ත්‍රිපිටකය
4. උපාලිවග්ගො 4. උපාලි වර්‍ගය
1. උපාලිසුත්තං 1. උපාලි දසත්‍ථවඝ සූත්‍රය
2. පාතිමොක්ඛට්ඨපනාසුත්තං 2. පාතිමොකඛඨපනා සූත්‍රය
3. උබ්බාහිකාසුත්තං 3. උබ්බාහිකා සූත්‍රය
33
(චූළව. 231) ‘‘කතිහි නු ඛො, භන්තෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො’’ති? ‘‘දසහි ඛො, උපාලි, ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො. කතමෙහි දසහි? ඉධුපාලි, භික්ඛු සීලවා හොති; පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං (සත්ථා සබ්‍යඤ්ජනා (සී.) එවමුපරිපි) කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා; උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්‍යඤ්ජනසො; විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො; පටිබලො හොති උභො අත්ථපච්චත්ථිකෙ සඤ්ඤාපෙතුං පඤ්ඤාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසාදෙතුං; අධිකරණසමුප්පාදවූපසමකුසලො හොති - අධිකරණං ජානාති; අධිකරණසමුදයං ජානාති; අධිකරණනිරොධං ජානාති; අධිකරණනිරොධගාමිනිං පටිපදං ජානාති. ඉමෙහි ඛො, උපාලි, දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො’’ති. තතියං.
33
“ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?” “උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්?
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු ප්‍රාතිමොක්‍ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්‍ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්‍ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්‍රමය දනී. උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.”
4. උපසම්පදාසුත්තං 4. උපසම්පාදෙතබ්බ සූත්‍රය
5. නිස්සයසුත්තං 5. නිස්සයදාන සූත්‍රය
6. සාමණෙරසුත්තං 6. සාමණෙරුපඨාන සූත්‍රය
7. සඞ්ඝභෙදසුත්තං 7. උපාලි සංඝභෙද සූත්‍රය
8. සඞ්ඝසාමග්ගීසුත්තං 8. උපාලිසාමග්ගි සූත්‍රය
9. පඨමආනන්දසුත්තං 9. ආනන්‍ද සංඝභෙද සූත්‍රය
10. දුතියආනන්දසුත්තං 10. ආනන්‍දසාමග්ගි සූත්‍රය