ත්‍රිපිටකය
2. අනුස්සතිවග්ගො 2. අනුස්සති වර්‍ගය
1. පඨමමහානාමසුත්තං 1. පඨමනානා විහරණ සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. දුතිය නානාවිහරණ සූත්‍රය
3. නන්දියසුත්තං 3. නන්‍දිය සක්ක සූත්‍රය
4. සුභූතිසුත්තං 4. (සුභූති) සද්‍ධාපදාන සූත්‍රය
14
අථ ඛො ආයස්මා සුභූති සද්ධෙන භික්ඛුනා සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සුභූතිං භගවා එතදවොච - ‘‘කො නාමායං (කො නාමො අයං (සී. ක.), කො නාම අයං (ස්‍යා. කං.)), සුභූති, භික්ඛූ’’ති? ‘‘සද්ධො නාමායං, භන්තෙ, භික්ඛු, සුදත්තස්ස (සද්ධස්ස (සී. ස්‍යා. කං. පී.)) උපාසකස්ස පුත්තො, සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො’’ති.
‘‘කච්චි පනායං, සුභූති, සද්ධො භික්ඛු සුදත්තස්ස උපාසකස්ස පුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සන්දිස්සති සද්ධාපදානෙසූ’’ති? ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො, යං භගවා සද්ධස්ස සද්ධාපදානානි භාසෙය්‍ය. ඉදානාහං ජානිස්සාමි යදි වා අයං භික්ඛු සන්දිස්සති සද්ධාපදානෙසු යදි වා නො’’ති.
‘‘තෙන හි, සුභූති, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා සුභූති භගවතො පච්චස්සොසි . භගවා එතදවොච -
‘‘ඉධ , සුභූති, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි, සුභූති, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො; යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පි, සුභූති, භික්ඛු බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. යම්පි, සුභූති, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි, සුභූති, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්‍ර දක්ඛො හොති අනලසො තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං. යම්පි, සුභූති, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්‍ර දක්ඛො හොති අනලසො තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, සුභූති, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පි, සුභූති, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. යම්පි , සුභූති, භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි, සුභූති, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං, එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි, සුභූති, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොති.
‘‘පුන චපරං, සුභූති, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි, සුභූති, භික්ඛු ආසවානං ඛයා...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි, සුභූති, සද්ධස්ස සද්ධාපදානං හොතී’’ති.
එවං වුත්තෙ ආයස්මා සුභූති භගවන්තං එතදවොච - ‘‘යානිමානි, භන්තෙ, භගවතා සද්ධස්ස සද්ධාපදානානි භාසිතානි, සංවිජ්ජන්ති තානි ඉමස්ස භික්ඛුනො, අයඤ්ච භික්ඛු එතෙසු සන්දිස්සති.
‘‘අයං, භන්තෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
‘‘අයං, භන්තෙ, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො; යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
‘‘අයං , භන්තෙ, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො.
‘‘අයං, භන්තෙ, භික්ඛු සුවචො හොති...පෙ.... අනුසාසනිං.
‘‘අයං, භන්තෙ, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්ථ දක්ඛො හොති අනලසො තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං.
‘‘අයං, භන්තෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො.
‘‘අයං, භන්තෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති...පෙ.... ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
‘‘අයං, භන්තෙ, භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
‘‘අයං , භන්තෙ, භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
‘‘අයං, භන්තෙ, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
‘‘අයං, භන්තෙ, භික්ඛු ආසවානං ඛයා...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යානිමානි, භන්තෙ, භගවතා සද්ධස්ස සද්ධාපදානානි භාසිතානි, සංවිජ්ජන්ති තානි ඉමස්ස භික්ඛුනො, අයඤ්ච භික්ඛු එතෙසු සන්දිස්සතී’’ති.
‘‘සාධු සාධු, සුභූති! තෙන හි ත්වං, සුභූති, ඉමිනා ච සද්ධෙන භික්ඛුනා සද්ධිං විහරෙය්‍යාසි. යදා ච ත්වං, සුභූති, ආකඞ්ඛෙය්‍යාසි තථාගතං දස්සනාය, ඉමිනා සද්ධෙන භික්ඛුනා සද්ධිං උපසඞ්කමෙය්‍යාසි තථාගතං දස්සනායා’’ති. චතුත්ථං.
