ත්‍රිපිටකය
2. අනුස්සතිවග්ගො 2. අනුස්සති වර්‍ගය
1. පඨමමහානාමසුත්තං 1. පඨමනානා විහරණ සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. දුතිය නානාවිහරණ සූත්‍රය
12
එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන මහානාමො සක්කො ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’ති.
අස්සොසි ඛො මහානාමො සක්කො - ‘‘සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - ‘නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’’’ති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ - ‘සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති - නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. තෙසං නො, භන්තෙ, නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බ’’න්ති?
‘‘සාධු සාධු, මහානාම! එතං ඛො, මහානාම, තුම්හාකං පතිරූපං කුලපුත්තානං යං තුම්හෙ තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡෙය්‍යාථ - ‘තෙසං නො, භන්තෙ, නානාවිහාරෙහි විහරතං කෙනස්ස විහාරෙන විහාතබ්බ’න්ති? සද්ධො ඛො, මහානාම, ආරාධකො හොති, නො අස්සද්ධො; ආරද්ධවීරියො ආරාධකො හොති, නො කුසීතො; උපට්ඨිතස්සති ආරාධකො හොති, නො මුට්ඨස්සති; සමාහිතො ආරාධකො හොති , නො අසමාහිතො; පඤ්ඤවා ආරාධකො හොති, නො දුප්පඤ්ඤො. ඉමෙසු ඛො ත්වං, මහානාම, පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය ඡ ධම්මෙ උත්තරි භාවෙය්‍යාසි.
(අ. නි. 6.9) ‘‘ඉධ ත්වං, මහානාම, තථාගතං අනුස්සරෙය්‍යාසි - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. යස්මිං, මහානාම, සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන, මහානාම, අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. ඉමං ඛො ත්වං, මහානාම, බුද්ධානුස්සතිං ගච්ඡන්තොපි භාවෙය්‍යාසි, ඨිතොපි භාවෙය්‍යාසි, නිසින්නොපි භාවෙය්‍යාසි, සයානොපි භාවෙය්‍යාසි, කම්මන්තං අධිට්ඨහන්තොපි භාවෙය්‍යාසි, පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තොපි භාවෙය්‍යාසි.
‘‘පුන චපරං ත්වං, මහානාම, ධම්මං අනුස්සරෙය්‍යාසි...පෙ.... සඞ්ඝං අනුස්සරෙය්‍යාසි...පෙ.... අත්තනො සීලානි අනුස්සරෙය්‍යාසි...පෙ.... අත්තනො චාගං අනුස්සරෙය්‍යාසි...පෙ.... දෙවතා අනුස්සරෙය්‍යාසි - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා...පෙ.... සන්ති දෙවා තතුත්තරි. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථූපපන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන... සුතෙන... චාගෙන... පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථූපපන්නා , මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී’ති. යස්මිං, මහානාම, සමයෙ අරියසාවකො අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති; උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති දෙවතා ආරබ්භ. උජුගතචිත්තො ඛො පන, මහානාම, අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. ඉමං ඛො ත්වං, මහානාම, දෙවතානුස්සතිං ගච්ඡන්තොපි භාවෙය්‍යාසි, ඨිතොපි භාවෙය්‍යාසි, නිසින්නොපි භාවෙය්‍යාසි, සයානොපි භාවෙය්‍යාසි, කම්මන්තං අධිට්ඨහන්තොපි භාවෙය්‍යාසි, පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තොපි භාවෙය්‍යාසී’’ති. දුතියං.
12
“එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් පුර නුවර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි මහානාම නම් ශාක්‍ය රජ තෙම, ලෙඩින් නැගිට්ටේ, ලෙඩෙන් සිටි නොබෝ කල් ඇත්තේ වෙයි. එකල්හි වනාහි බොහෝවූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කටයුතු කෙරෙත්. නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේ යයි ඉක්බිති මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම මහානාම නම් ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීන් වහන්ස, බොහෝවූ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කටයුතු කෙරෙත්. නිමවන ලද සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේය, යන මෙය මා විසින් අසන ලදී. ස්වාමින් වහන්ස, නොයෙක් විහරණ වලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අපට කිනම් විහරණයකින් යුක්තව වාසය කටයුතු වන්නේදැ” යි,
“මහානාමය, යහපත. යහපත, මහානාමය. “ස්වාමීනි, නොයෙක් විහරණවලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අපට කවර විහරණයකින් වාසය කටයුතු වන්නේදැ’ යි යන යමක් තෙපි තථාගතයන් වෙත පැමිණ විචාරන්නාහුද, මෙය වනාහි කුල පුත්‍රවූ තොපට සුදුසු වේ. මහානාමය, ශ්‍රද්‍ධාව ඇත්තේ වනාහි සම්පාදනය කරන්නේ වෙයි. ශ්‍රද්‍ධා නැත්තේ සම්පාදක නොවෙයි. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ සම්පාදක වෙයි. කුසීතකම නොවෙයි. පැමිණ සිටි සිහිය ඇත්තේ සම්පාදක වෙයි. මුළා සිහි ඇත්තේ නොවෙයි. එකඟවූ සිත් ඇත්තේ සම්පාදක වෙයි. එකඟ නොවූ සිත් ඇත්තේ නොවෙයි. ප්‍රඥා ඇත්තේ සම්පාදක වේ. දුෂ්ප්‍රාඥ තෙම නොවෙයි. මහානාමය, නුඹ මේ පඤ්ච ධර්මයන්හි පිහිටා ධර්‍ම සයක් මත්තෙහි වඩින්නෙහිය.
