ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්‍ගය
1. සීහනාදසුත්තං 1. දසබල සූත්‍රය
2. අධිවුත්තිපදසුත්තං 2. අධිමුත්තිපද සූත්‍රය
3. කායසුත්තං 3. වාරත්තය පහාතබ්බ සූත්‍රය
4. මහාචුන්දසුත්තං 4. මහාචුන්‍ද - සහජාති සූත්‍රය
5. කසිණසුත්තං 5. කසිණායතන සූත්‍රය
6. කාළීසුත්තං 6. කාළීකුර රඝරිකා සූත්‍රය
7. පඨමමහාපඤ්හාසුත්තං 7. මහා පඤ්හ සූත්‍රය
8. දුතියමහාපඤ්හාසුත්තං 8. කජඞගලා සූත්‍රය
9. පඨමකොසලසුත්තං 9. කාසිකොසල සූත්‍රය
29
‘‘යාවතා, භික්ඛවෙ, කාසිකොසලා, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං (විජිතෙ (සී. ක.)), රාජා තත්ථ පසෙනදි කොසලො අග්ගමක්ඛායති. රඤ්ඤොපි ඛො, භික්ඛවෙ, පසෙනදිස්ස කොසලස්ස අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘යාවතා, භික්ඛවෙ, චන්දිමසූරියා පරිහරන්ති දිසා භන්ති විරොචමානා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං සහස්සං සූරියානං (සුරියානං (සී. ස්‍යා. කං. පී.)) සහස්සං සිනෙරුපබ්බතරාජානං සහස්සං ජම්බුදීපානං සහස්සං අපරගොයානානං සහස්සං උත්තරකුරූනං සහස්සං පුබ්බවිදෙහානං චත්තාරි මහාසමුද්දසහස්සානි චත්තාරි මහාරාජසහස්සානි සහස්සං චාතුමහාරාජිකානං සහස්සං තාවතිංසානං සහස්සං යාමානං සහස්සං තුසිතානං සහස්සං නිම්මානරතීනං සහස්සං පරනිම්මිතවසවත්තීනං සහස්සං බ්‍රහ්මලොකානං. යාවතා, භික්ඛවෙ, සහස්සී ලොකධාතු, මහාබ්‍රහ්මා තත්ථ අග්ගමක්ඛායති. මහාබ්‍රහ්මුනොපි ඛො, භික්ඛවෙ, අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘හොති සො, භික්ඛවෙ, සමයො යං අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ, භික්ඛවෙ, ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරසංවත්තනිකා (ආභස්සරවත්තනිකා (සී. ස්‍යා.)) භවන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛෙචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. සංවට්ටමානෙ, භික්ඛවෙ, ලොකෙ ආභස්සරා දෙවා අග්ගමක්ඛායන්ති. ආභස්සරානම්පි ඛො, භික්ඛවෙ, දෙවානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති . තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
(අ. නි. 10.25) ‘‘දසයිමානි, භික්ඛවෙ, කසිණායතනානි. කතමානි දස? පථවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං; ආපොකසිණමෙකො සඤ්ජානාති...පෙ.... තෙජොකසිණමෙකො සඤ්ජානාති... වායොකසිණමෙකො සඤ්ජානාති... නීලකසිණමෙකො සඤ්ජානාති... පීතකසිණමෙකො සඤ්ජානාති... ලොහිතකසිණමෙකො සඤ්ජානාති... ඔදාතකසිණමෙකො සඤ්ජානාති... ආකාසකසිණමෙකො සඤ්ජානාති... විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමානි ඛො, භික්ඛවෙ, දස කසිණායතනානි.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං දසන්නං කසිණායතනානං යදිදං විඤ්ඤාණකසිණං එකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං , භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
(දී. නි. 3.338, 358; අ. නි. 8.64) ‘‘අට්ඨිමානි, භික්ඛවෙ, අභිභායතනානි. කතමානි අට්ඨ? අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්‍යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං; එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්‍යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං; එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්‍යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං; එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්‍යථාපි නාම ඔසධිතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්‍යථා වා පන තං වත්ථං බාරාණසෙය්‍යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං; එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. ඉමානි ඛො, භික්ඛවෙ, අට්ඨ අභිභායතනානි.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං අට්ඨන්නං අභිභායතනානං යදිදං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි; ‘තානි අභිභුය්‍ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, පටිපදා. කතමා චතස්සො? දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො පටිපදා.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං චතුන්නං පටිපදානං යදිදං සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. එවංපටිපන්නාපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංපටිපන්නානම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, සඤ්ඤා. කතමා චතස්සො? පරිත්තමෙකො සඤ්ජානාති, මහග්ගතමෙකො සඤ්ජානාති, අප්පමාණමෙකො සඤ්ජානාති, ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති - ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො සඤ්ඤා.