14
ඉක්බිති ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම සද්ධ නම් භික්‍ෂුව සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සුභූති ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “සුභූතිය, මේ භික්‍ෂු තෙම කිනම්ද?” “ස්වාමීනි, මේ භික්‍ෂු තෙම සද්ධ නම් වේ. සද්ධ නම් උපාසකයාගේ පුත්‍ර තෙම ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේය.”
“කිමෙක්ද සුභූතිය, මේ සද්ධ නම් භික්‍ෂු තෙම සද්ධ නම් උපාසකයාගේ පුත්‍රවූයේ, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ ශ්‍රද්‍ධාපදානයන්හි (ශ්‍රද්‍ධාවන්තයන්ගේ ලක්‍ෂණවල) දක්නා ලැබේද,” “භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්‍ධාවන්තයාගේ ලක්‍ෂණ වදාරන්නේය යන යමක් වේද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, එයට මේ සුදුසු කල වේ. දැන්මම දැනගන්නෙමි. මේ භික්‍ෂුතෙම ශ්‍රද්‍ධා ලක්‍ෂණයන්හි ඉදින් දක්නා ලැබෙයි හෝ නොහොත් දක්නා නොලැබෙයි.” කියායි. “සුභූතිය, එසේ වී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.” “එසේය පින්වතුන් වහන්සැ” යි කියා ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම, භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සුභූතිය, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වෙයි. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි. සුභූතිය, භික්‍ෂු තෙම සිල්වත් වෙයි. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි, යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ලක්‍ෂණය වේ.
“නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ
බහුශ්‍රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, සුභූතිය, භික්‍ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ බහුශ්‍රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, බහුශ්‍රුතවූයේ වෙයි. දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත් යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ, යහපත් යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම කල්‍යාණ මිතුරන් ඇත්තේ, සොඳුරු යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච භාවය කරන්නාවූ කරුණුවලින් යුක්තවුයේ, ඉවසන්නේ, අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච බැව් කරණ කරුණුවලින් යුක්තවූයේ, ඉවසන්නේ, අනුශාසනය පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ගේ පිළිවිස කටයුතුවූ යම් මේ කුදු මහත් කටයුතු වෙද්ද? එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, එහි උපායෙන් විමසීමෙන් යුක්තවුයේ, කරන්ට සමත්‍ර්‍ථවේ. සංවිධාන කරන්ට සමත්‍ර්‍ථ වේ. සුභූතිය, භික්‍ෂු තෙම සබ්‍රම්සරුන්ගේ පිළිවිස කටයුතු යම් මේ කුදු මහත් කටයුතු ඇද්ද එහි දක්‍ෂවූයේ වෙයි. අලස නොවූයේ, එහි උපාය නුවණින් යුක්තවුයේ, කරන්ට, සංවිධාන කරන්ට සමත්‍ර්‍ථ වෙයි යන යමකුත් ඇද්ද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම ධර්‍මය කැමැත්තේ වෙයි. ප්‍රියවූ වචන ඇත්තේ, අභිධර්‍මයෙහි, අභිවිනයෙහි මහත්වු ප්‍රමුදිත භාවය ඇත්තේවෙයි. සුභූතිය, භික්‍ෂුතෙම ධර්‍මය කැමැත්තේ ප්‍රියවූ වාක් ව්‍යවහාර ඇත්තේ, අභිධමයෙහි, අභිවිනයෙහි මහත්වූ ප්‍රමොද්‍ය ඇත්තේ වෙයි යන යමකුත් ඇද්ද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“නැවත අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීමටද, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමටද, ශක්තිමත්වූයේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ වාසය කරයි. සුභූතිය, භික්‍ෂුතෙම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමටද, කුශල ධර්මයන්ගේ රැස්කිරීමටද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ ශක්තිමත්වූයේදැයි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“තවද, අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ, ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ. තවද අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂු තෙම නොයෙක් ආකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. ‘එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැන්හි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙමි’ යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. සුභූතිය, භික්‍ෂුතෙම අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිලිවෙළ සිහි කරයි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැනිහි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙමි’ යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“තවද, අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂු තෙම පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවුද සත්ත්‍වයන් බලයි. හීන වූද, ප්‍රණීත වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් මිය ගියාවූ සත්ත්‍වයන් දැන ගනියි. පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය. මිත්‍ථ්‍යාදෘෂ්ටීන්ගේ කර්‍ම සමාදන්වූවාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, දුකට පිහිටවූ, නපුරුසේ ඇද වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්‍ම සමාදන් වූවාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතුයහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි. සුභූතිය, භික්‍ෂු තෙම පිරිසිදුවූ, දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
“තවද අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. සුභූතිය, භික්‍ෂු තෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණයෝ වදාරණ ලද්දාහුද, ඒ ලක්‍ෂණ මේ භික්‍ෂූහුගේ පවතිත්. මේ භික්‍ෂු තෙමේද, මේ ලක්‍ෂණයන්හි දක්නා ලැබේ. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සිල්වත් වේ. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම්වූ වරදවල පවා බිය දක්නා සුළුවූයේ වාසය කරයි. ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම ඇත්තේ වෙයි. මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, යම් මේ ධර්මයෝ, අත්‍ර්‍ථ සහිතවූවාහු, ව්‍යංජන සහිතවූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙහන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම කළණ මිතුරන් ඇත්තේ, සොඳුරු යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච භාවය ඇතිකරන්නාවූ කරුණුවලින් යුක්තවූයේ, ඉවසීම ඇත්තේ, අනුශාසනාව පැදකුණු කිරීම් වශයෙන් ගන්නා ස්වභාව ඇත්තේ වේ. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත්වූ පිළිවිස කටයුතු දෑ වෙද්ද, එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ වෙයි. එහි උපායවූ විමසීමෙන් යුක්තවූයේ, කරන්ට සුදුසුවූයේ, සංවිධාන කරන්ට සුදුසුවූයේ වෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම දහම් කැමැත්තේ, ප්‍රියවූ වාක් ව්‍යවහාර ඇත්තේ, අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත්වූ ප්‍රමෝද්‍ය ඇත්තේ වෙයිද, ස්වාමීනි, මේ භික්‍ෂුතෙම පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත්වූයේ, දෘඨ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කරයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි.
“ස්වාමීනි, මේ භික්‍ෂු තෙම අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. ‘එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැන්හි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙයි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම පිරිසිදුවු මිනිසැස ඉක්ම පවත්නාවූ, දිව්‍යවු ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණ කෙනෙක් වදාරණ ලද්දාහුද, ඒ ලක්‍ෂණ මේ භික්‍ෂුගේ පවතිත්. මේ භික්‍ෂු තෙමේද මෙකී ලක්‍ෂණයන්හි දක්නා ලැබේය” යි කීයේය.
“සුභූතිය, යහපත. යහපත, සුභූතිය. එසේ වී නම් නුඹ මේ සද්ධ නම් භික්‍ෂුව සමග වාසය කරන්නෙහිය. සුභූතිය, යම් කලෙකත් නුඹ තථාගතයන් දැකීමට කැමැතිවන්නෙහි නම් මේ සද්ධ නම් භික්‍ෂුව සමගම තථාගතයන් දැකීමට එළඹෙන්නෙහිවා” යි වදාළ සේක.
5. මෙත්තාසුත්තං 5. මෙත්තානිසංස සූත්‍රය
6. අට්ඨකනාගරසුත්තං 6. අඨකනාගර සූත්‍රය
7. ගොපාලසුත්තං 7. ගොපාලකඞ්ග සූත්‍රය
8. පඨමසමාධිසුත්තං 8. පඨම සමාධි පටිලාභ සූත්‍රය
9. දුතියසමාධිසුත්තං 9. දුතිය සමාධි පටිලාභ සූත්‍රය
10. තතියසමාධිසුත්තං 10. පඨම සාරීපුත්ත සමාධිලාභ සූත්‍රය
11. චතුත්ථසමාධිසුත්තං 11. දුතිය සමාධි පටිලාභ සූත්‍රය