“මහානාමය, මෙහි නුඹ තථාගතයන් සිහි කරන්නෙහිය. මහානාමය, මෙහි ඔබ තථාගතයන් සිහි කරන්නෙහි:- ඒ භාග්‍යවත් තෙම මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, අෂටවිද්‍යා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය. නිරුත්තරවූයේ පුරුෂයන් දමනය කිරීමෙහි ඇදුරුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක්ය. චතුස්සත්‍යය අවබෝධ කෙළේය. භාග්‍යවත්ය.” කියායි. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම තථාගතයන් සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවූම සිත වෙයි. මහානාමය, තථාගතයන් අරභයා ඎජුව ගියාවූම සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අත්‍ර්‍ථය පිළිබඳ සතුට ලබයි. ධර්‍මය පිළිබඳ සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රමුදිතභාවය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලුවූ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, නුඹ මේ බුද්‍ධානුස්මෘතිය ගමන් කරන්නේද වඩන්නෙහිය. සිටියේද වඩන්නෙහිය. හුන්නේද වඩන්නෙහිය. සයනය කරන්නේද වඩන්නෙහිය. කර්මාන්ත අධිෂ්ඨාන කරන්නේද වඩන්නෙහිය. පුත්‍ර සම්බාධ සයනයෙහි (දරු හිරිහැර ඇතිව) වසන්නේද වඩන්නෙහිය.
“නැවත අනිකක්ද කියමි. මහානාමය, ඔබ ධර්මය සිහි කරන්නෙහිය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. මේ ආත්මයෙහි දැක්ක හැකි විපාක ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලව යන විධියට සුදුසුය. නිවණට පමුණුවන්නේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දත යුතුයයි කියාය. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්මය සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොවෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවූම සිත වෙයි. මහානාමය, ධර්‍මය අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි, අත්‍ර්‍ථය නිසා සතුට ලබයි. ධර්‍මය නිසා සතුට ලබයි. ධර්‍මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආයර්‍යශ්‍රාවක තෙම විෂම බවට ගිය ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කරයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්ම ශ්‍රොතයට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩායයි කියනු ලැබේ. සංඝයා සිහි කරන්නෙහිය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම ඎජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම න්‍යායවූ පරිදි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුග සතරක් (අට දෙනෙක්) වෙද්ද, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වෙද්ද, භාග්‍යවත්හුගේ මේ ශ්‍රාවක සංඝතෙම පූජාවට සුදුසුය. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසුය. දක්‍ෂිණාවට සුදුසුවේ. දෑත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාහට නිරුත්තරවූ පින් කෙතයයි’ මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක සංඝයා සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොමවෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවේ. මෝහයෙන් මඩනා ලද සිතක් නොවේ. එකල්හි ඔහුට ඎජුව ගියාවුම සිතවේ. මහානාමය, සංඝයා අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි අත්‍ර්‍ථය නිසා සතුට ලබයි. ධර්මය නිසා සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආයර්‍යශ්‍රාවක තෙම විෂම බවට ගියාවූ ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කරයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්ම ශ්‍රොතයට පැමිණියේ සංඝානුස්මෘතිය වඩායයි කියනු ලැබේ. තමාගේ ශීලයන් සිහි කරන්නෙහිය. මහානාමය, නැවත අනිකක්ද කියමි. මහානාමය, ඔබ කඩ නොවූ, සිදුරු නොවූ, කබර සහිත නොවූ, තිත් සහිත නොවූ, දාස බැවින් මිදුණාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්‍ෂණය නොකරණ ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, තමන්ගේ ශීලයන් සිහි කරන්නේය. