන්ධ ලෝකය නිශ්චය කොට පරමාර්ථවූ නිර්වාණය දක්නාවූ කාමාදී චතුර්විධ සැඩවතුරද ආයතන සමුද්‍රයද ඉක්මවා යහපත් අයහපත් දෙයෙහි එක සමානවූ නොහොත් ඕඝය නම් සමුද්‍රය ඉක්ම තාදීවූ එහෙයින් සිඳින ලද ගැට ඇති තෘෂ්ණාදීන් ඇසුරු නොකළ ආශ්‍රව නැති ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ මුනියයි ඤාණවන්තයෝම දනිති.
222
අසමා උභො දූරවිහාරවුත්තිනො, ගිහී (ගිහි (ක.)) දාරපොසී අමමො ච සුබ්බතො;
පරපාණරොධාය ගිහී අසඤ්ඤතො, නිච්චං මුනී රක්ඛති පාණිනෙ (පාණිනො (සී.)) යතො.
222
දෙදෙනම ඈත්වූ වාසස්ථාන හා ජීවත්වීම් ඇත්තාහ. ගිහිවූ වැදි කමින් අඹුදරුවන් රකින්නාද යහපත් පැවතුම් ඇති ක්ෂීණාශ්‍රවතෙමේද අසමානයහ. ගිහිවූ වැද්දා කයින් වචනින් මනසින් නොනැවැත්තේද, මුනිතෙම නිරන්තරයෙන් සතුන් මැරීමෙන් වැළකුනේ සතුන් රක්නේද වෙයි.
223
සිඛී යථා නීලගීවො (නීලගිවො (ස්‍යා.)) විහඞ්ගමො, හංසස්ස නොපෙති ජවං කුදාචනං;
එවං ගිහී නානුකරොති භික්ඛුනො, මුනිනො විවිත්තස්ස වනම්හි ඣායතොති.
223
යම්සේ කුඩිම්බිය ඇත්තාවූ නිල් පාට බෙල්ල ඇති, මොණර පක්ෂිතෙම ස්වර්ණ හංසයාගේ වේගවත් ගමනට කිසිසේත් නොපැමිණේද, මෙසේම ගිහිතෙම හික්මෙන ස්වභාව ඇති, කාය විවේකයෙන් යුත් ධ්‍යාන කරණ භික්ෂුහට සමාන නොකළ හැක්කේය.