ත්‍රිපිටකය
(9) 4. ථෙරවග්ගො (9) 4. ථෙර වර්‍ගය
1. වාහනසුත්තං 1. බාහුන (වාහන) සූත්‍රය
2. ආනන්දසුත්තං 2. සාසනවුද්‍ධි සූත්‍රය
3. පුණ්ණියසුත්තං 3. පුණ්ණිය සූත්‍රය
4. බ්‍යාකරණසුත්තං 4. අඤ්ඤාව්‍යාකරණ සූත්‍රය
5. කත්ථීසුත්තං 5. කත්‍ථිවිකත්‍ථිය සූත්‍රය
6. අධිමානසුත්තං 6. අධිමානී සූත්‍රය
7. නප්පියසුත්තං 7. අධිකරණික සූත්‍රය
8. අක්කොසකසුත්තං 8. දසව්‍යසන සූත්‍රය
88
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ්මචාරීනං ඨානමෙතං අවකාසො (අට්ඨානමෙතං අනවකාසො (සී. ස්‍යා. පී.)) යං සො දසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං නිගච්ඡෙය්‍ය (න නිගච්ඡෙය්‍ය (සී. ස්‍යා. පී.)). කතමෙසං දසන්නං? අනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායති, සද්ධම්මස්ස න වොදායන්ති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති අනභිරතො වා බ්‍රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ්මචාරීනං, ඨානමෙතං අවකාසො යං සො ඉමෙසං දසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්‍යසනං නිගච්ඡෙය්‍යා’’ති. අට්ඨමං.
88
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ආර්යයන්ට දොස් කියන්නේ, සබ්‍රම්සරුන්ට ආක්‍රොශ කරන්නේ වේද, බණින සුළු වේද, යම් හෙයකින් හෙතෙම විපත්ති දහය අතුරෙන් එක්තරා විපත්තියකට නොයන්නේය යන මේ කාරණය සිදු නොවේ. කවර දසයකටද යත්, ලැබූ ගුණ ධර්‍මයක් නොලබයි. ලබන ලද්දාහු පිරිහෙත්. සද්‍ධර්‍මයාගේ හෝ සද්‍ධර්‍මය තුළ පිරිසිදුබව නැතැයි අධිමානය ඇත්තේ වේ. නොඇලුනේ, බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේ හෝ එක්තරා කිලිටි ඇවතකට පැමිණෙන්නේ හෝ වේ. දැඩි ලෙඩක්, රෝගයක් වැළඳෙයි. සිත් අවුලකට හෝ උමතුවට හෝ පැමිණෙයි. මුළාවී කළුරිය කරයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගතිවූ, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ සබ්‍රම්සරුන්ට ආක්‍රොශ කරන්නේ, බණින්නේ වේද, හෙතෙමේ යම් හෙයකින් මේ දස විපත් අතුරෙන් එක්තරා විපතකට නොපැමිණෙන්නේය යන මේ කාරණය සිදු නොවීමට ඉඩක් නැත”
9. කොකාලිකසුත්තං 9. කොකාලික සූත්‍රය
10. ඛීණාසවබලසුත්තං 10. දසඛීණාසව බල සූත්‍රය