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං චතුන්නං සඤ්ඤානං යදිදං ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘එතදග්ගං , භික්ඛවෙ, බාහිරකානං දිට්ඨිගතානං යදිදං ‘නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතී’ති. එවංදිට්ඨිනො, භික්ඛවෙ , එතං පාටිකඞ්ඛං - ‘යා චායං භවෙ අප්පටිකුල්‍යතා, සා චස්ස න භවිස්සති; යා චායං භවනිරොධෙ පාටිකුල්‍යතා, සා චස්ස න භවිස්සතී’ති. එවංදිට්ඨිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංදිට්ඨීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්ති. එතදග්ගං, භික්ඛවෙ, පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්තානං යදිදං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තෙ තදභිඤ්ඤාය තස්ස සච්ඡිකිරියාය ධම්මං දෙසෙන්ති. එවංවාදිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංවාදීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති. එතදග්ගං, භික්ඛවෙ, පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්තානං යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමොක්ඛො. එවංවාදිං ඛො මං, භික්ඛවෙ, එවමක්ඛායිං එකෙ සමණබ්‍රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘සමණො ගොතමො න කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙතී’ති. කාමානඤ්චාහං , භික්ඛවෙ, පරිඤ්ඤං පඤ්ඤාපෙමි, රූපානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි, වෙදනානඤ්ච පරිඤ්ඤං පඤ්ඤාපෙමි, දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙමී’’ති. නවමං.
29
“මහණෙනි, කාසිකොසල දනව් වැස්සෝ යම්තාක්ද, පසේනදි කොසොල් රජහුගේ රටෙහි රජවරු යම්තාක්ද, එහි පසේනදි කොසොල් රජ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, පසේනදි කොසොල් රජුගේ වෙනස්වීමක් ඇත්තේමය. මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දන්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ සම්පතෙහිද කළකිරෙයි. අග්‍ර රජකමෙහිද නොඇළෙයි. පහත් දෙයෙහි කියනුම කවරේද?
“මහණෙනි, දහසක් ලෝකය හැම තැනම යම්තාක් වන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ පරිහරණය කෙරෙත්ද, බැබලීමෙන් දිශාවන් හොබවත්ද, ඒ දහසක් ප්‍රමාණ ලෝකයෙහි, චන්‍ද්‍රයන් දහසෙක, සූර්‍ය්‍යයන් දහසෙක, මහමෙර දහසෙක, දඹදිව් දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරු දිවයින් දහසෙක, පූර්‍වවිදෙහ දහසෙක, මහා සමුද්‍ර සාර දහසෙක, මහරජවරු සාර දහසෙක, චාතුර්මහාරාජික දහසෙක, තව්තිසා දහසෙක, යාම දහසෙක, තුෂිත දහසෙක, නිර්‍මාණරතී දහසෙක, පරනිර්මිත වසවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්ම තෙම එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකය නැසේද, මහණෙනි, ලෝකය නැසෙන කල්හි සත්ත්‍වයෝ බොහෝ සෙයින් ආභස්සරයෙහි උපදින්නාහු වෙත්. ඔවුහු එහි ඉබේ දිලිසෙන්නාහු, අහස හැසිරෙන්නාහු, සුභ ස්ථානගතවූවාහු, සිතින් උපදවා ගත් ප්‍රීතිය අනුභව කරන්නාහු, බොහෝ වැඩි කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍රයෝ දසයකි. මෙය කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මහණෙනි, මෙසේ සංඥා ඇත්තාවූ බොහෝ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත. අනිත්‍යයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මැඩ පවත්වන කරුණු අටක් වෙත්. කවර අටක්ද යත්? කෙනෙක් තමා තුළවූ රූපය නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන්නේද, පිටත දෙය නිමිති කොට හොඳට පුරුදු කළ, භාවනාවන් වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ ප්‍රථම අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත දුවර්‍ණ වශයෙන් මහත්වූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ දෙවෙනි අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ දුවර්‍ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් අප්‍රමාණවූ මනා වර්‍ණ හෝ දුවර්‍ණවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සතරවෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූප පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නිල්වූ, නීලවර්‍ණවූ, නිල් පෙනීම ඇති, නිලට බබලන රූපයන් දකී. උම්මා පුෂ්පය යම්සේ නිල්ද, නිල්පාටද, නිලට උදාහරණද, නිලෙන් බබලාද, ඒ බරණැස වස්ත්‍රය යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, නිල්ද, නිල් පාටද, නිලට නිදර්‍ශනද, නිලින් බබලාද, එසේම අධ්‍යාත්මයෙහි කෙනෙක් අරූප පරිකර්‍ම කරන්නේ, නිල්වූ, නිල්පාටවූ, නිලට නිදර්‍ශනවූ, නිලින් බබලන්නාවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇති වේ. මේ පස්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාටවූ, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන පිටත අර්‍පණා වශයෙන් රූප දකිත්ද, කිණිහිරි මල් යම්සේ කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාට ඇති, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන, පිටත රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සවෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාටවූ, රතට නිදර්‍ශනවූ, රතින් බබලන රූපයන් දකී. බඳුවද මල් යම්සේ ලෙයද, රතුපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, බරණැස වස්ත්‍රයක් යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේ, රතුද, ලේපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාට ඇති, ලෙයට නිදර්‍ශනවූ, ලෙයින් බබලන රූපයන් දකීද. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේ. මේ සත්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන පිටත රූපයන් දකියි. යම්සේ දහවත් තරුව (ඔසධි තාරකාව) සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, එසේම කෙනෙක් අධ්‍යාත්මයෙහි අරූප යන සංඥා ඇත්තේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ අට අභිභායතනයයයි.
