ත්‍රිපිටකය
(17) 2. ජාණුස්සොණිවග්ගො (17) 2. යමක වර්‍ගය
1. බ්‍රාහ්මණපච්චොරොහණීසුත්තං 1. පච්චොරොහණි සූත්‍රය
2. අරියපච්චොරොහණීසුත්තං 2. අරිය පච්චොරොහණී සූත්‍රය
3. සඞ්ගාරවසුත්තං 3. සඞ්ගාරව ඔරපාර සූත්‍රය
4. ඔරිමසුත්තං 4. ඔරිම පාරිමතීර සූත්‍රය
5. පඨමඅධම්මසුත්තං 5. අධම්මානත්‍ථ සූත්‍රය
6. දුතියඅධම්මසුත්තං 6. අධම්මා ධම්ම සූත්‍රය
7. තතියඅධම්මසුත්තං 7. අත්‍ථානත්‍ථ සූත්‍රය
8. කම්මනිදානසුත්තං 8. තිවිධ පාණාතිපාත සූත්‍රය
9. පරික්කමනසුත්තං 9. සපරික්කමන ධම්ම සූත්‍රය
10. චුන්දසුත්තං 10. චුන්‍දසොචෙය්‍ය සූත්‍රය
176
එවං මෙ සුතං - එකං සමයං භගවා පාවායං (චම්පායං (ක. සී.) දී. නි. 2.189 පස්සිතබ්බං) විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා එතදවොච - ‘‘කස්ස නො ත්වං, චුන්ද, සොචෙය්‍යානි රොචෙසී’’ති? ‘‘බ්‍රාහ්මණා, භන්තෙ, පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා (සෙවාලමාලකා (සී. ස්‍යා. පී.)) අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්‍යානි පඤ්ඤපෙන්ති; තෙසාහං සොචෙය්‍යානි රොචෙමී’’ති.
‘‘යථා කථං පන, චුන්ද, බ්‍රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්‍යානි පඤ්ඤපෙන්තී’’ති? ‘‘ඉධ, භන්තෙ, බ්‍රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා. තෙ සාවකං (සාවකෙ (ස්‍යා. ක.)) එවං සමාදපෙන්ති - ‘එහි ත්වං, අම්භො පුරිස, කාලස්සෙව (සකාලස්සෙව (ස්‍යා.)) උට්ඨහන්තොව (උට්ඨහන්තො (ස්‍යා.), වුට්ඨහන්තොව (පී. ක.)) සයනම්හා පථවිං ආමසෙය්‍යාසි; නො චෙ පථවිං ආමසෙය්‍යාසි, අල්ලානි ගොමයානි ආමසෙය්‍යාසි; නො චෙ අල්ලානි ගොමයානි ආමසෙය්‍යාසි, හරිතානි තිණානි ආමසෙය්‍යාසි; නො චෙ හරිතානි තිණානි ආමසෙය්‍යාසි, අග්ගිං පරිචරෙය්‍යාසි; නො චෙ අග්ගිං පරිචරෙය්‍යාසි, පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්‍යාසි; නො චෙ පඤ්ජලිකො ආදිච්චං නමස්සෙය්‍යාසි, සායතතියකං උදකං ඔරොහෙය්‍යාසී’ති. එවං ඛො, භන්තෙ, බ්‍රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්‍යානි පඤ්ඤපෙන්ති; තෙසාහං සොචෙය්‍යානි රොචෙමී’’ති.
‘‘අඤ්ඤථා ඛො, චුන්ද, බ්‍රාහ්මණා පච්ඡාභූමකා කමණ්ඩලුකා සෙවාලමාලිකා අග්ගිපරිචාරිකා උදකොරොහකා සොචෙය්‍යානි පඤ්ඤපෙන්ති, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ සොචෙය්‍යං හොතී’’ති. ‘‘යථා කථං පන, භන්තෙ, අරියස්ස විනයෙ සොචෙය්‍යං හොති? සාධු මෙ, භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ සොචෙය්‍යං හොතී’’ති.
