4. උපාලිවග්ගො | 4. උපාලි වර්ගය |
1. උපාලිසුත්තං | 1. උපාලි දසත්ථවඝ සූත්‍රය |
31
අථ
‘‘දස ඛො, උපාලි, අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨං. කතමෙ දස? සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය - ඉමෙ ඛො, උපාලි, දස අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨ’’න්ති. පඨමං.
|
31
ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කරුණු කීයක් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපදය පනවන ලද්දේද, පාමොක් උදෙසන (පෝය ගේකදී පසළොස්වක්, අමාවක් දෙදින සංඝයා මැද එක්නමක් ශික්ෂා පද කීම) ලද්දේදැ” යි ඇසීය.
“උපාලිය, කරුණු දහයක් නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපදය පනවන ලදී. පාමොක් උදෙසන ලදී. කවර දසයක්ද යත්? සංඝයාගේ යහපත් බව පිණිස, සංඝයාගේ පහසුව පිණිස, නිශ්ශබ්ද කිරීමට අපහසු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, ශික්ෂාකාමී පුද්ගලයන්ගේ පහසු විහරණය පිණිස, මේ ආත්මයෙහි වන ආශ්‍රවයන්ගේ සංවරය පිණිස, පරලෙව්හි වන ආශ්‍රවයන්ගේ නැසීම පිණිස, අප්රසන්නවූවන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නවූවන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, හික්මීමට උපකාර පිණිස, උපාලිය, මේ කරුණු දහය නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශිකඛාපද පනවන ලදී. ප්රාතිමොක්ෂය උදෙසන ලදී.”
|
2. පාතිමොක්ඛට්ඨපනාසුත්තං | 2. පාතිමොකඛඨපනා සූත්‍රය |
32
‘‘කති
|
32
“ස්වාමීනි, පාමොක් නැවැත්වීම කෙතෙක්ද?” “උපාලිය, පාමොක් නැවැත්වීම් දසයෙක. කවර දසයක්ද යත්?
“පාරාජිකාවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, පාරාජිකා කථාවක් කියා නතර කෙළේ වේද, උපසපන් නුවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, අනුපසම්පන්නයෙකු ගැන කථාවක් කියා නතරකළේ වේද, ශික්ෂා හැර දමූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, ශික්ෂා හැර දැමූ කථාවක් කියා නතරවූයේ වේද, නපුංසකයෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, නපුංසක කථාවක් කියා නතරවූයේ වේද, භික්ෂුණීන් දූෂ්‍ය කළ කෙනෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, භික්ෂුණී දූසක කථාවත් කියා නතර කෙළේ වේද, උපාලිය, මේ දසය පාමොක් නැවැත්විමය.”
|
3. උබ්බාහිකාසුත්තං | 3. උබ්බාහිකා සූත්‍රය |
33
(චූළව. 231) ‘‘කතිහි
|
33
“ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?” “උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්?
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අන්ර්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු ප්රාතිමොක්ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්‍රමය දනී. උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.”
|
4. උපසම්පදාසුත්තං | 4. උපසම්පාදෙතබ්බ සූත්‍රය |
34
‘‘කතිහි
|
34
“ස්වාමීනි, කවර ධර්මයෙකින් යුක්තවූ මහණ විසින් උපසම්පදා කළ යුතුද?” “උපාලිය, දස ධර්මයකින් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය. කවර දසයකින්ද යත්?
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්ර්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු විසින් ප්රාතිමොක්ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්ෂ වේ. නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්ෂ වේ. උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය.”
|
5. නිස්සයසුත්තං | 5. නිස්සයදාන සූත්‍රය |
35
‘‘කතිහි
|
35
“ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් ඇසුරුකොට විසිය යුතුද?” “උපාලිය, දස ධර්මයන්ගෙන් යුත් මහණ විසින් ඇසුරුකොට විසිය යුතුය. කවර දසයකින්ද යත්?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්ර්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු විසින් ප්රාතිමොක්ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්ෂ වේ. නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්ෂ වේ. උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය.”
|
6. සාමණෙරසුත්තං | 6. සාමණෙරුපඨාන සූත්‍රය |
36
‘‘කතිහි
|
36
“ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුද?” “උපාලිය, දස ධර්මයන්ගෙන් යුක්තවූ මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය. කවර දසයකින්ද යත්?
