ත්‍රිපිටකය
22. නිරයවග්ගො 22. නිරය වර්ගය
306
අභූතවාදී නිරයං උපෙති, යො වාපි (යො චාපි (සී. පී. ක.)) කත්වා න කරොමි චාහ (න කරොමීති චාහ (ස්‍යා.));
උභොපි තෙ පෙච්ච සමා භවන්ති, නිහීනකම්මා මනුජා පරත්ථ.
306
බොරු කියන පුද්ගලතෙම නරකයට යන්නේය. නැවත යමෙක් පව්කම කොට නොකෙළෙමියි කියාද (හෙද නරකයට යන්නේය.) ලාමකවූ ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙදෙනාම මෙයින් මිය ගොස් පරලොවදී සමවන්නාහුය.
307
කාසාවකණ්ඨා බහවො, පාපධම්මා අසඤ්ඤතා;
පාපා පාපෙහි කම්මෙහි, නිරයං තෙ උපපජ්ජරෙ.
307
කාෂාය වස්ත්‍රයෙන් වෙළන ලද ග්‍රීවා ඇති, ලාමක ස්වභාව ඇති සංයම නැති පුද්ගලයෝ බොහෝය. ඒ ලාමක පුද්ගලයෝ පාප කර්මයෙන් නරකයෙහි උපදනාහ.
308
සෙය්‍යො අයොගුළො භුත්තො, තත්තො අග්ගිසිඛූපමො;
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලො, රට්ඨපිණ්ඩමසඤ්ඤතො.
308
සිල් නැත්නාවූ, සංයම රහිතවූ, පුද්ගලතෙම රට වැස්සන් විසින් දුන් අහර ඉදින් වළඳන්නේ වේද, (එයට වඩා) තැවී දිලිසුණු ගිනි සිලක් වැනිවූ ලෝ ගුලියක් වළඳනා ලද්දේ උතුම්ය.
309
චත්තාරි ඨානානි නරො පමත්තො, ආපජ්ජති පරදාරූපසෙවී;
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං, නින්දං තතීයං නිරයං චතුත්ථං.
309
පරස්ත්‍රීන් සේවනය කරණ සුලුවූ ප්‍රමාදශීලි පුරුෂතෙම අකුසල් ලැබීමය. කැමති පරිද්දෙන් නිදි නොලැබීමය. තුන්වනුවූ නින්දාවය, සතරවනුවූ නරකොත්පත්තියද යන මේ දුක් සතරට පැමිණෙන්නේය.
310
අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා, භීතස්ස භීතාය රතී ච ථොකිකා;
රාජා ච දණ්ඩං ගරුකං පණෙති, තස්මා නරො පරදාරං න සෙවෙ.
310
අකුසල් ලැබීමද, (නරකයෙහි ඉපදීම යයි කියන ලද) පාපයෙහි ගතියද (මෙසේ ඒ පුරුෂයාට වෙයි.) භය පත්වූ පුරුෂයාගේ භයපත්වූ ස්ත්‍රීය හා සමඟ කාම රතියද, ස්වල්ප වන්නීය. රජද ගරුවූ දඬුවම් පමුණුවන්නේය. එහෙයින් පුරුෂතෙම පරස්ත්‍රී සේවනය නොකරන්නේය.
311
කුසො යථා දුග්ගහිතො, හත්ථමෙවානුකන්තති;
සාමඤ්ඤං දුප්පරාමට්ඨං, නිරයායුපකඩ්ඪති.
311
යම්සේ කුස තණපතක් වරදවා ගන්නා ලද්දේ හෙවත් නොපිටට අදනා ලද්දේ ගත් අතම කපාද (එපරිද්දෙන්ම) මහණදමද වරදවා ගන්නා ලද්දේ නරකයට අදනේය.
312
යං කිඤ්චි සිථිලං කම්මං, සංකිලිට්ඨඤ්ච යං වතං;
සඞ්කස්සරං බ්‍රහ්මචරියං, න තං හොති මහප්ඵලං.
312
(පසු බැස බැස) සිථිල කොට කරණ ලද යම්කිසි කුශල කර්මයෙක් ඇද්ද, සකිලිටුවූ යම් ව්‍රතයක් ඇද්ද, සැකයෙන් යුක්තව හැසිරිය යුතුවූ යම් මහණ දමකුත් ඇද්ද, ඒ සියල්ල මහත් ඵල නොවේ.
313
කයිරා චෙ කයිරාථෙනං (කයිරා නං (ක.)), දළ්හමෙනං පරක්කමෙ;
සිථිලො හි පරිබ්බාජො, භිය්‍යො ආකිරතෙ රජං.
313
ඉදින් යම් කුශල කර්මයක් කරන්නේ නම් එය කරන්නේමය. ඒ කුශල කර්මයද තරකොටම කරන්නේය. කුමක් හෙයින්ද යත්? යම් හෙයකින් චණ්ඩාදී භාවයට පමුණුවන ලද ශ්‍රමණ ධර්මය (-පැවිද්ද) බොහෝකොටම රාගාදී රජස් වගුරු වන්නේද එහෙයිනි.
314
අකතං දුක්කටං සෙය්‍යො, පච්ඡා තප්පති දුක්කටං;
කතඤ්ච සුකතං සෙය්‍යො, යං කත්වා නානුතප්පති.
314
අකුශල කර්මය නොකරන ලද්දේම උතුමි. අකුශල කර්මය තෙම පසුව තවන්නේය. යම් කර්මයක් කොට පසුව නොතැවේද එසේවූ කුශල කර්මය කරන ලද්දේ උතුමී.
315
නගරං යථා පච්චන්තං, ගුත්තං සන්තරබාහිරං;
එවං ගොපෙථ අත්තානං, ඛණො වො (ඛණො වෙ (සී. පී. ක.)) මා උපච්චගා;
ඛණාතීතා හි සොචන්ති, නිරයම්හි සමප්පිතා.
315
ඇතුළතින් පිටතින් රක්නා ලද ප්‍රත්‍යන්තයෙහිවූ නුවරෙක් යම්සේ වේද, එපරිද්දෙන්ම ආත්මය හෙවත් සිත රකිව්. (බුද්ධොත්පාද) ක්ෂණය තෙම ඒකාන්තයෙන් නොයික්මේවා. යම්හෙයකින් බුද්ධොත්පාදක්ෂණය ඉක්මවූවාහු නරකයෙහි උපදින්නාහු ශෝක කෙරෙද්ද එහෙයිනි.
316
අලජ්ජිතායෙ ලජ්ජන්ති, ලජ්ජිතායෙ න ලජ්ජරෙ;
මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
316
ලජ්ජා නොකොටයුතු තන්හි යමෙක් ලජ්ජාවෙත්ද, ලජ්ජා කටයුතු තන්හි ලජ්ජා නොවෙත්ද, මෙසේ හිස්වූ දෘෂ්ටිය ගෙණ වසන්නාවූ ඒ සත්වයෝ දුගතියට යෙති.
317
අභයෙ භයදස්සිනො, භයෙ චාභයදස්සිනො;
මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
317
භය නොකළමනා තන්හි භය දක්නා සුලුවූ, භය කළමනා තන්හි අභය දක්නා සුලුවූ, මෙසේ හිස්වූ දෘෂ්ටිය ගෙණ වසන්නාවූ ඒ සත්වයෝ දුගතියට යෙති. 13. නිරවද්‍යයෙහි මේ සාවාද්‍යය (නිවැරැද්ද වරදැයි) යන බුද්ධි ඇත්තාවූද, සාවාද්‍යයෙහි නිරවද්‍යයයි දක්නා සුලුවූද (මෙසේ) විපරීත දෘෂ්ටිය ගෙණ වසන්නාවූ සත්වයෝ දුගතියට යෙති.
318
අවජ්ජෙ වජ්ජමතිනො, වජ්ජෙ චාවජ්ජදස්සිනො;
මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
318
නිරවද්‍යයෙහි මේ සාවාද්‍යය (නිවැරැද්ද වරදැයි) යන බුද්ධි ඇත්තාවූද, සාවාද්‍යයෙහි නිරවද්‍යයයි දක්නා සුලුවූද (මෙසේ) විපරීත දෘෂ්ටිය ගෙණ වසන්නාවූ සත්වයෝ දුගතියට යෙති.
319
වජ්ජඤ්ච වජ්ජතො ඤත්වා, අවජ්ජඤ්ච අවජ්ජතො;
සම්මාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
319
වරද වරද හෙයින් දැන, නිරවද්‍ය (නිවැරැද්ද) නිරවද්‍ය හෙයින් දැන මෙසේ සම්‍යග් දෘෂ්ටිය මනාකොට ගන්නාවූ නුවණැති සත්වයෝ සුගතියට යති.