‘‘තෙන හි, චුන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘තිවිධං ඛො, චුන්ද, කායෙන අසොචෙය්‍යං හොති; චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති; තිවිධං මනසා අසොචෙය්‍යං හොති.
‘‘කථඤ්ච, චුන්ද, තිවිධං කායෙන අසොචෙය්‍යං හොති? ‘‘ඉධ, චුන්ද, එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු (පාණභූතෙසු (ක.)).
‘‘අදින්නාදායී හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදාතා හොති.
‘‘කාමෙසුමිච්ඡාචාරී හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා (නත්ථි සී. ස්‍යා. පී. පොත්ථකෙසු) භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා (නත්ථි සී. ස්‍යා. පී. පොත්ථකෙසු) ධම්මරක්ඛිතා සසාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුළපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො, චුන්ද, තිවිධං කායෙන අසොචෙය්‍යං හොති.
‘‘කථඤ්ච , චුන්ද, චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති? ඉධ, චුන්ද, එකච්චො මුසාවාදී හොති. සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො - ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති (සො අජානං වා අහං ජානාමීති, ජානං වා අහං න ජානාමීති, අපස්සං වා අහං පස්සාමීති, පස්සං වා අහං න පස්සාමීති (පී. ක.) එවමුපරිපි), සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමී’ති; අපස්සං වා ආහ ‘පස්සාමී’ති, පස්සං වා ආහ ‘න පස්සාමී’ති (සො අජානං වා අහං ජානාමීති, ජානං වා අහං න ජානාමීති, අපස්සං වා අහං පස්සාමීති, පස්සං වා අහං න පස්සාමීති (පී. ක.) එවමුපරිපි). ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති.
‘‘පිසුණවාචො හොති. ඉතො සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා (භෙදාතා (ක.)), භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසවාචො හොති. යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපී හොති අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී; අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. එවං ඛො, චුන්ද, චතුබ්බිධං වාචාය අසොචෙය්‍යං හොති.
‘‘කථඤ්ච, චුන්ද, තිවිධං මනසා අසොචෙය්‍යං හොති? ඉධ, චුන්ද, එකච්චො අභිජ්ඣාලු හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣාතා (අභිජ්ඣිතා (ක.) ම. නි. 1.440 පස්සිතබ්බං) හොති - ‘අහො වත යං පරස්ස තං මමස්සා’ති.
‘‘බ්‍යාපන්නචිත්තො හොති පදුට්ඨමනසඞ්කප්පො - ‘ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසු’න්ති (මා වා අහෙසුං ඉති වා ති (සී. පී. ක.)).
‘‘මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං (නත්ථෙත්ථ පාඨභෙදො) කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, චුන්ද, මනසා තිවිධං අසොචෙය්‍යං හොති.
‘‘ඉමෙ ඛො, චුන්ද, දස අකුසලකම්මපථා (අකුසලා කම්මපථා (?)). ඉමෙහි ඛො, චුන්ද, දසහි අකුසලෙහි කම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව උට්ඨහන්තොව සයනම්හා පථවිං චෙපි ආමසති, අසුචියෙව හොති; නො චෙපි පථවිං ආමසති, අසුචියෙව හොති.
‘‘අල්ලානි චෙපි ගොමයානි ආමසති, අසුචියෙව හොති; නො චෙපි අල්ලානි ගොමයානි ආමසති, අසුචියෙව හොති.
‘‘හරිතානි චෙපි තිණානි ආමසති, අසුචියෙව හොති; නො චෙපි හරිතානි තිණානි ආමසති, අසුචියෙව හොති.
‘‘අග්ගිං චෙපි පරිචරති, අසුචියෙව හොති, නො චෙපි අග්ගිං පරිචරති, අසුචියෙව හොති.
‘‘පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති, අසුචියෙව හොති; නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති, අසුචියෙව හොති.
‘‘සායතතියකං චෙපි උදකං ඔරොහති, අසුචියෙව හොති; නො චෙපි සායතතියකං උදකං ඔරොහති, අසුචියෙව හොති. තං කිස්ස හෙතු? ඉමෙ, චුන්ද, දස අකුසලකම්මපථා අසුචීයෙව (අසුචිච්චෙව (ස්‍යා.)) හොන්ති අසුචිකරණා ච.