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම සීලය සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොවෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවුම සිත වෙයි. මහානාමය, සීලය අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි අත්‍ර්‍ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවේ. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂම බවට ගියාවූ ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කරයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්ම ශ්‍රොතයට පැමිණියේ ශීලානුස්මෘතිය වඩායයි කියනු ලැබේ. තමාගේ ත්‍යාගය සිහි කරන්නේය. නැවත අනිකක්ද කියමි. මහානාමය, නුඹ යම්බඳුවූ මම මසුරුමලින් මඩනාලද ප්‍රජාවෙහි පහවූ මසුරුමල ඇති සිතින් යුක්තව, මුදන ලද ත්‍යාග සිත් ඇත්තේ, පවිත්‍රවූ අත් ඇත්තේ, ත්‍යාගයෙහි ඇළුණේ, ඉල්වීමට සුදුසුවූයේ, දන් බෙදීමෙහි ඇළුණේ, ගිහිගෙයි වාසය කෙරෙම්ද, ඒකාන්තයෙන් මෙය මට මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලදැයි තමාගේ ත්‍යාගය සිහි කරන්නෙහිය. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම ත්‍යාගය සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවුම සිත වෙයි. මහානාමය, ත්‍යාගය අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි අත්‍ර්‍ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවේ. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂම බවට ගියාවූ ප්‍රජාවෙහි සම බවට පැමිණියේ වාසය කරයි. දුක් සහිතවූ ප්‍රජාවෙහි නිදුක්වූයේ වාසය කරයි. ධර්ම ශ්‍රොතයට පැමිණියෙක්ව ත්‍යාගානුස්මෘතිය වඩායයි කියනු ලැබේ. දෙවතාවන් සිහි කරන්නෙහිය. චාතුර්මහාරාජික නම් දෙවියෝ ඇත්තාහ. තාවතිංශ නම් දෙවියෝ ඇත. යාම නම් දෙවියෝ ඇත. තුෂිත නම් දෙවියෝ ඇත. නිර්‍මාණරතී නම් දෙවියෝ ඇත. පරනිර්මිත වසවර්ති නම් දෙවියෝ ඇත. බ්‍රහ්මකායික නම් දෙවියෝ ඇත. ඉන් මත්තෙහිවූ දෙවියෝ ඇත්තාහ. යම් බඳුවූ ඒ දේවතාවෝ යම්බඳු ශ්‍රද්‍ධාවකින් මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මාගේද එබඳුවූ ශ්‍රද්‍ධාතොමෝ විද්‍යමාන වෙයි. යම්බඳුවූ ශීලයකින්, ශ්‍රුතයකින්, ත්‍යාගයකින්, ප්‍රඥාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවුවාහු එහි උපන්නාහුද, මාගේද එබඳුවූ ප්‍රඥාව විද්‍යමාන වේයයි. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවකතෙම තමාගේද, ඒ දේවතාවන්ගේද, ශ්‍රද්‍ධාවද, ශීලයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ප්‍රඥාවද, සිහි කෙරේද, එකල්හි ඔහුට රාගයෙන් මඩනා ලද සිතක් නොම වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිතක් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිතක් නොවෙයි. එකල්හි ඔහුට ඎජුව ගියාවුම සිත වෙයි.
“මහානාමය, දේවතාවන් අරභයා ඎජුව ගියාවූ සිත් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ වනාහි අත්‍ර්‍ථය පිළිබඳ සතුට ලබයි. ධර්මය පිළිබඳ සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රමුදිත භාවය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලුවෙයි. සැහැල්ලු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වේ. මහානාමය, ඔබ මේ දේවතානුස්මෘතිය වනාහි යමින්ද වඩන්නේය. සිටිමින්ද වඩන්නේය. හිඳිමින්ද වඩන්නේය. හෙවමින්ද වඩන්නෙහිය. කර්‍මාන්තයෙහි යෙදෙමින්ද වඩන්නෙහිය, අඹුදරු පීඩා ඇති ශයනයෙහි වෙසෙමේන්ද වඩන්නෙහිය” යි වදාළ සේක.
3. නන්දියසුත්තං 3. නන්‍දිය සක්ක සූත්‍රය
4. සුභූතිසුත්තං 4. (සුභූති) සද්‍ධාපදාන සූත්‍රය
5. මෙත්තාසුත්තං 5. මෙත්තානිසංස සූත්‍රය
6. අට්ඨකනාගරසුත්තං 6. අඨකනාගර සූත්‍රය
7. ගොපාලසුත්තං 7. ගොපාලකඞ්ග සූත්‍රය
8. පඨමසමාධිසුත්තං 8. පඨම සමාධි පටිලාභ සූත්‍රය
9. දුතියසමාධිසුත්තං 9. දුතිය සමාධි පටිලාභ සූත්‍රය
10. තතියසමාධිසුත්තං 10. පඨම සාරීපුත්ත සමාධිලාභ සූත්‍රය
11. චතුත්ථසමාධිසුත්තං 11. දුතිය සමාධි පටිලාභ සූත්‍රය