ත්‍රිපිටකය
3. සත්තාවාසවග්ගො 3. සත්තාවාස වර්‍ගය
1. තිඨානසුත්තං 1. උත්තරකුරු ධම්ම සූත්‍රය
2. අස්සඛළුඞ්කසුත්තං 2. ඛළුඞ්කොපම සූත්‍රය
3. තණ්හාමූලකසුත්තං 3. නවතණ්හාමූලක සූත්‍රය
4. සත්තාවාසසුත්තං 4. නවසත්තාවාස සූත්‍රය
5. පඤ්ඤාසුත්තං 5. පරිඤ්ඤාපරිවිත සූත්‍රය
6. සිලායූපසුත්තං 6. සිලායුපොපම සූත්‍රය
7. පඨමවෙරසුත්තං 7. පඨමවෙරභය සූත්‍රය
27
(අ. නි. 9.92; සං. නි. 5.1024) අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති.
‘‘කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති? යං, ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, න සම්පරායිකම්පි භයං වෙරං පසවති, න චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
‘‘යං, ගහපති, අදින්නාදායී...පෙ.... කාමෙසුමිච්ඡාචාරී... මුසාවාදී... සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො නෙව දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, න සම්පරායිකම්පි භයං වෙරං පසවති, න චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
‘‘කතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති? ඉධ, ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’’’ති.
ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති.
සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො; යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
‘‘යතො ඛො, ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි ච චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො; සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති. සත්තමං.
27
ඉක්බිති අනේපිඬු ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ අනේපිඬු ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ගෘහපතිය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෛරී භය පස සංසිඳුනාහු වෙත්ද, සතර සෝවාන් අඞ්ගයන්ගෙන් සමන්විත වේද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂයවූ නිරය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ තිරිසන් යෝනි ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ ප්‍රේත විෂය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ අපාය දුගතියේ වැටිම ඇත්තෙම් යයිද, නිරයේ වැටෙන ස්වභාව නැති, නියතවූ සම්බෝධිය පිහිටකොට ඇති, සෝවාන්වූයේ වෙම්යයිද, තෙමේම තමා ප්‍රකාශ කරන්නේය.
“කවර නම්වූ වෛරී භය පසක් සංදිඳුනාහු වෙත්ද? ගෘහපතිය, පරපණ නසන සුළුවූ යමෙක් තෙම ප්‍රාණඝාත කිරීම හේතුකොට මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, පාණාතිපාතයෙන් වැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි.
“ගෘහපතිය, නොදෙනලද වස්තුව ගන්නා සුළුවූ යමෙක් තෙම අදින්නාදානය හේතුකොටගෙන මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, අදින්නාදානයෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, අදින්නාදානයෙන් වැළකුණහට මෙසේ ඒ වෛරීභය සංසිඳුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුළුවූයේ යමෙක් තෙම කාමයන්හි වරදවා හැසිරීම හේතුකොට ගෙන මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි. පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානය කිරීමේ හේතුවෙන් මේ ආත්මභාවයෙහි වූ යම් ඒ භය වෛරයක් ඉපදීම කෙරේද, පරලෙව්හිදිවූ වෛරීභය ඉපදීම කෙරේද, චෛතසික දුක් දොම්නස් විඳියිද, පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකුණේ මේ ආත්මභාවයෙහිවූ වෛරීභය ඉපදීම නොකෙරේද, සම්පරායික වෛරීභය ඉපදීම නොකෙරේද, චෛතසික දුක් දොම්නස් නොවිඳියිද, පමාවීමට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානය කිරීමෙවැළකුණහට මෙසේ ඒෙ වෛරීභය සංසිඳුනේ වෙයි. මේ වෛරී භය පස සංසිඳුනාහු වෙති.
“කවර නම් සතර සෝවාන් අඞ්ගයෙන් යුක්ත වේද, ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් තෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා, පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. සුගතය, ලෝකවිදූය, පුරුෂයන් හිත්මවන උතුම් රියැදුරෙක, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ සේකැයි
“එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.
“නැවතද ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා අරමුණුකොට ඇති සිහිය වඩයි.
“(හේ වනාහි) කඩ නොවූ, නොසිදුරුවූ, සබල නොවූ, කැලැල් නොවූ, නිදහස්වූ නුවණැතියන් විසින් පසස්නා ලද්දාවූ, පරාමර්‍ශණය නොකරන ලද්දාවූ, සමාධිය සංවත්තනිකවූ, (සමාධිය සමග පවත්නාවූ) ආර්‍ය්‍යකාන්ත සීලයෙන් යුක්තවුයේ වෙයි. මේ සතර සෝවාන් අඞ්ගයෙන් යුක්තවුයේ වේ.
“ගෘහපතිය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෛරී භය පස සංසිඳුනාහු වෙත්ද, සතර සෝවාන් අඞ්ගයන්ගෙන් සමන්විත වේද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂයවූ නිරය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ තිරිසන් යෝනි ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ ප්‍රේත විෂය ඇත්තෙම්යයිද, ක්‍ෂයවූ අපාය දුගතියේ වැටිම ඇත්තෙම් යයිද, නිරයේ වැටෙන ස්වභාව නැති, නියතවූ සම්බෝධිය පිහිටකොට ඇති, සෝවාන්වූයේ වෙම්යයිද, තෙමේම තමා ප්‍රකාශ කරන්නේය.
8. දුතියවෙරසුත්තං 8. දුගතිවෙරභය සූත්‍රය
9. ආඝාතවත්ථුසුත්තං 9. ආඝාත වත්‍ථු සූත්‍රය
10. ආඝාතපටිවිනයසුත්තං 10. ආඝාත විනය සූත්‍රය
11. අනුපුබ්බනිරොධසුත්තං 11. අනුපුබ්බ නිරෝධ සූත්‍රය