(13) 3. පරිසුද්ධවග්ගො | (13) 3. පරිසුද්ධ වර්ගය |
1. පඨමසුත්තං | 1. පරිසුද්ධ ධම්ම සූත්‍රය |
123
‘‘දසයිමෙ
|
123
“මහණෙනි, පිරිසිදු, බබලන මේ ධර්මයෝ දශදෙන සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
2. දුතියසුත්තං | 2. අනුප්පන්නධම්ම සූත්‍රය |
124
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි
|
124
“මහණෙනි, නූපන්නාවූ ධර්මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
3. තතියසුත්තං | 3. මහප්ඵල ධම්ම සූත්‍රය |
125
‘‘දසයිමෙ
|
125
“මහණෙනි, මහත්ඵල, මහානිසංසවූ ධර්ම දහයක් සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
4. චතුත්ථසුත්තං | 4. කිලෙසවිනය ධම්ම සූත්‍රය |
126
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා රාගවිනයපරියොසානා හොන්ති දොසවිනයපරියොසානා හොන්ති මොහවිනයපරියොසානා හොන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි...පෙ.... සම්මාවිමුත්ති - ඉමෙ ඛො, භික්ඛවෙ, දස ධම්මා රාගවිනයපරියොසානා
|
126
“මහණෙනි, මේ ධර්ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
5. පඤ්චමසුත්තං | 5. ඒකන්ත නිබ්බාන සූත්‍රය |
127
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි...පෙ.... සම්මාවිමුත්ති - ඉමෙ ඛො, භික්ඛවෙ, දස ධම්මා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා’’ති. පඤ්චමං.
|
127
“මහණෙනි, මේ ධර්ම දහයක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
6. ඡට්ඨසුත්තං | 6. භාවනානුප්පන්න සූත්‍රය |
128
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි
|
128
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
7. සත්තමසුත්තං | 7. භාවිත මහප්ඵල සූත්‍රය |
129
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි...පෙ.... සම්මාවිමුත්ති - ඉමෙ ඛො, භික්ඛවෙ, දස ධම්මා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා, නාඤ්ඤත්ර සුගතවිනයා’’ති. සත්තමං.
|
129
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, මහත් ඵල වෙත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
8. අට්ඨමසුත්තං | 8. භාවිත රාග විනය සූත්‍රය |
130
‘‘දසයිමෙ
|
130
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
9. නවමසුත්තං | 9. භාවිත එකන්ත නිබ්බිදා සූත්‍රය |
131
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ දස? සම්මාදිට්ඨි...පෙ.... සම්මාවිමුත්ති - ඉමෙ ඛො, භික්ඛවෙ, දස ධම්මා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා’’ති. නවමං.
|
131
“මහණෙනි, මේ ධර්ම දහයක් පුරුදු කරණ ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනක නැත.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
|
10. දසමසුත්තං | 10. දසමිච්ඡත්ත සූත්‍රය |
132
‘‘දසයිමෙ
|
132
“මහණෙනි, මේ බොරු දහයක් වෙත්. කවර දහයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය.
“මහණෙනි, මෙය වැරදි දේ යයි කියනු ලැබේ.”
|
11. එකාදසමසුත්තං | 11. දසසම්මත්ත සූත්‍රය |
133
‘‘දසයිමෙ, භික්ඛවෙ, සම්මත්තා. කතමෙ දස? සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි, සම්මාඤාණං, සම්මාවිමුත්ති - ඉමෙ ඛො
|
133
“මහණෙනි, මේ සත්‍ය දහයක් වෙත්.
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මේ දශය සත්‍ය දේ යයි කියනු ලැබේ.”
|