‘‘ඉමෙසං පන, චුන්ද, දසන්නං අකුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා (යා ච (ක.)) පනඤ්ඤාපි කාචි දුග්ගතියො (දුග්ගති හොති (ස්‍යා. ක.)).
‘‘තිවිධං ඛො, චුන්ද, කායෙන සොචෙය්‍යං හොති; චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති; තිවිධං මනසා සොචෙය්‍යං හොති.
‘‘කථං , චුන්ද, තිවිධං කායෙන සොචෙය්‍යං හොති? ඉධ, චුන්ද, එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
‘‘අදින්නාදානං පහාය, අදින්නාදානා පටිවිරතො හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, න තං අදින්නං (තං නාදින්නං (ක. සී., ම. නි. 1.441)) ථෙය්‍යසඞ්ඛාතං ආදාතා හොති.
‘‘කාමෙසුමිච්ඡාචාරං පහාය, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සසාමිකා සපරිදණ්ඩා අන්තමසො මාලාගුළපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො, චුන්ද, තිවිධං කායෙන සොචෙය්‍යං හොති.
‘‘කථඤ්ච, චුන්ද, චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති? ඉධ, චුන්ද, එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො - ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති, සො අජානං වා ආහ ‘න ජානාමී’ති, ජානං වා ආහ ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති, පස්සං වා ආහ ‘පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති.
‘‘පිසුණං වාචං පහාය, පිසුණාය වාචාය පටිවිරතො හොති - න ඉතො සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, න අමුත්‍ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති.
‘‘ඵරුසං වාචං පහාය, ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති.
‘‘සම්ඵප්පලාපං පහාය, සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී; නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො, චුන්ද , චතුබ්බිධං වාචාය සොචෙය්‍යං හොති.
‘‘කථඤ්ච , චුන්ද, තිවිධං මනසා සොචෙය්‍යං හොති? ඉධ, චුන්ද, එකච්චො අනභිජ්ඣාලු හොති. යං තං පරස්ස පරවිත්තූපකරණං තං අනභිජ්ඣිතා හොති - ‘අහො වත යං පරස්ස තං මමස්සා’ති.
‘‘අබ්‍යාපන්නචිත්තො හොති අප්පදුට්ඨමනසඞ්කප්පො - ‘ඉමෙ සත්තා අවෙරා හොන්තු (ඉදං පදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි, තථා ම. නි. 1.441) අබ්‍යාපජ්ජා, අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ’ති.
‘‘සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො - ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, චුන්ද, තිවිධං මනසා සොචෙය්‍යං හොති.
‘‘ඉමෙ ඛො, චුන්ද, දස කුසලකම්මපථා. ඉමෙහි ඛො, චුන්ද, දසහි කුසලෙහි කම්මපථෙහි සමන්නාගතො කාලස්සෙව උට්ඨහන්තොව සයනම්හා පථවිං චෙපි ආමසති, සුචියෙව හොති; නො චෙපි පථවිං ආමසති, සුචියෙව හොති.
‘‘අල්ලානි චෙපි ගොමයානි ආමසති, සුචියෙව හොති; නො චෙපි අල්ලානි ගොමයානි ආමසති, සුචියෙව හොති.
‘‘හරිතානි චෙපි තිණානි ආමසති, සුචියෙව හොති; නො චෙපි හරිතානි තිණානි ආමසති, සුචියෙව හොති.
‘‘අග්ගිං චෙපි පරිචරති, සුචියෙව හොති; නො චෙපි අග්ගිං පරිචරති, සුචියෙව හොති.
‘‘පඤ්ජලිකො චෙපි ආදිච්චං නමස්සති, සුචියෙව හොති; නො චෙපි පඤ්ජලිකො ආදිච්චං නමස්සති , සුචියෙව හොති.
‘‘සායතතියකං චෙපි උදකං ඔරොහති, සුචියෙව හොති; නො චෙපි සායතතියකං උදකං ඔරොහති, සුචියෙව හොති. තං කිස්ස හෙතු? ඉමෙ, චුන්ද, දස කුසලකම්මපථා සුචීයෙව හොන්ති සුචිකරණා ච.