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්ර්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු විසින් ප්රාතිමොක්ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්ෂ වේ. නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්ෂ වේ. උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් සාමණෙරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය.”
|
7. සඞ්ඝභෙදසුත්තං | 7. උපාලි සංඝභෙද සූත්‍රය |
37
‘‘‘සඞ්ඝභෙදො සඞ්ඝභෙදො’ති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, සඞ්ඝො භින්නො හොතී’’ති? ‘‘ඉධුපාලි, භික්ඛූ අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති
|
37
“ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”
|
8. සඞ්ඝසාමග්ගීසුත්තං | 8. උපාලිසාමග්ගි සූත්‍රය |
38
(චූළව. 353) ‘‘‘සඞ්ඝසාමග්ගී
|
38
“ස්වාමීනි, සංඝ සාමග්‍රීය, සංඝ සාමග්රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂය දේශනා නොකරත්. උපාලිය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”
|
9. පඨමආනන්දසුත්තං | 9. ආනන්ද සංඝභෙද සූත්‍රය |
39
අථ
‘‘සමග්ගං පන, භන්තෙ, සඞ්ඝං භින්දිත්වා කිං සො පසවතී’’ති? ‘‘කප්පට්ඨිකං, ආනන්ද, කිබ්බිසං පසවතී’’ති. ‘‘කිං පන, භන්තෙ, කප්පට්ඨිකං කිබ්බිස’’න්ති? ‘‘කප්පං, ආනන්ද, නිරයම්හි පච්චතීති -
‘‘ආපායිකො
වග්ගරතො අධම්මට්ඨො, යොගක්ඛෙමා පධංසති;
සඞ්ඝං සමග්ගං භින්දිත්වා
(භෙත්වාන (සී. ස්‍යා.), භිත්වාන (ක.) චූළව. 354; ඉතිවු. 18; කථාව. 657) කප්පං නිරයම්හි පච්චතී’’ති. නවමං;
|
39
“ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සංඝභෙදය සංඝභෙදයයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂ දෙසත්. ආනන්දය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”
“ස්වාමීනි, සමගි සංඝයා බිඳ, හෙතෙම කුමක් රැස් කරයිද?” - “ආනන්දය, කල්පයක් පවතින නපුරු දුකක් රැස් කරයි.”
“ස්වාමිනි, කල්පස්ථායී නපුරු දුක කවරේද?” - “ආනන්දය, කල්පයක් නරකයෙහි පැසීමයි.”
“සංඝභෙද කර්මය අපායට යවයි. නිරයට යවයි. කොටස්හි ඇලුනු, අවැඩෙහි ඇලුන තැනැත්තේ නිවණින් ඈත් වෙයි. සමගි සංඝයා බිඳ කල්පයක් නිරයෙහි පැසෙයි.”
|
10. දුතියආනන්දසුත්තං | 10. ආනන්දසාමග්ගි සූත්‍රය |
40
‘‘‘සඞ්ඝසාමග්ගී
‘‘භින්නං පන, භන්තෙ, සඞ්ඝං සමග්ගං කත්වා කිං සො පසවතී’’ති? ‘‘බ්රහ්මං, ආනන්ද, පුඤ්ඤං පසවතී’’ති. ‘‘කිං පන, භන්තෙ, බ්රහ්මං පුඤ්ඤ’’න්ති? ‘‘කප්පං, ආනන්ද, සග්ගම්හි මොදතීති -
‘‘සුඛා
සමග්ගරතො ධම්මට්ඨො, යොගක්ඛෙමා න ධංසති;
සඞ්ඝං සමග්ගං කත්වාන, කප්පං සග්ගම්හි මොදතී’’ති. දසමං;
|
40
“ස්වාමීනි, සංඝසාමග්‍රිය, සංඝ සාමග්රියයයි කියයි. ස්වාමිනි, නොපමණකින් සංඝ සාමග්‍රිය වේද?”
“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂය දේශනා නොකරත්. ආනන්දය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”
“ස්වාමීනි, බිදුනු සංඝයා සමගිකර හෙතෙම කුමක් රැස් කරයිද?”
“ආනන්දය, බ්‍රහ්ම පිනක් රැස් කරයි.”
“ස්වාමීනි, බ්‍රහ්ම පින කවරේද?”
“ආනන්දය, කල්පයක් ස්වර්ගයෙහි සතුටුවීමයි.”
“සංඝ සාමග්රියද, සමගිවූවන්ට අනුග්‍රහ කිරීමද, සැපය. සමගියෙහි ඇලුනු, ධර්මයෙහි පිහිටි තැනැත්තේ නිවණින් ඈත් නොවෙයි. සංඝයා සමගිකොට කල්පයක් ස්වර්ගයෙහි සතුටු වේ.”
|