“මහණෙනි, මේ අභිභායතන අටින් යම් මේ කෙනෙක් තමා තුල වූ අරූපයෙහි පරිකර්ම කරන්නේ සුදුවූ, සුදු පාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකීද, ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන මෙසේ සංඥා ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්. දුක් ප්‍රතිපදාව ප්‍රමාද අභිඥාව, දුක් ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව, සැප ප්‍රතිපදාව ප්‍රමාදව ලැබෙන අභිඥාව, සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව යන, මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාය යන යමක් ඇද්ද, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ඇත්තාහ. මෙසේ පිළිපන්නාවූ සත්ත්‍වයන්ගේද, වෙනස් ස්වභාවයක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, කෙනෙක් කාමාවචරය අඳුනයි. කෙනෙක් රූපාරූපභව අඳුනයි. ලෝකෝත්තරය අඳුනයි. කෙනෙක් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයි. මහණෙනි, මේ සතර සංඥාවෝය. මහණෙනි, මේ සතර සංඥාවන්ගෙන් යම් මේ කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයිද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, බුද්‍ධ ශාසනයෙන් බැහැරවූ දෘෂ්ටීන්ගේ යම් මේ ‘නොදවන්නෙමි. මාගේ නොවන්නේය. නොවන්නෙමි. මට නොවන්නේය’ යි යන මෙය ශ්‍රේෂ්ඨය. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තේ, භවයෙහි යම් මේ නොපිළිකුල් කමක් වේද, ඒ ඔහුට නොවේයයි භවයාගේ නිරුද්‍ධවීමෙහි යම් පිළිකුල් බවක් වේද, ඔහුට එය නොවන්නේයයි කැමතිවිය යුතුයි. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඉතා උසස් ශුද්ධිය පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඉතා උසස් ශුද්ධිය පනවන්නවුන් අතුරෙන් යම් මේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මෙය ශ්‍රේෂ්ඨයි. ඔවහු එය විශිෂ්ඨ ඥානයෙන් දැන එය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස බණ කියයි. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවත්. මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පනවන්නන් අතුරෙන් යම් මේ සය වැදෑරුම් ස්පර්‍ශයන්ගේ පහළවීමද, විනාශයද, ආශ්වාදයද, දෝෂයද, නික්මීමද, තත්ත්වූ පරිද්දෙන් දැන, තෘෂ්ණා, මාන, දෘෂ්ඨි වශයෙන් දැඩි කොට නොගෙන, යම් මිදීමක් ඇද්ද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මා මෙසේ කියුම් ඇත්තේ, මෙසේ කීයේයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොවූ හිස් බොරු නොවූ දෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ විශේෂ දැනීම නොපනවයි. රූපයන්ගේ විශේෂ දැනීම නොපණවයි. වේදනාවන්ගේ විශේෂ දැනීම නොපණවයි’ යයි මා අභිබවා කියත්. මහණෙනි, මම කාමයන්ගේ විශේෂ දැනීම කියමි. රූපයන්ගේ විෂෙශ දැනීම කියමි. වේදනාවන්ගේද විශේෂ දැනීම කියමි. මේ ආත්මයෙහිම තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ, සිහිල් වූයේ, කෙලෙස් අල්වා ගැනීම නැති පිරිනිවීම පණවමියි වදාළ සේක”
10. දුතියකොසලසුත්තං 10. පසේනදිපච්චකාර සූත්‍රය