‘‘ඉමෙසං පන, චුන්ද, දසන්නං කුසලානං කම්මපථානං සමන්නාගමනහෙතු දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියො’’ති (සුගති හොතීති (ස්‍යා.), සුගති හොති (ක.)).
එවං වුත්තෙ චුන්දො කම්මාරපුත්තො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. දසමං.
176
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර චුන්‍ද නම් කර්‍මාර (ලෝකරු) පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ, “චුන්‍දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ” යි ඇසූ සේක. “ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ වනාහි පිරිසිදුකම් පණවත්දැ” යි ඇසූ සේක. “ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්.
“එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්‍ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්‍ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය. ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියේ ගිලෙන, බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් පිරිසිදුකම් පණවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් පිරිසිදුබව වේ.” - “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි පිරිසිදුබව යම් පරිද්දෙකින් වේද, එසේ ධර්‍ම දේශනා කරනු මැනවි.”
“චුන්‍දය, එසේ නම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“චුන්‍දය, තුන් පරිද්දෙකින් කයේ අපිරිසිදුබව වේ. සතර පරිද්දෙකින් වචනයේ අපිරිසිදුබව වේ. තුන් පරිද්දෙකින් සිතින් අපිරිසිදුකම වේ. චුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ අපිරිසිදුබව වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, චුන්‍දය, මෙසේ වනාහි කයින් තුන් වැදෑරුම් අපිරිසිදුකම දත යුතුය.
“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් අපිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,
“පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ.
“ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ.
“ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් අපිරිසිදුබව වේ.
“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් අපිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද,
“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද,
“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ අපිරිසිදුකම දතයුතුයි.
“චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයෝය. චුන්‍දය, යම් මේ අකුශල කර්‍ම පථ දහයෙන් යුක්තවූයේ, කල් ඇතුවම සයනයෙන් නැගිටින්නේ, ඉදින් පෘථිවිය අතගායිද, අපිරිසිදුම වේ. ඉදින් පෘථිවිය අතනොගෑවේද අපිරිසිදුම වේ. ඉදින් තෙත් ගොම ඇල්ලූයේද අපිරිසිදුම වේ. නිල් තෘණ ඇල්ලූවේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි පිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි නොපිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු වැන්නේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවැන්දේද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි ගිලෙයිද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි නොගිලුනේද අපිරිසිදුම වේ. ඊට හේතුව කවරේද, චුන්‍දය, මේ දශ අකුශල කර්ම පථයෝ අපිරිසිදුම වෙත්. අපිරිසිදුබව කරන්නාහුද වෙත්. චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයන්ගේ යුක්තවීම් හේතුවෙන් නිරය පෙනෙයි. තිරිසන් යෝනිය පෙනෙයි. ප්‍රේත ලෝකය පෙනෙයි. අනිකුදු යම් දුගතීහු පෙනෙත්.
“චුන්‍දය, කයින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. වචනයෙන් පිරිසිදුබව සතර වැදෑරුම් වේ. සිතින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. චුන්‍දය, ත්‍රිවිධ කයින් පිරිසිදුබව කෙසේ වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි.
“නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. චුන්‍දය, මෙසේ වනාහි තුන් වැදෑරුම්වූ කායික පිරිසිදුකම වේ.
“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් පිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද?
“පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ.
“ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ.
“ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ.
“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද,
“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ.
“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ පිරිසිදුකම දතයුතුයි.
“චුන්‍දය, මේ දශ කුශල කර්‍ම පථයෙන් යුක්තවීම හේතුකොට ගෙන දෙවියෝ පෙනෙත්. මනුෂ්‍යයෝ පෙනෙත්. යම් අන්කිසි සුගතීහු පෙනෙත්. මෙසේ වදාළ කල්හි චුන්‍ද කර්මාර පුත්‍ර තෙම (මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්‍ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි.)
11. ජාණුස්සොණිසුත්තං 11. (ජානුස්සෝණී) පෙතදාන සූත්‍රය